IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


අපරාධ වලට අතවනන සමාජ ආකල්ප

ක් ලබ් වසන්තගේ ඝාතනය - ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරීත්වය, ජනතාවගේ ආරක්ෂාව, නීතියේ පාලනය පවත්වාගෙන යාමට රජයට ඇති හැකියාව හා වගකීම යනාදි අංශ රාශියක් වෙත ජනතාවගේ ඇස් ඇරවන්නකි. නොබෝදා සමස්ත පාර්ලිමේන්තුවම එක හඬින් කියා සිටියේ, සංවිධානාත්මක අපරාධ මර්දනයට වහාම දැඩි පියවර ගත යුතු බවය. මෙහි දී වැදගත් වන්නේ, අපරාධයක් සිදු කිරීමෙන් පසුව අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරගැනීම හා අපරාධකරුවන්ට දඬුවම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව වටහා ගෙන,  ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය. අපරාධ සිදුවීම් මෙන්ම අපරාධකරුවන් බිහිවීම වැළැක්වීම සඳහා ද කෙටිකාලීන හා දිගුකාලීන සැලැස්මක් හා අධිෂ්ඨානයක් රජයට මෙන්ම ජනතාවට ද තිබිය යුතු ය.


අපරාධයක් යනු කුමක් ද?

අපරාධයක් යන්න නිර්වචනය කිරීමට නීති විද්‍යාව, සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව යනාදී ක්ෂේත්‍ර අතර පොදු එකඟතාවක් නොමැත. අපරාධයක් යනු නීතියේ දඬුවමකට යටත් වෙන, සමාජයට හෝ සමාජයේ කොටසකට හෝ රජයට එරෙහිව සිදුකරන ක්‍රියාවක් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. එහි දී අපරාධයක් සිදු කරන්නා අපරාධකරුවාය. හානියට පත්වන්නා වින්දිතයා ය. අපරාධයක් සිදු කිරීමට ඒ සඳහා චේතනාවක් තිබිය යුතු ය. එහෙත් නොසැලකිල්ල මතද අපරාධයක් සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස නොසැලකිල්ලෙන් රිය අනතුරක් සිදුකර මරණයක් සිදු කිරීම අපරාධයකි. 


අපරාධ වර්ගීකරණය


අපරාධ වර්ගීකරණය කළ හැකිය. පුද්ගලයෙකුට ශාරීරික හානියක් සිදු කිරීම, මංකොල්ලය යනාදිය ප්‍රචණ්ඩත්වය මත සිදු කරන අපරාධය. (එහෙත් ආත්ම ආරක්ෂාව සඳහා යම් ක්‍රියාවක් සිදුකිරීම අපරාධයක් නොවේ.) අල්ලස් ගැනීම, බදු පැහැර හැරීම, මූල්‍ය වංචා යනාදිය දේපළ සම්බන්ධ අපරාධය. මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා නිවාස පවත්වාගෙන යාම, මහජන සාමය කඩ කිරීම ආශ්‍රිත වැරදි සමාජ පැවැත්මට එරෙහි අපරාධය. ත්‍රස්තවාදය, නීති විරෝධී රැස්වීම් හෝ අරගල යනාදිය දේශපාලනමය අපරාධය. අපරාධයක් සිදුකිරීම සඳහා පූර්ව සැලැසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම යනාදිය ද තවත් වර්ගයකට අයත් අපරාධය. මෙහි දී පූර්ව සැලසුමක් සහිතව සංවිධානාත්මකව සිදුකරන අපරාධ, ක්ෂණික කෝපය යනාදී පූර්ව සැලසුමක් නොමැතිව සිදුකරන අපරාධවලින් වෙනස් කොට දැක්විය හැකිය. එහෙත් මෙවැනි වර්ග කිරීම් සිදු කරන්නේ පහසුව තකා පමණි. අපරාධයකට දඬුවම් ලබා දෙන්නේ, අපරාධමය ක්‍රියාව හා ඊට හේතු වන චේතනාව (හෝ නොසැලකිල්ල) සැලකිල්ලට ගෙනය.


