IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මගීන් මහමග තැවෙද්දී චීන මැදිරි දිරන්න ඇරලා

මගී ධාවනයට එක් කිරීම සඳහා එක මැදිරියකට ඇමෙරිකානු ඩොලර් 214,900.00 වැයකොට මෙරටට ගෙන්වූ චීන මැදිරි සීයෙන් අනූවක් මේ වෙනවිට දෙමටගොඩ, මාලිගාවත්ත, ධාවනාගාරයේ භාවිතයට නොගෙන ගාල්කොට ඇති ආකාරය එහි ගිය අපගේ කැමරා කාචයට හසුවිය.
දුම්රිය මැදිරි එකින් එකට යමින් ඡායාරූප ගනු ලැබූ අපට දැකගත හැකිවූයේ දුම්රිය මැදිරි ඇතුළත ඇති ලීයෙන් සැකසූ ඇතැම් උපාංගවල වේයන් පවා සිය ලැගුම්හල් සාදාගෙන ඇති ආකාරයයි.
දැඩි ලෙස මකුළුදැල් බැඳුණු මැදිරි ඇතුළත දුහුවිල්ලෙන් වැසීගොස් ඇති අතර, අපට ද එහි ගමන් කරන්නට සිදු වූයේ කුණුගොඩවල් මතිනි.
එක් සේදුමකින් යථා තත්ත්වයට පත් කළ හැකි දුම්රිය ආසන විශාල වශයෙන් විනාශ වෙමින් පවතින අතර මෙසේ විනාශ වෙමින් පවතින දුම්රිය මැදිරි තුළ සුපිරි තත්ත්වයෙන් පවත්වාගෙන යා හැකි ආපනශාලා මැදිරි ලෙස සැලසුම් කළ මැදිරි ද දක්නට ලැබුණි.
එසේ භාවිතයට ගත හැකි දුම්රිය මැදිරි, දෙමටගොඩ ධාවනාගාරයේ වල් බිහි වෙමින් පවතින්නේ මගී ජනතාව උදේ සවස දුම්රියන්වල එල්ලී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් රැකියාවට සහ ගමන්බිමන් යන කාලවකවානුවකදී වීම කනගාටුවට කරුණකි.
ධාවනයේ යෙදවිය නොහැකි, දුඟඳ හමන වැසිකිළි සහිත අබලන් දුම්රිය මැදිරි, සුඛෝපභෝගි ලෙස හඳුන්වමින් ආණ්ඩු මාරුවීම්වල දී හෝද හෝදා මඩේ දමන ප්‍රවාහන අමාත්‍යවරුන් ජනතාව රවටන ආකාරය අපට කවදත් දක්නට ලැබුණු කාරණයකි.


එකම ඔඩිසිය වෙලාව ඩිංගක් වෙනස් කොට මගේ වගේ දාන මොහොතකදී, සුපිරි තත්ත්වයේ මැදිරි 90 වල්බිහිවෙනු දුටුවාදැයි අපට පැහැදිළි නොවූ කරුණකි.
මේ ආකාරයෙන් දුම්රිය මැදිරි විනාශ වෙන්නේ ඇයි? එහි පවතින යම් දෝෂයක් වේද? එසේ පවතින කුමන හෝ දෝෂයක් රත්මලාන, මාලිගාවත්ත දුම්රිය වැඩබිම්වලදී සැකසීමට නොහැකි දෝෂ ද?
ඉරිදා ලංකාදීප අප විසින් මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ වගකිවයුතු නිලධාරින්ගෙන් විමසා සිටියෙමු.


