IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල

“මම ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි මේ රැකියාව තෝරා ගැනීම. සාමාන්‍ය කෙනෙකුට දකින්න නොලැබෙන ගොඩාක් දේවල් මට මුහුද මැද්දෙදී දැන ගන්න, අත්විඳින්න පුළුවන් වුණා. මම දැනට රටවල් 34 ක සංචාරය කරලා තියෙනවා. මගේ නැව් ජීවිතේ තුළ බොහෝ දෙනෙකුට දකින්න නොලැබෙන තැන් බොහොමයක් දැකගන්න හැකියාව ලැබුණා.”

කාන්තාව ලොව ජීවනාලිය බඳුය. ඇය ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩකරන්නීය. ලෝකය සුන්දර කරන්නී ඇයයි. ඒ රූප සුන්දරිය හුදෙක්ම ළඳ බොළඳ හෝ සියුමැලි බියගුලු චරිතයක් නොවන බව පසක් කරන්නට අද සමාජයේ උදාහරණ ඕනෑ තරම්ය. ගැහැනියකගේ සුන්දරත්වය ලාලිත්‍යය වර්ණනා කරන කවි, කතාන්දර වෙනුවට අද වැඩිපුරම ලියැවෙන්නේ කාන්තාවගේ දස්කම් විස්කම් ගැනය. දිරියෙන් ජයගත් පිරිමි ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. ඒ අතර කාන්තා නියෝජනය බොහෝ විරලය.
අහස සේ විසල් සහ පැහැබර ආත්ම ශක්තියක් ඇති කාන්තාවට දිනන්නට බැරි කිසිවක් මේ ලොව නැත. මේ දිගහැරෙන්නේ ආත්ම ශක්තියෙන් පිරිපුන්ව ජීවිතය ධනාත්මකව ගොඩනැගීමට දිරිය ගත් කාන්තාවන් අතර තවත් එක් දිරිය දියණියකගේ කතාවකි. 


