අප ජීවත් වෙන්නේ තොරතුරු වෙත පහසුවෙන් ළඟා විය හැකි සහ ඒ වෙනුවෙන් බහුවිධ ප්‍රවේශ ඇති ලෝකයකය. මීට සියවස් ගණනාවකට පෙර තොරතුරු සන්නිවේදන මාර්ග නොදියුණු මට්ටමක පැවතිය ද අද වෙනවිට තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසුන්ට තොරතුරු දැනගැනීම පහසු කර්තව්‍යයක් බවට පත්ව තිබේ. දුරාතීතයේ පටන් තොරතුරු සන්නිවේදනයෙහි ලා පුවත්පත් හා සඟරා කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කළ අතර පසුව ගුවන්විදුලිය හා රූපවාහිනිය පැමිණීමත් සමග ජනතාවගේ තොරතුරු දැනගැනීම තවත් සුමට විය. වර්තමානය වෙනවිට සමාජ මාධ්‍ය ජාලවල ශීඝ්‍ර වර්ධනයත් සමග තොරතුරු සංසරණය වේගවත් වී ඇති අතර ව්‍යාජ තොරතුරු වාර්තාකරණයට ද අත්තටු ලැබී ඇති ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය.
නිවැරදි තොරතුරු වාර්තාකරණය ජනමාධ්‍ය නමැති වෘත්තියෙහි මූලික වෘත්තීය බැඳීම වෙයි. එය මාධ්‍ය සදාචාරය පැත්තෙන් ද අංක එක බවට පත් වේ. ප්‍රවෘත්ති රචනයේදී සිද්ධි වාර්තාකරණයේදී නිශ්චිත මූලාශ්‍ර සහිත නිවැරදි තොරතුරු වාර්තා කිරීම අත්‍යවශ්‍ය වේ. විශ්වසනීයත්වය ඇති වෙන්නේ එවිටය. අපක්ෂපාතී නොවීම දෙවැනි වැදගත් කාරණයයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැටියට සැලකෙන පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි ආදියට මේ මාධ්‍ය ආචාර ධර්ම පිළිපැදීම ඉතා වැදගත් වෙන අතර ඒවා කඩ කළ විට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ද තිබේ.
ඉහත සඳහන් කළ පරිදි අද වනවිට තොරතුරු සන්නිවේදනය සිදුවෙන්නේ ප්‍රධාන ධාරවේ මාධ්‍යවලින් පමණක්ම නොවෙන අතර ඒ සඳහා සමාජ මාධ්‍ය ජාල ද ක්‍රියාත්මක වේ. සමාජ මාධ්‍ය සමීපව නිරීක්ෂණය කිරීමේ දී දැකගත හැකි දෙයක් නම් ඒවායෙහි තොරතුරු සන්නිවේදනයේ දී නිවැරදි තොරතුරු මෙන්ම අසත්‍ය, අපහාසාත්මක තොරතුරු ද විශාල වශයෙන් සංසරණය වෙන බවය. (ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල අසත්‍ය හා පක්ෂපාතී තොරතුරු පළ නොවන බවක් මින් අදහස් නොවේ) ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක විශේෂයෙන්ම පුවපත්පතක් ගතහොත් එහි පළ වෙන ප්‍රවෘත්තියක හෝ ලිපියක හෝ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් පළමුව එය ලියන මාධ්‍යවේදියාත් අවසාන වශයෙන් කතුවරයාත් වගකීමට බැඳී සිටියි. එබැවින් තහවුරු නොකළ අසත්‍ය තොරතුරු වාර්තා කිරීමට ඇති හැකියාව අඩුය. එහෙත් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙන තොරතුරුවල එවැනි වගවීමක් නොමැති අතර ඒවා නිශ්චිත මූලාශ්‍රවලින් ලබා ගත් තොරතුරු හෝ එසේ නොවන්නට ද පුළුවන. මිනිසුන් දෛනික ජීවිතයෙන් වැඩි කාලයක් සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින හෙයින් ඔවුන්ට වඩාත් මුණ ගැසෙන්නේ ද ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල තොරතුරුවලට වඩා සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙන තොරතුරුය.
