රතු ඕලු මල් පහක වට්ටියක් රුපියල් 500යි
බොහෝ මල් පරවෙලා
විදේශිකයන්‍ට විකුණන්නේ හිතූ හිතූ ගණන්වලට
මීට දසක පහකට පමණ පෙර ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ඇසුණු මෙම ගීතය ගැයුවේ, ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ චන්ද්‍රාණි ගුණවර්ධනයි. කතරගම පුදබිමේ කිරි වෙහෙරට යන පාර දෙපස කුඩා මැසි මත මල් තබාගෙන බැතිමතුන්ට අලෙවි කරන යුවතියන්ගේ සුලබ දසුන පිළිබඳව බොහෝ දෙනකු තුළ පහන් හැඟීමක් ඇතිකරවූ අතර, දිවයිනේ පූජනීය ස්ථාන අබියස මල් වෙළෙඳාම ජනප්‍රිය වීමේ සංකල්පයේ මූලාරම්භය කතරගමින් ඇරඹීමට එම ගීතය ද බලපෑවේය.
පූජනීය ස්ථානයක් වන්දනාමාන කිරීමට යන බැතිමතුන් එක මලක් හෝ රැගෙන යාමට අතීතයේ පටන් ම පුරුදුව සිටියේ, ඒ බෞද්ධ සිද්ධස්ථාන කෙරෙහි දක්වන්නා වූ ගෞරවය හේතුකොටගෙනය. නමුත් දුර බැහැර සිට කතරගම, අනුරාධපුරය, මහනුවර වැනි පූජනීය ස්ථාන නැරඹීමට යන බොහෝ දෙනා, තම වන්දනාවට අවශ්‍ය මල්, තෙල්, පහන් වැනි දෑ ඒ පුදබිම් අසලින්ම මිලදී ගැනීමට පෙලඹුණේ, දුර බැහැර සිට මල් වට්ටියක් රැගෙන යාම ප්‍රායෝගික නොවෙන නිසාය. ඒ හේතුවෙන්, පූජනීය ස්ථාන ආශ්‍රිතව මල්කඩ බිහිවීම ආරම්භ වූ අතර, එතැනින් ඉටු වූ සේවාව සුළු පටු නොවේ.
ගමේ ගොඩේ මෙන්ම ඇළ දොළ ආශ්‍රිතව පිපෙන මල් නෙළාගෙන විත් පුදබිම් ආශ්‍රිතව තබා විකුණා, අතමිටට කීයක් හෝ සොයාගෙන එදාවේල පිරිමසාගත් පවුල් රාශියක්, පසුකාලීනව මෙය ප්‍රධාන ජීවනෝපාය කරගත්තේ එයට ඇතිවූ ඉල්ලුම මතය. මුල් කාලීනව සේවාවක්, පිනක් ලෙස සලකා සැහැවතුනට මලක් දී ඔවුන් හිත් සතුටින් දෙන මුදල ලබාගත්තද, මේ වෙනවිට එය විශාල ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්නේ පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ වෙමිනි.
අතීතයේ අනුරාධපුරය, කතරගම, මහනුවර දළදා මාලිගාව ආසන්නයේ පමණක් පැවැති මල් වෙළෙඳාම, වර්තමානය වෙනවිට කැලණි විහාරය, බෙල්ලන්විල, පිල්ලෑව බෝධිය, කළුතර බෝධිය ආදී වෙනත් විහාරස්ථාන දක්වා ව්‍යාප්ත වෙන්නේ අතමිට සරු ව්‍යාපාරයක් ලෙසිනි. දුර බැහැර ප්‍රදේශවල වැව් පොකුණුවල හැදෙන සුදු නෙළුම්, රතු නෙළුම්, ඕලු ආදී විවිධ මල් වර්ග කොළඹ ආශ්‍රිත විහාරස්ථානවලට පවා ලොරි රථවලින් ගෙන ඒමට තරම් දියුණු වූ මල් වෙළඳාම තුළින්, අතමිට සරු වූයේ එම වෙළෙඳුන්ගේ පමණක් නොවේ.
පසුකාලීනව අනුරාධපුරය, ආනමඩුව, කුරුණෑගල ආදී ප්‍රදේශවල වැව් මල් නෙළන පිරිස්වලට බදුදීමද සිදුකෙරිණි. ඒ වැව අදාළ ප්‍රාදේශීය සභා, නගර සභා මගින් සැකසූ ටෙන්ඩර් පටිපාටියකට අනුවය.