"දුෂ්කරය කියා හැරදා යුතුද ජීවිතය 
කටු පඳුරු සිපගනිමි හෙට මලක් වනු පිණිස "
මුළු ජීවිතයම අරගලයකි. අප කිසිවෙකුටත් එය දුෂ්කරය කියා හැර දැමිය නොහැකිය. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වස්සාන කවි පොතේ පද වැලක් හිතේ දලුලෑවේ කටු පොකුර සිපගනිමින් එය සැබෑවක් කරගත් ඇගේ කතාවේ දුක, රස, මිහිර එකට කැටි වූ මොහොතේය.....
ගුවනින්, මුහුදෙන්, දස්කම් පෑ සුරුවිරුලියන් අතර අලුතෙන්ම ලියවෙන ඇය-නයෝමි අමරසිරි යුවතියයි. 30 හැවිරිදි වියේ පසුවෙන ඇය, මගී ප්‍රවාහන නෞකාවක සේවයට එක් වෙන්නට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කාන්තාවයි. නයෝමි පිළිබඳව පුවත මෙරටට අනාවරණය වෙන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඇය පිළිබඳව තැබූ ඇගයීම් සටහනකින් වෙන අතර, ඇය එහිදී ඇගයීමට ලක් කර තිබුණේ  “ලාංකික නාවික ක්ෂේත්‍රය තුළ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳව බාධක බිඳ දැමූ හිත හයිය ලාංකික කෙල්ල” ලෙසය. ඇය මේ වෙනවිට ලෝකයේම පැසසුමට ලක්වී ඇත. මාස අටක සේවා කාලයකින් පසු නිවාඩුව සඳහා දිවයිනට පැමිණ සිටින ඇය ඒ වෙනස් ලෝකයේ අත්දැකීම් බෙදා ගත්තේ මෙසේයි. 
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ උපන් ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සියයි. කුඩා කල සිටම අධ්‍යාපනයට ක්‍රීඩාවට උපන් හපන්කම් කී නයෝමි සහෝදරයන් දෙදෙනෙකුට මැදිව හැදී වැඩුන නිසාවෙන්ම ඇයට තිබුණේ සාමාන්‍ය ගැහැනු ළමයෙකුට වෙනස් වූ සිතුම් පැතුම්ය. 
"මගේ පවුලේ ඉන්නේ අම්මයි, අයියලා දෙන්නයි. තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. මම ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා උසස් අධ්‍යාපනය වෙනතෙක්ම ඉගෙන ගත්තෙ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ. පාසල් කාලෙදී මම කැපී පෙනෙන චරිතයක් නෙමෙයි. මම බොහොම නිහඬ චරිතයක් පොඩි කාලේ ඉඳලම. මගේ 2012 දී කලා අංශයෙන් උසස් පෙළ කරලා ඒ ප්‍රතිඵල අනුව ශ්‍රීපාලි මණ්ඩපයට ඇතුළත් වීමේ වරම් ලැබුණා. නමුත් මම තීරණය කළා තව අවුරුදු 4 ක් ඉගෙන ගන්නවාට වඩා වෙනත් ක්ෂේත්‍රයකින් ඉහළට යන්න ඕන කියලා. මම පාසල් කාලේ ඉඳලාම ආස කළේ මාධ්‍යවේදිනියක් වෙන්න. ඒ සම්බන්ධව මම ඉගෙන ගත්තා. නමුත් ඒ අංශයේ රැකියාවක් කරන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි මම අතෑරියෙ නෑ. ආසම දෙයක් තමයි මුහුද. මුහුදේ නැව් යනවා බලා ඉන්න මම හරිම ආසයි. නැව් රැකියාවට යන්න තිබුණ ආසාව නිසා නාවික හමුදාවට බැඳෙන්න ආසාවක් තිබුණා. මගේ අයියලා දෙන්නාත් නාවික හමුදාවේ වැඩ කරපු නිසා ඒ ආසාව තවත් වැඩි වුණා. නමුත් මම නාවික හමුදාවට බැඳෙනවට අම්මයි, තාත්තයි කැමති වුණේ නැහැ. නමුත් මම මගේ ඒ හීනය වෙනුවෙන් කැපවුණා. ඒ වෙද්දී ලංකාවේ කාන්තා කැඩෙට්ලා කිහිප දෙනෙක් හිටියත් මගී ප්‍රවාහන නෞකාවල ඩෙක් රේටින් වෘත්තියට කාන්තාවන් බඳවා ගත්තේ නැහැ. හේතුව තමයි ඒ වෘත්තියේ වැඩ කරන්න අමාරුයි. වගකීම් වැඩියි. විශේෂයෙන් ඒ රැකියාවේ දේවල් කාන්තාවන්ට කරන්න බැහැ කියන මතය තිබුණා. “


