IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


දරුඑල අහිමි අඹු සැමියන්ට කාසල් රෝහලෙන් සුබ ආරංචියක්

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, කොතරම් උත්සාහ ගත්තද ඇතැම් විට ඒ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබ අපොහොසත් වූවා විය හැකිය. එහෙත් මඳ සරුභාව නිසා දරු පිළිසිඳ ගැනීමක් නොමැතිව ළතැවෙන ඒ මව්පියන්ට සුබ ආරංචියක් දැන් ලැබී තිබේ. මෙය වඩාත් සුබ ආරංචියක් වන්නේ එය නොමිලේම ඉතා සාර්ථකව සිදුකරගැනීමේ හැකියාව ඇති බැවිනි. එනම් ප්‍රජනක සෞඛ්‍ය සේවාවේ සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරමින් පළමු වරට මෙරට රජයේ රෝහලක ශුක්‍රාණු බැංකුවක් ස්ථාපිත වීමය. ඒ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේය. 

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල කිවූ සැණින් අපට සිහිවන්නේ දරුවන් බලාපොරොත්තුවෙන් කුසක් දරාගෙන රෝහලට පැමිණෙන ගැබිණි මව්වරුන් සහ කිරි සිනහවත් සමඟ ඒ භූමියෙන් පිටව යන අලුත උපන් දරුපැටවුන්ය. මේ කතාව වෙනස් වන්නේ ඒ නිසාම ය.   කාසල් වීදියේ කාන්තා රෝහලෙහි සිදුවන මේ සුවිශේෂ   කර්තෘව්‍යය වන්නේ මෙරට ප්‍රථම වරට රජයේ රෝහල ශුක්‍රාණු බැංකුවක්  ආරම්හ වීමය. මෙය ආරම්භ කිරිමේ ප්‍රධානතම අරමුණ වන්නේ මඳසරුභාවය නිසා දරුඵල නොමැතිව දුක් විඳින මවක් වීමේ සිහිනය බොඳවූ මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීමය. 

අලුත විවාහ වූ යුවළක් කිසිදු උපත් පාලන ක‍්‍රමයක් භාවිත නොකර ලිංගික සංසර්ගයේ යෙදුණද වසරක් ගතවන තුරුත් ගැබ්ගැනීමකට අපොහොසත් වන්නේ නම් ඔවුන් මඳසරු යුවළක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.  දරු සම්පත අපේක්ෂාවෙන් සිටින අඹු සැමි යුවළකට බටහිර වෛද්‍ය විද්‍යාව, සිංහල වෙදකම හෙවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ බලි තොවිල් ආදී විවිධාකාර ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කරමින් තම දරු සිහින ඉටු කරගැනීමට උත්සාහා දරන මව්වරුන් කොතෙකුත් අපට හමුවී ඇත . 

ඒ අනුව  දරු සම්පත අපේක්ෂාවෙන් සිටින අඹු සැමි යුවළක් දරු සම්පත උදාකර ගැනීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව භාවිත කරන ක්‍රම අතර  IUI ප‍්‍රතිකාර ක‍්‍රමය, Ivf නළදරු තාක්ෂණ ප්‍රතිකාර ක්‍රම යනාදී දේවල්

සම්බන්ධයෙන් තාක්ෂණය අතින් ඉහළ බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි වැඩි දෙනකුගේ උනන්දුව ඇති වී තිබෙන්නේ එයින් කඩිනම් ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බැවිනි. කොයිතරම් ඉහළ තාක්ෂණය තිබුණත් පෞද්ගලිකව මෙම ක්‍රමවේද මගින් දරුඵල සිහිනය ළඟා වීමට ලක්ෂ විස්සක පමණ අධික මුදලක් වැය වෙන අතර ආර්ථික ශක්තියක් නොමැති මව්පියවරුන්ට එය සිහිනයක් පමණක් වන්නේය.  

කෙසේ නමුත් මඳ සරුභාවය නිසා දරු පිළිසිඳගැනීමක් නොමැතිව මවක් පියෙක් වීමේ සිහින දකින, ළතැවෙන, ආර්ථික අතින් ශක්තිමත් ඇති නැති ඕනෑම කෙනෙකුට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ස්ථාපිත ශුක්‍රාණු බැංකුව සුබ ආරංචියකි. මේ ඒ පිළිබඳව කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන ඉරිදා ලංකාදීපයට දැක්වූ අදහස්ය. 

