IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිතුමනි, පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානයටයි පාතාලයේ ගොදුරක් වූ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ අමතකව ගිය ඉක්මන

ඝාතනයෙන් පසුව, හිටපු පොලිස් පරික්ෂක ඩී .බාලේන්ද්‍රසීහ මහතාගේ භාර්යාව මංජුලා මෙන්ඩිස් මහත්මිය සහ දරු තිදෙනා මෙලොව තනිවෙන්නේ කිසිදු හව්හරණක් නැතිවය. ඒ හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ වැටුපෙන් පමණක් ඔවුන් ජීවත්වූ බැවිනි. ඒ නිසාම, අද මේ පවුලම ඉතා අසරණවී සිටිති. ඒ සම්බන්ධයෙන් අද හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහගේ පවුල්වල අය සිටිනුයේ පොලීසිය පිළිබදව දැඩි කලකිරීමෙනි.

හිඟ රුපියල් ලක්ෂ පහ වෙනුවට, සිය සැමියා රක්ෂිත බන්ධනාගාරයේ සිටියදීම උසස් පොලිස් නිලධාරියා සිය පොලිස් බලය යොදවා එම මෝටර් රථය රැගෙන ගිය බවත් මංජුලා අප සමග පැවසූවේ හැඬූ කඳුළෙනි. 

අම්බලන්ගොඩ හා ඒ අවට පාතලය මර්දනය කරන්න දිවි හිමියෙන් කැපවී දිවි අහිමි කරගත් අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානධිපති, පොලිස් පරීක්ෂක, ඩී. බාලේන්ද්‍රසීහ පාතාල සාමාජිකයන් අතින් ඝාතනය වී වසරක් ගතවී ගියත්, ඔහුගේ  දරු පවුලට පොලීසියෙන් අවම සහනයවත් ලැබී නැති බව පවුලේ ඥාතීහු කියති.
මේ නිසාම අද, ඩී. බාලේන්ද්‍රසීහ මහතාගේ භාර්යාව මංජුලා මෙන්ඩිස්ට සහ දරු තිදෙනාට මහ පාරට බසින්නට සිදුවෙන වටපිටාවක් නිර්මාණය වෙමින් තිබෙන බවද ඔවුහු කියති. මේ රටේ ඇතැම් පොලිස් නිලධාරීන් මෙන්, දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන නොසිට, සිය රාජකාරිය දේව කාරියක් කරන්න ගොස්, හිරේ විලංගුවේ වැටී, අවසානයේදී පාතාලයේ ගොදුරක් බවට පත්වූ බාලේන්ද්‍රසීහ ගේ දරු පවුලට, දිවි ගෙවීමට විදිහක් නොමැතිව ඔවුන් දැඩි සේ අසරණව තිබීම මෙයට හේතුවයි.
මීට වසරකට පමණ පෙර, පොලිස් පරික්ෂක නිල ඇඳුම ඇඳ සිය නිවසේ සාලය මැද මිනී පෙට්ටියේ නිසොල්මන්ව සිටි පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසීහට අවසන් ගෞරව දැක්වීමට රොතු බුරුතු පිටින් පැමිණි පොලිස් ලොක්කන්, ඔහුගේ දේහයට සැලියුට් පිට සැලියුට් ගසා පොරොන්දු වූයේ, ඔහුගේ ඝාතකයන් කඩිනමින්ම නීතියේ රැහැනට හසු කර ගන්නා බවත් මේ ඝාතනය වෙනුවෙන් වන්දි මුදලක් කඩිනමින් මේ පවුලට පිරිනැමීමට කටයුතු කරන බවත්, එමෙන්ම නැවත සේවයේ පිහිටුවා හිඟ වැටුප් සහිත මාසිකව වැටුප ලබාදීමට කටයුතු කරන බවත්‍  ඥාතීහු වැඩිදුරටත් කියති.
 