බොඳ වූ සිහින අතරින් නෞකා වෘත්තියට පිවිසීමේ නයෝමිගේ සිහිනයට පාර කැපෙන්නේ 2021 වසරේදීය. පිරිමි පාර්ශ්වය පමණක් බඳවාගත් නෞකා ඩෙක් රේටින් වෘත්තියට  ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ Nuss - national union of seafarer srilanka යන ආයතන දෙක එක්ව  කාන්තාවන්ට ද  මේ ක්ෂේත්‍රයට ඇතුළත් මේ  වැඩසටහනක් නිර්මාණය කරන්නේ නයෝමිගේ සිහින මල්පල ගන්වමිනි. 
 “ගැහැනු ළමයින්ට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ලැබුණේ පළමු වතාවට. පළමු කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. පළමු කණ්ඩායමේ ළමයි 22න් අපි ගැහැනු ළමයි හිටියේ තුන්දෙනයි. සාර්ථකව ඩෙක් රේටින්ග් පාඨමාලාව සම්පූර්ණ කළාට පස්සේ Nuss අයතනයෙන් මාව Mercantile marine management අයතනයට මාව යොමු කළා. ඔවුන් මා ගැන අයිඩා සෝල් නැව අයිති ජර්මන් සමාගමට දන්වා තිබුණා. එතනදී ඔවුන් මාව සම්මුඛ පරීක්ෂණ කිහිපයකටම ලක් කළා. එතනින් පස්සේ තමයි අයිඩා සෝල් නෞකාවක ඩෙක් රේටින් කියන වෘත්තියට පිවිසෙන්න හැකියාව ලැබුණේ.” 
Cruise ship නැතිනම් අධිසුඛෝපභෝගී මගී නෞකාව සැලකෙන්නේ සාගරය මත ඇති සිහින විමානයක් ලෙසයි. ඉතා ආකර්ෂණීය සුපිරි පහසුකම් ඇති මෙම නෞකාවල සේවය කිරීම සියලු දෙනා සලකන්නේ පිරිමි පාර්ශ්වයට කළ හැකි රැකියාවක් ලෙසයි. නමුත් එය හුදෙක් සිතුවිල්කට පමණක් සීමා කිරීමට සමත් වූ නයෝමි අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වෙන්නේ දැඩි අධිෂ්ඨානයකිනි. මගී ප්‍රවාහන නෞකාවක සේවය එක්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය නයෝමිව නිල වශයෙන් නම් කරනු ලබන්නේ ඒ අනුවය. 
“2022 ඔක්තෝබර් 24 වෙනිදා තමයි මම මුල්ම නෞකාවට ගොඩ වන්නේ නෝර්වේවල ඔස්ලෝ වරායෙන්. ඒ නෞකා ගමනෙදී මුලින්ම ගියේ යුරෝපයට. මුලින්ම නැවට යද්දි මෙච්චර ලොකු නෞකාවක රැකියාවකට මම කොහොම ආවද කියලා මට පුදුම හිතුණා. මම එච්චර වාසනාවන්ත වුණාද? කියලා හිතුණා. ඒක ලස්සන වෙනම ලෝකයක් වුණත්, මහ සයුර මැද්දේ මට පැවරුණ වගකීම මහ සයුර තරම්ම ගැඹුරු බව තේරම් අරන් මම ඒ අභියෝගයට මුහුණ දුන්නා. මාස 8 ක් මහ මුහුද මැද්දේ ඉන්නවා කියන්නෙ අභියෝගයක්. නැවට නැගපු මුල් දින කිහිපයේ හුරු වෙන්න ටිකක් අමාරු වෙනවා. මුහුදු සුළඟ එක්ක පොඩි කරකැවෙන ගතියක් එනවා. ඒකට ඉතින් ටිකෙන් ටික හුරු වුණා.” 
කාන්තාවක් වීම නිසාම අත්විඳින්න ලැබුණ අභියෝග වැඩි ද?
“නැවක වැඩ කරන කොට ගතකරන හැම මොහොතක්ම අභියෝගයක්. ආරක්ෂාව කියන දේ තමයි ලොකුම අභියෝගය. පාඨමාලාවෙන් අපිට ලැබෙන්නේ න්‍යායික දැනුම විතරයි. ප්‍රායෝගිකව හැමදේම ඉගෙන ගන්න අත්විඳින්න ලැබෙන්නේ නැවේදී. මම ආධුනිකයෙක්, දේවල් මම ඉගෙන ගන්නේ කොහොමද?, ඒ වැඩ රාජකාරි ඇත්තටම අමාරුයි. ඉස්සරහට ගොඩාක් අමාරු වෙයි කියලත් බයක් දැනුනා. හැබැයි දෙයක් කියන්න ඕන. කාන්තාවක් වීම නිසාම අපි ප්‍රතික්ෂේප වෙන තැන් වැඩියි. නමුත් නැවේදී මම ගැහැනු ළමයෙක් වීමම හැමෝගේම පැසසුමට ලක්වුණා. කොච්චර වැඩ අමාරු වුණත් කිසිම වෙලාවක රැකියාව දාල නම් යන්න හිත දුන්නෙ නැහැ. 
මට ආපු ලොකුම අභියෝගය තමයි මම තරුණියක් වීම. ගොඩක් අය කිව්වා ගෑනු ළමයෙකුට මේ රැකියාව කරන්න බැහැ, කරන්න තියෙන වැඩ අමාරුයි කියලා. බර උස්සන්න තියෙනවා. කියලා ගොඩාක් අය බය කළා. හැමෝම බැහැ කියද්දී ‘නැහැ මට පුළුවන්’ කියන දේ මගේ හිතේ තිබුණා. මට මං ගත්ත තීරණය ගැන ලොකු විශ්‍වාසයක් තිබුණා. හැම සම්මුඛ පරීක්ෂණයකටම මම හොඳ ආත්ම ශක්තියකින් මුහුණ දුන්නා. නෞකාවට මුලින්ම අඩිය තියපු මොහොතේ ඉඳල මට හොඳ පිළිගැනීමක් තිබුණා. රේටින්වලට ගෑනු ළමයි එනවා ගොඩාක් දෙනා දැකලා තිබුණේ නැහැ. නැවට මුලින්ම ගොඩවුණ දවසෙ එදා නෞකාව භාරව හිටපු කපිතාන් මාව ඉහළින්ම පිළිගත්තා. ඔවුන් පුදුම වුණා ඒ වෘත්තියට කාන්තාවක් ආවම. ඔවුන් මම ගැන ආඩම්බර වුණා. 


