දෙවිවරුන් වැඩ සිටින බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන දෙවිනුවර, ජනතා වන්දනාමානයට පාත්‍රවූ පූජනීය නගරයකි. එහෙත්, පසුගිය සතියේ එම පුරවරය පාතාලය රජ කරවූ, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවට ප්‍රසිද්ධියට පත් විය.
ඒ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී ඉකුත් 21 වැනිදා රාත්‍රි 11.45 ට පමණ ඉතා අමානුෂික ලෙස වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමත් සමගය.මෙම මහා අපරාධය සිදු කර තිබුණේ හරියටම දෙවිනුවර ඓතිහාසික පෙරහර ආරම්භ කරන සිංහාසන පාර ඉදිරිපිටදී වීම විශේෂත්වයකි.
පාර මැද, බල්ලන් මරා දමන ආකාරයට එසේ ඝාතනය කර තිබුණේ දෙවිනුවරම පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් (28) හා සුපුන් තාරක (29) නමැති තරුණයින් දෙදෙනෙකි. ඔවුන් කපුගම්පුර ප්‍රදේශයේ පැවති මිතුරකුගේ උපන් දින සාදයකට සහභාගී වී යතුරු පැදියෙන් ආපසු එමින් සිටියදී මෙම ඝාතනයට ලක්ව තිබුණි.
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි ඝාතකයින්, ඔවුන් පසුපස ලුහුබැඳවිත්, පළමුව යතුරුපැදියේ හප්පවා තරුණන් දෙදෙන බිම ඇදවැටුණු පසු වෙඩි තබා තිබේ. ඒ ටී 56 වර්ගයේ ගිනි අවියකින් හා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකිනි.
වෙඩි ශබ්දය ඇසුණු ඒ අවට පදිංචිකරුවන් සිතුවේ කොතැනක හෝ රතිඤ්ඤා පත්තු කරනු ඇති බවය.එහෙත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ ඝාකකයින් අදාළ තරුණයින් දෙදෙනාට එක දිග වෙඩි වරුසාවක් එල්ල කර පලා යාමය. සුළු වේලාවකට පසු ගන්දර පොලීසියේ නිලධාරීහු එතැනට පැමිණියෝය.ප්‍රදේශවාසීන් හා අදාළ තරුණයින් දෙදෙනාගේ පවුල් වල ඥාතීන්ද වැල නොකැඩී ඒමට පටන් ගත්හ. ඔවුහු බිම පෙරළෙමින් විලාප හඩ නැගුවෝය.
එහෙත් ඒ වෙන විටත් සියල්ල සිදු වී හමාරය. වෙඩි තැබූ ස්ථානය අසල තිබී ටී 56 වර්ගයේ හිස් පතොරම් කොපු 39 ක් සහ මිලි මීටර් 9 වර්ගයේ හිස් කොපු 02 ක් හා ජීව උණ්ඩ 02 ක් ද පොලීසිය සොයා ගැනිණ. තවද ඒ අසල නීවසක බිත්ති වලට හා ජනේලයකට ද වෙඩි වැදී අලාභ හානී සිදු වී තිබුණි. ඉන් විනාඩි කිහිපයකට පසු, එම ස්ථානයේ සිට මීටර් 600 ක් පමණ දුරීන් වැල්ලමඩම ප්‍රදේශයේ මුහුද අද්දර වෑන් රථයක් ගිනිගන්නා බවට පොලීසිට ඇමතුමක් ලැබුණි. පොලීසිය එහි යන විටත් වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගනිමීන් තිබුණි. පසුව සිදු කළ පරික්ෂාවේ දී වෑන් රථය තුළ තිබී ටී 56 වර්ගයේ ගිනිඅවියක මැගසිනයක් හා උණ්ඩ කිහිපයක් හමු විය.
මෙම අපරාධය සිදු කළ සැකකරුවන් කවුරුන්ද යන්න හෙළි කර ගැනීමට පොලීසියට වැඩි වේලාවක් ගත නොවීය.ඊට ප්‍රධාන හේතුව වූයේ ඝාතනයට ලක්වු යොමේෂ් නදීෂාන් නැමැති තරුණයාට මරණ තර්ජන එල්ල වී තිබීම නිසාය.එම තර්ජන එල්ල කර තිබුණේ ඩුබායි හී සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන දෙවිනුවර ‘‘දෙහිබාලේ මල්ලී’’ නමැත්තාගෙනි.
“උඹ පුළුවන් නම් දෙහි ගෙදර එකෙකුට අත තියලා බලපං. උඹට ගහන්නේ සවලෙන්වත් එකතු කර ගන්න බැරි විදියට’’ මේ ආකාරයට දෙහි බාලේ මල්ලී, යොමේෂ්ට හා ඔහුගේ පියා ඇතුලු පවුලේ සාමාජිකයින්ට දුරකතනයෙන් හා එස්.එම්.එස් පණිවුඩ මගින් තර්ජනය කර තිබුණි.
එම තර්ජන පිළිබඳව ඔවුන් පොලීසිය වෙත ද ඊට පෙර පැමිණිලි කර තිබේ.පොලිස්පති සහන මැදිරියට පවා ගොස් කියා තිබේ. ඒ අනුව දෙහිබාලේ මල්ලී, එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ දෙවීනුවර පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයෙකු වු ‘‘බිල්ඩර්’’ නමැත්තෙකුටය.ඝාතන කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 50 ක් බවට ද පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.
දෙවිනුවර දෙහි ගෙදර පවුල, එම ප්‍රදේශයේ සිය අණසක පතුරුවා ගෙන සිටිනේනේ පළාතම භීතියට පත්කරගෙනය. ඔවුන් සමග සුළු බහින්බස් වීමක් ඇති වුවද එහි කෙළවර වන්නේ මරණයයි. ඒ තරමටම දෙහි ගෙදර අයට ගම්වැසියන් බයය.දෙහි ගෙදර ඥාති වරිගය 300 කට වැඩිය.මීට වසර 25 කට පමණ පෙර සිට මෙම දෙහි ගෙදර පවුල් දෙකක් අතර ද්වන්ද සටනක් පවතී.
පොල් ගෝණි සොරකමක් එම ආරවුල ඇති වීමට හේතුව බව පැරුන්නෝ කියති. කෙසේ වෙතත් ලෙයට ලෙය ගැනීම ඔවුන්ගේ පුරුද්දක් බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, අද වෙන විට ඝාතනයට ලක්ව ඇති පුද්ගලයින් ගණන 25 කට වැඩිය. ඇතැම් පවුලක පිය පුතු දෙතුන් දෙනා බැගින් ඝාතනයට ලක්ව ඇත. ජීවිතයට ජීවිතය බිලි බා ගන්නා බැවින්ම එම පවුල්වල වැඩි දරුවන් සංඛ්‍යාවක් හැදීමද විශේෂත්වයකි.
ඔවුන් බොහෝ දෙනෙකුගේ නමට මුලින් දෙහි නාමය යොදා ඇත. දෙහි රංග, දෙහි ශානක ආදී වශයෙනි. කාන්තාවන්ට ද එසේමය. දෙහි කොටස කියවෙන විටම ඕනෑම කෙනෙකුට මරණය සිහිගැන්වෙන්නේ ඔවුන් ඒ තරමටම දාමරිකයින් බවට බොහෝ දෙනෙකු දන්නා නිසාවෙනි.
ජීවිතයට ආසාවක් ඇති යම් හෝ බුද්ධියක් තියෙන දෙහි ගෙදර ඇතැම් පවුල්වල සාමාජිකයින් සිය නිවෙස් අතහැර දමා වෙනත් දුර බැහැර ප්‍රදේශවලට ගොස් සාමකාමීව ජීවත්වීමට ද පටන් ගෙන තිබේ.තවත් සමහරු විදෙස් රටකට ගොස් නිදහසේ ජීවත් වෙන අතර තවත් අය එම රටවල සිට ලෙයට ලෙය ගැනීමේ පළිය වෙනුවෙන් අපරාධ මෙහෙයවනු ලබති.
දෙහි බාලෙගේ වැඩිමල් පුතා, ශෙහාන් සත්සර නොහොත් දෙහි බාලේ මල්ලී නමැත්තා ඩුබායිවලට පැන ගොස් සැඟවී පාතාලය මෙහෙයවන බව ඕනෑම කෙනෙකු දන්නා කරුණකි.පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර් නමින් හැදින්වු මාකඳුරේ මදුෂ් ගෙන් පසු එම තැන ගැනීමේ වුවමනාවක් දෙහි බාලේ මල්ලීට අවශ්‍යව ඇත.ඔහුගේ වයස තවමත් 29 කි. එම නිසා මදුෂ් ගේ තැන ගැනීමට ඔහුට ඕනෑ තරම් කාලයක් ඉතිරීව තිබෙන බව පාතාල කල්ලි සාමාජිකයෝ ද දනිති.
දෙහි බාලේ මල්ලී අද වෙන විට ප්‍රකෝටිපති ධන කුවේරයකු බවට පත්ව සිටී. දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ චෝදනාවකට වැරදිකරු වී, දැනට මරණ දඬුවම නියම වී සිටින දෙවිනුවර කුඩු තමිල් නමැත්තා මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 ක් සොරකම් කොට විකිණීමෙන් දෙහිබාලේ මල්ලී ප්‍රකෝටිපතියෙකු වු බව බොහෝ දෙනෙකු දන්නා රහසකි. ඒ ඩුබායි හි සිට පාකිස්තානය හරහා මෙරටට මුහුදු මගින් මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන නිසාවෙනි.
දෙවිනුවර ආසන්න මුහුදෙන් මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය කිලෝ ප්‍රමාණය මෙපමණයි කියා කිව නොහැක.ඒ එන ප්‍රමාණයෙනුත් ඉතා සුළු ප්‍රමාණයක් පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව අත්අඩංගුවට ගනී.ඒවා අත්අඩංගුවට ගැනීමට ද එම නිලධාරීන්ට උදවු උපකාර කරන්නේ ද දෙහි බාලේ මල්ලී විසින් බවට ආරක්ෂක අංශ වලට චෝදනා එල්ල වී තිබේ.
දෙහි බාලේ මල්ලී, මුදල් ලබා ගෙන එවන ඇතැම් මත්ද්‍රව්‍ය තොග, මෙරටට ප්‍රවාහනය කරන්නේ වෙනත් කණ්ඩායම් විසිනි. එවිට එම ඔත්තු ලබා දෙන්නේ දෙහි බාලේ මල්ලී විසින් වෙන අතර, එසේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් නැවත තොරතුරු ලබා දීම වෙනුවෙන් ඔහු අතටම පත් වෙන බවද කියති.
එහෙත් දෙහි බාලේ මල්ලී, ඔහු විසින්ම මුදල් ලබා ගෙන, ඔහුගේ ගෝලයින් මගින්ම බහුදින යාත්‍රා මගින් එවන මත්ද්‍රව්‍ය පොලිස් අත්අඩංගුවට පත් නොවන බවට ද ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම දෙහි බාලේ මල්ලී නමැත්තා පොලිසියේ ඇතෑම් ඉහළ නිලධාරීන් සමීපව ඇසුරු කරන බවද කියති.
මේ නිසා, පසුගිය කාලයේ දකුණු පළාතේ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටම, සේවා අවශ්‍යතාව මත යයි කියමින් ස්ථාන මරුද ලබා දී තිබුණි.ඇතැම් නිලධාරීන් මෙන්ම දෙවිනුවර ඇතැම් පවුල් ද එක්වරම ධනවතුන් බවට පත්ව තිබෙන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ ය.
ඔවුන්, මුහුදේ මසුන් ඇල්ලීමේ රුකියාව පසෙකට තබා, මත්ද්‍රව්‍ය රැගෙන ඒම අලුත් රැකියාව කරගෙන ඇත්තේ ඉතා ඉහළ ආදායම් මාර්ගයක් බවට එය පත්ව තිබෙන නිසාවෙනි. කෙසේ වෙතත්, මෙම ද්විත්ව ඝාතනය, දෙහි බාලේ මල්ලී සිදු කර ඇත්තේ ඔහුගේ සහෝදරයෙකු වන කළු මල්ලී සමග ඝාතනයට ලක්වූ යොමේෂ් නදීෂාන් ඇතිකරගත් කාවඩි ආරවුලක් මුල් කර ගෙන බවට ද ඇතැම්හූ කියති.දෙහි බාලේ මල්ලී ගේ පවුලේ සාමාජිකයෙකුට අතක් ඉස්සුවත් ඒ ඕනෑම කෙනෙකුට මරණය හිමි වීම සාමාන්‍ය දෙයකි.
ඊට අමතරව, මත්ද්‍රව්‍ය ආරවුලක් මුල් කරගෙන මෙම ඝාතනය සිදු කර ඇති බවට ද තවත් සැකයක් පවතී.ඝාතනයට ලක්වු යොමේෂ් නදීෂාන්ට, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන අතර ඔහු රිමාන්ඩ් භාරයේ සිට ඇප ලබා තිබේ.
කෙසේ වෙතත්, යොමේෂ් සමග එකට මැරුම් කෑ පසිඳු තාරක, කිසිදු චෝදනාවකට ලක් නොවූ අහිංසක තරුණයෙකි. රුසියාවේ විශ්ව විද්‍යාලයක උපාධිය හදාරා මෙරටට පැමීණ සිටි ඔහු, මීට මාස කිහිපයකට පෙර විවාහ ජීවිතයට ඇතුළත්ව තිබේ. ඔහු තව නොබෝ දිනකින් ඉතාලියට යාමේ අදහසින් සිටි බවද කියති.
ඒ සඳහා වීසා ලැබෙන තෙක් සිටි පසිඳු තාරක, අදාළ මිතුරාගේ උපන් දින සාදයට සහභාගී වෙන්නේ දෛවයේ සරදමකට මෙනි. පසිඳු හා යොමේෂ් ඇතුළු මිතුරන් පිරිස එම සාදයේ දී එකට කා බී සිංදු කියමින් විනෝද වෙන අයුරු ද වීඩියෝ කර සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.
කෙසේ වෙතත්, සාදය අවසන් වී යොමේෂ් නදීෂාන් යතුරු පැදියට නැඟ තනිවම ඒමට සූදානම් වෙන වීට “මචං මමත් එනවා.” යයි කියමින් පසිදු තාරක ද ඊට ගොඩ වී ඇත්තේ මාරයා මග සිටින බව නොදැනගෙනය.කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා සිය ජීවිත ගමනේ අවසන් ගමන ලෙස එය සනිටුහන් කර ඇත.
කිසිදු හතුරෙකු නොමැති පසිඳු තාරක, මෙම ඛේදවාචකයට ලක්වීම බොහෝ දෙනෙකුට දරා ගත නොහැකි වේදනාවකි. ඝාතකයින්ට යොමේෂ් නදීෂාන් කවුරුන්දැයි හරියටම හඳුනා ගත නොහැකි වීම මත ඔවුන් එම දෙදෙනාම මේ ආකාරයට ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
වෙඩි උණ්ඩ 40 කට වැඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන්ම, එම වෛරය කොපමණ දැයි යන්න මනාව තේරුම් ගත හැකිය.නදීෂාන්ට මෙන්ම පසිඳු ගේ මුහුණ විනාශ කිරීමට තරම් ඝාතකයින් කුරිරූ වී තිබුණි. පසිඳුගේ මුහුණට පමණක් වෙඩි උණ්ඩ දහයකට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර තිබූ අතර ඔහුගේ වම් ඇස ගැලවී බිම වැටී තිබුණි. අදාළ මරණ තර්ජනයේ සඳහන් පරිදි, ‘‘සවලෙන්වත් එකතු කර ගත නොහැකි ආකාරයට’’ තරුණයින් දෙදෙනාගේම සිරුරු කෑලී කෑලිවලට විසිරී ගොස් තිබුණි.