එදා බාලේන්ද්‍රසීහ පොලිස් විරුවාගේ දේහයට අත තබා පොලීසිය වෙච්ච පොරොන්දු ඔහුගේ ඝාතනයෙන් වසරක් සපිරුණත් ඒවා එකක්වත් තවමත් ඉටුවී නැති බවද ඔවුහු අවධාරණය කරති.
පොලීසිය පිළිබඳව ඇතිවූ කලකිරීම නිසාම, බාලේන්ද්‍රසීහ ඝාතනය වී වසරක් සපිරූ දිනය නිමිත්තෙන්, 2024 ඔක්තෝබර් මස 9 වැනිදා සිය නිවසේ පැවති මහා සාංඝික දානමය කටයුත්ත සඳහා සහභාගීවීමට කිසිම පොලිස් නිලධාරියෙකුට ආරාධනා නොකළ බවද පවුලේ ඥාතීහු කීහ.
අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති, ඩී. බාලේන්ද්‍රසීහ ගැන එදා දකුණු ලකේ නොදන්නා කෙනෙකු නැති තරම්ය. ඒ අම්බලන්ගොඩ හා ඒ අවට පාතාලය මර්දනය කරන්න සිටි පොලිස් නිලධාරීන් අතරින් ඉහළම ස්ථානයක ඔහු සිටි නිසාය. පාතාලය මර්දනය කිරීමට පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහට තිබුණේ මනා දැනුමකි. එය සාක්ෂාත් කරමින් එදා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ හිටපු සභාපති, අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ ප්‍රේමසිරිගේ ඝාතකයන් හඳුනාගෙන, ඔවුන්ගෙන් බහුතරයක්ම නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහට ගියේ දින කිහිපයකි. මේ ආකාරයට එදා අම්බලන්ගොඩ හා ඒ අවට ඝාතන රැසකම අපරාධකරුවන් පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත්තේ අනෙක් පොලිස් නිලධාරීන් ද අන්දමන්ද කරමිනි. සිය පොලිස් වසමේ යම් අපරාධයක් සිදුවූ විට එයට සම්බන්ධ අපරාධකරුවන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගන්නා තෙක්ම පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීංහට නින්ද නොගියේය.
මේ නිසාම අම්බලන්ගොඩ හා ඒ අවට පාතාල ක්‍රියාකාරකම් කළ අයට පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහත් වූ හිසරදයක් වී තිබුණේය. රාජකාරියට ණය නොවූ මේ අවංක පොලිස් පරීක්ෂකවරයා, අනපේක්ෂිත ලෙස අකාලයේදීම මියයන්නට හේතුවම වූවේද එයමය. රත්ගම සිය නිවස ආසන්නයේදීම පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසීහ ඝාතනය වෙනුයේ මීට වසරකට පෙරය. 
එනම් 2023 ඔක්තෝබර් මස 9 වැනිදා පස්වරු හයට පමණය. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන්ගේ ගොදුරක් බවට පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ පත්වන්නේ එදාය. මේ ඝාතනයෙන් පසුව, හිටපු පොලිස් පරීක්ෂක ඩී.බාලේන්ද්‍රසීහ මහතාගේ භාර්යාව මංජුලා මෙන්ඩිස් මහත්මිය සහ දරු තිදෙනා මෙලොව තනිවෙන්නේ කිසිදු හව්හරණක් නැතිවය. ඒ හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ වැටුපෙන් පමණක් ඔවුන් ජීවත්වූ බැවිනි. ඒ නිසාම, අද මේ පවුලේ අය ඉතා අසරණ වී සිටිති. ඒ සම්බන්ධයෙන් අද හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහගේ පවුල්වල අය සිටිනුයේ පොලීසිය පිළිබදව දැඩි කලකිරීමෙනි. අකුරට රාජකාරිය කළ පොලිස් නිලධාරියෙකු ඝාතනය වූ විට, පොලීසිය එම නිලධාරියාගේ පවුල පිළිබඳව සොයා බැලිය යුතු බව ද ඔවුහු කියති.   
බාලේන්ද්‍රසීහ ඝාතකයන් ඇල්ලීම ගැන තමන් කතා නොකරන බවත් එහෙත් බාලේන්ද්‍රසීහගේ ඝාතනයෙන් පසු කිසිදු ආදායම් මාර්ගයක් නැති බාලේන්ද්‍රසීහ ගේ භාර්යාව වන මංජුලා මෙන්ඩිස්ට සිය දරු තිදෙනෙකුගේ නඩත්තු කිරීම සහ ඔවුන් තිදෙනාට ඉගැන්වීම විශාල ප්‍රශ්නයක් වී ඇති බවද පවුලේ ඥාතීහු කියති.
මේ දරු තිදෙනාගෙන් එක් අයෙකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන බවත් තවත් අයෙකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට යෑමට සිටින බවත් තවත් දරුවෙක් මෙවර අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් අටකටම ඒ සාමාර්ථත් එක් විෂයකට බී සාමාර්ථයකුත් ලබාගෙන සිටින බවද ඔවුහු කියති.
බාලේන්ද්‍රසීහ රාජකාරිය අතරතුර සිදුවූ සිදුවීමක් නිසා බන්ධනාගාරගතව සිටියදී, ඔහුව බේරාගැනීමට නීතීඥ ගාස්තු ඇතුළු අනෙක් වියදම් කිරීමට රුපියල් ලක්ෂ විසිපහකට ඔහුගේ නිවස උකස් කොට තිබූ බවත්, පසුව එම නිවස සින්න වෙන්න ගිය අවස්ථාවේදී එම උකස් කළ නිවස පවුලේ අය එකතු වී බේරාදුන් බවත්, තව දුරටත් මේ ආකාරයට උදව් කිරීමට තමන්ට නොහැකිව ඇති බවත් බාලේන්ද්‍රසීහ මහතාගේ පවුලේ 
ඥාතීහු කියති.
 