අපේ රටේ බෞද්ධයන් මුදුන් මල්කඩ සේ සැලකන්නේ දළදා මාලිගාවයි. වසරේ දින 365 පුරාවටම බැතිමතුන්ගෙන් පිරී පවතින දළදා මාලිගාවට, දිනකට පූජා කෙරෙන මල් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගනී. එහි පැමිණෙන බොහෝ වන්දනාකරුවන්ට, මල් සපයන්නේ දළදා මාලිගාවේ ඉදිරිපස ගේට්ටුව හා පිටුපස ගේට්ටුව අසල ඇති මල් කඩවලිනි. බොහෝ වන්දනාකරුවන් තම පූජා කටයුතු සඳහා නිවෙස්වලින් මල් රැගෙන නොඑන අතර, ඒ මල් කඩවලින් මලක් මිලදීගෙන බුදුන්ට පූජා කිරීමට සැරසෙන්නේ නැවුම් මලක් පූජා කිරීමට ඇති බලවත් කැමැත්ත මතය. නමුත් එම ස්ථානවලින් මලක් මිලදී ගැනීමට යන ඔවුනට සිදුවෙන්නේ, තමන් පැමිණි කාරණාවද පැත්තක දමා දිවයන්නටය. ඒ තරම් ඔවුන්ගේ මල් මිල අධික ය.
මෙම ස්ථානයේ රතු ඕලු මල් පහක් දැමූ වට්ටියක් රු 500ක මිලකට අලෙවි වෙන අතර, ගැට පිච්ච ආදි නොයෙක් වර්ගයේ පිච්ච මල් වට්ටියක්ද රුපියල් 500කි. (සමන් පිච්ච නොවේ). ඒ දේශීය බැතිමතුන්ටය. ඒ මල් වට්ටියම විදේශිකයන්‍ට අලෙවි වෙන්නේ එක් එක් මිල ගණන් යටතේය. ඒ රුපියල් 1500 සිට 2500ක් වැනි මුදලකටය. මලක් මිලදී ගැනීමට පැමිණෙන දේශීය, විදේශීය බැතිමතුන්, මේ අධික මිල නිසා මල් විකුණන මුදලාලිලා ළඟ අසරණ වෙන වාර අනන්තය. ඒ කෙසේ හෝ තම මල් වට්ටිය විකුණාගැනීමට බැතිමතුන් පසුපස යාම නිසා ය. මේ කරදරයට වඩාත් මුහුණදෙන්නේ විදේශිකයන් ය. මල් වෙළෙන්දන් විවිධ මිල ගණන් කියමින් ඔවුන් පසුපස යාම ඉතා අශෝභන අතර, ඒ තුළින් ඔවුන්ගේ සිතට ඇතිවෙන්නේ අපේ රට පිළිබඳව එතරම් යහපත් හැඟීමක් නොවේ.
පූජනීය ස්ථාන අසල මල් අලෙවි කිරීම වැරදි ක්‍රියාවක් නෙවේ. ඔවුන් සියලුම දෙනා සිය ජීවිතය ගොඩනගාගන්නේද, තම දරු පවුල් නඩත්තු කරන්නේද ඒ වෙළෙඳාම මඟිනි. වැවට බැස මල් නෙළන්නාගේ සිට එය පරෙස්සමට ප්‍රවාහනය කරන්නා දක්වාම තම ආර්ථිකය සරි කරගන්නේ ඒ වෙළෙඳාමෙනි. නමුත් එය මගින් පොදු ජනතාවට ද, වඩා යහපතක් සිදුවිය යුතු බව ඔවුන් ඉතා ඉක්මනින් අවබෝධ කරගත යුතුය.
ඉතා දුර බැහැර සිට පැමිණෙන වන්දනාකරුවන්, මෙම ස්ථානවලින් මලක් මිලදී ගන්නේ තම නිවෙස්වලින් මල් වට්ටයක් රැගෙන ආවත් එය ගමනේදීම පරවෙන බැවිනි. නමුත් මෙම ස්ථානවලින්ද වැඩි හරියක් අලෙවි වෙන්නේ පරමල් බව දැන දැනත් ඇතැමුන් ඒ මල් පූජා කිරීමට රැගෙන යන්නේ කරන්නට දෙයක් නැති කමටය. මෙම ස්ථානවල ඇති මල් බොහොමයක් තැළී පොඩිවී, පෙති පවා කැඩී ගොස් ඇති බව ඒවා පරීක්ෂා කිරීමේදී පෙනී යයි. ඉතා ඉහළ මිල ගණන්වලට පවා අලෙවි කරන්නේ එවැනි මල් වට්ටි ය.
