"ඩෙංගු මාරාන්තිකයි" "ඩෙංගු වලින් තොර රටක්"
මෙම වැකි දැනට වසර ගණනාවක සිටම අසන්නට දකින්නට ලැබුණත්, තවමත් එහි ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව හැඟෙන්නේ දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව නිසාවෙනි. පසුගිය දිනවල පැවති අධික වැසි තත්ත්වය හමුවේ නැවතත් ඩෙංගු පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර, වසංගත රෝග විද්‍යායතනයේ සංඛ්‍යා දත්ත සංසන්දනාත්මකව සලකා බැලීමේ දී පෙනී යන්නේ - ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම් ද ඉහළ මට්ටමකට පත්ව ඇති බවයි. ඒ අනුව ගෙවීගිය මාස කිහිපය තුළදී රෝගීන් 44,000 කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති අතර, වාර්තාවී තිබෙන මරණ සංඛ්‍යාව 20 කි. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ - කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලිනි. යථාර්ථය නම් ශ්‍රීලාංකිකයන් වශයෙන් අපට තවමත් ඩෙංගු නමැති මාරාන්තික වෛරසයෙන් ගැලවීමක් පෙනෙන මානයේවත්
නොමැති බවයි.
ඩෙංගු රෝගයේ ස්වභාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී - මෙය මදුරුවන් හරහා බෝවන වෛරසයක් බව අප කවුරුත් දන්නා කරුණකි. එහිදී ඊඩ්ස් ඊජිප්ටයි හා ඊඩ්ස් ඇල්බොජික්ටස් යන මදුරු විශේෂවල ගැහැනු මදුරැවන්ගෙන් ඩෙංගු වෛරසය සංසරණය වෙමින් ඩෙංගු උණ සහ රක්තපාත යන රෝග තත්ත්ව දෙක ඇති වේ . ඩෙංගු වෛරසය Den 1, Den 2, Den 3 හා Den 4 ලෙස සිරෝටයිප් 4ක් හෙවත් උපකාණ්ඩ 4ක් පවතී. මෙම කාණ්ඩ 4න් Den 2 ඉතාම දරුණු කාණ්ඩය වන අතර, ඉන් ඩෙංගු රක්තපාත තත්ත්වය හා කම්පනය ඇති කරයි. එහිදී ඩෙංගු රක්තපාතය භයානක වන අතර, මේ අවදියට පත්වීමේ අනුපාතය සමස්ත රෝගීන්ගෙන් සියයට 1ක් පමණි. මෙම කාණ්ඩ යටතේදී රෝගය වැලඳීමේ ස්වභාවය අනුව විශේෂයෙන් සිහිතබා ගතයුත්තේ එක් කාණ්ඩයකින් රෝගය වැලඳී සුවපත්වූ පසු, අදාළ කාණ්ඩයේ රෝගීයා ප්‍රතිශක්තීකරණය වූවද, අනෙක් කාණ්ඩවලට ආරක්‍ෂාවක් නොලැබෙන බැවින්, වෙනත් කාණ්ඩක් යටතේ වූවද නැවත රෝගය ඇතිවීමට අවකාශයක් පවතින බව යි.
ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉතිහාසයට අනුව පළමු ඩෙංගු රෝගියා වාර්තා වී ඇත්තේ 1962 වසරේ ය. පසුව 1996 දී මේ රෝගයේ බරපතළකම නිසාම එය ශ්‍රී ලංකාව තුළ අනිවාර්යයෙන් දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට එක්කොට ඇත. එදා පටන් අද දක්වාම විවිධ මට්ටමින් ලංකාව ඇතුළත ව්‍යාප්ත වී ඇති ඩෙංගු රෝගය වැඩිමනත් අවස්ථාවලදී ඉකුත් වසරට සාපේක්ෂව නව වසරේ රෝගීන්ගේ වැඩිවීමක් සිදුවීම මෙහි ඇති ශෝකජනක තත්ත්වයයි.
