IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


තවමත් හෝඩුවාවක් නැති කෙම්පිටිය වලව්වේ හිමිකරුගේ ඝාතනය

කෑගල්ල - බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ බුළුරුප්ප හංදියෙන් වමට හැරී මීටර් 400 ක් පමණ පසු කළ තැන හමුවන කෙම්පිටිය වලව්වේ හිමිකරු වන්නේ රාජකරුණා සේනානායක පණ්ඩිත හේරත් වාසල කුරුප්පු මුදියන්සේලාගේ ක්‍රිෂාන්ත පුලස්ති මාරපන ය.  හැත්තෑපස් වැනි විය පසුවූ විශ්‍රාමික ගුරුවරයෙක් වූ ඔහුගේ බිරිඳ මාලිකා කෙම්පිටිය යි. මෙම යුවලට දාව 
දරුවන් දෙදෙනෙකි. 
වැඩිමහල් පිරිමි දරුවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, එකම දියණිය මීට වසර 12 කට ඉහතදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි කාලවකවානුවේ මානසික ආතතියක් හේතුවෙන් ලබාගත් ඖෂධ අධිමාත්‍රාවෙන් පානය කර මියගොස් තිබුණි. මෙම පසුබිම තුළ වයෝවෘද්ධ යුවළ කෙම්පිටිය වලව්වේ ජීවත් ව ඇත්තේ හුදෙකලාවය.       
ඝාතනයට ලක්වූ පුලස්ති මාරපනගේ බිරිඳ කලක සිට  අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවත්ව ඇත්තේ එක්තැන්වය. වලව්ව රැක බලාගෙන ඇත්තේ ප්‍රදේශයේ 57 හැවිරිදි පුද්ගලයෙකි. ඉකුත් 26 වැනිදා වලව්වේ මුරකරු වලව්වේ ඉදිරි කන්නයේ කුඹුරු වගා කිරීමට අවශ්‍ය බිත්තර වී මිලට රැගෙන ඒමට පොලොන්නරුවට ගොස් තිබුණේ ඔහුගේ පිරිමි දරුවාට වලව්ව රැකබලාගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදෙමිනි. 
ඉකුත් 28 වැනිදා පෙරවරුවේ වලව්වේ වී මිලට ගැනීමට  ආණමඩුවේ සිට කෙම්පිටිය වලව්වට ලොරියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇත්තේ, පෙරවරු 7.30 ට පමණය. වලව්වට පැමිණ ඇති ලොරි රථයේ දෙදෙනා - වලව්වේ ප්‍රධාන දොරටුව විවෘත වී ඇති අයුරු දැක පුලස්ති මාරපන වලව්වේ මහත්තයාට  ‘සර් සර්’  යනුවෙන් හඬනගා කතා කොට තිබේ. වලව්වේ දොර ඇර තිබුණ ද, ඔවුන් දෙදෙනා වලව්ව ඇතුළතට ගොස් නොතිබුණි . අවසානයේ නිවස තුළින් කිසිම ප්‍රතිචාරයක් නොමැති හෙයින් පෙරවරු 8.15 ට පමණ මුරකරුගේ පිරිමි දරුවා පැමිණ වලව්වේ ඇර තිබුණු දොරෙන් ඇතුළතට ගොස් බලා තිබේ.
එම අවස්ථාවේ කාමරයක තිබුණු එක ඇඳක මාරපන මහත්තයා - උඩුබැලි අතට හරවා කටට ප්ලාස්ටර් ගසා, අත්දෙක  බැඳ, ඇඳ සිටි සරම ගලවා ගෙලවටා කරකවා තිබෙන අයුරු දැක තිබේ. මාලිකා කෙම්පිටිය නෝනා  බිම වැටී සිටින අයුරු ද ඒ සමගම දැක තිබේ. 
අනතුරුව එම දරුවා සිය බාප්පාට කතා කොට, සිදුවී තිබෙන විපැත්තිය ක්ෂණයෙන් දැණුම් දී තිබුණි. සිදුවීම සවන් වැකුණු ක්ෂණයෙන් වලව්වට පැමිණ ඇති එම දරුවාගේ බාප්පා යන අය -  මීදෙණිය මාරපන වලව්වේ පදිංචිව සිටින මරණකරුගේ සහෝදර සහෝදරින්ට හා පවුලේ ඥාතීන්ට දන්වා සිටින ලදුව, ඔවුන් විසින් කෑගල්ල මූලස්ථාන පොලිසියට සිද්ධිය පැමිණිලි කොට තිබුණි.
කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර රණසිංහ යන නිලධාරි දෙපල ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා එහි ගොස් මෙම ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතු  කඩිනමින් ආරම්භ කරනු ලැබූහ.
මියගොස් සිටි යුවළ එකම කාමරයක් තුළ ඇඳන් දෙකක දිවි ගෙවමින් සිට ඇති අතර, ඒ වන විටත් ගෘහමූලිකයා මියගොස් තිබුණි. දිවි බේරාගෙන තිබූ ගෘහපතිනිය වහා 
කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යෙදුණි.
 
කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ විසින්  මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබූ අතර, අධිකරණ වෛද්‍ය විශේෂඥ   රුචිර නදීර විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය. මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී ඉදිරිපත්වූ සාක්කි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව විවෘත තීන්දුවක් ප්‍රකාශ කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.   
පොලිස්  විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, යම්කිසි පිරිසක් නිවසට ඇතුළු වී වටිනා මුතුමැණික්, රන්භාණ්ඩ හා මුදල් සොයා තිබෙන බවය.  නිවසට පැමිණ ඇතැයි කියන නාඳුනන කණ්ඩායම වලව්වේ හිමිකරුගේ ගරාජයේ තිබූ මෝටර්රථය ද රැගෙන පලාගොස් තිබුණි. පසුව එම රථය පිංදෙණිය පොලිස් වසමේ කොට්ටපොළ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී, පිංදෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබුණි. නිවසට ඇතුළු වී ඇති පිරිස සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ ලෙස විමර්ශන සිදුකරන  අතර, මෙතෙක් කිසිවෙකු සැකපිට හෝ අඩංගුවට 
ගෙන නොමැත. 
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ, පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත  යන නිලධාරි දෙපලගේ සෘජු අධීක්ෂණය යටතේ - කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර රණසිංහ, උපපොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත, පොලිස් සැරයන් මාරසිංහ (48683), පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (78617), නවරත්න (79840)  හා චානක (90427) සහ කෑගල්ල කොට්ඨාස අපරාධ  පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ, පොලිස් සැරයන් වසන්ත (34165) යන නිලධාරීන් කණ්ඩායම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ඝාතනයට ලක් වූ පුලස්ති මාරපන මහතාගේ බාල සහෝදරයා වන ආනන්ද මාරපන මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා 
සිටියේ මෙසේය. 
“මියගිය  පුලස්ති මාරපන අපේ පවුලේ වැඩිමල්ම සහෝදරයා. කෑගල්ල, මීදෙණිය මාරපන වලව්වේ දරුවෝ 11 යි. ඉන් පවුලේ වැඩිමහල්ම දරුවා ඔහුයි. ඔහු විවාහ වුණේ බුළුරුප්ප, කෙම්පිටිය වලව්වෙන්. කෙම්පිටිය වලව්වේ පදිංචිව සිටි නැසීගිය ටී. බී. කෙම්පිටියගේ දියණියක් වූ මාලිකා කෙම්පිටිය සමග විවාහවෙලා බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ තමයි අයියලා පදිංචිවෙලා හිටියේ. 
කෙම්පිටිය වලව්වට තියෙන්නේ ගොඩ සහ මඩ ඉඩම් අක්කර ගණනක ඉඩම් ප්‍රමාණයක්.  ගොඩ ඉඩම්වල ගොවිතැන්, රබර්, වල්ලාපට්ටා, කෙසෙල් ඇතුළු විවිධ ගස් කොළන් වගා කරලා තියෙනවා. මියගිය වැඩිමහල් සහෝදරයා ගණිත ගුරුවරයෙක්. කෑගල්ල, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ජාතික පාසලේ හා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සේවය කරලා  විශ්‍රාම සුවයෙන් තමයි හිටියේ.
සහෝදරයා පළාත් පාලන මැතිවරණයක දී කෑගල්ල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරලා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී දීමනාව ද නොගෙන ප්‍රදේශයේ ජනතාවට සේවය කළ මන්ත්‍රීවරයෙක්.  ඔහු තම ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ පාසල් දරුවන්ට පොත් පත් ඇඳුම් පැලඳුම්, නිවසක් තනාගැනීමට ඉඩමක් නොමැති දුප්පත් අසරණ අයට වලව්වට අයත් ඉඩම්වලින් ඉඩම් කැබලි පරිත්‍යාග 
කරලා තියෙනවා. ඔහු බොහොම දැහැමිව ජීවත්වුණ කෙනෙක්.  
විදේශගතවෙලා ඉන්න පුතා අම්මාටයි තාත්තාටයි කතා කළේ සතියකට දවසක් වගේ වෙන්න. පුතා සෙව්වා බැලුවා. මිල මුදල් එව්වා. ඉඩම්වල ආදායම ලැබුණා. පුතා ලංකාවේ නැති නිසා, අපිත් වලව්වට නිතර ඇවිත් දුක සැප සෙව්වා. මේ වලව්වට නිතර ආවේ - ගියේ ගෙදර බලාගත්ත මුරකරුගේ පවුලේ උදවි තමයි. 
වැඩිමහල් සහෝදරයාගේ බිරිඳ කාලයක් තිස්සේ හිටියේ එක්තැන් වෙලා සිහිකල්පනාව අඩු අසනීප තත්ත්වයෙන්. මේ සිදුවීම සම්බන්ධයෙනුත් එයාට කිසිම මතකයක් නැහැ. තාමත් ඇය කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ. 
ගෙදර සීසීටීවී කැමරා පද්ධතියක් තියෙනවා.  නමුත් මේ අපරාධයට සම්බන්ධ අය විසින් කැමරා පද්ධතියේ රෙකොඩ් එකත් ගලවගෙන තමයි ගිහින් තියෙන්නේ. මේ වන තෙක් මේ අපරාධය කළවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතැයි මියගිය පුලස්ති මහතාගේ බාල සොහොයුරා පවසා සිටියේය. 
පුලස්ති මාරපන මහතාගේ පවුලේ සහෝදර සහෝදරියන් ප්‍රදේශයේ දුප්පත් ජනතාවට මෙන්ම විහාරස්ථාන ගොඩනැගීමට විශාල ලෙස මූල්‍යමය ආධාර ලබාදෙන පවුලකි. පුලස්ති මාරපන මහත්තයා ඝාතනය කළේ මන්දැයි ජනයාට ප්‍රශ්නයකි. 
කෑගල්ල අධිකරණ 
චමින්ද වැවතැන්න