ශුක්‍රාණු බැංකුවෙන් ගුණාත්මක ශුක්‍රාණු

"රජයේ ශික්ෂණ කාන්තා රෝහලක ශුක්‍රාණු බැංකුවක් ස්ථාපිත වන්නේ ප්‍රථම වතාවට. අපේ රෝහලේ මේ බැංකුව අපි මුලින්ම ස්ථාපිත කළේ පසුගිය වසරේ දෙසැම්බර් 4වෙනිදා.  මේක ආරම්භ කරන්නට ප්‍රධානතම හේතුව වුණේ මඳ සරු භාවය නිසා දරුඵල නැති අම්මලා වෙනුවෙන් දරුවන් ලබාදීම.  දැන් තියෙන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ  අයි යූඅයි තාෂ්ණයෙන් දරුඵල ලබාගන්නවා නම් පෞද්ගලික රෝහලක ලක්ෂ 20ක පමණ මුදලක් වැයවෙනවා. රජයේ රොහලේ මේ ක්‍රමවේදය ඔස්සේ දරුඵල ලබාගැනීමට කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ. 

පසුගිය වසර දෙක තුනෙහි මෙරට දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා. දරුවෙකු හදා ගන්න අවශ්‍ය වුණත් ඒ සඳහා සුදුසු සෞඛ්‍ය තත්වයක් නොමැති වීම හේතුවෙන් සමහර පිරිමි පාර්ශ්වයන්ට ඒ ආසාවන් මුදුන් පමුණාවගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අයට අත්වැලක් සැපයීමේ අරමුණින් තමයි මේ ශුක්‍ර බැංකුව ස්ථාපිත කළේ. 

අපේ රෝහලේ දරුවන් නොමැති කාන්තාවන් සහ පිරිමි අය වෙනුවෙන් සෑම මාසයකම මඳසරු සායනය ලෙස නම්කළ වෛද්‍යය සායනයක් පවත්වනවා. මේ සායනයේදි සොයා ගත් දෙයක් තමයි කාන්තාවන්ට දරුවන් සෑදීමට අවශ්‍ය ඉතාම සරු ඩිම්බ තිබුණත් පිරිමි පුද්ගයන්ගේ සියයට පනහකට ශුක්‍රාණු  සරු නොමැති වීම කියන එක. මේ වගේ ගැටලු තිබෙන අපේ සායනවලට එන අය අපි හඳුනාගෙන ඒ අයට අපි IUI ප‍්‍රතිකාර ක‍්‍රමය ගැන දැනුවත් කරනවා. මෙහිදී සිදුවෙන්නේ තමන්ගේ පුරුෂයාගේ ශුක‍්‍රාණු ඉවතට ගෙන රාසායනාගාරයේදී එහි ගුණාත්මක බව  බලලා ඒ ශුක්‍රාණු ගුණාත්මක අඩු නම් ශුක්‍රාණු බැංකුවෙන් ලබා ගත් නිරෝගී ශුක‍්‍රාණු වැඩිදියුණු කොට එම  ශුක‍්‍රාණු සෛල සියුම් කැතීටරයක් භාවිතයෙන් බිරිඳගේ කළලයේ තැන්පත් කිරිමයි. මේ ක්‍රවේදයට කැමති ඕනෑම අඹුසැමි යුවලකට දරුවෙකු ලබාගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා අවශ්‍ය නාරෝ ශුක්‍රාණු ලබා ගැනීමට තමයි මේ බැංකුව අපි ස්ථාපිත කළේ. 

ශුක‍්‍රාණු පරිත්‍යාග කරන්න කැමති නම් අපට කතා කරන්න

මේ බැංකුව ආරම්භ කරපු කාලේ ශුක‍්‍රාණු පරිත්‍යාග කරලා තිබුණේ විසිදෙනෙක් වගේ. දැන් ටික ටික සමාජ මාධ්‍ය හරහා මේ ගැන කතා කරන්න ගත්තාට පස්සේ පරිත්‍යාගශීලීන් දෙගුණයක් වෙලා තියෙනවා. මුලින්ම කියන්න ඕන  මේ සියල්ල සිදුවන්නේ ඉතාම රහසිගතව. අපිට ශුක්‍ර ලබාදෙන අයගේ වගේම ඒවා තැන්පත් කරමින් දරුඵල බලාපොරොත්තු වෙන දෙමාපියන්ගේ රහස්‍යභාවය අපි උපරිමයෙන්ම රකිනවා.  පෞද්ගලිකත්වය ඉතාම රහසිගතව තමයි මේ කටයුතු සිදු කෙරෙන්නේ. 

