(යොහාන් භාසුර)
'බිම්ස්ටෙක්' සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
'බිම්ස්ටෙක්' තුළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇති සෞඛ්‍ය සේවාවන්, මානව සම්පත් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
'බිම්ස්ටෙක්' සාමාජික රටවල් අතර ආර්ථික හා සමාජීය සංවර්ධනය ඇති කිරීම සඳහා මෙම අංශ ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා පෙන්වා දුන්නේය.
තායිලන්තයේ පැවැත්වීමට නියමිත 6 වැනි 'බිම්ස්ටෙක්' රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.
මෙම හමුවට 'බිම්ස්ටෙක්' සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ ආචාර්ය සාජ් යූ. මෙන්ඩිස්, අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රාර්ථනා කෞෂලියා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලුම වියදම් සහ ආදායම් ප
දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර
පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි