සහල් සහ වී පිළිබඳව කාලෙක සිට පවතින්නේ මහත් අර්බුදකාරි තත්ත්වයකි. සහල් මිලේ සහ වී මිලේ කඹ ඇදිල්ල නිසා හැමදාම වගේ මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ පාරිභෝගික ජනතාවය. දශක හතක පමණ කාලයක සිට අළු යට ගිනි මතුවෙන්නා සේ වරින් වර මතුවන සහල් අර්බුදය මෙවර සිංහල අවුරුද්දේද මතුවන ඉඟි ඉදිරිපත් වෙමින් ඇත. 2025 අලුත් අවුරුදු සමය එළඹීමත් සමගම සහල් හිඟයක් ඇති විය හැකි ද යන්න සහ එහි අනාගත අත්‍යවශ්‍යතාව ද මැන බැලීම ඉතා වැදගත් ය .
ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය දළ වශයෙන් 2024/2025 මහ කන්නයේදී මෙට්‍රික් ටොන් මිලියන 2.57ක් ලෙස පුරෝකථනය කර ඇති අතර, එය 2023 වසරට සාපේක්ෂව 5.7% ක අඩුවීමකි. සහල් නිෂ්පාදනයේ මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය නොමැතිවීම, පොහොර සහ කෘෂි ආධාර සම්බන්ධයෙන් ගොවීන්ට මතු වූ අභියෝග, සහල් ආනයනය කිරීමේදී පැවති අපහසුතා මෙන්ම පසුගිය කාලවකවානුව තුළදී ඇති වූ ගංවතුර තත්ත්වය ද බලපෑම් කළේය.
ලංකාව පුරාම ඇති වී අලෙවි ගබඩාවලට මේ වන විට ලැබී ඇති සහල්වල අඩුවක් තිබෙන බවත් පසුගිය කන්නවලට සාපේක්ෂව පහත බැස ඇති බවත් වී අලෙවි මණ්ඩලය සඳහන් කරන අතර, කෙසේ වෙතත් එළඹෙන උත්සව සමයේදී මේ පිළිබඳව ගැටලු කොයි කාටත් ඇතිවන බව නම් නොරහසකි. මන්ද සහල් යනු මිනිස් දෛනික අවශ්‍යතා අතර පෙරගමන්කරුවා ලෙස සලකන බැවිනි. පෙර සඳහන් කළ වී වගාවේ අස්වනු අඩුවීමට බලපෑම් කළා වූ අධික වර්ෂා තත්ත්වය ප්‍රබල බලපෑමක් සිදු කර ඇත්තේ අම්පාර අනුරාධපුරය වැනි දිස්ත්‍රික්ක සඳහා වුවත් මෙය රට පුරාම සහල් අලෙවිය සඳහා ඍජු බලපෑමක් කරනු ලබයි. ඇති වූ අයහපත් තත්ත්වය මෙන්ම වී අලෙවි මණ්ඩලය වෙත වී ලබාදීම පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු නිමල් තෙන්නකෝන්ගෙන් කළ වීමසීමකදී ඔහු දැක්වූයේ මෙවන් වූ අදහසකි.
“අනුරාධපුරය, පේමඩුව, ගලෙන්බිඳුණුවැව, කැකිරාව, පදවිය මැදවච්චිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන කහටගස්දිගිලිය ආදී ප්‍රදේශ ආවරණය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා 28ක් පවතිනවා. ඒ සෑම වී ගබඩා මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි වී මෙට්‍රික් ටොන් 33000 ක ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකියාව පවතිනවා. නමුත් ඒ සියලු පහසුකම් සපයා ඇතත් මේ වන විටත් වී ලැබී ඇත්තේ තලාව වී ගබඩා මධ්‍යස්ථානය වෙත පමණයි. එය වී කිලෝ 2017 ක් තරම් වැනි ඉතා කුඩා ප්‍රමාණයක්. ඒ කියන්නේ සමස්ත වී අස්වැන්නෙන් සියයට 10 ක තරම් ප්‍රමාණයක්. වර්ෂාව වැනි ස්වභාවික හේතු කාරණා හැරුණුකොට මෙයට ප්‍රධනතම හේතුවක් ලෙස සඳහන් කළ හැක්කේ වෙෙළඳපොළෙන් ගොවීන්ට ඉහළ මිලක් යටතේ වී අලෙවියට ඉඩ පහසුකම් ලබාදීම. ඒ අනුව වී ගබඩා වෙත ලබාදෙන වී ප්‍රමාණ මේ වන විට සැලකිය යුතු මට්ටමකට අඩු වී තිබෙනවා. ”
“ඒ වගේම වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ට ලබා දෙන්නෙ 120ක මුදලක් වුවත් වෙෙළඳපොළෙන් ලබාදෙන රුපියල් 125 ක් හෝ 130 ක් වැනි ඉහළ මිල හේතු සාධක කරගෙන ගොවීන් වී අලෙවි මණ්ඩලය නොසලකා හැර සෘජුවම පෞද්ගලික වෙෙළඳුන් වෙත හා වෙෙළඳ පොළ වෙත දෙනවා. ගොවින්ගේ බලාපොරොත්තුව වැඩි ආදයමක් ලබාගැනීම. නිසි ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝවකට රුපියල් 120ක්ද සම්බා වී කිලෝ1කට රුපියල් 125 කද, කීරි සම්බා වී කිලෝ 1කට රුපියල් 132ක මිලක් ද රජය මගින් නියම කෙරුණත් එම මිල ගණන් ඉක්මවා පෞද්ගලික වෙළඳුන් වී මිලදී ගනිමින් ඉන්නවා. එ් වගේම තෙත වී කිලෝවක් සඳහා පෞද්ගලික වෙෙළඳුන් විසින් රුපියල් 110 ත් 115ත් අතර මිලකටත් නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 125ත් 130ත් අතර මිලකටත් සම්බා වී කිලෝවක් රුපියල් 130 ත් 135ත් අතර මිලකටත් මිලදී ගැනීම් සිදු කරනවා. ඉකුත් කන්නයට සාපේක්ෂව මේ කන්නයේදී වී ලබාදීමේ දරුණු අඩුවක් තිබෙනවා. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් අප්‍රේල් අන්තිම මැයි මාසෙ වෙනවිට වෙෙළඳපොළේ සහල් හිඟයක් ඇති වීම සහ මිල ඉහළ යාමක් අපේක්ෂා කරන්නට සිදු වෙනවා.”
