විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංචාරක මඟ පෙන්වන්නන්, විදේශිකයන්ට දිවියන් පෙන්වීම සඳහා, සැඟවී සිටින දිවියන් කැලෙන් එළියට ගැනීමට ගොදුරු ලෙස බල්ලන් එම වන උද්‍යානයට ගෙනවිත් දමන බවට චෝදනා එල්ල වී තිබේ. සමාජ මාධ්‍යවල සංසරණය වූ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා, පසුගිය සතිය පුරා මේ පිළිබඳ ආන්දෝලනයක් හටගෙන ඇත.
‘නෙලුමා’ ලෙස නම්කර ඇති, විල්පත්තු ජාතික වන උද්‍යානයේ සිටින ශක්තිමත්ම කොටියාගේ ග්‍රහණයට හසුවූ ටොමියා නම් බලු තඩියකු, එම කොටියාගේ මුහුණ සපා කමින් දිවි බේරා ගන්නා අයුරු එම ආන්දෝලනාත්මක වීඩියෝවේ දැක්විණ.
විල්පත්තු ජාතික වන උද්‍යානයේ ‘කුඹුක්විල’ සහ ‘කුඹුක්විල උඩපාර’ අසල ප්‍රධාන මාර්ගය ආසන්නයේදී මෙම සිදුවීම පසුගිය 29 වැනිදා සිදුවී තිබූ අතර, එම අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් සෆාරි ජීප් රථයක සිටි පිරිසක් මෙම සිදුවීම කැමරා කාචයට හසුකර ගෙන ඇත.
එලෙස කැමරා කාචයට හසුකරගත් වීඩියෝව, සමාජ මාධ්‍ය වෙත එදිනම උඩුගත කර තිබුණු අතර, දිනක් දෙකක් ගතවෙත්ම එම ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විශාල කතා බහක් ඇතිවිය.
සමාජ මාධ්‍යවල මෙම සිදුවීම සම්බන්ධයෙන් පළවූ සටහන් සියල්ලම ටොමියාට අනුකම්පා කරමින් පළ වූ ඒවා වූ අතර, සංචාරක ආකර්ෂණය දිනාගැනීම සඳහා සංචාරක මඟ පෙන්වන්නන් විසින් බලු තඩියා දිවියන්ට ගොදුරක් ලෙස විල්පත්තු අභයභූමියට ගෙනත් දමා ඇතැයි හුවා දක්වමින් පළවූ බොහෝ සටහන් ද ඒ අතර විය.
“ඒ සතා පණපිටින් කීතු කීතු කරලා ඉරාගෙන කද්දී විඳින වේදනාව නිකමට හිතලා බලන්න. තමන් ඒ ඉරණමට මුහුණ දුන්නොත්. කරන අයට මේ ඉරණම කවදාහරි උරුමයි. රුපියල් සත වෙනුවෙන් මෙවන් පව්කාර දේවල් කරලා ජීවත්වෙලා මොකටද? අන්තිම හුස්ම අදින මොහොතේ තමයි හුස්ම ටික වෙනුවෙන් පණ තියෙන කෙනෙක් කරන සටන වැටහෙන්නේ. ඒ වෙලාවට කිසිම දෙයක් කරගන්න බැහැ. මැරණ භය කාටත් පොදුයි. මැරෙන්න යද්දි පණ ටිකේ තියෙන වටිනාකම තේරෙනවා. ඒ අවසන් මොහොතේ මේ ඔක්කොම ආපහු තම-තමන්ටම සුවසේම මැරෙන්න පුලුවන්.” රෝහිණි නම් සමාජ මාධ්‍ය පරිශීලිකාවක තැබූ සටහනේ දැක්විණි.
”මේ බල්ලාව ගොදුරක් විදිහට දැන දැනම ගිහින් දැම්මා කියන එක පැහැදිලියි. සංසරණය වෙන වීඩියෝවේ දෙබස් අහන්න. ‘‘ඩොගි බායි’’ කියලා කියනවා ඇහෙනවා” මේනක නම් සමාජ මාධ්‍ය පරිශීලකයකු තැබූ සටහනේ දැක්විණි.
