(රෝෂන් තුෂාර)
වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල "ස්මාට් වින්" පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (14) නියෝග කළාය .
සැකකාර සමාගම ස්මාට් වින් නමින් පවත්වාගෙන ගිය වෙබ් අඩවියය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසටද නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංචා විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වල්ලා පට්ටා ව්‍යාපෘතියත් පවත්වාගෙන යන මුවාවෙන් මෙම සැකකරුවන් පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවය.
ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් බාරගෙන රුපියල් කෝටි තුන බැගින් කොමිස් ලබාගෙන ඇති සැකකරුවන් හා විත්තිකාර ආයතනයේ නිලධාරින් ඇතුළු 22 ක් ජනතා මුදල්වලින් තායිලන්තයේ විදේශ සංචාරයක ද නිරත වී ඇති බව පැවසීය.
පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 1500 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන
අනුරාධපුර, ගල්පොත්තේගම යෝජිත රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක, මහා වන විනාශයක් සිදු කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක්
දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු
බෝගවලට හානිකරන සතුන් පිළිබඳ ‘වන සත්ව සංගණනය 2025’ හෙට (15) පෙරවරු 8.00 සිට විනාඩි 5 ක කාලයක් එනම් 8.05 දක්වා ක්‍රියාත්මක කරන බවත් එම සංගණනය සාර්ථක කරගැනීමට ජනතාවග
ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘ස්මාට් වින්‘‘ සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්