IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


නැවත බේරාගතයුතු බුද්ධගයාව

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම, ලෝක බෞද්ධ ප්‍රජාව ද එකතුව කළ ලිඛිත ඉල්ලීමකින්ද පසුවය.

පසුගිය මාස දෙකක පමණ කාලයක සිට ඉන්දියාවේ ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධයන් විරෝධතා පවත්වමින් සිටින්නේ බුද්ධගයාවේ පරිපාලනයෙන් හින්දූන් ඉවත් කරන ලෙස ඉල්ලමිනි. 1949 බුද්ධගයා විහාර පනතට අනුව අද ද බුද්ධගයාව පාලනය කරන්නේ හින්දු බහුතරයක් සහිත නව දෙනෙකු ගෙන් යුත් කමිටුවකිනි. එහි සාමාජිකයන් ගෙන් හතර දෙනෙකු හින්දූන් වන අතර, තව හතර දෙනෙක් බෞද්ධයෝය. කමිටුවේ සභාපති තනතුර භාරදී ඇත්තේ බුද්ධගයාව තිබෙන ගයා දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත්වරයාටය. මෙසේ මහේස්ත්‍රාත් ලෙස පත්ව ඇති සෑම කෙනෙක්ම හින්දු ආගමිකයෝය. මේ නිසාම බුද්ධගයා පරිපාලන කමිටුවේ බහුතරය දිගටම හින්දූන්ට හිමිය.

කලින් කලට කමිටුවේ මෙම හින්දු නියෝජනයට විරුද්ධව ඉන්දියාවේ බෞද්ධ උද්ඝෝෂණ තිබිණ. එහෙත් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රථම වතාව මෙය වේ.

බුද්ධගයාව හින්දූන්ගෙන් බේරාගැනීමට 1891 දී “මහාබෝධි සංගමය” ආරම්භ කළ අනගාරික ධර්මපාලතුමා - බුද්ධගයාව වෙනුවෙන් මුලින්ම නඩුමගට බැස්සේ 1895දී ය. එදා සිට එතුමා විසින් ගොනුකරන ලද මුල් නඩු කීපය බෞද්ධයන්ට වාසි සහගත ලෙස තීන්දු විය. කෙසේ නමුත් පසුකාලීනව හින්දූන් ගෙන ආ තර්කයක් නිසා හින්දූන්ට ද පුදබිමේ අයිතිය හිමි යැයි තීන්දු විය. හින්දූන් ගේ තර්කය වූයේ බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් (ආත්මයක්) ලෙස හින්දූන් සලකන නිසා හින්දූන්ට ද පුදබිමට අයිතිය ඇති බවයි.

ධර්මපාලතුමාට පින්සිදු වන්නට බෞද්ධයන්ට බුද්ධගයාව බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස වැඳ පුදා ගන්නට හැකියාව ලැබුණත් 1947 ඉන්දියාව නිදහස ලබන විටත් බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා මෙන්ම හින්දු පූජකවරු ද බුද්ධගයා බුදු බිමේ සිටියහ.

මේ හේතුව නිසා ඉන්දියාවේ අගමැති ජවහර්ලාල් නේරු 1949 පනතක් මගින් බුද්ධගායාවේ පරිපාලනයට බෞද්ධ සහ හින්දු සාමාජිකයන් හතර දෙනා බැගින් සිටින කමිටුවකට භාර කළ යුතු යැයි තීරණය කළේය. එහි සභාපතිත්වය ගයා දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් තනතුර දරන පුද්ගලයාට පැවරීය. මෙම තනතුර අපේ දිසාපති තනතුර හා සමානය. අද දක්වාම මෙම කමිටුවේ ව්‍යූහය වෙනස්ව නැත.

