IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


තේ කර්මාන්තයේ බරපතළ කඩාවැටීමක්

1867 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් විසින් හේවාහැට ලූල්කඳුර වතුයායෙන් හඳුන්වාදුන් මෙරට තේ වගාව හොඳම තේ නිපැයුම්කරුවා වශයෙන් නමක් දිනා ගත්තේය. නමුත් එය අද හතරවැනි තත්ත්වයට ඇද වැටෙමින් පවතී. චීනය, ඉන්දියාව සහ කෙන්යාව අපට වඩා ඉදිරියෙන් සිටී. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ඇති වූයේ කලින් කලට පත් වූ රජයන් විසින් සිදු කරන ලද විගඩම් නිසාය. 
1970 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ රජය 1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමෙන් පසු සුද්දන්ට අයිතිව තිබූ රන් පවුම් වතු ජනසතු කරන ලදී. එම වතු ක්‍රමයෙන් ශ්‍රී ලංකා රජයට අත්පත් කරගෙන ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව සහ ජනතාවතු සංවර්ධන මණ්ඩලය යන ප්‍රධාන ආයතන දෙකට පවරන ලද අතර ආන්තික තේ ඉඩම් උඩරට සමුපකාර වතු සංවර්ධන මණ්ඩලය නම් ආයතනයකට පැවරිණි. මේවා පාලනය කරන ලද්දේ දේශපාලකයන්ගේ හිතවත්, එහෙත් වතු වගාව ගැන දැනුමක් නැති කළු සුද්දන් විසිනි. 
1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා උඩරට සමූපකාර සංවර්ධන මණ්ඩලය අහෝසි කර එම වතු ද වැවිලි සංස්ථාවට සහ ජනවසමට පවරන ලදී. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ යම් ආකාරයේ ක්‍රමික පාලනයක් මෙම ආයතනවල සිදු වුවද, 1988 ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස මහතා මෙම වතු පෞද්ගලික සමාගම් සහ පුද්ගලයන්ට 30 අවුරුදු බදු පදනම මත ලබා දෙන ලදී. මේ නිසා මේවායේ පාලනය පිළිබඳ ගැටලු පැනනැගීමට පටන් ගත්තේය. 