මාධ්‍යයට අදහස් දැක්වීම තම කාර්යභාරය නොවන බව පවසමින් ඔවුන් අපහට නිසි තොරතුරක් ලබාදීම මගහැර සිටියහ.
එහෙයින් 2016 අංක 12 දරන තොරතුරු පනතට අනුව, මේ ආකාරයෙන් විනාශවෙන දුම්රිය මැදිරි පිළිබඳව තොරතුරු ලබාගැනීමට කටයුතු කළෙමු.
පනත ප්‍රකාරව ලබාගත් තොරතුරුවලට අනුව, 2007 වර්ෂයේ සිට 2024 දක්වා මෙරටට ගෙන්වූ චීන දුම්රිය මැදිරි ගණන100 කි.
2007 වසරේ මෙරටට ආනයනය කළ චීන මැදිරි 2019 දක්වා වසර දොළහක කාලයක් බංගදෙණිය, මුතු කුමාරි, පොල්ගහවෙල,  යාපනේ, මඩකළපුව යන  දුම්රිය සේවාවන්හී මගී ප්‍රවාහනයට යොදවා තිබුණි.
අද වෙනවිට ඉන්දිය මැදිරි යොදවා ඇති සෑම දුම්රිය ගමනාන්තයකටම එදා යොදවා තිබුණේ චීන මැදිරි ය.
ආනයනය කළ චීන මැදිරිවල ‘ඩිස්ක් බ්රේක්’ යොදවා තිබූ අතර පැරණි මැදිරිවලට යොදවා තිබූ  තිරිංග පද්ධතිය මිස නව ඩිස්ක් බ්රේක් සහිත මැදිරි දෝෂ සහිත බව දුම්රිය රියදුරන් විරෝධතා දක්වමින් පවසා ඇතැයි කියති. අවස්ථා කිහිපයක දී චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමෙන් ඉවත්වීමේ තීරණයන්ට එළඹෙමින් දුම්රිය රියදුරන් දුම්රිය වර්ජනයන්ටද යොමු වූ අවස්ථා ගණනාවක් ද ඇත. 
වෘත්තීය සමිතියක් නම්, එම වෘත්තිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම, ඉහළ වැටුප් සහ සෞඛ්‍ය සේවය, විශ්‍රාම ප්‍රතිලාභ, සේවායෝජකයාගේ වගකීම් සම්පූර්ණ කිරීම, යහපත් සේවා කොන්දේසි, වෘත්තීය සමිති සාමාජිකයන් වෙනුවෙන් සේවායෝජකයා සමඟ මිල අඩු කිරීම් සහ හාම්පුතුන් සමග කම්කරු ගිවිසුම්වලට එළඹීම වැනි පොදු ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා විය යුතුය.
 නමුත්  දුම්රිය සේවාව තුළ ඩිස්ක්බ්රේක් දෝෂය හේතුවක් කර ගනිමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් දුම්රිය මගීන් මහමග රස්තියාදු කරමින් වර්ජනයන් දියත් කරනු ලැබීය.
ඩිස්ක් බ්රේක් ක්‍රමවේදය දෝෂ සහිත බව පවසමින් ඔවුන් දියත් කළ විරෝධතා හමුවේ රත්මලාන දුම්රිය අංගණ වැඩබිමේ දී පැරණි ක්‍රමවේදයන්ට අනුව තිරිංග පද්ධතිය සැකසීම සිදුකෙරිණි.
මේ වෙනවිට, අප සොයාගිය තොරතුරුවලට අනුව, රත්මලාන, මාලිගාවත්ත, දෙමටගොඩ, යාපනය, අනුරාධපුර යන ධාවනාගාරවල ගාල්කොට විනාශ වෙමින් පවතින මැදිරි ගණන 90කි. මෙරටට ආනයනය කළ මැදිරි සීයෙන් මගී ප්‍රවාහනයට යොදවා ඇති මැදිරි ගණන දහයකි.
ලංකා දුම්රිය සේවයේ තවත් අසාර්ථක දුම්රිය එන්ජින් විශේෂයක් වෙන ‘‘M 11’’ එන්ජිම සඳහා යයි පවසමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ කොරෝනා සමයට පෙර  ඇණවුම් කළ කුරහන් පැහැ මැදිරි 160ක් වරින්වර  බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට ගොඩබානු ලැබුවේ වර්ජන කිහිපයක් සිදු කරමින් දුම්රිය රියැදුරන් විරෝධතා දක්වන කාලයේය. 
ඉන්දීය අලු‍ත් මැදිරි මෙරටට ආනයනය කිරීමත් සමඟින් චීන මැදිරිවල තිරිංග පද්ධති සැකසීමට කාලය වැය කරනවාට වඩා නව ඉන්දියන් මැදිරි දුම්රිය සේවයට එක් කරමින් ඒවා නඩත්තු කිරීම පහසුයයි එවකට සිටි බලධාරීන් තීරණය කොට ඇත.
දුම්රියන් මෙරටට ගෙන ආ බව පැවසෙන්නේ 2007 වර්ෂයේය. වසර දොළහක් තිරිංග දෝෂ හදමින් සේවයේ යෙදවූ වීන මැදිරි ධාවනාගාරවල ගාල් වූ බව සඳහන් වෙන්නේ 2019 වර්ෂයේය. 
ලබාදුන් තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී හෙළිවෙන කාරණය නම් වසර පහක් තිස්සේ චීන මැදිරි කිසිදු නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් පැවතීමය. අවසානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 22,105.200.00 ණය වී  මෙරටට ගෙනා වීන මැදිරි සියයෙන් අනූවක්ම මේ ඡායාරූපවල දිස්වෙන ආකාරයට විනාශවෙමින් පවතින්නේය.
මේ ආකාරයෙන්ම දෙමටගොඩ, යාපනය, මාළිගාවත්ත, රත්මලාන, දුම්රිය අංගණවල ගාල් කොට ඇති, විනාශවෙමින් පවතින චීන මැදිරි සම්බන්ධයෙන් ගැනීමට බලාපොරොත්තු වෙන ඉදිරි පියවර මොනවා ද යන්න අප දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගෙන් විමසා සිටීමට උත්සාහ කළ නමුත් ඔහු දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වීය. 
සටහන සහ ඡායාරූප 
රේඛා තරංගනී ෆොන්සේකා