තොරතුරු මුළාව යනු තහවුරු නොකළ අසත්‍ය තොරතුරකට රැවටීම සහ එවැන්නක් බොරුවක් බව නොදැන තව කෙනෙකු නොමග යවන බව නොදැන අන් අය සමග හුවමාරු කර ගැනීමය. මෙහිදී වැදගත් වෙන්නේ ප්‍රවෘත්තියක් මගින් හෝ වෙනත් ආකාරයකින් තමන්ට ලැබෙන තොරතුරක් විශ්වාස කිරීමට පෙර එහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමය. එහිදී අදාළ තොරතුරට පාදක වී ඇති නිශ්චිත මූලාශ්‍රයක් ඇත්නම් එය පරීක්ෂා කළ යුතුය.
තමන් කියවන ප්‍රවෘත්තියක ලිපියක අඩංගු තොරතුරු සත්‍ය දැයි සාවධාන වීම අතිශය වැදගත්ය. බොහෝ අය කරන්නේ තමන් කියවන එවැනි ප්‍රවෘත්තියක් තමාට මෙන්ම අන් අයටත් වැදගත් වේ යැයි සිතා ඒවායේ සත්‍යතාව ගැන සොයා බැලීමකින් තොරව අන් අයගේ දැන ගැනීම පිණිස බෙදා ගැනීමsharing ය. තවත් සමහරු එවැනි වාර්තාකරණයන් මත තීන්දු තීරණ පවා ගනිති. නිදසුනක් ලෙස ආර්ථිකයට සම්බන්ධ වැරදි තොරතුරක් ඇතුළත් ප්‍රවෘත්තියකින් සමාජයට විය හැකි හානි විශාලය. මේ සන්දර්භයේ පාඨක ඔබ තොරතුරු මුලාව (misinformation) ට හසු නොවීම ඉතාමත් වැදගත්ය.
තොරතුරු මුළාව යනු තහවුරු නොකළ අසත්‍ය තොරතුරකට රැවටීම සහ එවැන්නක් බොරුවක් බව නොදැන තව කෙනෙකු නොමග යවන බව නොදැන අන් අය සමග හුවමාරු කර ගැනීමය. මෙහිදී වැදගත් වෙන්නේ ප්‍රවෘත්තියක් මගින් හෝ වෙනත් ආකාරයකින් තමන්ට ලැබෙන තොරතුරක් විශ්වාස කිරීමට පෙර එහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමය. එහිදී අදාළ තොරතුරට පාදක වී ඇති නිශ්චිත මූලාශ්‍රයක් ඇත්නම් එය පරීක්ෂා කළ යුතුය.
තොරතුරු මුළාව කටකතා, ප්‍රවෘත්ති, වට්ස්ඇප් හෝ වෙනත් එවැනි යෙදවුමක් ආධාරයෙන් යවන පණිවුඩ ආකාරයටත් කෘත්‍රිම බුද්ධියෙන් (AI) සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ හෝ හඬපට හැටියටත් සිදු විය හැකිය. විශේෂයෙන් ම වර්තමානයේ දී කෘත්‍රිම බුද්ධිය අත්කර ගෙන තිබෙන සුවිශේෂ වර්ධනය හේතුවෙන් ඕනෑම පුද්ගලයෙක් සිද්ධියක් ස්ථානයක් තත්ත්වාකාර ලෙස නිර්මාණය කළ හැකි අතර එය අසත්‍ය තොරතුරු සංසරණයෙහිලා යොදාගත හැකිය. දුස්-තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් විය හැකි අනර්ථ අතර ජනතාව අතර ව්‍යාකූලතා හට ගැනීම, කණ්ඩායම් අතර ගැටුම් ඇති වීම ආදියෙහි සිට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අඩපණ වීම දක්වා දුරදිග ගිය හැකිය.
අසත්‍ය තොරතුරු ප්‍රචාරණය සිදුවෙන අවකාශ හා එයින් සමාජයට විය හැකි අහිතකර බලපෑම් ගැනත් තමන් කියවන තොරතුරුවල සත්‍යාසත්‍යතාව පරීක්ෂා කර නිගමන හා තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ගැනත් තොරතුරු තාක්ෂණ හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවලට සම්බන්ධ කිහිපදෙනකු දක්වන අදහස් මෙසේය.