මෙම සමාගම් සහ පුද්ගලයන් ලාභය පමණක් ඉලක්ක කරගෙන කටයුතු කළ අතර වතු සහ කර්මාන්තශාලා නවීකරණය හා නඩත්තුව මැනවින් ඉටු කළේ නැත. නමුත් සමහර සමාගම ස්වල්පයක් අද ලෝකයට ගැළපෙන අයුරින් තේ කම්හල් නවීකරණය කොට තේ නිෂ්පාදනය කිරීම සිදු කරයි. සුද්දන්ගේ කාලයේ මෙන් වර්තමානයේ තේ වතු නඩත්තුව හා පරිපාලනය සිදු නොවන නිසා තේ කර්මාන්තය දවසින් දවස දුර්වල තත්ත්වයකට පත්වේ. 1977 සිට 1975 දක්වා වතු ජනසතු කිරීම සිදු වූ අතර 1975 දී අවසන් වත්ත ලංකාවට පවරා ගන්නා ලදී.
ශ්‍රී ලංකාව දළ වශයෙන් වසරකට තේ කිලෝ මෙට්‍රික්ටොන් මිලියන 320ක් පමණ නිපදවයි. එම තේවලට ලෝකයේ ඉහළම මිලක් හිමි වී තිබිණ. එසේ වුවද, ලෝකයේ හොඳම තේ නිපදවන රට අද ලෝකයේ 4වැනි ස්ථානයට පත් වී තිබීම ඉතා කනගාටුවට කරුණකි. මේ තත්ත්වය ඇතිවීමට, කලින් කලට බලයට පත් වූ රජයන් වගකිව යුතු වේ. එයට හේතුව, තේ වගාව පිළිබඳව ප්‍රමුඛස්ථානයක් ලබා නොදීමයි. 
අංක එකේ අපනයන ද්‍රව්‍යය ලෙසට ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දුන් තේ කර්මාන්තය අභිභවා චීනය, ඉන්දියාව, කෙන්යාව, ජපානය, වියට්නාමය වැනි රටවල් ඉදිරියට යාමට පටන් ගෙන තිබේ. 2022 වසර වෙන විට ලෝක වෙළෙඳපොළට සපයන ලද තේ පිළිබඳව විග්‍රහයක් කළහොත් අංක එකට පත් වී ඇත්තේ චීනයයි. චීනය විසින් ලෝක වෙළෙඳපොළට ප්‍රතිශතයක් ලෙස 49% තේ අපනය කර ඇත. එම වසරේ දී ඉන්දියාව 21% ක් ද කෙන්යාව 8%ක් ද ශ්‍රී ලංකාව 4%ක් ද වශයෙන් තේ සපයා තිබේ. ලෝක වෙළෙඳපොළට තේ සපයන අනෙකුත් රටවල් වෙන්නේ තුර්කිය, වියට්නාමය, ඉන්දුනීසියාව, ජපානය, බංගලාදේශය, උගන්ඩාව වැනි රටවල්ය. කනගාටුදායක තත්ත්වය වී ඇත්තේ 2013 දී ලෝක වෙළෙඳපොළට 7%ක් තේ සපයන ලද ශ්‍රී ලංකාව 2022 වෙන විට 4% දක්වා පහත බැස තිබීමයි.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ දී අමු තේ දළු ප්‍රධාන වශයෙන් නිපදවන්නේ, එනම් 75%ක් නිපදවන්නේ කුඩා තේ වතු හිමියන් විසිනි. ඉතිරි 25% නිපදවන්නේ තේ සමාගම් විසිනි. මහා පරිමාණ තේ සමාගම් ප්‍රාදේශීය වතු සමාගම් වශයෙන් සමාගම් 22 කට බෙදා දෙන ලදී. මෙම තේ නිෂ්පාදනය කෙරෙහි රජය මැදිහත් වීමක් නොකරයි. අනෙක් තේ ඉඩම් පාලනය කරගන්නේ කුඩා තේ වතු හිමියන්ය. කුඩා තේ වතු හිමියන් ඔවුන්ගේ තේ ඉඩම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි විය යුතුය. 
තේ වෙළෙඳාම කිරීම සඳහා ද තේ මණ්ඩලයේ බලපත්‍රයක් ලබා ගත යුතුය. අමු තේ දළු එකතු කිරීම, නිමි තේ අලෙවි කිරීම, වෙළෙඳාම් කිරීම ආදිය සඳහා බලපත්‍ර ලබා ගත යුතුය. කලකට පෙර තේ පාලන දෙපාර්තමේන්තුව යනුවෙන් ආයතනයක් තිබුණ ද එවැන්නක් දැන් පවතිනවා ද යන්න නොදනී. 