අදහස් (0)

තවමත් හෝඩුවාවක් නැති කෙම්පිටිය වලව්වේ හිමිකරුගේ ඝාතනය

ඔබේ අදහස් එවන්න

 

 

නිම්තෙර

උදේෂිකා ජීවමානයි
2025 ජනවාරි මස 06 78 0

මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ


විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන
2024 දෙසැම්බර් මස 30 66 0

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ⁣ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ගී මිහිර අපට දී නික්මගිය ප්‍රියාදර ප්‍රියා
2024 දෙසැම්බර් මස 30 80 0

සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදන


අනුරාධපුර නිල් දරු උපත
2024 දෙසැම්බර් මස 30 80 0

මෙතෙක් කල් පිටරටින් පමණක් අසන්නට ලැබුණු, මුළු ශරීරයම තද නිල් පැහැ ගැන්වුණු දරු උපතක් පිළිබඳව ඉකුත්දා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.


දමිළ නාට්‍ය කලාවේ සරච්චන්ද්‍රයන් හමු වීම
2024 දෙසැම්බර් මස 30 27 0

ශ්‍රී ලාංකේය සිංහල නාට්‍ය ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ට හිමිවන ස්ථානය හා සම ස්ථානයක් මෙරට දමිළ නාට්‍ය විෂයෙහි මහාචාර්ය එස්. මෞනගුරු ට


මද පමණින් ඇරඹෙන මත් පැන් විපත
2024 දෙසැම්බර් මස 30 47 0

“මතට තිත” කියල කීමට කීවත් - තවමත් තිත තියාගන්න බැරිවුණ බොහෝදෙනෙක් සිටින බව රිය අනතුරු වාර්තාවල සිටින බීමත් රියැදුරන් ගණනිනුත්, රෝහල්වල දිනෙන් දින අලු‍


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 183 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 542 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 291 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site