(අංජුල මහික වීරරත්න)
"එල් බෝඩ්"පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටට විශාල අර්බුදයක් ඇතිවීමට නියමිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අවසන් ජනරැළිය අමතමින් මරදානයේදී අද (11) පැවසීය.
ජනපතිගේ සිට මාලිමාවේ කිසිම පාලකයෙකුට පළපුරුද්දක් නැති බව දැනටමත් ඔප්පු වෙමින් තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා පලපුරුද්ද මෙන්ම කළ පුරුද්ද ඇති ගෑස් සිලින්ඩර අපේක්ෂකයන් බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යවන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
කොළඹ මරදානේ පැවති මෙම අවසන් ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මේ රටේ තිබුණු පෝලිම් සියල්ල අප විසින් නතර කළා.අපි මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සියල්ල කළමනාකරණය කර ගත්තා. 2028 වන විට අප ණය ගෙවීම ඇරැඹිය යුතුයි.ඊට 2042 වෙනතුරු කල් තිබෙනවා.
ණය ගෙව්වේ නැතොත් නැවත පෝලිම් යුගයකට යන්න වෙනවා.
මේ වනතුරු ජනපති ආර්ථික දැක්ම කියලා නැහැ.විශාල අවිනිශ්චිත බවක් තිබෙනවා.දැන් සහල් හොයාගන්නට බැහැ.පොල් මිල පොල් ගහටත් වඩා උස වී තිබෙනවා.බඩු මිල නෙළුම් කුලන වගේ උඩට යනවා.බිත්තර මිල වැඩි වෙනවා.මේවා විසඳගන්න ආණ්ඩුවට පුළුවන්ද?
මේ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ කොහොමද? ජනාධිපතිවරණයේ දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ගෙනාවා.දැන් ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?
මූල්‍ය අරමුදල සමග කොළඹදී සහ වොෂින්ටන් නුවර දී සාකච්ඡා කළා. දැන් තුන්වන වාරිකය ගැනීම සඳහා සාකච්ඡා කරනවද?
මාලිමාව ජනාධිපතිවරණයේ දී බදු සහන දෙන බව කිව්වා. ඒවා ලැබෙනවාද? නැද්ද? කියා ප්‍රකාශයක් කරන්න.
රට ඉදිරියට යනවා නම් සියයට අටක විතර වාර්ෂික ආර්ථික සංවර්ධනයක් තිබිය යුතුයි. මේවා ලබා ගන්නේ කොහොමද? ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තබාගන්නවාද? කියා කියන්න.
මාලිමාව ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහනට සිදුවී තිබෙන්නේ කුමක්ද?
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස යොදා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්‍රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) ප
හික්කඩුව ධීවර වරායෙන් ඉකුත් (09)වන දින මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධීවරයෙකු මුහුදේ දී මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර අද(13)වැනි දින හික්කඩුව ධීවර වරාය වෙත
මෙරට කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමුව තිබේ.
කළුතර දෙදියවල ප්‍රදේශයේ කරවලදූව පාලම අසල කිරිමැටි වලක තිබී අද(13)වැනි දා සැකසහිත මළසිරුරක් හමුවූ බව කළුතර උතුර පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’එල් බෝඩ්’’ පාර්ලිමේන්තුවට යැව්වොත් ලොකු අවුලක්
sam Tuesday, 12 November 2024 01:47 PM
ඉස්සරහ පේලියේම ඉන්න පට්ට හොර රැළක්
කිරූ Wednesday, 13 November 2024 06:32 PM
ඔය පලපුරුදු අය රට කරවලා රටට වෙලා තියන දේ මදැයි ඔබලාට වඩා L බෝඩ් කාරයෝ දාහෙන් සම්පතයි. ඒ අය කරයි ඔයාලට වඩා හොඳට...