දළදා මාලිගාව ඉදිරිපස සහ පිටුපස දොරටු අසල ඇති මෙම මල් අලෙවි කුටි පාලන කටයුතු සිදුවෙන්නේ දළදා මාලිගාවේ ඉඩම් අංශය මගිනි. මේ පිළිබඳව එහි නිලධාරියකු පැවැසුවේ, මෙවැනි චෝදනා බැතිමතුන්ගෙන් නිරතුරුව වාර්තාවෙන බවයි.
මාලිගාවේ ඉදිරිපස හා පසුපස දොරටු අසල ඇති මල් කුටි පාලනය වෙන්නේ දළදා මාලිගාව මඟිනි.
‘‘යහපත් කර්මාන්තයක් කරගෙන සිය ජීවිකාව පවත්වාගෙන යාමට අතහිත දීමක් විදිහට තමයි මේ කුටි ඔවුන්ට බදු දුන්නේ, නියමිත ක්‍රමවේදයක් සහිතව. මල්වල මිල ගණන් පවා මහනුවර කච්චේරියේ නිලධාරීන් හා එකතුවෙලා නියම කරගෙන තියෙනවා. ඒ වගේම මිල ප්‍රදර්ශනය කරන්න උපදෙස් දීලා තිබෙනවා’’ යැයිද ඔහු පැවැසීය.
‘‘ඒ සියල්ල කෙසේ හරියට කර දුන්නත් විටින් විට බැතිමතුන්ගෙන් චෝදනා එනවා මල් ඉතා ඉහළ මිල ගණන්වලට විකුණනවා කියා. ඇත්තටම එහෙම කරපු කිහිප දෙනෙක් පහුගිය කාලයේත් අපට වාර්තා වී ඔවුන්ගේ බදු පවා අහෝසි කරපු අවස්ථා තිබුණා. එහෙම කරන අය ඉන්නවා. ඒ වගේම තමයි අපි නිතරම ඉන්නේ කාර්යාලයේ නිසා, මේ තැන් පරීක්ෂා කරන්න පොලිසියට පවරා තිබෙනවා. මොකද, ඔය ස්ථාන දෙකේම නිරන්තරයෙන් පොලිසියෙ මහත්වරු ගැවසෙනවා.
මල් වට්ටියක් අසාධාරණ ලෙස විකුණන්න බැහැ. බොහෝ මිනිස්සුන්ට අධික මිලක් දීලා ගන්න බෑ. ඒ නිසා ම තමයි මිලක් නියම කරලා වැඩපිළිවෙළක් හදලා තියෙන්නෙ. ඒත් ඒකට පිටින් යන කීප දෙනෙක් ඉන්නවා. වන්දනාකරුවන්‍ට අපි කියන්නේ ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් එතැන ම සිටින පොලිසියට කියන්න කියා. එතකොට ඒ සම්බන්ධව අපිට තීරණයක් ගතහැකියි, ඒ වෙළෙන්දා පිළිබඳව.
අපි පසුගිය දිනකත් රැස්වීමක් පවත්වා මේ පිළිබඳව විවිධ උපදෙස් ඔවුන්ට දී තිබෙනවා, වන්දනාකරුවන් ගසාකන්න එපා කියලා. ඒකට පිටින් යන කීපදෙනෙක් තමයි ඔය වැඩේ කරන්නේ. ඒ වගේම තමයි, බොහෝ වන්දනාකරුවන් හිතනවා මේ තැන් දෙකෙන් මලක් කීයක් හරි දීලා මිලට ගත්තේ නැතිනම් මාලිගාව ඇතුළේ මලක් ගන්න තැනක් නෑ කියලා. ඇත්තටම එහෙම නෑ. වාහල්කඩ දොරටුව ළඟ මල් විකුණන කුටියක් තිබෙනවා, බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන්. ඉතා සාධාරණ මුදලකට තමයි එතැන මල් අලෙවි කරන්නේ. මේ විදිහට දිගටම මල් වෙළෙඳුන් ඉක්මනින් ධනවත් වෙන්න, මෙහෙම අසාධාරණ ලෙස උපයනවානම්, ඉදිරියේදි වන්දනාකරුවන්ට අමාරුවෙන් හරි ගෙදරින් මලක් අරන් එන්න කියලා තමයි කියන්න තියෙන්නෙ.
වෙළෙඳුන්ගෙන් මේ පිළිබඳව ඇසුවාම ඔවුන් කියන්නේ වැස්ස කාලෙට මල් නෑ, දුර ඉඳන් ගේන්නේ කියලා. හැබැයි ඒ කතාව මේකට අදාළ නෑ. තමන් කරන ව්‍යාපාරය සාධාරණ විය යුතුයි’’ යැයි ඔහු වැඩිදුරත් පැවැසීය.