ඩෙංගු රෝගය හඳුනාගැනීමේ ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ දින 2-7 ක් අතර කාලයක් පවතින තදඋණයි. ඊට අමතරව හිසරදය සහ ඇස් යට වේදනාව , මස්පිඩු අස්ථි හා සන්ධි වේදනාව, ඔක්කාරය, වමනය, සමෙහි රතු ලප හටගැනීම හා රුධිර වහන තත්ත්වය වැනි තත්ත්වයන් ද දැකගත හැකියි.
ඩෙංගු රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලීමට ප්‍රධාන වශයෙන් රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකරයි. ඒවානම් ඩෙංගු ඇන්ටිජන් පර්‌යේෂණ සහ පී. සී. ආර්. පර්‌යේෂණයයි. (Dengu antigen Test/ PCR for Difinitive Diagnosis) මෙම රුධිර පර්‌යේෂණ අතරින් දෙවැනි පර්‌යේෂණයෙන් රෝගය නිශ්චිතව හඳුනා ගැනීමට අවස්ථාව හිමිවේ. ඊට අමතරව රුධිර පට්ටිකා ගණනය කිරීම මගින් ද වක්‍රාකාරව ඩෙංගු රෝගය හඳුනාගත හැකිය.
ඩෙංගු වසංගතය හමුවේ වැඩිම ජීවිත තර්ජනයන්ට ලක්වී ඇත්තේ, නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ජනයාව යැයි පැවසීම වරදක් නොවන්නේ, සංඛ්‍යා දත්ත පිරික්සීමේදීත් ඒ බව තහවුරු වන නිසාවෙනි. මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලට සාපේක්ෂව නගර තුළ ඩෙංගු මදුරුවාට ව්‍යාප්තියට අවැසි වටපිටාව සකස් වී තිබීමයි. ඒ යටතේ මිනිස් වාසස්ථානයන් අතර පරතරය අවමවීම, ජනගහනය වැඩිවීම හා ඩෙංගු මදුරුවන්ට සුදුසු උෂ්ණත්වය පැවතීම ආදී හේතු සාධක මූලික වේ.
මෙම රෝගය සඳහා තවමත් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොතිබුණ ද. ඩෙංගු රෝගය කල්තියා හඳුනා ගැනීමෙන් රෝගය මාරාන්තික වීම වළක්වාගත හැකිය. එහිදී රෝග ලක්ෂණ මතුවූ සැණින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ. එමෙන්ම ඩෙංගු රෝග ලක්ෂණ ඇත්නම් උණ පාලනය කිරීම සඳහා වේදනානාශක භාවිත කිරීමේ දී NSAIDS කාණ්ඩයට අයත් ඇස්ප්‍රින්, ඩයික්ලොෆෙනාක් සෝඩියම්, මෙෆනමික් ඇසිඩ් ඉබියුප්‍රොෆෙන් යනාදිය මුඛයෙන් හෝ සිපොසිටර් ලෙස ලබාදීම කිසිදු විටෙක සිදු නොකළ යුතු බව වෛද්‍ය මතයයි.
දිගුකාලීන වැසි තත්ත්වයකදී හෝ ගංවතුර වැනි ස්වභාවික ආපදා තත්ත්වයකින් පසුව මෙම රෝගය නැවතත් සමාජ කතිකාවතට ලක්වන අතර, බොහෝවිට ඒ කතිකාවත් පවතින්නේ ඉතා කෙටි කාලයකි. මේ නිසාවෙන්ම දෝ තවමත් මෙයට නිශ්චිත විසඳුමක් සොයා ගැනීම නොහැකිවී ඇත්තේ යන අදහස මතු වී තිබේ. රටක් සංවර්ධනය කිරීමට නම් පුරවැසියා යහපත් සමාජ, ආර්ථික මට්ටමක සිටීම වැදගත් වන සේම සෞඛ්‍ය තත්ත්වයද ඉතා වැදගත් ය. ඒ මන්දයත් රෝගී ජනතාවක් සතු රටකට යහපත් පැවැත්මක්
නැති නිසාවෙනි.
මේ නිසාම ඩෙංගු රෝගය වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඩෙංගු රෝගය පාලනයට යොදා ගැනෙන විවිධ ආයතන විසින් විවිධ ක්‍රමවේදයන් අත්හදා බලමින් සිටියි. ඒ අනුව 2020 වර්ෂයේ දී ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ලෙස වොල්බැකියා බැක්ටීරියා සහිත මදුරුවන් සමාජයට මුදාහැරීමේ වැඩසටහනක් වසංගත රෝග විද්‍යායතනයක් මගින් ක්‍රියාත්මක කර තිබුණි. නමුත් මෙහි සාර්ථක- අසාර්ථක බව ගැටලුවක් වී ඇත්තේ තවමත් රෝග ව්‍යාප්තිය අවමවීමක් හෝ රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකගත නොහැකි නිසාවෙනි. මෙම තත්ත්වය හමුවේ රෝග පාලනයට කියුබානු BTI බැක්ටීරියාව මෙරටට ගෙන්වීමේ කතාබහක් ද අද ගොඩනැගී ඇත. මේ පිළිබඳ අපි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ගෙන්
විමසීමක් කළෙමු.
"ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා අපි සාමාන්‍යයෙන් පරිසරය පිරිසිදු කිරීමට අමතරව දියුණු රටවල් මදුරුගහනය වළක්වන්න BTI කියන බැක්ටීරියාව මදුරුවන් වැඩිපුර පවතින ප්‍රදේශවල පරිසරයට මුදා හරිනවා. ඒවායේ ක්‍රියාකාරීත්වය මත මදුරු ගහණය අඩුවෙනවා සහ මදුරුවන්ගේ ගුණනය පාලනය කරනවා. එවිට ඩෙංගු බෝකරන මදුරු ප්‍රමාණයත් අඩු කරනවා. පසුගිය කාලයේදී කොළඹ ඇතුළු ඩෙංගු රෝගය ඉහළ මට්ටමින් පවතින ප්‍රදේශවල මේ බැක්ටීරියාව මුදාහැරීම ෆයිලට් ප්‍රොජෙක්ට් කිහිපයක් යටතේ ක්‍රියාත්මක වුණා. නමුත් විවිධ ප්‍රශ්න නිසා මේක දිගටම පවත්වාගෙන යන්න බැරි වුණා. දැනට මේ ක්‍රමය සාර්ථක වෙලා තියෙන්නේ කියුබාවේ. ඉතින් දැන් පවතින ආණ්ඩුවට එම රජය සමග දේශපාලන සම්බන්ධකම්ද තියන නිසා, BTI බැක්ටීරියාව ලංකාවට ගෙනල්ලා නියාමනයක් යටතේ පරිසරයට මුදා හැරලා ඩෙංගු මදුරු ගහණය අඩු කරන්න කටයුතු
කරන්න පුළුවන්. "
එම පාලන ක්‍රමවේදයන් අසාර්ථක වීමට විවිධ හේතු බලපාන අතර, එයට ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය තුළ ඇති අනුවර්තනයන්ද බලපාන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
20 වැනි පිටුවෙන්....
ඒ අතරින් ඊඩිස් මදුරුවාගේ බිත්තරවලට අහිතකර පාරිසරික හා දේශගුණික තත්ත්වයන් දරාගෙන මාස ගණනාවක් වුවද නොනැසී සිටීමේ විශේෂ හැකියාවක් තිබීම, මදුරුවාගේ කීට අවස්ථා, පිලා අවස්ථා හා සුහුඹුල් අවස්ථාවන් විනාශ කළද- මදුරු බිත්තර රුඳීඇති බඳුනකට ජලය වැටුණ විගස බිත්තර පුපුරා නැවත මදුරුවන් බෝවීමේ හැකියාව ආදිය ප්‍රධාන වේ. එහිදී බඳුන්වල ඇලී ඇති ඩෙංගු මදුරුවන්ගේ බිත්තර විනාශකිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් තවමත් සොයාගෙන නොමැති වීමත්, රෝගය වැළැක්වීමේ කාර්යක්ෂමතාවට බලපා තිබෙන බව ඔවුන්ගේ අදහසයි.
කෙසේ වෙතත්, ඩෙංගු පාලනයට රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවද - ඇත්තෙන්ම මෙය වළක්වා ගැනීමට පුරවැසියෙකු ලෙස අපටත් පෞද්ගලිකව වගකීමක් ඇත. එහිදී රෝගයේ අවදානම් තත්ත්වය තේරුම් ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සහ ඒවා ඉවත්කිරීම, උදේ සහ සවස එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙන විට ශරීරය ආවරණය වන පරිදි ආරක්ෂිත ඇඳුම් ඇදීම, පැඟිරි තෙල්, ලෙමන් තෘණ තෙල්, නීම් තෙල් සහ DEET (N, N-Diethyl-m-toluamide) අඩංගු රසායනික විකර්ෂක වැනි ස්වභාවික විකර්ෂක යොදාගැනීම, පවුල තුළ රෝගීන් සිටීනම් ඔවුන් හා අනෙකුත් අය මදුරු දෂ්ටනයන් ගෙන් ආරක්ෂා කරගැනීම ආදී ක්‍රියාවන් කරමින් රෝගය බෝවීම වළක්වාගැනීමට තම තමන්ගේ පෞද්ගලික දායකත්වයද ලබා දිය යුතුය.
ඩෙංගු රෝගයට තවමත් නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නොතිබීම නිසා මෙම තත්ත්වය පාලනයට ගතයුතු හොඳම ක්‍රියාමාර්ගය මදුරුවන් බෝවීම වැළැක්වීම හරහා රෝගය පාලනය කිරීමයි. ඒ වෙනුවෙන් රජය මෙන්ම පුරවැසියා ද තමාගේ යුතුකම හා වගකීම නිවැරදිව ඉටුකළ යුතුය. රෝගය ගැන කතාබහට ලක්වන කාලය තුළ පමණක් විවිධ ක්‍රියාමාර්ග සෙවීමට යොමු නොවී රජය මගින් දීර්ඝකාලීනව එම ක්‍රියාමාර්ග පවත්වා ගත යුතුයි. එමෙන්ම පුරවැසියාත් කාලයකට සැරයක් මහජන පරීක්ෂකවරුන් හරහා සිදුකෙරෙන ඩෙංගු පරීක්ෂාවන්හිදී ලබාදෙන දඬුවමට පමණක් බියෙන් වටපිටාව පිරිසිදු කිරීම නොකොට එය තම වගකීම ලෙස දකිමින් සිදුකළ යුතු යි. එවිට මේ උවදුර දුරුකර ගැනීම ඉතා ඉක්මන්වනු ඇත.
ශ්‍රී ලාංකිකයන් වන අප විවිධ වසංගත, දරුණු අර්බුද, යුදමය ගැටුම් ආදී නොයෙක් කරදර බාධකවලට මුහුණ දුන් පිරිසකි. ඒ සෑම අවස්ථාවකදීම අප පුරවැසියන් ලෙස රජයේ ක්‍රියාමාර්ගවලට සහය දෙමින් එකමුතුකමින් හා සහයෝගයෙන් එම තත්ත්වවලින් ජයගත්හ. දැනටමත් අප මැලේරියා රෝගය තුරන් කළ රටකි. ඉන් කියැවෙන්නේ අප සැම එකතු වූවහොත් කළ නොහැක්කක් නොමැති බවයි. ඒ අනුව දැනටමත් මාරාන්තික ලෙස නම් කර තිබෙන ඩෙංගු සහ මී උණ රෝගය පිටුදැක යහපත් රටක් ගොඩනැගීමට අපි සැම උරදී කටයුතු කරමු.