කෙසේ වෙතත්, යොමේෂ් නදීෂාන් ගේ අවසන් කටයුතු පසුගියදා සිදු කළ අතර එම නිසා දෙවිනුවර නගරය පුරා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ආරක්ෂක විධි තරකර තිබුණි. පසිඳු තාරක තරුණයාගේ පියා රැකියාව සඳහා මුහුදු ගොස් තිබු නිසා ඔහුගේ දේහය නීවසට රැගෙන යාම ප්‍රමාද කිරීමට පවුලේ සාමාජිකයෝ කටයුතු කර තිබිණ .පියාට තම පුතුගේ අභාවය ගොඩබිමට එන තෙක් නොදන්වා තීබූ අතර ඔහු ගොඩබිමට පැමිණි පසු දේහය නිවසට රැගෙන ඒමට තීරණය කර තිබුණි.
කඩවසම් තරුණයෙකු වු පසිඳුගේ මුහූණට සිදු වු හානිය නිසා දේහය මුද්‍රා තබා රැගෙන ඒමට සැලසුම් කළද “කීයක් ගියත් කමක් නෑ.අපේ මල්ලී හිටිය වගේ අවසන් මොහොතෙත් දකින්න ඕනෑ” යයි ඔහුගේ සහෝදරියන්ගේ බලවත් ඉල්ලීමක් වී තිබුණි. ඒ අනුව රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් වැය කර, පසිදු ගේ දේහය ඥාතීන්ට දැක බලා ගත හැකි පරිදි අවසන් කටයුතු සිදු කිරීමට පවුලේ ඥාතීන් කටයුතු කර තිබිණ.
කෙසේ වෙතත්, හැම විටම හොඳ මිතුරන් ඇසුරු කළ යුතුය, යන ආදර්ශය පසිඳුගේ අකල් මරණය මේ සමාජයට කියා දෙන කදිම පාඩමකි.හොඳ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළේ නම් පසිදු වැනි උගත් බුද්ධිමත් තරුණයෙකු මෙවැනි ඛේදවාචකයකට ගොදුරු නොවෙනු ඇත.
එහෙත් පසිදුගේ පවුලේ සමීපතමයින් ප්‍රකාශ කරන්නේ, තම පුත්‍රයා එම මිතුරන් සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව මෙම සාදයට සහභාගී වී ඇති බවයි. එම නිසා කල්‍යාණ මිතුරන් කවුරුන්දැයි හොඳින් හඳුනාගෙන ඇසුරු කිරීමද වත්මන් තරුණ පරපුරට කියා දෙන තවත් පාඩමකි.
මෙම ද්විත්ව ඝාතනයට අදාළව මේ වෙන විට සැකකරුවන් දස දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අතරින් සිව් දෙනෙකු පසුගියදා අත්අඩංගුවට පත් වූයේ මීගමුවේ දීය. ඒ එම සැකකරුවන් විදෙස් ගත වීමට සූදානම්ව සීටි පසුබිමකය.
මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු, අපරාධය සිදු කළ විගස කූඩා බෝට්ටුවක නැඟ මුහුදු මාර්ගයෙන් පලා ගියේ ද යන්න පිළිබඳව ද පොලිස් විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇත.කෙසේ වෙතත්, ඔහුගේ බිරිඳ පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.එම සැකකරුවන් දස දෙනාම අධිකරණයට ඉදිරිපත් කොට රැඳවූම් නියෝග ලබා ගෙන ප්‍රශ්න කරමින් පවතී.