මලින් පිරි සිය දහස් ගණන් වැව් පොකුණු ඇති අනුරාධපුර පූජා භූමියේ ද නෙළුම්, මානෙල් මල්වලට වඩා වැඩි මිලට විකිණෙන්නේ දහස්පෙතියා මල්ය. එම දහස්පෙතියා මල් මෙරට වගා කළ ද නිජබිම ඉන්දියාවයි. සාමාන්‍යයෙන් ගෙවත්තක වැඩෙන දහස් පෙතියා මලකට වඩා ප්‍රමාණයෙන් විශාල මෙම මල් පහ හයක් අඩංගු වට්ටියක්ද විකිණෙන්නේ රුපියල් පන්සියයක් වැනි මුදලකටය. පසුගිය කාලය පුරාම අනුරාධපුර පූජා නගරයේ වට්ටි ගණන් විකිණුනේ වරාමල්ය. මේ දිනවල වරා මල් නොමැති බැවින් අඩු මුදලකට අලෙවිවෙන එකම මල් වර්ගය ජපන් ජබරය.
ජපන් ජබර යනු මෙරට වැව්වලට පිළිලයක් වූ ආක්‍රමණශීලී ශාකයකි. එයින් උපරිම ඵල නෙළාගෙන ඇත්තේ මල් වෙළෙඳුන්ය.
පූජා භූමියක මලක් අලෙවි කොට තම දරු පවුල් නඩත්තු කරන මිනිසුන් අපේ රටේ ඕනෑතරම් සිටින අතර, එය එක් අතකින් සාධාරණ රැකියාවකි. මන්ද, ඒ මිනිසුන් විකුණන්නේ රටකට සමාජයකට අහිතකර දෙයක් නොවේ. නමුත් එය සමාජයකට අහිතකර වෙන්නේ එය පවත්වාගෙන යන ක්‍රමවේද අනුවය. ආගමික සිද්ධස්ථානයකට යන බැතිමතකු සූරාකමින්, පීඩාවට පත්කරමින් තමන්ගේ දිවි පෙවෙත උදෙසාම කටයුතු කරන වෙළෙඳුන්ගේ හෙට දවස කවදාවත් යහපත් නොවේ. මන්ද, පූජනීය ස්ථාන වන්දනාමාන කරන බැතිමතුන් මෙවන් පීඩා හෙළා දැක මලක් පහනක් නිවෙසින් ම රැගෙන යාමට පුරුදුවෙන දවස වැඩි ඈතක නොවන බැවිනි.
සුජිත් ප්‍රසංග
ඔක්ස්ෆර්ඩ් යනු සරසවි අතර මහ සරසවියකි. මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත මෙම විශ්වවිද්‍යාලය හැඳින්වෙන්නේ ඉංග්‍රීසි බස සඳහා වෙන්වූ ලොව පැරණිතම අධ්‍යාපන කේන්
මීට දසක පහකට පමණ පෙර ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ඇසුණු මෙම ගීතය ගැයුවේ, ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ චන්ද්‍රාණි ගුණවර්ධනයි. කතරගම පුදබිමේ කිරි වෙහෙරට ය
අද දෙසැම්බර් පළමුදාය. සෑම වර්ෂයකම අවසන් මාසයේ පළමු දිනයයි. ඒ දිනය පිළිබඳව බොහෝ දෙනකු මතකයේ තබාගැනීමට ප්‍රධානම හේතුව වන්නේ ලෝක එ්ඩ්ස් දිනය සැමරීම නිසාව
ගෞතම් අදානි... ශ්‍රී ලංකාවේ අපට ඉතා හුරු පුරුදු නමක්. නිරන්තරයෙන් දේශපාලන හා දූෂණ විරෝධී ක්‍රියාකාරි වේදිකාවල පලු ගසනු ලැබූ නමක්.
විජය කුමරු ක්‍රි.පූ. 5 වැනි සියවසේ සිය අනුගාමිකයන් හත්සියයක් සමග තම්බපන්නි වෙත ගොඩ බසින අවස්ථාවේ මෙම දිවයින දුටුවේ මිනිස් වාසයෙන් තොර කොදෙව්වක් ලෙසිනි
“මේ ඇත්තෝ දැන් නඩුවකට මංගච්චනවා. මේ ඇත්තෝ දැන් මානව හිමිකම් එකට පැමිණිල්ලකුත් මන්දො කරල තිබෙනවා” යැයි දඹානේ ආදිවාසී නායක - වනස්පති, ඌරුවරිගේ වන්නියලැ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
පුද බිම් ළග මල් ඇයි මෙතරම් ගණන්