‘විදේශිකයන් බහුතරය ‘බල්ලා’ කියන සත්වයාට හරිම ආදරෙයි. නිකන් හරි මේක විල්පත්තු ජීප් රථ රියදුරන්ගේ හෝ මග පෙන්වන්නන්ගේ හෝ වෙන කිසිවකු හිතා මතා කරන වැඩක් කියලා විල්පත්තු බලන්න ආව විදේශකයෝ දැනගත්තොත් ඉතින් ආයෙත් ලංකාවට අඩිය තියන එකක් නැහැ. සමාජ මාධ්‍යයෙත් ලංකාවට යන්න එපා කියලම එයාලා තොරතුරු සංසරණය කරවයි.’ රුක්ෂිකා නම් සමාජ මාධ්‍ය පරිශීලිකාවක තැබූ සටහනේ සඳහන් විය.
මෙලෙස සමාජ මාධ්‍ය තුළ අසාමාන්‍ය ලෙස මෙම සිදුවීම සම්බන්ධයෙන් කතාබහක් ආරම්භවීමත් සමග විල්පත්තු ජාතික වන උද්‍යානයේ පාලන අධිකාරිය මේ පිළිබඳ විමර්ශනයක් කර තිබූ අතර එහි වාර්තාව පසුගිය 2 වැනිදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
විල්පත්තු ජාතික වන උද්‍යානයේ පාලන අධිකාරිය, “නෙලුමාගේ” ග්‍රහණයට හසුවූ ටොමියා සහ ටොමියාගේ අයිතිකරු පසුගිය 2 වැනිදා සොයාගත්තේය. ටොමියා, අභයභූමිය මායිමේ හුණුවිලගම, රදාගම ප්‍රදේශයේ සම්පත් දිසානායක නම් ගොවියකු ඇතිකරන සුනඛයකු බව විල්පත්තු අභය භූමියේ පාලන අධිකාරිය සොයාගෙන තිබිණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකගෙන් පාලන අධිකාරිය ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර ටොමියාගේ හිමිකරුවා ද එලෙස ප්‍රකාශ සටහන් කරගත් අය අතර විය. සිදුවීම වටා නිර්මාණය වෙන කතාබහ දැඩිවීමත් සමග, පසුගිය 3 වැනිදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේය. අධ්‍යක්ෂක ජෙනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාරගේ අත්සනින් යුතුව එම මාධ්‍ය නිවේදනය නිකුත් වී තිබිණි.
කොටියෙකු සහ සුනඛයෙකු අතර විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ සංචාරකයන්ට ගමන් කිරීමට අවසර දී ඇති මාර්ගය අසල ගැටුමක් දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කීපයක පටන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවත් ඒ පිළිබඳ පරිසර අමාත්‍යාංශයේ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුවූ බවත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වූවේය.
ඒ පිළිබඳ විමර්ශනය කිරීමට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය බාර සහකාර අධ්‍යක්ෂකවරයා වෙත පවරන ලද බවත් එහිදී පහත කරුණු අනාවරණය වූ බවත් මාධ්‍ය නිවේදනයේ දැක්විණි.
“ටොමියා හුණුවිලගම, රදාගම ප්‍රදේශයේ හේනක ආරක්ෂාව සඳහා ඇතිදැඩි කරන සුනඛයෙක් බවත් හේන හිමිකරු ටොමියා බැඳදමා ඇතිදැඩි නොකරන බවත් විමර්ශනයේදී හෙළි වී ඇත. ටොමියාට නිදහසේ සැරිසැරීමට අවස්ථාව සලසා දී හේනේ ආරක්ෂාව සඳහා යොදවා තිබී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබිණි.
සිද්ධිය වූ දිනයේ තමන් හේනට යනවිට ටොමියා හේනේ නොසිටි බවත්, ඊට පසුදින එනම් පසුගිය 30 වැනිදා තමන් හේනට යන විට ටොමියා හේනේ සිටි බවත් පවසමින් දිසානායක මහතා ප්‍රකාශයක් ලබාදී තිබෙන බවද මාධ්‍ය නිවේදනයේ සඳහන් විණි.
වනජීවී නිලධාරීන් පසුගිය 2 වැනිදා අදාළ හේන් පරිශ්‍රයට යන විට, තුවාල ලැබූ ටොමියා හේනේ සිටි බවද එම නිවේදනයේ දැක්වේ. සිද්ධිය වූ දිනය, එනම් පසුගිය 29 වැනිදා විල්පත්තු ජාතික වන උද්‍යානයට ඇතුළුවූ සියලුම වාහනවල සී.සී.ටීවී. දර්ශන පරික්ෂා කළ බවත්, එම වාහනවල කිසිම ගෘහාශ්‍රිත සතෙක් හෝ වෙනත් සතෙක් රැගෙන ගිය බවට කිසිදු තොරතුරක් නොලැබුණු බවත් මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
සමාජ මාධ්‍ය තුළින් චෝදනා එල්ලවූ පිරිසගෙන් මෙන්ම තවත් අයගෙන් ප්‍රකාශ ලබාගත් බවත්, ලබාදුන් ප්‍රකාශවලින් අනාවරණය වෙන තොරතුරු සහ සී.සී.ටීවී දර්ශනවලින් ලබාගත් නිරීක්ෂණ අතර කිසිදු පරස්පරතාවක් පෙන්නුම් නොකරන බවත් මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
සිද්ධිය වූ දිනයේ විල්පත්තු ජාතික වන උද්‍යානයේ ප්‍රවේශ බලපත්‍ර පරික්ෂා කිරීමේ රාජකාරී සිදුකළ වනජීවී කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව, වන උද්‍යානය තුළට සංචාරකයන් රැගෙන යන හෝ වෙනත් වාහනයක් මගින් සුනඛයකු හෝ වෙනත් ගෘහ ආශ්‍රිත සතෙකු රැගෙන ගොස් නොමැති බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්විණි.
එම කරුණු වලින් අනාවරණය වෙන්නේ, කොටි - සුනඛ ගැටුම සත්‍ය සිදුවීමක් වුවත් එම සුනඛයා විල්පත්තු ජාතික වන උද්‍යානයට ගෙනත් දැමූවකු නොවන බව, යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය. ජාතික වන උද්‍යාන තුළට කිසිදු ගෘහ ආශ්‍රිත සතකු රැගෙන යාමට කිසිම විටකත් අවසර ලබා නොදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එසේ සතුන් ගෙන යන්නේදැයි සෙවීම ප්‍රවේශපත්‍ර පරික්ෂා කරන කාර්ය මණ්ඩලයේ එක් රාජකාරියක් බවද එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
එසේම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයින් වෙත නිකුත් කරන ප්‍රවේශ බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීම, වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක පනත උල්ලංඝනය කිරීමක් බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
සිදුවීම පිළිබඳව අදහස් දක්වමින්, සත්ව විශේෂඥයන් ප්‍රකාශ කර සිටියේ, සුනඛයන් දිවියන්ට හුරුපුරුදු දඩයමක් නොවන බවත්, කෙසේ හෝ ටොමියා දිවියන්ගේ සංවේදී ස්ථානයක් වෙන නහය සහ මුඛය අතර පෙදෙස හපා කමින් බේරීගොස් ඇති බවත්ය. දිවියන් ප්‍රධාන වශයෙන් මී හරකුන් වැනි විශාල ගොදුරු පසුපස යාමට ප්‍රියකරන බවද සත්ව විශේෂඥයෝ පැවැසූහ. කෙසේ නමුත්, දිවියාගේ ගොදුරක් සාර්ථක වීමේ ප්‍රතිශතය සියයට 25 ක් බවද සත්ව විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
දිවියා ගොදුරක් හැකි ඉක්මණින් බිම දමාගැනීමට උත්සාහ දරන බවත් ටොමියා නෙලුමාගේ ග්‍රහණයට හසුවූ අවස්ථාවේ සූක්ෂම අයුරින් නහය සහ මුඛය අතර ඇති සංවේදී පෙදෙස සපා කා ග්‍රහණයෙන් බේරී යන බවත් සත්ව විශේෂඥයෝ පැවැසූහ.
වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව, ගෘහස්ථ සතුන්ට ජාතික වන උද්‍යානවලට ඇතුළුවීම තහනම් වේ. කෙසේ නමුත් සුනඛයන් ජාතික වන උද්‍යානවල පිවිසුම් අසල ගැවසෙනු දැකීම සාමාන්‍ය දසුනකි. ආහාර සොයාගෙන සුනඛයන් එලෙස ජාතික වන උද්‍යාන පිවිසුම් දොරටු අසළට පැමිණියත් ජාතික වන උද්‍යානවලට පිවිසීමට සුනඛයන්ට අවසර හිමිවෙන්නේ නැත.
ඒ අනුව, ටොමියා විල්පත්තු ජාතික වන උද්‍යානයට ඇතුළුවීමෙන් සිදුකර ඇත්තේ විශාල වරදකි. සමාජ මාධ්‍ය තුළ ”නෙලුමා” ගේ ප්‍රතිරූපයට විශාල ලෙස හානියක් සිදුකිරීමටත්, සමාජ මාධ්‍ය තුළ නිකරුණේ සංචාරක මග පෙන්වන්නන්ට චෝදනා එල්ල වීමටත්, විල්පත්තු ජාතික වන උද්‍යානයේ පාලන අධිකාරියට නිකරුණේ විමර්ශනයක් සිදු කිරීමටත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් සඳහා පිරිස් බලය යොදවමින් කාලය වැයකිරීමට සිදුවීමත්, ඇතුළු කරුණු ගණනාවකට වරදකරු ‘‘ටොමියා’’ බවද පසුගියදා වෙනවිට අනාවරණය වී තිබිණි.
ඡායාරූප - කනිෂ්ක මුහුණුපොතෙන්
විමුක්ති එස් රැද්‍රිගු
සැබැවින්ම එය වැකියකටත් වඩා යථාර්ථවාදී මතයක පිහිටා තැනූවක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. වර්තමානය වන විට නාගරීකරණයට ලක්වූ මාර්ගවල වාහන තදබදය අධික ලෙස ව
මරණයට පෙර අවසන් කැමති පත්‍රයක් ලියා තැබීම, අවසන් කටයුතු සඳහා මිල මුදල් වෙන් කර තැබීම ආදිය විරල නොවුණු සුලබ සිදුවීම් බවට පත්ව තිබේ. එහෙත් ඒ කිසිවකුට තමන්
පාතාල කල්ලි අතර ගැටුම් උග්‍ර වී මිනිසුන් මරා දැමීම් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය රටේ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කරන බවට ද මත පළ වේ.
දිවයිනේ පළාත් අතුරින් උතුරැ මැද පළාත අධ්‍යාපන මට්ටමින් පසුගිය 1999 වර්ෂයේ දී සිවුවන ස්ථානය ට පත්ව තිබුණි.
“ ආදරය “ මඟහැර යන්නට නොහැකි, විශ්වාසයට කියන තවත් නමකි, තව පැත්තකින්, ප්‍රේමය යනු රූස්ස ගස් වගේ මිනිස්සු ද පරඬැල් වගේ දිය කරවන මහ පුදුම හැඟීමකි. ආදරය තරම්,
කළු කුහරයක් යනු විශ්ව අවකාශයේ, එසේත් නැත්නම් අවකාශ - කාලයේ (space - time) පිහිටීම හෙවත් සාමාන්‍යයෙන් පවතින ආකාරය අසාමාන්‍ය ලෙස හකුළා දැමිය හැකි තරම් අධික ගුරුත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දිවියාගෙන් පණ බේරාගත් ටෝමියා වන ජීවියෙන් වරදකරු බවට පත් වෙයි