ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.
කෙළ නා බිඟු රුවින් බුදු මතුරු දපමින
සිටි නා තුරු වෙහෙර අතු අතිනි මල් ගෙන
යති නායක එහිමි බුදු බව ලබන දින
සිටිනා වැනිය පිටදෙන ලෙසට පතමින
හංස සංදේශ කතුවරයා කෑරගල පද්මාවතී පිරිවනේ පරිවේණාධිපති හිමියනුත් වර්ණනා කිරීම පිණිස උක්ත කාව්‍ය රචනා කර ඇත. මේ අවධියේ බණ්ඩාරනායක විද්‍යාලයේද ධජ ආරෝහණය කරන ස්ථානයේ නා ගසක් විය. සෑම උදෑසනකම ඒ දෙස බලා සිටින නායක ස්වාමීන් වහන්සේ නමක්ද වූහ. ඒ ලබුතලේ සුදස්සන විදුහල්පති ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ කාගෙත් සිත් සංවේගයට පාත්‍ර කරමින් පසුගිය දිනකදී අපවත් වූහ. මේ සංවේගකර අකුරු පෙළගැස්ම උන්වහන්සේගෙන් අපට උගත හැකි උත්තුංග ගුණාංග සන්නිවේදනය කිරීම වෙනුවෙනුයි.
ලබුතලේ සුදස්සන හිමියන් 2006 වර්ෂයේ දී විදුහල්පති ධුරය හෙබවීමත් සමගම බණ්ඩාරනායක විද්‍යාලය ක්‍රමිකව වෙනස් වන්නට පටත්ගත් බව පෙන්වා දිය හැකිය. වර්තමානයේ දක්නට ලැබෙන තත්ත්වයට පත්වීමේ සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ ආදිකර්තෘවරුන්ගෙන් සුදස්සන හිමියන්ට හිමිවන්නේ ස්වර්ණමය ස්ථානයකි. ඊට හේතුව පාසල භෞතිකවත් අාධ්‍යාත්මිකවත් ශිෂ්‍ය ජයග්‍රහණයන්ගෙනුත් වේගවත් දියුණුවකට පත්වීමයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලබුතලේ ග්‍රාමයේ ඉපිද 1964 වර්ෂයේ දී පැවිදි දිවියට පත්වූ උන්වහන්සේ 1973 වර්ෂයේදී උපසම්පදාව ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ගෞරව උපාධියක් ලැබ 1975 වර්ෂයේදී ගුරු වෘත්තියට පිවිසි උන්වහන්සේ අවසන් වරට සේවය කරන ලද්දේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේය. කා අතරත් කතාබහට ලක්වුණු කරුණ වූයේ පාසලේ පිහිනුම් තටාකයක් ඉදිකිරීම සඳහා අරමුදල් රුස්කිරීම පිණිස සිදුකරන ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවේදී තමන් වහන්සේගේ මෝටර් රථය ප්‍රථම ත්‍යාගය බවට පත්කිරීමයි. මේ යුගයේදී මේ අවස්ථාව ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වූ අතර එවකට ජනාධිපතිවරයාගේ පවා අවධානයට ලක්විය. පරිත්‍යාගශීලීව කටයුතු කරන ගුරුවරු සහ විදුහල්පතිවරු අතරට උන්වහන්සේගේ නාමය රන් අකුරින් එකතු වූයේ මේ අවස්ථාවෙනි.
"කාර් එක පූජාකරපු හාමුදුරුවෝ ” යනුවෙන් බොහෝ දෙනා අතර පැසසුමෙන් යුතුව කතාබහට ලක්වුණු උන්වහන්සේ සිදුකළ සේවයන්ගෙන් ඒ එක අවස්ථාවක් පමණි. තම ජීවිතයම බණ්ඩාරනායකය වෙනුවෙන් වෙන්කළ බව ඒ යුගයේ සිටි ගුරුවරු සහ සිසුන් සාක්ෂි දරනු නොඅනුමානය.
උදෑසන 5.30ට පමණ පාසලට පැමිණෙන උන් වහන්සේ සවස් වන තුරුම පාසලේ රුදී සිටින බව කවුරුත් දන්නා කරුණකි. උන් වහන්සේට සියලු දෙනාගේම ආදරය එක ලෙස හිමිවූයේ උන් වහන්සේගේ සිතේ සිසුන් සහ පාසල කෙරෙහි වූ අපරිමිත ආදරය කරුණාව කාටත් විද්‍යාමාන වූ නිසාවෙනි. උදෑසන 6.30ට පමණ විකාශය වූ පාසලේ උදා විකාශයේ නොවරදවාම වාදනය කළ ගීතයක් විය. ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ උන්වහන්සේ ප්‍රියතම ගීතයයි. එම ගීතය උදෑසන වාදනය කරන අවස්ථවේදී වඩිමින් සිටි ගමන නවතා පාසලට ඇතුළුවන සිසුන් දෙස ආදරණීය ලෙස උන් වහන්සේ බලා සිටින්ගේ ගීතය රසවිදිමින් බව කවුරුත් දන්නා කරුණකි. සුදස්සන හිමියෝ දිනකට කිහිප වතාවක් පාසල පුරා වඩිති. උන්වහන්සේ පාසලේ සෑම අස්සක මුල්ලක් නෑර හොඳින් දනිති. උන්වහන්සේ රවටන්නට කාටත් නොහැකියි. එය සිසුනටත් ගුරුවරුන්ටත් පොදුයි. පරිපාලකයා පද්ධතියේම කොටසක් වීම ඊට හේතුවයි. සුදස්සන ස්වාමීන් වහන්සේ විදුහලට පැමිණි දිනයේ සිටම පාසල් පද්ධතියේ කොටසක් බවට පත්විය. පාසලටත් උන් වහන්සේ අලුත් අත්දැකීමක් විය. විදුහල්පති ස්වාමීන් වහන්සේ යනුවෙන්
වාග්මාලාව වෙනස්විය.
මෙරට පාසලක් ප්‍රථම වරට ගුවන්විදුලි විකාශයක් සිදු කළ පාසල බවට වාර්තාව සටහන් කළ බණ්ඩාරනායක විද්‍යාලයේ මාධ්‍ය ඒකකය දීප ව්‍යාප්තව පවත්වන අභියෝග මාධ්‍ය තරගාවලිය ප්‍රථම වරට පවත්වන ලද්දේ සුදස්සන හිමියන් විදුහල්පති ධුරය දරන කාලයකදීයි. එම තරගාවලිය සංවිධානයටත් අභියෝග ජනමාධ්‍ය උළෙල සඳහාත් සුදස්සන හිමියන් දැක්වූ උපකාර අමතක කළ
නොහැකි වෙයි.
උන්වහන්සේගේ අපවත් වීමත් සමග අපට පාඩම් රැසක් නැවත නැවත සිහිපත් වනු ඇත. උන් වහන්සේ අපවත් වීමට පෙර උන්වහන්සේ බැහැදැකීමට යාමට අවස්ථාවක් නොලැබීම සංවේගය තව තවත් තීව්‍ර කරයි. උන් වහන්සේ විශ්‍රාම ගෙන නිදහස් විය. අපි සැවොම කාර්යබහුල විය. අපි ඔබ වහන්සේට අමා මහ නිර්වාණය ප්‍රාර්ථනා කරමු.
එච්. ඒ. ගයාන් මධුශංඛ
කථිකාචාර්ය - වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය 2010 උසස්පෙළ කණ්ඩායම
මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.
ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාසල පන්සලක් කළ විදුහල්පති යතිවරයාණෝ