IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


’’තානාපතිවරු පත් කරන්න සාධාරණ කාලයක් අවශ්‍යයි’’

(විමුක්ති එස් රුද්‍රිගු)

නව රජය පත්වීමෙන් පසු තානාපති සහ මහා කොමසාරිස් කාර්යාල කීපයකට සිදු කර තිබූ දේශපාලන පත්වීම් අවසන් කිරීම නිසා කාර්යාල කීපයකම පුරප්පාඩු ඇතිවී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. නමුත් තානාපතිවරු සහ මහා කොමසාරිස්වරු පත්කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු කිසියම් විදේශ රටකට පත් කළ විට, එම පත්වීම සඳහා එකී විදේශ රාජ්‍යයෙන් එකඟතාව ලබාගැනීමට සිදුවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

එම එකඟතාව ලබා ගැනීම සඳහා වන ඉල්ලීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එකී විදේශ රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා මෙන්ම එම විදේශ රාජ්‍යය සතුව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලයක් වෙතොත් එය හරහා ද එම රාජ්‍යයේ රජයට ඉදිරිපත් කරනු ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එම එකඟතාව ලබාදීම සඳහා විවිධ රටවල් ලබා ගන්නා කාලය එකිනෙකට වෙනස් ය.

සමහර රටවල් ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටිය ප්‍රකාරව එම එකඟතාව ලබා දීමට මාස තුන හතරක් වැනි දීර්ඝ කාලයක් ගන්නා බවත් තවත් රටවල් එතරම් දීර්ඝ කාලයක් නොගෙන එම එකඟතාව ලබාදෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. කෙසේවුවද, සාමාන්‍යයෙන් එම කාලය මසක් හෝ දෙකක් විය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

එලෙස විදේශ රාජ්‍යයකින් එකඟතාව ලැබීමෙන් අනතුරුව පත්වීම ලද තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එසේ ඔහු හෝ ඇය එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට පෙර, එම පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරන අතර, එම පත්වීමට විරෝධතා ඇතොත් ඒවා ගොනු කිරීමට සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිනුයේ එම සති දෙකක කාලය ඉක්ම යෑමෙන් අනතුරුව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලැබුණු පසු එම තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීමේ මූලික නෛතික පසුබිම සකස් වෙන බවත් ඉන් අනතුරුව අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සති දෙකක පමණ වැඩසටහනක් සංවිධානය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එම වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව, පත් කරන ලද තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීම පිණිස අදාල විදේශ රාජ්‍යය වෙත පිටත්ව යෑමට හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.



අදහස් (1)

’’තානාපතිවරු පත් කරන්න සාධාරණ කාලයක් අවශ්‍යයි’’

sam Sunday, 05 January 2025 12:42 PM

මයිනලාගේ, ජොලියලාගේ කාලේ පට්ට හොරු එක රැයින් පත් කළා. දැන් නියම දේවල් තමයි කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇළට වැටී සිඟිත්තිය මරුට
2025 ජනවාරි මස 06 128 0

මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇතැයි පොලීසිය කියයි.


කුරුණෑගල රෝහලට ආ හොර දොස්තර අත්අඩංගුවට
2025 ජනවාරි මස 06 1549 0

වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය ප


පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්‍යාපාරිකයා කොල්ල කාලා
2025 ජනවාරි මස 06 397 0

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝල අවියක


අදත් තැනින් තැනට පොඩි වැසි
2025 ජනවාරි මස 06 71 0

නැගෙනහිර පළාතෙත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රා.නි.ස.නී. සංස්ථා සේවකයන් යකඩ ගල් කරන්න හදලා
2025 ජනවාරි මස 06 587 0

රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .


දුම්රියක් කළුතර දි පිලිපනී
2025 ජනවාරි මස 06 306 0

කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් ප


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 436 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 222 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 209 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site