තොරතුරුකරණයේ ඩිජිටල්කරණයේ හා අන්තර්ජාලකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනමාධ්‍යවේදය පමණක් නොවෙයි ආර්ථිකය සමාජය මේ ආදී සියලු අංශ මෑත දසක කීපයේ දී නව තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මාධ්‍යවල අධි තොරතුරු නිෂ්පාදනයක් සිදු වෙනවා පමණක් නොවෙයි ඒ තොරතුරුවලින් වැඩි ප්‍රමාණයක් මිනිස්සු නොමග යවන මුලා කරන ව්‍යාජ ඒවා. එවැනි තොරතුරුවලින් පුද්ගලයන් පමණක් නොවෙයි සමාජ කණ්ඩායම් සහ ආණ්ඩු පවා අපහසුතාවට පත් කරනවා. මේ වෙන කොට දැවැන්ත තොරතුරු ප්‍රවාහයක් ලෝකය පුරාම සංසරණය වෙනවා. තාක්ෂණය නිසා ඒ තොරතුරු ප්‍රවාහයට හැම පෘථිවි වැසියෙකුටම ප්‍රවේශ වීමේ හැකියාව අඩු වැඩි වශයෙන් තියෙනවා. සාම්ප්‍රදායික මාධ්‍යයේ තිබුණු සමාජ වගකීම, ආචාර ධර්ම, නෛතික රාමු පැත්තකට වීසි වෙලා තමන්ට අභිමත පරිදි මේ තොරතුරු වාර්තා කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
එවැනි වාර්තාකරණවල ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙන්නෙ කුමන හෝ ආකාරයට ලාභ ඉපැයීම මිසක් සමාජය දැනුවත් කිරීමවත් ඥානනය කිරීමවත් නොවෙයි. මේ පසුබිමේ නව මාධ්‍ය නියාමනය කිරීම සඳහා ලෝකය පුරාම අණ පනත් හා විවිධ තාක්ෂණික උපායමාර්ග අත්හදා බැලෙමින් තියෙනවා. ලංකාවෙත් ජනමතය විකෘති කරන සහ නොමග යවන ආකාරයේ තොරතුරු විශාල ප්‍රමාණයක් දෛනිකව අන්තර්ජාලයේත් ඒවා භාවිත කරන පුවත්පත් හා ගුවන් විදුලි වැනි ප්‍රධාන මාධ්‍යවලත් ප්‍රචාරය වෙනවා. මේ තත්ත්වය හමුවේ සමාජයට මෙය දැනෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා සමාජයේ සදාචාරය හා දේශපාලන ක්‍රියාකාරීත්වය පවා නිසි පරිදි පවත්වාගෙන යෑම අභියෝගාත්මක වී තියෙනවා. මේ නිසා ඩිජිටල් තොරතුරු අවකාශය නියාමනය කිරීමේ අවශ්‍යතාව තියෙනවා. එය මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යකරුවන්ටත් පුරවැසියන්ටත් සමාජීය ආයතනවලටත් වැදගත් වෙන සහ ඔවුන්ගේ උවමනාවන් නියෝජනය වෙන නියාමනයක් විය යුතුයි. ඒක නොකළොත් සමාජයේ කඩාවැටීමක් මෙන්ම මාධ්‍ය කෙරෙහි වන ජනතා විශ්වාසයෙහි බිඳවැටීමක් සිදු විය හැකියි. අදහස් ප්‍රකාශ කිරීම සහ බුද්ධිමය සංවාද ඇතිවීමත් දුර්වල වෙන්න පුළුවන්. ඒ නියාමනය නෛතිකවත් ස්වයං නියාමන අචාර ධර්මීය හා සදාචාරාත්මක ප්‍රවේශයකිනුත් විය යුතුයි.
මාධ්‍යවේදීන් තොරතුරු රැස් කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි තොරතුරු සපයන මූලාශ්‍රය සෘජුව සම්බන්ධ කර ගැනීමෙන් තොරතුරු ලබා ගැනීම. එවැනි තොරතුරුවලින් සකසන ප්‍රවෘත්ති පිළිගැනීමට ලක් වෙනවා.
කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව ඉදිරිපත් කිරීම ප්‍රවෘත්තිවල විශ්වසනීයත්වය ඉහළ යෑමට හේතුවක්. පිළිගත් මාධ්‍ය ආයතනයකින් පළ කරන ලද වාර්තාවක් මූලාශ්‍රයක් ලෙස ගනිමින් වාර්තාකරණය කරන්නත් පුළුවන්. ව්‍යාජ ප්‍රවෘත්ති කියන්නෙ මේ විදියෙ කිසිදු මූලාශ්‍රයකින් තොරතුරු ලබා නොගෙන කරන කරුණු වාර්තාකරණය. මේවා ඕපාදූප වෙන්නත් පුළුවන්. මොකක් හරි සිද්ධියක් අල්ලගෙන ප්‍රවෘත්ති නිර්මාණය කිරීමත් වර්තමානයේ දී සුලභව සිදු වෙනවා. මේවා පරිකල්පන (imagination) වෙන්නත් පුළුවන්. ඇහුණු දෙයක් ගැන ලියනවා වෙන්නත් පුළුවන්. එවැනි වාර්තාකරණවලට මූලාශ්‍ර නෑ. නිශ්චිත මූලාශ්‍රයක් නැතිනම් එවැනි වාර්තා මාධ්‍යයේ පළ කිරීමේ හැකියාවක් නෑ.
ව්‍යාජ ප්‍රවෘත්තියක් විවිධ ආකාරවලින් නිර්මාණය වෙන්න පුළුවන්. යම් අරමුණක් වෙනුවෙනුත් ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පුළුවන්. කෙනෙක්ට අපහාස කිරීමේ අරමුණින් එවැනි ප්‍රවෘත්ති නිර්මාණය කරනවා වෙන්නත් පුළුවන්. ආණ්ඩුව විවේචනය කිරීම සඳහා වෙන්නත් පුළුවන්.
රටක පාලනය අඩපණ කිරීම සඳහාත් මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම කටකතා සමාජ මාධ්‍යවලට එද්දී ඒවා ලුණු ඇඹුල් නැතුව ලියන තත්ත්වයක් දකින්න පුළුවන්. කටකතා හා ඕපාදූප මූලාශ්‍ර කර ගත් එවැනි දේවල් කියවන්න මිනිස්සු වැඩි කැමැත්තක් දක්වනවා. මේ තත්ත්වය ලෝකයෙ අනිත් රටවලත් දකින්න පුළුවන්. ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ ආසියාතික රටවල සමාජ මාධ්‍ය කියන්නෙ ළිඳ ළඟ සංගමය වගේ දෙයක්. ඇමෙරිකාවෙත් මේ තත්ත්වය දකින්න පුළුවන්. මම ඇමෙරිකාවෙ ඉද්දි ඒක අත්දැකලා තියෙනවා.
ඉතාමත් වැදගත් වෙන්නෙ මූලාශ්‍රය පදනම් කරගත් ඒ කියන්නෙ නිශ්චිත මූලාශ්‍රයක් සඳහන් තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම. නමුත් ප්‍රශ්නය වෙන්නෙ සමාජ මාධ්‍යවල අන්තර්ගත ඇතැම් තොරතුරු පදනම් කරගෙනත් පුවත්පත් හා රූපවාහිනී වැනි ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති නිර්මාණය කිරීම. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මේක නවත්තන්න අපහසුයි. වාර්තාකරණයේ දී ආචාර ධර්මවලට අනුගතව ඒ කටයුතු කිරීම වැදගත් වෙන්නෙ මේ නිසයි.
වැරදි තොරතුරු සහ ව්‍යාජ ප්‍රවෘත්ති මගින් විවිධ බලපෑම් ඇති කරනවා. ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරීම ගෝලීය වශයෙන් කෙටිකාලීන සහ දිගු කාලීන තර්ජන දෙකෙහිම ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරනවා. මෙම ව්‍යාජ ප්‍රවෘත්ති වලින් අගතීන් බොහෝ ප්‍රමාණයක් සිදුවෙනවා.
