(සුජිත් හේවාජුලිගේ)
තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
" අපි සහ ඒ අය අතර ඇති වෙනස ඒකයි. අපි හොරා කන්නේ නෑ" යැයිද ඔහු කීවේය.
නානායක්කාර මහතා මෙසේද පැවසීය.
අපි වාහන පර්මිට් ගන්නේ නෑ.නිල නිවාස ගන්නේ නෑ. මට කාර්ය මණ්ඩලය විස්සක් ගන්න පුළුවන් නමුත් ගන්නේ නවයයි. මට බැකප් තුනක් අයිතියි. එස්ටීඑෆ් 15ක් ගන්න පුළුවන්. ගන්නේ නෑ. මම පම්පෝරි ගහනවා නොවෙයි. අපේ අනිත් ඇමතිවරුනුත් එහෙම තමයි කටයුතු කරන්නේ.ඕක නොවෙයිද ජනතාව ඉල්ලුවේ.
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’මම ලක්ෂ පනහක් රජයට ඉතිරි කරනවා’’
Gayan Saturday, 26 April 2025 11:44 AM
ඔය ඉතිරි කරන සල්ලිවලට මොනවද කරන්නේ කියලත් කියන්න... භාණ්ඩාගාරය ගොඩගහලා තියලා වැඩක් නෑ.. ව්‍යාපෘතියකට යොදවන්නේ නැතිව.
ana Saturday, 26 April 2025 11:53 AM
වෙනත් රජයක් වුණා නම් ඇමැති නියෝජ්‍ය ඇමැති ඒකතුව 159 ක්...
පිටරටවැසියා Saturday, 26 April 2025 12:11 PM
ඔය සියල්ලම නැතත්, බොහෝ දේවල් නීතියේ ප්‍රතිපාදනවලින් අවභාවිතාවිම වළක්වන්න පියවර ගන්න. ඒ වගේම රාජ්‍ය සේවයත් පිරිසිඳු වූ වහාම, රටේ ඉක්මන් දියුණුවක් දැකිය හැකි වේවි. රටේ බහුතරයක් පැතූ පැතුම එයයි.
ගුණරත්න Saturday, 26 April 2025 12:54 PM
මොකුත් වැඩක් කරන්නෙත් නැහැ, නිකම් කැඳ බීලත් බෙට්ට කෙලින් කිව්වා වගේ.
Wanniarachchi Saturday, 26 April 2025 12:54 PM
ඔය වගේ බුරු කතා හොඳයි ඔයාගේ අනුගාමිකයන්ට. අධිකරණ ඇමැති ඉන්නේ සල්ලි ඉතිරිකරලා පෙන්වන්නේ නොවෙයි, අධිකරණවල ප්‍රශ්න විසඳන්න. උසාවිවල නඩු ලක්ෂ ගණන් ගොඩගැහිලා, බන්ධනාගාරවල සිරකරුවන් අධිකයි, හැරෙන්නවත් බෑ. ඒ ඔක්කොම පැත්තක තියාගෙන ලක්ෂ පනහක් ඉතිරි කරලා කියල මෙය සිඟිති අතල් දෙනවා. අවුරුදු 5 ම ඔහොම යයි.
යෝගා Saturday, 26 April 2025 01:00 PM
සතුන් සතේ ඉතුරු කරලා රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා මේ මෝඩයෝ හිතන්නේ. කිසිම ඉදිරි දැක්මක් නැතුව කයිය ගගහා ඉන්න විතරයි දන්නේ. ලක්ෂ පනහක් ඉතුරු කළා කියන එකත් අමූලික පචයක්...
Aruna Saturday, 26 April 2025 01:01 PM
පිඟන් හෝදන අය තමයි බිඳින්නේත්... වියදමකුත් නැහැ වැඩකුත් නැහැ...
prasanna Saturday, 26 April 2025 01:10 PM
කරන වැඩකුත් නෑනේ...
rana Saturday, 26 April 2025 01:10 PM
අපේ ඔෆිස් එකේ ඉන්නවා ගෝනි බඩා කියලා මිනිහෙක්..., එයා කියනවා ඔහු වැටුප් ගන්නේ නැහැ කියලා. බැලුවහම මිනිහගේ වැටුප යන්නේ එයාගේ අම්මගේ ගිණුමට.... පස්සේ මිනිහා අම්මාගෙන් වරින් වර අවශ්‍ය මුදල් ඉල්ලා ගන්නවා.
fairoos Saturday, 26 April 2025 03:30 PM
ඉතාම හොඳයි... රට හොරාකාපු කාලකණ්ණින්ට නම් හොඳක් සිදුවෙන්නේ නෑ.
Neel Saturday, 26 April 2025 03:36 PM
සහෝදරයා ඔබලාගේ අවංක උත්සාහයට රටේම ජනතාව පැහැදීමෙන් ඉන්නා බව මේ දවස්වල පවත්වන ඡන්ද රැස්වීම් වලින්ද ඔප්පු වෙනවා. මේක දරාගන්න බැරි බව මේතන පලවන සමහර අවලාද වලින්ද පැහැදිලිව ප්‍රකාශ වෙනවා. විපක්ෂයට සොරි තමයි. ඇයි හොරුන්ට, එයාලටත් ඒහෙම තමයි....
Toni Saturday, 26 April 2025 03:50 PM
දැන් බූරුවන් අඩුයි. සෙනෙවිරත්නයි, ෆයිරූසුයි කියන දෙන්නෙක් විතරක් තවම ඉතිරිවෙලා ඉන්නවා.
නිමල් පෙරේරා Saturday, 26 April 2025 04:21 PM
ඔයාලා කොච්චර ඉතුරු කළත් ජනතාවට නම් සහනයක් නෑ. පුළුවන් නම් ආණ්ඩුව ගන්න කොට පැලවත්ත කාර්යාලයේ අරමුදල් වල වත්කම්, බැරකම් ජනතාවට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අවුරුද්දක් ගාණේ ජනතාවට ඉදිරිපත් කරන්න. එතකොට ඒ සල්ලි වලට වෙච්චි දේ ඇත්තටම බලාගන්න පුළුවන්...
Nandana Saturday, 26 April 2025 07:17 PM
සාපේක්ෂ වාදය අපි ඇහුවේ නැහැ. ඔහු නඩු බඩු ගැන උනන්දුයි නේද?