මෙම තත්ත්වය යටතේ කිසිදු අවහිරතාවකින් තොරව සහල් මිලදී ගැනීමට හැකි වේ ද, එසේත් නැතිනම් පිටරටින් සහල් ආනයනය කිරීමට සිදුවේ ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැක.වී වැපිරීමේදී මෙන්ම අස්වනු නෙළීමේදී සිදු වූ අපහසුතා නිසාවෙන් බලාපොරොත්තු වූ අස්වැන්නෙන් 60%-70%ත් අතර තරම් ප්‍රමාණයක් පමණක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති අතරම 40%-50%ත් අතර සැලකිය යුතු ප්‍රමාණයක් අපතේ හැරීමට සිදු වී ඇත. යම් අතිරික්ත ධාරිතාවක් මහා පරිමාණ මෝල් හිමියන් සහ ව්‍යාපාරිකයන් යටතේ පැවතීම නිසාද ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇතිවිය හැකිබව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ ප්‍රකාශ කළේය.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ යථෝක්ත ගැටලු මේ කන්නය තුළද සිදු වී ඇති බවයි. එමෙන්ම බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සහල් නිෂ්පාදන ක්‍රියාවලියේදී තම උපරිම දායකත්වය ලබාදුන්න ද ගබඩා පහසුකම් මෙන්ම ප්‍රාග්ධන පහසුකම් නැති නිසා 70%කටත් වැඩි සහල් ප්‍රතිශතයක් මහා පරිමාණ මෝල් හිමියන් මෙන්ම ව්‍යාපාරිකයන්ද අතැතිව තිබෙන නිසා වෙෙළඳපොළට නිකුත්වන වී තොගවල අඩුවක් පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය. එම නිසා එළඹෙන උත්සව සමය තුළ යම් මට්ටමක සහල් හිඟයක් ඇතිවීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඔවුන්ගේ අරමුණ උපරිම ලාබ ලබාගැනීම බව පැහැදිලි කළ ඔහු පෙන්වා දුන්නේ රජය මගින් 230ක් වැනි පාලන මිලක් ලබා දී තිබුණද වක්‍රාකාරව සිදුවන වී වැඩි මිලට අලෙවියත් නිසා ක්‍රමිකව සහල්වල පාලන මිල නොසලකා හැර සහල් වැඩි මිලට විකිණීමට පෙලඹිය හැකි බවයි. එමෙන්ම කීරි සම්බා කිලෝවක් උත්සව සමය එළඹීමත් සමග පාලන මිල ඉක්මවා යෑමක් අපේක්ෂා කළ හැකි වුවත් රජය මගින් ලබාදුන් පාලන මිලට එකඟව කටයුතු කිරීමට සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මේ වනවිටත් කටයුතු කරන බව හෙතෙම පැවසීය.
වී මෙන්ම සහල් පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ අදහස වන්නේ පාලන මිල එලෙසම පවත්වාගෙන යාමට කටයුතු කිරීම වුවත් එකසත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ අදහස වන්නේ නිකුත් කර ඇති පාලන මිල වෙනසකට ලක් කරමින් විවෘත වෙෙළඳපොළ තුළ සහල් ඉහළ විකිණීමට ඇති ඉඩකඩ වඩාත් පුළුල් කළ යුතු බවය.
මෙම වී මෙන්ම සහල් පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ අදහස වන්නේ පාලන මිල එලෙසම පවත්වාගෙන යාමට කටයුතු කිරීම වුවත් එකසත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ අදහස වන්නේ නිකුත් කර ඇති පාලන මිල වෙනසකට ලක් කරමින් විවෘත වෙෙළඳපොළ තුළ සහල් ඉහළ විකිණීමට ඇති ඉඩකඩ වඩාත් පුළුල් කළ යුතු බවය.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පළකළේ මෙවන් වූ අදහසකි.
