IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘


(යොහන් භාසුර)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

 අරගලවලට, ආණ්ඩු පෙරළන්න, බුද්ධාගමට අගෞරව කරන්න, මෙරට සංස්කෘතිය විනාශ කරන්න ආදි දේවල්වලට විදේශ බලපෑම් සමඟ විදේශ මුදල් ලැබෙන්නේ යැයි පැවසූ බවත් එසේ පැවසුව ද ඒවා කවුරුත් විශ්වාස නොකළ බවත් කාරියවසම් මහතා කීය.

එම ප්‍රකාශවල සත්‍යතාවය මේ වන විට හෙළිවෙමින් පවතින බව කී කාරියවසම් මහතා ශ්‍රී ලංකාව, බංග්ලාදේශ සහ යුක්රේනය ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළීම සඳහා යූඑස්ඒඩ් නැමැති සංවිධාන හරහා ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් වැනි ඉතාම විශාල මුදලක් වියදම් කර ඇතැයි ඇමෙරිකානු ජනාපති ඩොනල් ට්‍රම්ප් මැතිතුමා ඔහුගේ නිල ‘එක්ස්’ ගිණුම හරහා හෙළිකර ඇති බ ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ලිංගික දිශානික සම්බන්ධයෙන් සොයා බලන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 24,000 ක මුදලක් වියදම් කර ඇති බව ද හෙළිකර ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (4)

‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘

Ajantha Wednesday, 12 February 2025 07:56 PM

කමක් නෑ. එහෙම කරලා හරි පට්ට හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ එළවලා දැම්මේ ආපහු නොඑන්නම.

:       8       52

Ran Tha Wednesday, 12 February 2025 08:15 PM

මේකට හොදටම මොන්ගල් . සල්ලි අරන් තියෙන්නෙත් මුගෙ මහ උන්.

:       5       49

Third Eye Wednesday, 12 February 2025 08:19 PM

ඇමරිකාවට ස්තූති කරන්න ඔිනේ එහෙනම්. ලංකාවෙ මිනිස්සුන්ව තොපි වගේ හොරු හැත්තකින් ගලවා ගත්තට.

:       5       60

වික්‍රම විදුර Wednesday, 12 February 2025 08:57 PM

සල්ලි තිබ්බට තුන් වේලටම කුඩු කන්න එපා..

:       1       27

ඔබේ අදහස් එවන්න

 

 

දියත

‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ
2025 පෙබරවාරි මස 12 19 0

කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.


බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 894 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 375 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 1108 4

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 456 2

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 524 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 123 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 911 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site