ගෑනු ළමයෙක් නිසා ඇත්තටම අභියෝගයක් තිබුණා. හැබැයි හැමෝම මට උදව් කළා. පිලිපීන ජාතිකයන් එක්ක තමයි මට ගොඩාක් වැඩ කරන්න ලැබුණේ. ඒ අය මට බර වැඩ කරන්න දුන්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් මම බලෙන් සමහර වැඩ කරපු අවස්ථා තියෙනවා. මොකද මේක කණ්ඩායම් විදිහට වැඩ කරන්න ඕන රැකියාවක්. මම කැමති වුණේ නැහැ’ මම ගෑනු ළමයෙක් කියලා බර උස්සන්නේ නැතුව ඉන්න. මම ආසාවෙන් ඒ හැම වැඩක්ම කරනවා.’’ 
‘‘රේටින් කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ලංකාවේ ගොඩාක් ගැහැනු ළමයි දන්නේ නැහැ. රේටින් කෙනෙකුට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අධිකයි. ඒ නිසා මේක පිරිමි පාර්ශ්වයට පමණයි කළ හැක්කේ කියන මතයේ ඉන්නවා. මට ඕන වුණේ ඒ මතය වෙනස් කරන්න.
පොඩි කාලේ ඉඳලා අයියල දෙන්න එක්ක හැදුන නිසා මම ආස වුණේ එයාලා වගේ අඳින්න පලඳින්න. කොණ්ඩේ පවා කපලා හිටියේ. පස්සේ මම කොණ්ඩේ වැව්වා. නෞකා රස්සාවට යද්දීත් මම කොණ්ඩෙ වවලා හිටියේ. ඒත් පළමු මාස අටේ නෞකාවට නැගපු වෙලාවේ තේරුණා මේ රැකියාවත් එක්ක කොණ්ඩේ මේන්ටේන් කරන්න බැහැ කියලා. පාවිච්චි කරන වතුරවලට කෙමිකල් දානවා. ඒවට මුහුදු සුළඟට කොණ්ඩේ යන්න ගත්තා. මුල් මාස ඉවර වෙලා දෙවැනි වරට නෞකාවට යද්දී මම කොණ්ඩෙ කැපුවා. රැකියාවට මම ගොඩක් ආදරෙයි. රැකියාව නිසා කොණ්ඩෙ කපන එක ගැන දුක් ඇති වුණේ නැහැ.” 
මාස 16 ක් තුළ ඇයට සංචාරය කරන්න ලැබුණ රටවල් සංඛ්‍යාව 34 කි. සී ෆෙයාරර් කෙනෙකුට, එහෙම නැත්නම් නෞකා ඩෙක් රේටින් වෘත්තිකයෙකුට ලැබෙන අත්දැකීම් ගැන ඇය පැවසූයේ මෙසේය.
“මම ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි මේ රැකියාව තෝරා ගැනීම. සාමාන්‍ය කෙනෙකුට දකින්න නොලැබෙන ගොඩාක් දේවල් මට මුහුද මැද්දෙදී දැන ගන්න, අත්විඳින්න පුළුවන් වුණා. මම දැනට රටවල් 34ක සංචාරය කරලා තියෙනවා. මගේ නැව් ජීවිතේ තුළ බොහෝ දෙනෙකුට දකින්න නොලැබෙන තැන් බොහොමයක් දැකගන්න හැකියාව ලැබුණා.”
තාමත් 30 හැවිරිදි වියේ පසුවන නයෝමිගේ ඉදිරි අපේක්ෂා බොහෝ අධිෂ්ඨානශීලීය.


