IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මහාවංශය ලෝක උරුමයක් ලෙස නිළ වශයෙන් නම් වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සතු මහාවංශය පුස්තකය ලෝක උරුමයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රෙ ඔසෝලේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවට එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මහතා සඳහන් කර සිටියේ පත්තිරු 233 කින් සමන්විත මෙම පුස්කොළ පොත, ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ සිට 1815 දක්වා අඛණ්ඩව එකම භාෂා ශෛලියකින් ලියවී ඇති බවක් පෙනීයන බවත්, ලෝකයේ ඇති එවැනි එකම පොත මෙය බවත්ය. මෙම පුස්කොළ පොත ලෝක උරුමයක් බවත්, එහි එක්තරා ආගමක එක්තරා ජාතියක ඉතිහාසයක් එහි ලියැවී නොමැති බවත්, එහි පදනම වී ඇත්තේ ලංකාවේ අඛණ්ඩ ඉතිහාසය බවත් ඔහු පැවසීය. ඇතැම් වෙනත් රටවලට අඛණ්ඩ ඉතිහාසයක් ඇතත් මේ ආකාරයට දින වකවානු අනුව ලියවී ඇති පැරණිතම ලියවිල්ල මෙය බවද මහාචාර්යවරයා පැවසීය.
ඉන්දියාවේ ඉතිහාසය ලියවී ඇති රාජතරංගනී පොත ලියවීම ආරම්භ වී ඇත්තේ මහාවංශය ලිවීම ආරම්භ වී වසර දහසකට පමණ පසුව බවද මහාචාර්යවරයා කීය. ඔවුන්ගේ ඉතිහාස මූලාශ්‍ර ආවරණය කරගැනීම සඳහා පවා මහාවංශය උපකාරී වී ඇත්තේ බුදුන් වහන්සේගේ උප්පත්තියේ පටන් ඔවුන්ගේ රාජවංශ ගැන ද මහාවංශයේ සඳහන්ව තිබීම හේතුවෙන් බව පැවසූ මහාචාර්යවරයා, ඒ තුළින් ඉන්දියානු ඉතිහාසය ආවරණය කරගැනීමට ඔවුන්ට හැකිව තිබෙන බව ද පැවසීය .


මෙම මහා පුස්තකය ජාතියක් නියෝජනය වන්නක් පමණක් නොවන බව සඳහන් කළ මහාචාර්යවරයා, ඒ තුළ කාලානුරූපීව සෑම ජාතියක් ගැනම කරුණු ඇතුළත්ව තිබෙන බව අවධාරණය කළේය.
රටක ඉතිහාසය යුගයෙන් යුගයට සනිටුහන් කරමින් අපගේ අතීත මුතුන් මිත්තන්ගේ සාක්‍ෂරතාව ලොවටම කියා දෙන ලොව ඇති පැරණිතම ලියවිල්ල වශයෙන් එම පුස්තකය නම් කළ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කර සිටියේ, මෙම පුස්තකය මින් ඉදිරියට මුළු ලෝකයටම උරුම පුස්තකයක් බවයි.
ලෝකයේ දීර්ඝතම හා අඛණ්ඩව ලියන ලද ඓතිහාසික වාර්තාවක් වශයෙන් සැලකෙන මහාවංශයට පරිණත ඉතිහාස සම්ප්‍රදායන් අනුගමනය කරමින් ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව 1815 උඩරට ගිවිසුම අත්සන් කොට මෙරට රාජ වංශය අවසන් වන තෙක් ඉතිහාස තොරතුරු ඇතුළත් වීම විශේෂත්වයකි.
දකුණු ආසියාවේ මෙම ගණයට අයත් පළමු ඉතිහාස ග්‍රන්ථය මහාවංශය බවට තහවුරු වී ඇත. මෙම ග්‍රන්ථයේ ඇති නිරවද්‍යතාව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දී කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් සනාථ වී තිබේ. එය බුදුන් වහන්සේ ජීවත්වූ කාලය හා අශෝක අධිරාජයා වැනි රජවරුන් ජීවත්වූ සමය මෙන්ම, ලෝක ආගමක් ලෙස බුද්ධාගමේ නැගීම පිළිබඳ තීරණාත්මක තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස සැලකේ.


අග්නිදිග ආසියාවේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට මෙම ලේඛනය සැලකිය යුතු කාර්යභාරයක් සිදුකොට ඇති අතර, ඉන්දියානු ඉතිහාසයේ අශෝක අධිරාජයාගේ අනන්‍යතාවට අද්විතීය ලෙස දායක වී තිබේ. රටවල් කීපයක මහාවංශයේ අත්පිටපත් ගණනාවක් පැවතීම මෙන්ම අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කීපයකට මහාවංශය පරිවර්තනය වී තිබීම විශේෂත්වයකි. එය අති විශාල ඓතිහාසික, සංස්කෘතික වචනාර්ථ සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරයි.
එම අවස්ථාවේදී එම පුස්තකයට හිමි ලෝක උරුම සහතිකය යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා වෙත පිළිගන්වනු ලැබූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා විසින් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ගමන සනිටුහන් කරමින් විශේෂ පොතක්ද තිළිණ කරනු ලැබීය. මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය එම්. මහේශ්වරන් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ .
ෂේන් සෙනෙවිරත්න



අදහස් (0)

මහාවංශය ලෝක උරුමයක් ලෙස නිළ වශයෙන් නම් වෙයි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 21 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 29 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මුහුද මැද බලගතු හාස්කම් පිරි සිනිගම මහ දෙවොල් බිම
2024 අගෝස්තු මස 27 77 0

ඵෙතිහාසික ශ්‍රී දෙවොල් දේවාලය ශ්‍රී ලංකාවේ මුහුදු මැද පිහිටි එකම දේවාලයයි. දකුණු පළාතේ හික්කඩුව සංචාරක පුරවරයට නුදුරු සීනිගම මූලික කොට ගෙන වන්දනාමාන


සර්පයන්ට මෙත් වඩන මෙලූෂා
2024 අගෝස්තු මස 27 83 0

ජීවිත අවදානම දෝතින් දරාගෙන වසර හයක කාලයක් තිස්සේ සිට අනාරක්ෂිතව මරණය අභිමුඛව සිටින නාගයින් සහ පොළොඟුන් වැනි විෂ ඝෝර සර්පයින් නිරුපද්‍රිතව අල්ලා අභය


ශ්‍රී ලංකාවේ බිලියන 1 ක පෙරළිය
2024 අගෝස්තු මස 27 67 0

කෝකටත් තෛලය බඳුව මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන යුගයේ හොරණෑව බඳු වදන් පෙළක් වී තිබෙන්නේ කෘත්‍රිම බුද්ධිය යන්නය. ශ්‍රී ලංකාවේ පාසල්වල ටිසින්ක්ලේයා


තේ කර්මාන්තයේ බරපතළ කඩාවැටීමක්
2024 අගෝස්තු මස 21 35 0

1867 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් විසින් හේවාහැට ලූල්කඳුර වතුයායෙන් හඳුන්වාදුන් මෙරට තේ වගාව හොඳම තේ නිපැයුම්කරුවා වශයෙන් නමක් දිනා ගත්තේය. නමුත් එය


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site