2022 වෙන විට කුඩා තේ වතු හිමියන් 418,530 ක් සිටි අතර ඔවුන් සතුව තේ හෙක්ටයාර 159,000ක් පමණ පවතී. කුඩා තේ වතු හිමියන්ට සහන සැලසීමට, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ තේ ශක්ති අරමුදලක් ද  ක්‍රියාත්මක වේ.
වසර 100කට වඩා පැරණි, ඉඩම්හිමි කුඩා තේවතු හිමියකු වූ මා වසර 60ක් තුළ යුග තුනක තේ වතු පාලනය පිළිබඳව අත්දැකීම් ඇති අයෙකි. සුද්දන්ගේ කාලයත්, ජනවසම වැවිලි සංස්ථාව කාලයත් වර්තමානයේ පෞද්ගලික සමාගම් කාලයත් පිළිබඳව නිරීක්‍ෂණය කිරීමේ දී වර්තමානයේ පවතින්නේ ඉතාම දුර්වල නිෂ්පාදන ක්‍රියාවලියකි. තේ වතු නඩත්තුවද ඉතා පහළ මට්ටමක පවතී. එසේ වුව ද ඉහත කී ප්‍රාදේශීය සමාගම්වලට අයත් නොවූ සමහර පෞද්ගලික සමාගම්වල තේ ඵලදායිතාව, නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතී. නව යන්ත්‍ර සූත්‍ර භාවිතය, නව තාක්‍ෂණය භාවිතය, ගුණාත්මයෙන් හා ඉහළ ප්‍රමිතියෙන් යුත් තේ නිපදවා විදේශීය විනිමය උපයන සමාගම් ද ඇත. එය සතුටට කරුණකි.
තේ කර්මාන්තය බිඳ වැටීමට බලපාන ප්‍රධාන කරුණු ගණනාවකි. පළමුවැන්න රජයේ පාලනයෙන් ගිලිහී පෞද්ගලික අංශයට ලබා දීම නිසා ඵලදායි නිෂ්පාදනයක් හෝ නඩත්තුවක් නිසි අයුරින් සිදු නොවීමයි. පෞද්ගලික සමාගම් සියල්ල පාහේ ලාභය අරමුණු කර ගෙන කටයුතු කරන නිසා වතුවල ඇති ගස් කපා දැමීම, වල් මර්දනයට වල් නාශක යෙදීම, පාංශු සංරක්‍ෂණය නොකිරීම, ඉඩ ඇති ස්ථානවල හා ජල මූලාශ්‍රවල වගා කිරීම, වැඩි ලාභය තකා බෝග විවිධාංගීකරණය යන කටයුතු නිසා තේ වත්තක් ලෙස එය නඩත්තු නොවේ. ඒ නිසා ඵලදායීතාව අඩු වී තිබේ. 
සුද්දාගේ කාලයේ තේ වතු ඉතා පිරිසිදුව අලංකාර ලෙස තිබූ අතර පරිපාලන කටයුතු ද මැනවින් ඉටු විය. ජනවසම, වැවිලි සංස්ථාව අවධිය ද ඒවා යම් මට්ටමකට පවත්වාගෙන යාමට කටයුතු කෙරිණ. අද එම වතු දුටු විට දුකක් දැනේ. වතු ජරාවාස වී, වල්බිහි වී තිබේ. නිල නිවාස දිරාපත් වී ඇත. නිෂ්පාදන ඵලදායිතාව පහත වැටී තිබේ. පසුගිය වසර කිහිපයක් සලකා බැලූ විට 2019 දී හෙක්ටයාර එකකින් නිෂ්පාදනය කළ නිමි තේ (තේ කුඩු) ප්‍රමාණය කිලෝග්‍රෑම් 1938 කි. එය 2020 දී 1766ක් විය. 2021 දී 1414 දක්වා පහත වැටී 2022 වෙනවිට කිලෝග්‍රෑම් 1200ක් දක්වා පහත වැටිණ. 
2021 අප්‍රේල් මස රජය විසින් රසායනික පොහොර තහනම නිසා තේ කර්මාන්තය තව දුරටත් කඩා වැටිණ. වී.පී.තේ. රසායනික පොහොර සඳහා ප්‍රතික්‍රියාවක් දක්වන බැවින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට රසායනික පොහොර අවශ්‍ය වේ. රසායනික පොහොර තහනම් තීරණය නිසා සමස්ත ශ්‍රී ලාංකික ගොවිතැනට සිදු වූ පාඩුව සුළු පටු නොවේ. තවමත් ඒ තත්ත්වයෙන් මිදී ඉහළ ඵලදායිතාවක් අත්පත් කර ගැනීමට තේ කර්මාන්තයට නොහැකි වී තිබේ. එසේම ගුණාත්මක භාවයෙන් යුත් පොහොර අවශ්‍ය කෙරේ. වෙළෙඳපොළේ ඇති පොහොර එතරම් ගුණත්වයෙන් යුක්ත නොවේ.