අපිට මේ බැංකුවේ  ලීටර් 50 ක ධාරිතාවකින් අපට ශුක්‍රාණු සාම්පල් ස්ටොක් කරගන්න පුළුවන්. මේ සඳහාම රෝහලේ අධිශීතකරණ පද්ධතියක් සකස් කර තිබෙනවා. මේ ශුක්‍ර අවුරුදු සියයක් වුණත් තබා ගත හැකි ආකාරයට තාක්ෂණික ක්‍රමවේද බහාලුම් ස්ථාපිත කරලා තිබෙනවා.

කෙනෙක් ශුක්‍ර බැංකුව වෙත පරිත්‍යාග කිරිමට  කැමති නම් ඒ පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතු වෙනවා. එච්.අයි.වී සහ හෙටයිටීස් වැනි තවත් පරීක්ෂණ කිහිපයක් ඒ අතර තිබෙනවා.  එම පරීක්ෂණවලින් සමත් වෙන පියවරුන් හට නැවත වරක් මාස තුනකට පසුව නැවත පරීක්ෂණයකට ලක්කරලා ලේ වර්ගය පරීක්ෂා කර සුදුසු පියවරුන්ගෙන් අපි ඉන් පසුව නිරෝගී ශුක්‍ර ලබා ගැනීම සිදු කරනවා. 

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවේ දැනටමත් පරිත්‍යාගශීලීන් 40 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා තිබෙනවා. ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රෝහලට දිනපතා අඛණ්ඩ දුරකථන විමසීම් ලැබෙනවා. මේ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට අවශ්‍ය තොරතුරු අපි සපයනවා.  ඒ වගේම  0112 67 85 99 / 0112 67 22 16 ඔස්සේ කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍ර බැංකුව හා සම්බන්ධ වීමේ අවස්ථාව පවතිනවා. පියවරුන්ගෙන් අපේ බැංකුවට ශුක්‍රාණු ලැබෙනවා නම් ඒ ධාතු අපි පාවිච්චි කරන්නේ දරුවෙක් නැති අම්මලාට දරුවෙක් ලබාදීමට. පියවරුන්ගෙන් ඉල්ලනවා ජාතිය කරන මෙහෙවරක් ලෙස සලකලා මේ සඳහා දායක වෙන්න කියන කාරුණික ඉල්ලීම කරනවා.

නදීශා අතුකෝරළ

 

 

 



අදහස් (0)

දරුඑල අහිමි අඹු සැමියන්ට කාසල් රෝහලෙන් සුබ ආරංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

නැවත බේරාගතයුතු බුද්ධගයාව
2025 මාර්තු මස 31 40 0

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,


ශෘෂ්ත්‍රීය ලෝකය බැබලවු ගණනාත් ඔබේසේකර
2025 මාර්තු මස 31 15 0

සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයා ලෙස හැදින්විය හැක. එතුමන්ගේ නික්මයාම ශස්ත්‍රීය අවකාශය තු


යකඩ යකාගෙන් අලි බේරන පුංචි හපනා
2025 මාර්තු මස 31 11 0

වන අලි දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට යාමේ දී - දුම්රියේ ගැටී මියයාම් හා බරපතළ තුවාල සිදුවීම් පිළිබඳ පුවත්, මාධ්‍ය මගින් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැ


දරුඑල අහිමි අඹු සැමියන්ට කාසල් රෝහලෙන් සුබ ආරංචියක්
2025 මාර්තු මස 30 11 0

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, කොතරම් උත්සාහ ගත්තද ඇතැම් විට ඒ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබ අපොහොසත් වූවා


දෙවියොත් නොබැලු දෙවිනුවර පාතාල ගැටුම
2025 මාර්තු මස 30 26 0

දෙවිවරුන් වැඩ සිටින බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන දෙවිනුවර, ජනතා වන්දනාමානයට පාත්‍රවූ පූජනීය නගරයකි. එහෙත්, පසුගිය සතියේ එම පුරවරය පාතාලය රජ කරවූ, ජාත්‍


දිනෙන් දින වැඩිවෙන රිය අනතුරු මාර්ග ආරක්ෂාවට අභියෝගයක්
2025 මාර්තු මස 30 19 0

ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසරේ පළ කළ තොරතුරු අනුව, මාර්ග ආරක්ෂාව සම්බන්ධ ගෝලීය මට්ටමේ ගැටලුවක් වන අතර මාර්ග අනතුරු නිසා සිදුවන තුවාල සහ මරණ මේ සඳහා


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 185 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 772 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 775 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site