“මගේ එකම සිහිනය කපිතාන්වරියක් වීම. ඒක ලොකු අභියෝගයක්. ඔෆිසර් විභාගයට පෙනී සිටින්න මාස 36 ක අත්දැකීම් ලබාගත යුතුයි. පියවරෙන් පියවර මගේ අරමුණට යාම තමයි එකම අධිෂ්ඨානය. මේ වෘත්තියට ආස තරුණියන් ඉන්නවා නම් මම කියන්නේ, බය නැතුව එන්න. ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න. භාෂා ප්‍රවීණත්වය වැඩ කිරීමට ඉතාම පහසු වෙනවා. මේ ක්ෂේත්‍රයට ගැහැණු දරුවන් එවන්න ගොඩාක් දෙමාපියන් බයයි. මොකද මාස 8 ක් විතර මහ මුහුද මැද ඉන්නේ. නමුත් මේ නෞකා රැකියාවේ ආරක්ෂාව උපරිමයි. මෙය ලෝකයේ වටිනම වෘත්තියක්. ඇත්තටම ලංකාවේ කාන්තාවෝ ගොඩක් බයයි අභියෝග භාර ගන්න. ගොඩක් අය හිතන්නෙ, ගුරුවරියක් වෙන්න, නැත්නම් සුළු රැකියාවක් කරන්න. ඒත් කාන්තාවන්ට ඊට වඩා දේවල් කරලා ලෝකය දිනන්න පුළුවන්. 
මගේ අම්මාත් මුලින්ම මම මේ වෘත්තියට එනවට කැමති වුණේ නෑ. මගේ අයියලා දෙන්න නාවික හමුදාවේ සේවය කරපු නිසා කැමති වුණා. ඒත් මම දැන් ඉන්න තැන ගැන හිතලා අම්ම ගොඩක් සතුටු වෙනවා. අද මට ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය , Mercantile marine management , Nuss - national union of seafarer srilanka යන ආයතන තුනත් ගෞරවයෙන් සිහිපත් කරනවා.” 
නාවික කතක් වෙන්නේ කොහොම ද?
“හොඳ නාවික නිලධාරිනියක් වෙන්න නම් හොඳ පෞරුෂයක්, අධිෂ්ඨානයක්, හොඳ විනයක් තිබීම අත්‍යවශයි. ඒ වගේම ශක්තිමත් මනසක් තියෙන්න ඕන. බය නැති කරගන්න ඕන. තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. කාන්තාවක් කියන්නේ ඕනම අභියෝගයක් භාරගන්න පුළුවන් කෙනෙක්. ලංකාවේ තියෙනවා මැරිටයිම් ඇකඩමි කියන ආයතන. රේටිං අංශයෙන් යන්න නම් උසස් පෙළ ප්‍රතිඵල බලනවා. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සම්මාන සාමාර්ථයක් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මහපොළ, මාර්ක් මැරීන්, සාගර විශ්වවිද්‍යාලය වගේ ගොඩක් ආයතන තියෙනවා. ඒ ආයතනවල පාඨමාලා මගින් ක්ෂේත්‍රයට පිවිසෙන්න පුළුවන්.”

නදීශා අතුකෝරළ

 



අදහස් (0)

මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

කරුංකා උල්පත්ට පයින් ගැසූ හැටි
2024 සැප්තැම්බර් මස 09 102 0

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු‍ සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යා


හිරබත් කන උගත්තු
2024 සැප්තැම්බර් මස 09 71 0

“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත” මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනය


බාල ආලේපන වලින් කරන බාල වැඩ
2024 සැප්තැම්බර් මස 09 49 0

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තර


මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල
2024 සැප්තැම්බර් මස 09 49 0

කාන්තාව ලොව ජීවනාලිය බඳුය. ඇය ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩකරන්නීය. ලෝකය සුන්දර කරන්නී ඇයයි. ඒ රූප සුන්දරිය හුදෙක්ම ළඳ බොළඳ හෝ සියුමැලි බියගුලු චරිතයක් න


විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 40 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 34 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2162 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site