අපරාධවල ජාතික බලපෑම

රටක සිදුවන අපරාධ ප්‍රමාණය හා ඒවායේ ස්වාභාවය ජනතාවගේ ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයට, සංවර්ධනයට හා මානසික සෞඛයට සෘජුවම බලපායි. ඒවා ලෝක අපරාධ දර්ශකයේ රටේ ස්ථානගත වීම තීරණය කරයි. විදේශ ආයෝජකයන් තම ආයෝජනවල සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තීරණය කරන්නේ, එවැනි දර්ශක මතය. ස්ථාවර රටක් හා සමාජයක් පැවතිය හැක්කේ, නීතියේ පාලනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පමණි.


අපරාධකරුවාගේ මනස

වසන්තගේ ඝාතනයත් සමග සමාජ භීතිකාවක් පැතිර යාමට ප්‍රධානතම හේතුවක් වන්නේ, එය සිදු වූ ආකාරය සි.සි.ටී.වී දර්ශන ඔස්සේ සමාජගත වීමය. එහි දී අපරාධකරුවන්ගේ මානසිකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත. අපරාධකරුවන් විසින් සිදුකරන ලද අපරාධයේ බරපතළකමට සාපේක්ෂව එම අපරාධය සිදු කිරීමේ දී ඔවුන් විසින් විදහා දක්වන ලද මානසික සැහැල්ලුතාව හා ඒකාග්‍රතාවය ඊට හේතුවය. සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකරන සෑම අපරාධයක දීම අපරාධකරුවන්ගේ මානසික මට්ටම පිළිබඳව තක්සේරුවක් එමගින් සිදු කළ හැකි ය. අප ජීවත්වන සමාජය තුළ මෙවැනි මානසිකත්වයක් ඇති තැනැත්තන් බිහිවීමට හෝ මෙවැනි මානසිකත්වයක් ඇති වීම සිදුවිය හැක්කේ කෙසේ ද යන්න විමසා බැලිය යුතුය.
අපරාධකරුවකුගේ මනස පිළිබඳව මනෝවිද්‍යාඥයන් විසින් විවිධාකාර පරීක්ෂණ සිදු කර තිබේ. සංවිධානාත්මක හෝ සංවිධානාත්මක නොවන හෝ අපරාධයක් කරන්නකු හට එය සිදු කරන අවස්ථාවේ දී සමාජයට එරෙහි වූ මානසික තත්ත්වයක් ඇතිවේ. එහෙත් සංවිධානාත්මක අපරාධයක් සිදු කරන්නෙකු හරි-වැරැද්ද පිළිබඳව අවබෝධයකින් යුතුව එම වරද සැලසුම් කිරීම හා ක්‍රියාවට නැගීම සිදු කරයි. ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ අපරාධ සිදු කරනුයේ ආවේගකාරී හා ආක්‍රමණශීලී මනසක් ඇතිව වේ. අපරාධයක් සිදු කිරීමට තරම් මනසක් එය සිදුකරන්නා තුළ ඇති වීමට හේතු වන සාධක බොහෝමයක්ම හඳුනාගෙන තිබේ.