‘අනගාරික ධර්මපාලතුමා තනි පුද්ගලයෙකු ලෙස බෞද්ධයන්ට බුද්ධගයාවේ පූර්ණ අයිතිය ලබාගැනීමට ආරම්භ කළ සටන සාමකාමීව ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව අදත් පවතින්නේ යැයි - ඉන්දියා මහබෝධි සංගමයේ ලේඛකාධිකාරී පැල්වත්තේ සීවලී හිමියෝ “ඉරිදා ලංකාදීපය”ට පැවසූහ.

මෙවර විශාලතම උද්ඝෝෂණ පැවැත්වූයේ ලක්‍ෂ 65ක පමණ බෞද්ධ ජනතාවක් සිටින - ඉන්දියාවේ ආර්ථික මධ්‍යස්ථානය වන මුම්බායි (බොම්බේ) නගරය ද අයත් මහාරාෂ්ඨ ප්‍රාන්තයේය. ඊට අමතරව උතුරු ඉන්දියාවේ ලඩාක් ප්‍රාන්තයේ ද දැඩි සීතල නොසලකා දහස් ගණනින් බෞද්ධයෝ භික්‍ෂූන් වහන්සේලා පෙරටු කරගෙන විරෝධතා දැක්වූහ. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, කර්ණාටක සහ තෙලඟාන ප්‍රාන්තවල ද බෞද්ධ සංවිධාන පෙළපාළි හා උද්ඝෝෂණ සංවිධානය කර තිබිණ.

බුද්ධගයා පරිපාලනයෙන් හින්දූන් ඉවත්කිරීමේ බෞද්ධ ඉල්ලීම ලිඛිතව ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි ගෙන් කර ඇතත්, තවමත් ඒ සඳහා කිසිම ප්‍රතිචාරයක් ලැබී නැත. භාරතීය ජනතා පක්‍ෂයේ අනෙකුත් නායකයෝ ද මේ සම්බන්ධයෙන් මුනිවත රකිති. ඒ රටේ හින්දු බහුතරය තරහ කරගැනීමට ඇති බය නිසාය. ප්‍රධාන විපක්‍ෂය වන කොන්ග්‍රස් පක්‍ෂයේ ජාතික නායකත්වය බුද්ධගයා ප්‍රශ්නය සම්බන්ධයෙන් තවම අදහස් පළකර නැතත්, කොංග්‍රස් පක්‍ෂයේ ලඩාක් ප්‍රාන්තයේ නායකයන් බෞද්ධ විරෝධතාවන්ට සහාය පළ කර ඇත.

අශෝක අධිරාජ්‍යයා වැඩි දියුණු කළ බුද්ධගයා පුදබිම ක්‍රම ක්‍රමයෙන් වල්බිහි වෙන්නට පටන් ගත්තේ ක්‍රි.ව. 12 වැනි සියවසේ පමණ සිටය. ඒ බෞද්ධ රජපරම්පරාවක් වූ පාල රජ පරම්පරාවේ අවසානයත් සමගය.

මෙසේ කැලෑවට යමින් තිබූ පුදබිමට ක්‍රි.ව. 1590 දී පමණ ගාමණ්ඩි ගිරි නම් හින්දු පූජකවරයෙක් පැමිණ එය අත්පත් කරගත්තේය. එතැන්සිට ධර්මපාලතුමා බුද්ධගයාව බෞද්ධයන්ට අත්පත් කරදීමේ සටන අරඹන තෙක් එය තිබුණේ හින්දූ ආගමික සිද්ධස්ථානයක් ලෙසය. අදටත් බුද්ධගයා භූමියේ හින්දු දේවාල කීපයක්ම ඇත. ඒවායේ සමහරක හින්දු දේව ප්‍රතිමා ලෙස නළලට තිලක තබා, සරසා හැඩගස්වා ඇත්තේ භූමියේ තිබූ බුද්ධ ප්‍රතිමාය. 

