IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’

(සුජිත් හේවාජුලිගේ)

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන  වාහන ගැනීමට නොහැකි  හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට්  ඇතුළු  සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට  ඉඩ දෙන්නැයි  ආයතන ප්‍රධානීන් පිරිසක් රජයෙන්   ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

තමන්ගේ පරිහරණයට අලුතින් වාහන ගැනීමට සිදුවුවහොත් මේ මොහොතේදී ඒ සදහා  අතිරේක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයිද  එම ප්‍රධානීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ වැඩි එන්ජින් ධාරිතාව සහිත සුපිරි සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීමට මිල ගණන් කැඳවනු ලැබුවත්  තක්සේරු මිල ගණන්වලට  අනුව  එම වාහන මිලදී ගැනීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත්ව  නැතැයි  වාර්තාවේ

මේ හේතුවෙන් එම වාහන දෙක සඳහා යළි ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත. රජයේ ආයතන සන්තකයේ පවතින සුපිරි වාහන වෙන්දේසි කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

 



අදහස් (6)

’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’

යෝගා Monday, 21 April 2025 11:07 AM

ඇයි වෙන වර්ගයේ වාහනවල රෝද කැරකෙන්නේ නැද්ද?

:       2       33

අරවින්ද මොණරවිල Monday, 21 April 2025 11:28 AM

V8 විකුණලා ලැබෙන සල්ලී වලින් සරළ වහන ටිකක් ගන්න පුළුවන් ඒ නිසා සල්ලී වල ප්‍රශ්න තියෙන්න විදිහක් නැහැ. සමහරුන්ට V8 නැතුව පස්ස තියන්න බැරි කමක් තියෙන්නේ, අලුතින් වාහන ගන්න තරු තියෙන වාහන වලින් ගේම ගහන්න පුරුදු වෙන්න.

:       2       35

ගුණරත්න Monday, 21 April 2025 02:38 PM

ඔය එන්නේ ගොනා, පොල් පැලේ කන්න. ටිකෙන් ටික මවාගත් ව්‍යාජ ප්‍රතිරූප බිඳ වැටෙනවා...

:       4       7

Athula Monday, 21 April 2025 03:39 PM

මුන්ට V8 නැතුව හරි අමාරුයි නේද? යකෝ 1977 ට පෙර නඩුකාරවරයා ගියෙත්, කොමසාරිස්, ගියෙත් පොදු ප්‍රවාහනයේ.. ජඩ JR තමයි ඒවා විනාශ කළේ.

:       3       5

EthugalaMonday, 21 April 2025 04:34 PM

77 ට පෙර නොවෙයි 1985 පමණ වෙනතුරුම දිසාපති කාර්‍යාලයේ නැත්නම් කච්චේරිවල දිසාපතිට හැර අතිරේක දිසාපතිලාට නිල වාහනයක් තිබුනෙ නැහැ ඒ සියලුම දෙනා ගියේ බස්වල තමයි වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල කියන උපදිසාපතිට වහනයක් තිබුනෙත් නැහැ .ඔවුන් ගමන්බිමන් ගියේ පොදු ප්‍රවාහන බස්වලම තමයි .ඉන් පස්සෙ දින 15 කට එක් කාර්‍යාලයට ලෙස ජීප් ලබාදීලා 1986 අවසානයේ ෆැජරෝ ජීප් ලබාදුන්නේ රටේ ඇතිවෙමින් තිබුනු ජේවීපී කැරලිගැසීම් නිසා තමයි. නමුත් දැන් කාලයේ එම තනතුරේ නිළධාරින්ට රටේ කොතන සිටියාවුනත් ගෙදර ‍යන්නත් සොච්චමක් ගෙවා ගෙදර පාවිච්චියට වාහනය හිමිවුණේ 1994 න් පස්සෙ තමයි .පළාත් සභා ඇතිවුනාම අනවශ්‍යම තනතුරු ඇතිවුනා පමණක් නොවෙයි ඔවුන්ටත් රජයේ වාහනයක් නැතුව වැසිකිළියට යන්නත් බැරි තත්වයක් තියෙනවා එහෙම අය හැටියට HQPO පෙන්වන්න පුලුවන්

:       1       3

ravin Monday, 21 April 2025 05:32 PM

ඇයි අමතකද වේයෝ කාපු පෝෂ් ගැන එහෙම...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site