සමාජ වගකීම


මෙම ලිපියේ අරමුණ, රටේ සිදුවෙන අපරාධ අවම කර ගැනීම කෙරෙහි යම් තරමක හෝ වගකීමක් අප සියලු දෙනා විසින්ම දැරිය යුතු බවත්, ඒවා වළක්වාගැනීම සඳහා ද මූලික පියවර අප විසින්ම ගත යුතු බවත් අවධාරණය කිරීමය. අපරාධකරුවන් යනු සමාජයේම නිර්මාණ වේ. එනම් අපගේම නිර්මාණය. දරුවෙකු පාසලකට ඇතුළත් කිරීම සඳහා කූට ලේඛන සකස් කිරීම, පොලිසියේ නිලධාරි මහතුන් නොවන ස්ථානවල දී රතු ආලෝකය නොතකා ධාවනය කිරීම, රජයේ ආයතනයක දී යමකුට අල්ලසක් දීම යනාදී ක්‍රියා සිදු කරන සෑම අයකු තුළම ඇති වන්නේ අපරාධ මනසක් බව තේරුම් ගත යුතු ය. ඒ අනුව අප විසින් අප තුළම අපරාධකරුවන් නිරන්තරයෙන් බිහි කරමින් තිබේ. මෙහි ක්‍රමානුකූල වර්ධනයේ උච්ච අවස්ථාවක් වසන්තගේ ඝාතනයේ දී අපට අත්දකින්නට සිදු විය.


දෙමව්පියන්ගේ වගකීම

සමාජ විද්‍යාඥයන්ට අනුව අපරාධකරුවන් බිහිකරන මූලිකම ස්ථානය වන්නේ පවුලය. දෙමව්පියන්ගේ හැසිරීම, චින්තනය, සෙනෙහස නොලැබීම, වැරදි ආදර්ශ, නිසි අධ්‍යාපනයක් නොලැබීම, දරුවන්ව නොසලකා හැරීම, අාධ්‍යාත්මික පුරුදු නොතැකීම වැනි පවුල කේන්ද්‍රගත සාධක රාශියක් අපරාධකරුවන් බිහිවීමට හේතු වේ. දරුණු අපරාධකරුවන් ජානමය සාධක හේතු කොට ගෙන බිහි වුව ද, එය අතළොස්සකි. 
පුද්ගලික පහසුව තකා කුඩා දරුවන්, පරිඝණක හෝ ස්මාට් දුරකථන ඔස්සේ දෘෂ්‍ය මෘදුකාංග ක්‍රීඩාවලට පෙලඹවීම, ආක්‍රමණකාරී මනසක් සහිත අනාගත සමාජයක් බිහි කිරීමට දායක වීමක් බව බොහෝ දෙමව්පියෝ නොදනිති. මනෝ විද්‍යාඥයන්ට අනුව, මෙහිදී කුමන බාධකයක් මැද වුව ද, හරි වැරැද්ද හෝ සදාචාර වටිනාකම් හෝ නොතකා තම අරමුණට කෙටි කාලයකින් හඹායාමේ මනසක් දරුවන් තුළ ඇති වේ. බොහෝ ආක්‍රමණකාරී ක්‍රියාවල ජයග්‍රහණය කරා යාමේදී  ඊට බාධාවන (ක්‍රියාව තුළ බිහි කර තිබෙන) ජීවිත බොහෝමයක් විනාශ කළ යුතු වේ. පසුගිය දා මුළු රටම බලා සිටිය දී වසන්තගේ ඝාතකයන් විසින් සිදුකරන ලද්දේ ද එවන් මෘදුකාංග/ පරිඝගනක ක්‍රීඩාවක නියැලෙන දරුවෙකු හෝ වැඩිහිටියෙකු පරිඝණකයක් ඉදිරියේ සිදු කරන ක්‍රියාවට සමාන ක්‍රියාවක් නොවේ ද? යන්න අප විසින්ම තීරණය කළ යුතු වේ. 