කාලයෙන් කාලයට විවිධ රෝග සහ වසංගතවලින් පීඩාවට පත් වෙන ශ්‍රී ලාංකිකකයන් පසුගිය දිනවල මුහුණ දුන් ප්‍රබලතම සෞඛ්‍ය ගැටලු අතර ඩෙංගු සහ මී උණ ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ මේ නිසා සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමකට පත්වී ඇති නිසාය. ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය දක්වන පරිදි මේ වසරෙහි හඳුනාගෙන ඇති මී උණ රෝගීන් සංඛ්‍යාව 12,000 කි. එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, මාතර, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලිනි. එහිදීත් වැඩිම රෝගීන් වාර්තා වූ කාල සීමාව ලෙස දක්වා ඇත්තේ මාර්තු සිට මැයි දක්වාත්, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මාසයි.
මී උණ - වෙල් උණ, පතල් උණ සහ මඩ උණ ලෙස හඳුන්වන අතර ප්‍රධාන රෝග වාහකයා වන්නේ මීයන් ය. ඊට අමතරව ගවයන් හා මී ගවයන්ගෙන් ද මෙම රෝගය සංසරණය වේ. මෙය බැක්ටීරියා මගින් වැලඳෙන අතර රෝගය වැලඳුණු මීයන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව බාහිර පරිසරයට එක් වේ. එලෙස බාහිර පරිසරයට මුදා හැරෙන රෝග කාරක බැක්ටීරියා ජලයේ රැඳී පවතිමින් මිනිසාගේ ශරීරයේ ඇති කැපීම්, සීරීම්, තුවාල හා ඇස්වල සියුම් පටක ආදියෙන් ශරීරගත වේ. එමෙන්ම මී මුත්‍ර මිශ්‍රිත ජලය බීමට ගැනීමෙන් හෝ එම ජලයෙන් මුඛය සේදීමෙන් ද මෙම රෝගය ශරීරගත විය හැක. මී උණ රෝගයේත් ප්‍රධාන රෝග ලක්ෂණය පැය 48කට වඩා පවතින තද උණයි. ඊට අමතරව මස් පිඩුවල තදබල වේදනාව, හිසරදය, අප්‍රාණික බව, ඇස් තද රතු පැහැ වීම සහ වමනය වැනි රෝග ලක්ෂණද පවතී. වර්තමානයේ මී උණ පිළිබඳ නැවතත් කරළියට එන්නේ යාපනය දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන තත්ත්වය අනුවයි. මේ වෙන විට එම ප්‍රදේශයේ මරණ 07ක් සිදුවී තිබෙන අතර මුල් අවස්ථාවේ මෙය මී උණ ලෙස හඳුනා නොගත්තද මරණයට පත් වූ පුද්ගලයන්ගේ ශරීර කොටස් ඇසුරෙන් කළ පර්යේෂණවලදී තහවුරු වී ඇත්තේ මරණයට හේතුව මී උණ බවයි.
මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ මී උණ වැලඳුණ රෝගීන් 40 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් එම රෝගීන් අවුරුදු 20 - 62 ත් අතර වයසේ පසුවන බවත් සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය තුෂාරි දාබරේරා වෛද්‍යවරිය සම්බන්ධ කරගත්තෙමු.
“සාමාන්‍යයෙන් සෑම වසරකම වගේ මී උණ රෝගීන් 8000ක් 10,000ක් පමණ වාර්තා වෙනවා. මේ වසරේ ඒ ප්‍රමාණය 12,000 දක්වා ඉහළ ගිහින් තියනවා. ඒක වෙන්නේ මේ වසරේ පැවති ගංවතුර හා වැසි කාලගුණ තත්ත්වය නිසා. යාපනය හා උතුරු පළාත්වල මීට පෙර වසරවල වාර්තා වී තිබෙන මී උණ රෝගීන් සංඛ්‍යාව හරිම අඩුයි. හැබැයි මේ වසරේ ඇති වුණ කාලගුණික තත්ත්වය නිසා මේ රෝගය සීඝ්‍රයෙන් පැතිරී යාම සිදුවෙලා තියනවා. දැනටත් සමහර ප්‍රදේශවල වතුර
බැහැල නැහැ.