දෙවැනි කාරණය වෙන්නේ වී.පී.තේ වල ආයු කාලය වසර 25කි. ඒවා ඉවත්කර ඉහළ අස්වැන්නක් දෙන නව වර්ග වගා කළ යුතුය. තේ නැවත සිටුවීම මන්දගාමී ස්වරූපයක් ගනී. වසර 60-70 පැරණි වගාවන්ගෙන් ඵලදායී නිෂ්පාදනයක් නොලැබේ. දැනට වසර කිහිපයකට පෙර 80-90 දශකවල ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරට තේ වගාව නගා සිටුවීම සඳහා ආධාර අනුබල ලබා දෙන ලදී. පාංශු සංරක්‍ෂණය, මාර්ග සංවර්ධනය, නැවත තේ සිටුවීම, පර්යේෂණ කටයුතු සඳහා මුදල් ලැබිණ. නැවත තේ සිටුවීම වසරකට හෙක්ටයාර 1000කට ත් වඩා අඩු මට්ටමක පවතී. එය ප්‍රමාණවත් නොවේ.
ලෝකබැංකු හා ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය අනුග්‍රහය ලබන කාලයේ ඒවායින් ධනාත්මක වැඩ කොටසක් ඉටුවිය. ඒකාලයේ දී පාලනය ජනවයම සහ වැවිලි සංස්ථාව මගින් ඉටු කෙරිණ. නැවත එවැනි වැඩසටහනක් අවශ්‍ය වේ. මේ සඳහා සැලකිය යුතු මුදල් වෙන් කළ යුතුය. තවද අඛණ්ඩව ඉහළ යන වියදම හා ශ්‍රම හිඟය ද මෙයට බලපායි. නිෂ්පාදන වියදම ඉහළ යාම සිදුවෙන අතර මේවා නිරාකරණය කිරීමට රජය මැදිහත් වීමත් සිදු නොකිරීම තුළින් තත්ත්වය උග්‍ර අතට හැරී ඇත. 
එසේම ශ්‍රී ලංකාවේ තේ වගාව සඳහා යොදාගන්නා තාක්‍ෂණය අල්පය. එසේම දේශගුණික බලපෑම නිසා කලාපයේ තේ නිෂ්පාදනය 40-50% කින් අඩු වී තිබේ. පසුගිය කාලයේ තේ නැවත වගාව සඳහා ආපසු අය නොකරන සහනාධාරයක් ලබා දෙන ලදී. එය පසුව ණය මුදලක් ලෙස වෙනස්විය. කෙසේ වෙතත් තේ නැවත වගා කිරීම මන්දගාමී ස්වරූපයකින් සිදු වේ. එසේම තේ ගස ගලවා, එළවළු, වෙනත් භෝග වගාකිරීමට සමහර කුඩා තේ වතු හිමියන් පෙලඹී සිටී. එය තහනම් කළ යුතුය. තේ ඉඩම් කැබලි කොට විකිණීම ද තහනම් කළ යුතුය.
එසේම ඉන්දියාවේ කසළ තේ ලංකාවට ගෙන්වා, ඒවා “සිලෝන් ටී” ලෙස අපනයනය කිරීම තුළින් අප රටේ තේවල ගුණාත්මකභාවයට හානි පැමිණේ. මිල අඩු වේ. කීර්තිනාමයට ද හානි වේ. එබැවින් එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් ලබා දිය යුතුය. 
එසේම කසළ තේ නිමි තේ ලෙස සකසා දේශීයව අලෙවි කිරීමද සිදු වේ. මෙම ව්‍යාපාරය වකුගඩු රෝග සඳහා බලපෑම් එල්ල කරන බව පැවැසේ. එබැවින් එවැනි අකටයුතු වහාම නවත්වා දැඩි දඬුවම් පැමිණ විය යුතුය. වසරින් වසර ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පහත යන අතර තේ අපනයනයක දී පහත බසී. පසුගිය වසර දහය තුළ තේ නිෂ්පාදනය හා අලෙවිය පහත වැටීම නිසා ඇති වූ පාඩුව රුපියල් කෝටි 51,000ක් බව පැවසේ.
 ලෝක වෙළෙඳපොළ ජය ගැනීමට නම් අගය එකතු කළ තේ නිපදවීම කළ යුතුය. ඒ සඳහා කාබනික තේ, හරිත තේ, අතින් සකසන ලද තේ, කුරුඳු තේ, එනසාල් තේ වැනි නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට එකතු කළ යුතුය. එය ඩොලර් උල්පතයි. ලෝක වෙළෙඳපොළ අවශ්‍යතාව මත තේ නිෂ්පාදනය ඉහළ දැමීමට ශ්‍රී ලංකාව පියවර ගන්නේ නම්, අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් අපිට ණය ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැති බව අවධාරණය කරමි.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක



අදහස් (0)

තේ කර්මාන්තයේ බරපතළ කඩාවැටීමක්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

කරුංකා උල්පත්ට පයින් ගැසූ හැටි
2024 සැප්තැම්බර් මස 09 83 0

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු‍ සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යා


හිරබත් කන උගත්තු
2024 සැප්තැම්බර් මස 09 53 0

“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත” මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනය


බාල ආලේපන වලින් කරන බාල වැඩ
2024 සැප්තැම්බර් මස 09 41 0

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තර


මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල
2024 සැප්තැම්බර් මස 09 42 0

කාන්තාව ලොව ජීවනාලිය බඳුය. ඇය ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩකරන්නීය. ලෝකය සුන්දර කරන්නී ඇයයි. ඒ රූප සුන්දරිය හුදෙක්ම ළඳ බොළඳ හෝ සියුමැලි බියගුලු චරිතයක් න


විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 39 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 33 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site