(සුජිත් හේවාජුලිගේ )
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දී ඇත.
ඒ සඳහා කඩිනමින් මුදල් සොයා ගැනීම කෙරෙහිද කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමු වී ඇත.
නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.
ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂද පසුගිය දිනවල වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ඉදිරි වසර දෙකේදී මැතිවරණ කොමිෂන් තවත් මැතිවරණ හතරකට සූදානම් වෙයි.
මහ මැතිවරණය,ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එම මැතිවරණ හතරයි.
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන්නැයි දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව ගණනාවක් දැනටමත් ඉල්ලීම් කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් නීති අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇත.
එම නාමයෝජනා අහෝසි කරන්නේ නම් පාර්ලිමේන්තුවෙන් නොපමාව යෝජනාවක් සම්මත කරගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීති විශාරදයන්ගේ මතයයි.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්