IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


‘දියගම ක්‍රිඩාංගණයේ ‘මහින්ද රාජපක්ෂ‘නම ඉවත් කරනවා‘

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් ඒ හෙයින් පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව එම ක්‍රීඩා සංකීරණය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බැවින් කිසිදු ආයෝජකයෙකු මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට මුදල් ආයෝජන නොකරන බැවින් එම නම ඉවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් ඒ පිළිබදව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බවත් කර තිබෙන වැඩ නම් මහින්ද රාජපක්ෂ නමට ගැලපෙන උවත්  ඒ වැඩ රටට හෝ ජාත්‍යන්තරයට නොගැලපෙන බවත් අමාත්‍යවරයා වැඩි දුටත් පැවසීය.

මෙයට වසර ගණනාවකට පෙර ක්‍රීඩා සංකීරණයට ගෙනැවිත් දමා තිබූ බහාලුමක තිබී මිලියන ගණනක් වටිනා ජෙනරේටරයක් හමු වූ බවත් මෙම ක්‍රීඩා සංකීර්ණයෙහි ඊට අයත් භාණ්ඩ පිළිබදව දත්ත ඇතුලත් ඉන්වෙන්ට්‍රියක් නොැමැති බවත් යෙදූ මුදල් පිලිබදව තොරතුරක් නොමැති බවත් ඒ පිලිබදව ද පරීක්ෂණයක් ආරම්භ කල බවත් ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබද කැබිනට් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අනාවරණය කරන ලදී .



අදහස් (0)

‘දියගම ක්‍රිඩාංගණයේ ‘මහින්ද රාජපක්ෂ‘නම ඉවත් කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එක්ව වැඩ කර ජය ගමු
2025 ජනවාරි මස 12 2 0

පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළ


හොරෙන් ලසිසන් හැදූ තිදෙනෙක් මාට්ටු
2025 ජනවාරි මස 12 63 0

රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බවට පවසා මුදල් ලබාගෙන කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ සහතික පත් තොගයක්


රිය අනතුරින් හමුදා නිලධාරීන් තිදෙනකු රෝහලේ
2025 ජනවාරි මස 12 109 0

කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී යුද හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මර්ගයේ මැද සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී රියැදුරු ඇතුළු හමුද


ඇමෙරිකාවේ ගින්නෙන් මේ වන විට ඩොලර් බිලියන 150ක පාඩුවක්
2025 ජනවාරි මස 12 179 0

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද(12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍


රට වටේ රන්මාල කැඩූ ගේම්කාරයෙක්ට වැඩවරදී
2025 ජනවාරි මස 12 164 0

මෝදර, මීගමුව, කිරිබත්ගොඩ, පුත්තලම, මුන්දලම, කුලියාපිටිය, වෙන්නපුව, පෑලියගොඩ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමග


නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හතරක් දිවුරති
2025 ජනවාරි මස 12 181 0

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 138 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 528 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 280 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site