“මේ වන විට පනවා ඇති මිල ගණන් යටතේ අපිට සහල් ලබාදිය නොහැකියි. එයට ප්‍රධානතම හේතුව තමයි පෞද්ගලික අංශයන් මගින් වැඩි මිලට වී මිලදීගැනීම. ඒ අනුව පනවා ඇති මිල ගණන් යටතේ සහල් ලබාදීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඊට හේතුව කිසිදු ලාභයක් ඉතිරි නොවන නිසා. කෙසේවෙතත් මෙම ක්‍රියාපාටිය නිසා මේ වනවිට වී මෝල් හිමියන් වෙත අතිරික්ත වී ප්‍රමාණයක් නැහැ. පවතින තත්ත්වයන් හමුවේ සහල් හිඟතාවක් ඇති වුවහොත් ලබාදීමට තරම් සහල් ප්‍රමාණයක්ද අප සතුව නැහැ.”
උදාහරණයක් ලෙස නාඩු වී කිලෝවක් රුපියල් 225ට ලබාගන නාඩු සහල් කිලෝවක් 230ට විකිණීම මගින් කිසිසේත්ම ලාභයක් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 2020 වසරේ සිට ලබාගත් වී මෙට්‍රික් ටොන් මිලියන 3ක ප්‍රමාණය මෙම වසරේදී වී මෙට්‍රික් ටොන් මිලියන 2.4කට අඩු වී ඇත. අයහපත් කාලගුණ තත්ත්වය මෙන්ම අනෙකුත් කරුණු කාරණා නිසාවෙන් මෙම කන්නයේදී සාමාන්‍යයෙන් ලක්ෂ 4ක - 6ක අඩුවක් පවතී. මෙම අඩුව පිරවීම අත්‍යවශ්‍ය ලෙසම සිදුකළ යුතුය. එසේ නොවුණහොත් උත්සව සමය කෙසේ වෙතත් මැයි මාසයේ සහල් හිඟතාවයක් ඇතිවන බවනම් නොරහසකි. ඒ අනුව මැයි මාසයේදී සහල් මිල ඉහළ යෑමක් පෙන්නුම් කරන අතරම ඊට පිළියම් ලෙස සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම මේ වනවිටත් ආරම්භ කිරීම සුදුසු බවයි. මේ වනවිට මෙම කන්නයට අවශ්‍ය ගොයම් කැපීම් අවසන් කර ඇති අතරම ඉදිරි මාස දෙකක පමණ කාලයට සරිලන ලෙස වී අස්වනු තිබිය යුතුය.නමුත් එසේ අතිරික්ත අස්වනු නොමැති නිසාවෙන් ඉදිරි මාස දෙකක කාලය අතරතුර සහල් මිලෙහි සැලකිය යුතු වෙනසක් බලාපොරොත්තු විය හැකි බව ඔහු වැඩි දුරටත් ඔහු සඳහන් කළේය.
වී අතිරික්තයක් නොමැති වීම, වැඩි මිලට ගොවීන්ගෙන් වී මිලදී ගෙන පාලන මිලටම සහල් ලබාදීමට සිදුවීම මෙන්ම සහල් නිෂ්පාදකයින් කරනා පාලන මිල ඉවත් කිරීම සම්බන්ධ ඉල්ලීම් වැනි හේතු සාධක නිසාවෙන් කෙසේ හෝ පීඩාවට පත්වන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාවය. නමුත් සාමාන්‍ය ගොවියා, පාරිභෝගිකයා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියාද ආරක්ෂා වන පරිදි වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතුය. එසේ සිදුකළහොත් එලඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව සහල් මිලදී ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇත.
මදූශා දිල්ශානි
ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,
සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයා ලෙස හැදින්විය හැක. එතුමන්ගේ නික්මයාම ශස්ත්‍රීය අවකාශය තු
වන අලි දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට යාමේ දී - දුම්රියේ ගැටී මියයාම් හා බරපතළ තුවාල සිදුවීම් පිළිබඳ පුවත්, මාධ්‍ය මගින් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැ
ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, කොතරම් උත්සාහ ගත්තද ඇතැම් විට ඒ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබ අපොහොසත් වූවා
දෙවිවරුන් වැඩ සිටින බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන දෙවිනුවර, ජනතා වන්දනාමානයට පාත්‍රවූ පූජනීය නගරයකි. එහෙත්, පසුගිය සතියේ එම පුරවරය පාතාලය රජ කරවූ, ජාත්
ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසරේ පළ කළ තොරතුරු අනුව, මාර්ග ආරක්ෂාව සම්බන්ධ ගෝලීය මට්ටමේ ගැටලුවක් වන අතර මාර්ග අනතුරු නිසා සිදුවන තුවාල සහ මරණ මේ සඳහා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මැයි මාසයේ සහල් හිඟයක්