මුලින්ම රෝගීන් වාර්තා වීම ආරම්භ වුණේ දෙසැම්බර් 6 වැනිදා. වැඩිපුරම රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ පේදුරුතුඩුව, කරවෙඩි, චාවකච්චේරි කියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කොට්ඨාස 03 ඇතුළතයි. සාමාන්‍යයෙන් ගොවිතැන් කරන සමයේදී තමයි රෝගීන් වාර්තා වීම වැඩි වෙන්නේ. මේ වන විට පැතිර යන වසංගත රෝගී තත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණ ආරම්භ කර තියෙනවා. එම රෝගීන්ගේ නියැදි සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසුව තහවුරු වෙලා තියෙනවා වැලඳී තිබෙන්නේ මී උණ රෝගය බව.
නමුත් මේ දිනවල නම් මී උණ ශීඝ්‍ර ලෙස පැතිරෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ගංවතුර තත්වය. මේකෙන් වැළකෙන්න නම් මේ රෝගය හැදන විදිහ දැනගෙන ඉන්න ඕන. මේක බැක්ටීරියාවක්. ඒ නිසා බැක්ටීරියාව ශරීරයට ඇතුළුවෙන්න තියන ඉඩකඩ අවම වෙන විදිහට කටයුතු කළ යුතු වෙනවා. ඇඟපත රුදාව, හිසේ රුදාව, ඇස් රතු වීම වගේ රෝග ලක්ෂණ වලින් යම් කෙනෙක් පෙළෙන්නේ නම් වහාම රජයේ රෝහලක් වෙත ඉක්මණින් යොමු වන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි වෛද්‍ය තුෂාරි දාබරේරා පැවසුවාය.
මෙම වැකි දැනට වසර ගණනාවක සිටම අසන්නට දකින්නට ලැබුණත්, තවමත් එහි ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව හැඟෙන්නේ දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්
ඔක්ස්ෆර්ඩ් යනු සරසවි අතර මහ සරසවියකි. මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත මෙම විශ්වවිද්‍යාලය හැඳින්වෙන්නේ ඉංග්‍රීසි බස සඳහා වෙන්වූ ලොව පැරණිතම අධ්‍යාපන කේන්
මීට දසක පහකට පමණ පෙර ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ඇසුණු මෙම ගීතය ගැයුවේ, ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ චන්ද්‍රාණි ගුණවර්ධනයි. කතරගම පුදබිමේ කිරි වෙහෙරට ය
අද දෙසැම්බර් පළමුදාය. සෑම වර්ෂයකම අවසන් මාසයේ පළමු දිනයයි. ඒ දිනය පිළිබඳව බොහෝ දෙනකු මතකයේ තබාගැනීමට ප්‍රධානම හේතුව වන්නේ ලෝක එ්ඩ්ස් දිනය සැමරීම නිසාව
ගෞතම් අදානි... ශ්‍රී ලංකාවේ අපට ඉතා හුරු පුරුදු නමක්. නිරන්තරයෙන් දේශපාලන හා දූෂණ විරෝධී ක්‍රියාකාරි වේදිකාවල පලු ගසනු ලැබූ නමක්.
විජය කුමරු ක්‍රි.පූ. 5 වැනි සියවසේ සිය අනුගාමිකයන් හත්සියයක් සමග තම්බපන්නි වෙත ගොඩ බසින අවස්ථාවේ මෙම දිවයින දුටුවේ මිනිස් වාසයෙන් තොර කොදෙව්වක් ලෙසිනි
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
නිමානොවන වසංගත ඩෙංගු උණ සහ මී උණ