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ ජීවත්ව සිටියදී එවකට දකුණු පළාතේ සිටි උසස් පොලිස් නිලධාරියෙකුගේ සොහොයුරෙකුගෙන්  රුපියල් ලක්ෂ තිස්පහකට වාරික ලෙස ගෙවීමේ පදනම මත මෝටර් රථයක් මිලදී ගත් බවත්, ඔහු ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තිහක පමණ මුදලක් ගෙවා ඇති බවත්, එසේ ගෙවමින් සිටිනා විටදී රාජකාරී කටයුත්තක් වෙනුවෙන් රක්ෂිත බන්ධනාගර ගත කෙරුණු බවත්, ඒ නිසාම ඔහුට ඉතිරි රුපියල් ලක්ෂ පහක මුදල ගෙවා ගැනීමට නොහැකි වූ බවත් බාලේන්ද්‍රසීහගේ භාර්යාව වන මංජුලා මෙන්ඩිස්  කීවාය.
මේ හිඟ රුපියල් ලක්ෂ පහ වෙනුවට, සිය සැමියා රක්ෂිත බන්ධනාගාරයේ සිටියදීම උසස් පොලිස් නිලධාරියා සිය පොලිස් බලය යොදවා එම මෝටර් රථය රැගෙන ගිය බවත් මංජුලා  අප සමග පැවසූවේ හැඬූ කඳුළෙනි. මේ උසස් පොලිස් නිලධාරියා හමුවී වැඳ වැටී සිය සැමියා මෝටර් රථය වෙනුවෙන් උසස් පොලිස් නිලධාරියාගේ සොහොයුරාට මෝටර් රථයට ගෙවූ මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් කියති. දැන් එම උසස් පොලිස් නිලධාරියා තමාගේ දුරකතනයට සම්බන්ධවීමටවත් නොඑන බවත් මංජුලා මෙන්ඩිස් කීවාය.
එමෙන්ම බාලේන්ද්‍රසීහ එදා අම්බලන්ගොඩ පොලීසියේ සිය නිල කාමරය සඳහා සිය නිවසින් රැගෙන ගොස් තිබූ ඇඳ සහ කබඩ් එක සිය සැමියාගේ ඝාතනයෙන් පසුව එම කාමරයෙන් අතුරුදන්ව ඇති බවද මංජුලා මෙන්ඩිස් කීවාය. මේවා ගැන සොයා බැලු‍වත් ඒවා සොයා ගැනීමට නොහැකිවූ බවද මංජුලා කීවාය. මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලීසියෙන් අප කළ විමසීමක දී එහි ප්‍රකාශකයකු කීවේ, මේ පිළිබඳව තමන් නොදන්නා බවත් ඒ පිළිබඳව සොයා බලන බවත්ය.
සිය ස්වාමි පුරුෂයාට උරුමවූයේ ස්වභාවික මරණයක් නොවන බවත්, රාජකාරිය නිසි ආකාරයට කරන්න ගොස් සිදුවූ අකල් මරණයක් බවත් පවසන මංජුලා සිය සැමියාගේ ඝාතනයෙන් ඉතා දැඩි සේ අසරණව සිටින සිය දරුවන් තිදෙනා ජීවත් කරවීමට, පොලිසියෙන්, සිය පවුලට සැමියා ඝාතනය කිරීම නිසා සාදා  තිබෙන වන්දි මුදල් හා ඔහුගේ වැටුප හිඟ වැටුප් සහිතව ලබාදීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ගේ සහ වත්මන් වැඩබලන පොලිස්පතිතුමාගේ කඩිනම් අවධානය යොමු කරවන මෙන් මංජුලා මෙන්ඩිස්  ඉල්ලා සිටින්නීය.
මේ පිළිබදව අප ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයකු කීවේ, හිටපු පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසීහට විරුද්ධව බලපිටිය මහාධිකරණයේ නඩුවක් පවතින බවත් එම නඩුවෙන් ඔහු ඉවත් කළහොත් පමණක් ඔහු නැවත සේවයේ පිහිටා ඔහු වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදිය හැකි සියලු‍ම වරප්‍රසාද ලබාදීමට හැකි බවත්, හිටපු පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසීහ වෙනුවෙන් ඔහුගේ වරප්‍රසාද ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව විශාල වෙහෙසක් ගත් බවත් එයට බාධාවක් වූයේ මේ නඩුව බවත්ය.
කරන්දෙණිය 
එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

