(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අපනයනකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වලට සම්බන්ධ රජයේ ආයතන වල කාර්යක්ෂමතාව ඉහල නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
එසේම බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහල දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් ඇතුලත ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.
ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් මීට එක්ව සිටි අතර එක් එක් කර්මාන්ත වලට අදාලව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබි (30) දින නාදුනන පුද්ගල මල සිරුරක් සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.
මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අද ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා ඇති බවත් සම
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ගනේමුල්ල සංජීවගේ සහ දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්
අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා සංගීත තරගයෙන් 2024 ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන (පිරිමි) ගිටාර් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, විශේෂ රාගධ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්කර මැතිවරණ කොමිෂන්ට භාර දුන් බව එහි ප්‍රකාශකයෙක
ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්‍රදේශයේ කිහිපයකම ඉන්ධන කාන්දුවක් සිදුවෙමි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’ලංකා ආර්ථිකයේ කොන්ද කෙලින් කරනවා’’
යෝගා Wednesday, 30 October 2024 09:59 AM
ඔය තනතුරුවලට දාගෙන ඉන්න සෙට් එක එක්කනම් ටිකක් රෑ වෙයි කොන්ද කෙලින් කරන්න
ලලිත් පුෂ්පකුමාර Wednesday, 30 October 2024 10:41 AM
අපේ රටට දැන් අවශ්‍ය ඔවැනි දීර්ඝකාලීන සැලසුම් මැතිවරණ ජයග්‍රහන ඉලක්ක කරලා සරල තොරොම්බල් වැඩ කලින් හිටපු අය කරේ. දැන් අලුත් ගමනක් යමු
Don perea Wednesday, 30 October 2024 11:29 AM
ඔබතුමා හරක් ඉන්න රටක ජනාධිපති හින්දා හොඳයි .මුන් ඕන දෙයක් අහනවා
සෙනෙවිරත්න Wednesday, 30 October 2024 01:46 PM
ඔබත් ඒ කෙනෙක් නේද?
සෙනෙවිරත්න Wednesday, 30 October 2024 01:45 PM
මේවා බලාගෙන ඉන්න බැරි අය දුකට කියන කවි සහ ඩිස්ලයික් බලාගන්න පුළුවන්, හිතුවේ වලව්වල අයට විතරයි. ඔය පුටුවේ වාඩිවෙන්න පුළුවන් කියලා ඔබතුමාට මේක ගොඩදානවා හැර වෙනත් කිසිඳු න්‍යාය පත්‍රයක් නොමැති බව අපට විශ්වාසයි. හඳට බල්ලෝ බිරුවාට හඳ ලොවට එළිය දෙනවා. ඔබතුමා හැර මේක කරන්න වෙන ජගතෙක් නැහැ. ඒ අය කළ හැටි, දොඩවන හැටි බලන්න.
සිතුම් Wednesday, 30 October 2024 02:00 PM
ඇත්තම කියනවා නම් මෙයාලාට නීතිමය පැත්ත මූල්‍ය පැත්ත ගැන අවබෝධයක් නැහැ. කාට හරි බැන බැන ඉන්න කිව්වොත් ඒකනම් කරයි.