ජනමාධ්‍යයේ වගකීම   


සමාජයක සිදුවන අපරාධ සඳහා ජනමාධ්‍යයේ බලපෑම සම්බන්ධයෙන් ද පර්‌යේෂණ බොහෝමයක් සිදුකර තිබේ. ඇතැම් සමාජ විද්‍යාඥයන්ගේ මතය වන්නේ මාධ්‍ය ඔස්සේ දකින අපරාධ ක්‍රියාවට නැංවීමට ඇතැම් තරුණයන් උත්සුක වන බවයි. රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වන බොහෝමයක් ටෙලිනාට්‍යවල ඒවා තුළ නිර්මාණය කරන සමාජ ප්‍රශ්න නීතියෙන් ස්ථාපිත ආයතන වලින් පරිබාහිර ක්‍රම ඔස්සේ විසඳාගැනීමේ හා එහි දී ප්‍රචණ්ඩත්වය යොදාගැනීමේ ක්‍රමෝපායන් ඇතුළත් කර තිබේ. ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා සිදුකරනු ලබන මෙවැනි පටු උපක්‍රමවල අවසන් ප්‍රතිථලය වනුයේ, නීතියේ පාලනයට එරෙහි වූ විකෘතියක් සහිත ජන සමාජයක් බිහිවීම බව ඒවායේ නිර්මාණකරුවන් දැනගත යුතු වේ. 
බහුතර ජනතාවගේ ජීවන තත්ත්වය හා මානසික මට්ටම නොතකා, හුදෙක් මනංකල්පිත සිද්ධීන් හා ජනතාවට ළඟාවිය නොහැකි ආර්ථික හා සමාජ මට්ටම් පසුබිම් කරගෙන නිර්මාණය වන වැඩසටහන් (නාට්‍ය හා සිනමා කෘති) හේතුවෙන් තමන් සමාජ අසාධාරණයකට ලක්ව ඇති බවට ආකල්පයක් හා ඒ මත සමාජ වෛරයක් දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් අතර ඇති වේ. එවැනි යථාර්ථයෙන් තොර සමාජ හා ජීවන තත්ත්වන් කරා හඹා යාම සඳහා උත්ප්‍රේරකයක් එමගින් සැලසෙන අතර, එහි අවසානය අපරාධකරුවකු විය හැකි බව ද පර්‌යේෂණවලින් අනාවරණය වී තිබේ.
එමෙන්ම වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරයේ හිමිකරුව මාධ්‍ය ඉදිරිපිට දී පොලිසිය විසින් ප්‍රශ්න කිරීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සියලු ආචාර ධර්මවලට හා නීතියට පටහැනිය. 

 



අදහස් (0)

අපරාධ වලට අතවනන සමාජ ආකල්ප

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

ලංකාවේ පාසල් දරුවන්ගෙන් 40% ක් ශාරීරිකව සහ මානසිකව අවපිඩනයට ලක් වෙලා
2024 ඔක්තෝබර් මස 15 25 0

වරදකාරී හැඟීමෙන් ලියමි. තරුණ ජීවිත මෙසේ අකාලයේ මිලින වෙන්නට ඉඩ දී සිටීම ගැන තැවෙමි. මේ එවන් පළමු අකල් මරණය නොවුණ ද මෙය එවන් අවසන් අකල් මරණය වෙනු ඇතැයි අප


හිරිවඩුන්නේ සුධර්මා ආච්චිට කොල්ලෝ කෙල්ලෝ පරාදයි
2024 සැප්තැම්බර් මස 30 174 0

වර්තමාන තරැණ පරම්පරාවේ බොහොම පිරිසකට තාක්ෂණය හොඳට හුරැ පුරැදුය. ඔවුනට කරන්නට බැරි දෙයක් අද ඉතිරිවද නොමැති තරම්ය. ඒ තරමට තාක්ෂණය මෑත කාලයේ දියුණු තියුණ


Hats Off ජයසිරි
2024 සැප්තැම්බර් මස 30 71 0

පසුගිය විසි දෙවෙනිදා රට ඓතිහාසික සමාජ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටින මොහොතක, හදවත නතර කරවනසුලු පුවතක් ලෙස අප වෙත ආවේ ඩබ්ලි


කරුංකා උල්පත්ට පයින් ගැසූ හැටි
2024 සැප්තැම්බර් මස 09 262 0

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු‍ සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යා


හිරබත් කන උගත්තු
2024 සැප්තැම්බර් මස 09 201 0

“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත” මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනය


බාල ආලේපන වලින් කරන බාල වැඩ
2024 සැප්තැම්බර් මස 09 93 0

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site