(රෝෂන් තුෂාර)
"සිරකරුවෝද මනුෂ්‍යයයෝය" යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.
දිගු යකඩ දම්වැලක මාංචු දැමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට එලෙස නොකරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේය.
අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු අංක 03 අධිකරණයේ කැඳවීය. රිමාන්ඩ් දීර්ගය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබිණි.
අංක 03 අධිකරණයේ බන්ධනාගාර රැඳවියන් රඳවන සිරමැදිරිය තුළ සැකකරුවන් වැඩි ප්‍රමාණයක් ඇතුලත් කළ නොහැකි බැවින් මෙලෙස එකම දැම්මලක මාංචු දමා සැකකරුවන් අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබිණි.
දැම්වැල් දැමු රැඳවියන් අධිකරණ ශාලාවේ සිටිණු දක්නට ලැබූ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ කරුණ දැඩි දෝෂ දර්ශනයට ලක් කර සිරකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සලකන ලෙසට දැඩි සේ අවවාද කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් මහේස්ත්‍රාත්වරයාගෙන් සමාව අයැද සිටියේය.
මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයෙන් පසුව මාංචු සමඟ අධිකරණ ශාලාවේ සිටි රැඳවියන්ගේ විලංගු ඉවත් කිරීමට බන්ධනාගාරර නිලධාරීන් කටයුතු කරනු දක්නට ලැබිණි.
මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව
වවුනියාව, කුඩිරිප්පු පිල්ලයාර් කෝවිලේ පොකුණ පිරිසිදු කළ අයකු විදුලිසැර වැදී ඊයේ (04) ජිවිතක්ෂයටපත්ව අැතැයි වවුනියාව පොලිසිය කියයි.
ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණිය
ආතර් වී දියේස් හෙවත් කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසක තිබූ රුපියල් ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කල බව කියන මවක, දියණි
ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධීවර බෝට්ටු මඟින් මෙරටට ගෙන්වු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය , වේලනෙයි , තුරේයූර් ප්‍ර
දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