ඒවා ප්‍රජාවන් අතර අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීමේ සිට දේශපාලන වෙනසට බලපෑම් කිරීම දක්වා විහිදෙනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික සමාජයේ පැතිර යන ව්‍යාජ ප්‍රවෘත්තිවල බහුලත්වය අපට නිරීක්ෂණය කළ හැකියි. සැලකිල්ලට ගත යුතු වැදගත්ම කරුණු අතර කොරෝනා වසංගතය පැවති සමයේදී වෛරසය පැතිරීමේ සිට ඒ සඳහා එන්නත් ලබා දීමේ ක්‍රියාකාරකම් දක්වා බොහෝ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය වුණා. ඒ නිසා මිනිසුන් ව්‍යාකූල වී සිටි බව සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි අරගලය ක්‍රියාත්මක වූ කාලයේ සිට වර්තමාන දේශපාලන වෙනස්කම් දක්වා විවිධ කරුණු සම්බන්ධයෙන් නොයෙක් ව්‍යාජ ප්‍රවෘත්ති පළ වූ බව අපට නිරීක්ෂණය වුණා.
මේවා සත්‍යාපනය කිරීමේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විශාල කාර්ය භාරයක් ඉටු කළ යුතු බව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මාධ්‍යවේදීන් සෑමවිටම දත්ත සත්‍යාපනය කර ප්‍රවෘත්ති ලිවීම අවශ්‍යයි. නමුත් අතීතයේ දී බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල වාර්ගික ගැටුම් සහ ව්‍යාකූලත්වයට හේතු විය හැකි ව්‍යාජ ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කර ඇති බව නිරීක්ෂණය වෙලා තිබෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම ගැටලු නිසි ලෙස හසුරුවා ගැනීමට අපොහොසත් වන නිසා හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ දායකත්වය මේ සම්බන්ධයෙන් සීමිත බැවින් තෙවන පාර්ශවීය කරුණු පරීක්ෂා කිරීමේ සංවිධානවල අවශ්‍යතාව මතු වී තිබෙනවා.
එබැවින් දත්ත සත්‍යාපනය කිරීම සඳහා අප වැනි දත්ත සත්‍යාපන සංවිධාන ශ්‍රී ලංකාවේ තියෙනවා. සමාජ මාධ්‍යවල බෙදා ගන්නා ව්‍යාජ තොරතුරු සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල බෙදා ගන්නා වැරදි තොරතුරු හඳුනාගෙන සත්‍යය අනාවරණය කිරීමට අපි කටයුතු කරනවා. මෙය නූතන කාලයේ සාර්ථකව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළ යුතුයි.
උපුල් වික්‍රමසිංහ
අලුත් අවුරුදු කියූ සැණින් අපේ මතකයට එන්නේ අලුත් ඇඳුම් පැලඳුම්. අතේ මිටේ මුදල් තිබුණත් නැතත්, අලුත් ඇඳුමක් තෑගි දෙන්නට අපි හැමෝම කැමතියි. එමෙන්ම අලුත්
එරබදු මල් රත් පැහැයෙන් එබී බලද්දි, තුරුලතා මල් පලින් බර වෙද්දී, අටුකොටු අස්වැන්නෙන් පිරෙද්දී, බත බුලතින්, කැවිලි පෙවිලි වලින්, අලුත් ඇඳුම් පැලඳුමින් සහ
මානව පරිභෝජනයට නුසුදුසු ලෙස හංවඩු ගැසූ වරක් පිසූ පොල්තෙල් ගැන මෙතෙක් තිබූ නරක ප්‍රතිරූපය වෙනස් කරන ආකාරයේ පරිසර හිතකාමී අපූර්වතම සොයා ගැනීමක් ගැන ඉර
ශ්රී ලංකාවේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන ජල පෝෂක මේ වෙන විට දූෂණයට ලක් වී තිබේ. එම ජල පෝෂකවල ජලය නිසි පිරිපහදුවකින් තොරව පරිභෝජනය කිරීමට යාමෙ
මියන්මාරයේ සිදුවූ භූකම්පනය හේතුවෙන් යළිත් වතාවත් භූකම්පන සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබේ. ජපානයට ද භූකම්පන අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් නිකු
අප ජීවත් වෙන්නේ තොරතුරු වෙත පහසුවෙන් ළඟා විය හැකි සහ ඒ වෙනුවෙන් බහුවිධ ප්‍රවේශ ඇති ලෝකයකය. මීට සියවස් ගණනාවකට පෙර තොරතුරු සන්නිවේදන මාර්ග නොදියුණු මට්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තොරතුරු සංරක්ෂණයේ දියුණුව සහ ව්‍යාජ තොරතුරු වාර්තාකරණය