ජනාධිපතිතුමනි, පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානයටයි පාතාලයේ ගොදුරක් වූ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ අමතකව ගිය ඉක්මන

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

සිහිනය වෙනුවෙන් කැපවුණ කොන්දොස්තර දුව
2024 දෙසැම්බර් මස 24 24 0

පිරිමින් ආධිපත්‍යය පතුරවමින් සිටි රැකියාවන්ද දැන් දැන් කාන්තාවෝ ආක්‍රමණය කරමින් සිටිති. ඒ එම රැකියා කළ හැක්කේ පිරිමින්ට පමණක් යයි හංවඩු ගැසි තිබූ නි


සයිබර් හිංසනය පිටුදැකීමේ අභියෝග
2024 දෙසැම්බර් මස 24 10 0

අන්තර්ජාලය ලොව පුරා සිටින මිනිසුන් සම්බන්ධ කරන අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇත. කෙසේ වෙතත්, එම මෙවලම සාධනීය ලෙස භාවිතයට නොගැනීමත් - ඒ සම්බන්ධයෙන් ඇති සා


මෙදා නත්තලත් නට්ටංද?
2024 දෙසැම්බර් මස 24 15 0

නත්තල උදාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. බාල, වැඩිහිටි, මහලු කා අතරත් ජාති බේදයෙන් තොරව උත්සව සමයට සැරසෙන්නේ නත්තලත් සමගය. මීට වසර පහ හයකට පෙර මේ සමය සැබ


නිමානොවන වසංගත ඩෙංගු උණ සහ මී උණ
2024 දෙසැම්බර් මස 16 33 0

මෙම වැකි දැනට වසර ගණනාවක සිටම අසන්නට දකින්නට ලැබුණත්, තවමත් එහි ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව හැඟෙන්නේ දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්


සිය වසකට පසු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය ශ්‍රි ලාංකීය භභික්ෂුව වාඩිගල සමිතරතන හිමි
2024 දෙසැම්බර් මස 08 70 0

ඔක්ස්ෆර්ඩ් යනු සරසවි අතර මහ සරසවියකි. මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත මෙම විශ්වවිද්‍යාලය හැඳින්වෙන්නේ ඉංග්‍රීසි බස සඳහා වෙන්වූ ලොව පැරණිතම අධ්‍යාපන කේන්


පුද බිම් ළග මල් ඇයි මෙතරම් ගණන්
2024 දෙසැම්බර් මස 08 89 0

මීට දසක පහකට පමණ පෙර ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ඇසුණු මෙම ගීතය ගැයුවේ, ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ චන්ද්‍රාණි ගුණවර්ධනයි. කතරගම පුදබිමේ කිරි වෙහෙරට ය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 117 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 110 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site