(සුජිත් හේවාජුලිගේ )
කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිදහස් මාවතේ ඊයේ (1) පැවැති සමගි ජන බලවේග මැයි දින සමරු උළෙලේදී පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සරමෙන් ඇද ඔහුට බැන තර්ජනය කළ ඒ පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ එම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී අද (2) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වේ.
මෙහිදී අදහස් දක්වා ඇති මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු එක හඬින් පවසා ඇත්තේ එය අසීලාචාර අශෝභන ක්‍රියාවක් බවයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද (2) පැවැත්විණ.
දෙනෝ දාහක් බලා සිටියදී කළ එම ක්‍රියාව හිටපු හමුදා නායකයකුට පරිණත පුද්ගලයකුට නොගැලපෙන එකක් බවද තවත් සමහර මන්ත්‍රීවරුන් එහිදී ප්‍රකාශ කර ඇත.
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගයේ පා ගමන ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසු අවසානයේදී මෙවැනි ක්‍රියාවක් සිදුවීම කිරි කලයට ගොම බිංදුවක් දැමීම හා සමාන යැයිද අද සියලු මාධ්‍ය කතා කරන්නේ එම රැලියේ සාර්ථකත්වය නොව මේ සිද්ධිය යැයිද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත් මේ රැස්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි වූයේ නැත.
ෆොන්සේකා මහතා මේ අවස්ථාවට සහභාගී වූයේ නම් ඔහු කළ ඒ වැරැද්ද ඔහු ඉදිරියේම පෙන්වා දෙන බව මෙහිදී අදහස් දක්වා ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
සරත් ෆොන්සේකා මහතා හරීන් ප්‍රනාන්දු මහතාගේ සරමෙන් ඇද මෙසේ තර්ජනය කර ඇතැයි පැවසෙන්නේ රැස්වීමේ කථික ලැයිස්තුව සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුවය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆොන්සේකාගේ හැසිරීමට සජබයෙන් දෝස්මුරයක්
sharm warn Friday, 06 May 2022 12:51 PM
ෆොන්සේකා කියන්නේ දේශපාලකයෙක් නෙමෙයි. එයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා තමයි අපි එයාට ඡන්දෙ නොදුන්නේ....