බුදුරජාණන්වහන්සේ විෂ්ණු දෙවියන්ගේ එක් ආත්මයක් ලෙස ඇති හින්දු විශ්වාසය නිසා හින්දු පූජකවරුන්ට බුද්ධගයාවේ අයිතිය ඉල්ලීමකට හැකිනම් එම අයිතියම හින්දු සිද්ධස්ථාන සම්බන්ධයෙන් බෞද්ධයන්ට තිබිය යුතු බව ඉන්දීය බෞද්ධයෝ තර්ක කරති. ඉන්දියාවේ සියලුම හින්දු මෙන්ම ඉස්ලාම් සිද්ධස්ථානද පාලනය කරන්නේ එම ආගම්වල ගිහි පැවිදි පිරිස් පමණි. ‘එසේ නම් අයෝධ්‍යාවේ රාම් දෙවොලේ බුදු පිළිම තැබීමට ද අවසර දිය යුතු යැයි - ඉන්දීය බෞද්ධයෝ කියති. රාම් ද (රාම) විෂ්ණු දේවියන්ගේ එක් ආත්මයක් ලෙස ද සලකයි. 

අනගාරික ධර්මපාලතුමා ඇරඹූ බුද්ධගයාවේ පූර්ණ අයිතිය බෞද්ධයන්ට ලබාගැනීමේ සටන ඉන්දීය බෞද්ධයෝ ඉදිරියට ගෙනයමින් සිටිති. ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි ලංකාවට තව දින කීපයකින් පැමිණෙන විට ලාංකික බෞද්ධයන්ගේ සහායද ඉන්දීය බෞද්ධයන්ට ඇති බව ඔහුට දැන්වීම බලධාරීන්ගේ මෙන්ම ලාංකීය බෞද්ධ ප්‍රජාවේද යුතුකමකි.

චම්පිකා ලියනආරච්චි

ඩේලිමිරර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ

 



අදහස් (0)

නැවත බේරාගතයුතු බුද්ධගයාව

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

නැවත බේරාගතයුතු බුද්ධගයාව
2025 මාර්තු මස 31 43 0

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,


ශෘෂ්ත්‍රීය ලෝකය බැබලවු ගණනාත් ඔබේසේකර
2025 මාර්තු මස 31 16 0

සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයා ලෙස හැදින්විය හැක. එතුමන්ගේ නික්මයාම ශස්ත්‍රීය අවකාශය තු


යකඩ යකාගෙන් අලි බේරන පුංචි හපනා
2025 මාර්තු මස 31 15 0

වන අලි දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට යාමේ දී - දුම්රියේ ගැටී මියයාම් හා බරපතළ තුවාල සිදුවීම් පිළිබඳ පුවත්, මාධ්‍ය මගින් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැ


දරුඑල අහිමි අඹු සැමියන්ට කාසල් රෝහලෙන් සුබ ආරංචියක්
2025 මාර්තු මස 30 14 0

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, කොතරම් උත්සාහ ගත්තද ඇතැම් විට ඒ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබ අපොහොසත් වූවා


දෙවියොත් නොබැලු දෙවිනුවර පාතාල ගැටුම
2025 මාර්තු මස 30 32 0

දෙවිවරුන් වැඩ සිටින බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන දෙවිනුවර, ජනතා වන්දනාමානයට පාත්‍රවූ පූජනීය නගරයකි. එහෙත්, පසුගිය සතියේ එම පුරවරය පාතාලය රජ කරවූ, ජාත්‍


දිනෙන් දින වැඩිවෙන රිය අනතුරු මාර්ග ආරක්ෂාවට අභියෝගයක්
2025 මාර්තු මස 30 22 0

ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසරේ පළ කළ තොරතුරු අනුව, මාර්ග ආරක්ෂාව සම්බන්ධ ගෝලීය මට්ටමේ ගැටලුවක් වන අතර මාර්ග අනතුරු නිසා සිදුවන තුවාල සහ මරණ මේ සඳහා


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 258 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 815 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 793 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site