අදහස් (0)

මගීන් මහමග තැවෙද්දී චීන මැදිරි දිරන්න ඇරලා

ඔබේ අදහස් එවන්න

 

නිම්තෙර

දැන් පොලිසිය දැක්කම වේගය අඩු කරලා වැඩක් නෑ
2025 මාර්තු මස 10 7 0

සැබැවින්ම එය වැකියකටත් වඩා යථාර්ථවාදී මතයක පිහිටා තැනූවක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. වර්තමානය වන විට නාගරීකරණයට ලක්වූ මාර්ගවල වාහන තදබදය අධික ලෙස ව


ජීවත්ව සිටියදී මරණ සහතිකය ලියාගත් නදීකා
2025 මාර්තු මස 03 166 0

මරණයට පෙර අවසන් කැමති පත්‍රයක් ලියා තැබීම, අවසන් කටයුතු සඳහා මිල මුදල් වෙන් කර තැබීම ආදිය විරල නොවුණු සුලබ සිදුවීම් බවට පත්ව තිබේ. එහෙත් ඒ කිසිවකුට තමන්


සංචාරක කර්මාන්තයට ඇති අනතුර පාතාලය පමණද?
2025 මාර්තු මස 03 21 0

පාතාල කල්ලි අතර ගැටුම් උග්‍ර වී මිනිසුන් මරා දැමීම් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය රටේ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කරන බවට ද මත පළ වේ.


සාපෙළ දිනන උතුරු මැද ක්‍රියාන්විතය රෑ ඉස්කෝලේ
2025 පෙබරවාරි මස 24 49 0

දිවයිනේ පළාත් අතුරින් උතුරැ මැද පළාත අධ්‍යාපන මට්ටමින් පසුගිය 1999 වර්ෂයේ දී සිවුවන ස්ථානය ට පත්ව තිබුණි.


ලංකාව යනු ආදරය නොහදුනන රටක් සිංහල භාෂාව පිළිබද දේශක අකිල විමංග සෙනවිරත්න
2025 පෙබරවාරි මස 17 122 0

“ ආදරය “ මඟහැර යන්නට නොහැකි, විශ්වාසයට කියන තවත් නමකි, තව පැත්තකින්, ප්‍රේමය යනු රූස්ස ගස් වගේ මිනිස්සු ද පරඬැල් වගේ දිය කරවන මහ පුදුම හැඟීමකි. ආදරය තරම්,


මනෝකායෙන් කළු කුහරය වෙතට ගිය ගමන
2025 පෙබරවාරි මස 17 218 0

කළු කුහරයක් යනු විශ්ව අවකාශයේ, එසේත් නැත්නම් අවකාශ - කාලයේ (space - time) පිහිටීම හෙවත් සාමාන්‍යයෙන් පවතින ආකාරය අසාමාන්‍ය ලෙස හකුළා දැමිය හැකි තරම් අධික ගුරුත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 260 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site