දැනට සිදුකර ඇති ප්‍රශ්න කිරීම් වලදී ඝාතකයින් අදාළ උපන් දින සාදය පැවති ස්ථානයටම ගොස් මෙම ප්‍රහාරය දියත් කිරීමට පළමුව උත්සාහ කර තිබේ.ඒ සඳහා ඔවුන් කුඩා වෑන් රථයෙන් එම නිවස අසලටම යන විට මෝටර් රථයක් මග අවහිර කර නවතා තිබීම නිසා ආපසු හැරී පැමීණ මග රුක සිට මෙම ප්‍රහාරය දියත් කර තිබේ.යම් හෙයකින් සාදය පැවති ස්ථානයේ දී වෙඩි තැබීම සිදුකළේනම් මීට වඩා ජීවිත හානියක් සිදුවීමට ඉඩකඩ තිබුණි.
මීට සති තුනකට පමණ ඉහත දී, තල්පාවිල කුරුඳු වත්ත පාරේ ලඳු කැලෑවක, අංක තහඩු හා වර්ණය වෙනස් කළ මෝටර් රථයක් ගන්දර පොලීසිය සොයා ගෙන තිබූ අතර එය ද මෙම ඝාතනය සිදුකිරීමට ගෙනැවිත් සඟවා තැබූ එකක් බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.කෙසේ වෙතත්, මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 06 ක් පත් කර ඇත.ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාලය සමග හා අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ ඇත.
දෙවිනුවර සිදුවු මෙම ද්විත්ව ඝාතනයත් සමග යළි පාතාලය කලබලයට පත්ව තිබේ.මෙම බිල්ල වෙනුවෙන් ඊ ළඟට ගන්නා බිල්ල පිළිබඳව ඔවුන් දැනටමත් පිඹුරුපත් සකස් කර ගෙන තිබේ.දෙවිනුවර දෙහි ගෙදර පාතාල ක්‍රියාකාරකම් මෙතැනින් නතරවේය යන්න කිසිවකුත් විශ්වාස නොකරයි.
එම නිසා රජය සිය කශේරුකාව පෙන්වීමට නම් දෙවිනුවර මෙම ඝාතන රුල්ල මෙතැනින් නතර කළ යුතුයි.එසේ වුවහොත් සියලු දෙනාටම බියෙන් හා සැකයෙන් තොරව නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් උදා වෙනු ඇත.
දකුණු පළාත භාර ෙජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, කිත්සිරි ජයලත් ගේ උපදෙස් මත මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා ගේ අධීක්‍ෂණය යටතේ මාතර ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ ගේ මෙහෙයවීමෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධීපති රුක්මන් කෝට්ටගේ ඇතුළු පොලිස් කණ්ඩායම් 06 මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ඡායාරූප හා සටහන -
ක්‍රිෂාන් ජීවක ජයරුක්
ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,
සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයා ලෙස හැදින්විය හැක. එතුමන්ගේ නික්මයාම ශස්ත්‍රීය අවකාශය තු
වන අලි දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට යාමේ දී - දුම්රියේ ගැටී මියයාම් හා බරපතළ තුවාල සිදුවීම් පිළිබඳ පුවත්, මාධ්‍ය මගින් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැ
ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, කොතරම් උත්සාහ ගත්තද ඇතැම් විට ඒ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබ අපොහොසත් වූවා
දෙවිවරුන් වැඩ සිටින බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන දෙවිනුවර, ජනතා වන්දනාමානයට පාත්‍රවූ පූජනීය නගරයකි. එහෙත්, පසුගිය සතියේ එම පුරවරය පාතාලය රජ කරවූ, ජාත්
ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසරේ පළ කළ තොරතුරු අනුව, මාර්ග ආරක්ෂාව සම්බන්ධ ගෝලීය මට්ටමේ ගැටලුවක් වන අතර මාර්ග අනතුරු නිසා සිදුවන තුවාල සහ මරණ මේ සඳහා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දෙවියොත් නොබැලු දෙවිනුවර පාතාල ගැටුම