IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මුහුද මැද බලගතු හාස්කම් පිරි සිනිගම මහ දෙවොල් බිම

ඵෙතිහාසික ශ්‍රී දෙවොල් දේවාලය ශ්‍රී ලංකාවේ මුහුදු මැද පිහිටි එකම දේවාලයයි. දකුණු පළාතේ හික්කඩුව සංචාරක පුරවරයට නුදුරු සීනිගම මූලික කොට ගෙන වන්දනාමානයට බඳුන් වෙන ‘දෙවොල් දෙවියන්’ යහපත් මෙන්ම අයහපත් අරමුණු මුල් කොටගෙන වන්දනාමානයට ලක්වන දෙවි කෙනෙකු ලෙස අපට හඳුනාගත හැකිය. ගාල්ල දිස්ත්‍රික්කයේ, ගාලු කොළඹ මහා මාර්ගයේ 96 කණුවෙන් ඔබ්බෙහි හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු මැද දක්නට ලැබෙන රමණීය පරිසරයක පිහිටා ඇති සීනිගම ශ්‍රී දෙවොල් දේවාලය වසර 300 ක් පමණ පැරණි ය.  
 මුහුද මැද පාවෙන අයුරින් පෙනෙන තරමක උස ගල්තලාවක් මත දිස්වෙන සීනිගම ශ්‍රී දෙවොල් පුදබිම ඈත අතීතයේ ගොඩබිමේ පිහිටා තිබුණ ද වසර ගණනක් සමුද්‍ර ඛාදනයට ලක්වීම නිසා අද වෙනවිට ගොඩබිම සිට මීටර් තුන්සියයක් පමණ දුරින් මුහුද මැද පිහිටා තිබේ. මෙහි ගොඩබිම් දේවාලය පංච මහා දේවාලයක් වෙන අතර මෙය ප්‍රධාන දේවාලය වේ. එහි සෙත් ශාන්ති ග්‍රහ අපලවලට පුද පූජා පැවැත්වෙයි. මුහුදු මැද පිහිටි ‘දියඹ දේවාලය’ තුළ සිදුවන්නේ අවලාද අසාධාරණයන්ට විරුද්ධව පලිගැසීම් සිදු කිරීමය. මුහුදු දේවාලය පිහිටා ඇති දූපතට යා හැක්කේ බෝට්ටුවකින් පමණි. සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාල පුවත මෙන්ම දෙවොල් මහා දෙවියන් පිළිබඳව පුවත ද වඩා පැරණිය, විසිතුරුය, ඊටත් වඩා රසවත්ය.
දෙවොල් දෙවියන් යනු කවුරුන්ද?


දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් ති‌බෙන අතර ඒ අතර ප්‍රධාන ජනප්‍රවාදයට අනුව, අතීතයේ දඹදිව කුදුප්පර නම් දේශයේ ජීවත් වූ “රාමසිංහ” නම් රජෙකුට සත්සියයක් බිසෝවරු වූහ. ඉන් ප්‍රධාන බිසවුන් සත් දෙනෙකු සිටි අතර මෙම බිසෝවරුන් සත් දෙනා එකවිට ගැබ් ගත්හ. එකම සතියක සත් දිනක දී එම බිසෝවරු පිළිවෙළින් දරුවන් සත් දෙනෙකු ප්‍රසූත කළහ. කෙළිදෙලින් වැඩුනු මේ කුමරුවෝ නොයෙක් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළහ. තරුණ වියට පත් මෙම කුමාරවරු සත්දෙනා වැඩි රුචියක් දැක් වූයේ වෙළෙඳාමටය. පිය රජුගේ අවසරය පරිදි මෙම සොහොයුරන් සත් දෙනා නැව් හතක් සාදාගෙන නොයෙක් කෙළි බඩුද රෙදි පිළිද පුරවාගෙන සත්සියයක් වූ පිරිවර සේනාව ද සමග සිකුරාදා දිනක බෙරණ නැකතෙහි සුබ මොහොතින් දෙවොල් කුමරු වෙළෙඳ නායකයා ලෙස ලක්දිවට පැමිණි බව කියවේ. මේ එන ගමනේ දී චණ්ඩ වූ මහ මුහුදේ මහත් වූ රළ නැගෙන්නට විය. මුහුද ප්‍රචණ්ඩ විය. නැව් කැඩී බිඳී ගොස් පිරිස මහත් ව්‍යසනයකට පත් වූහ.
 දෙවොල් කුමරු ලංකාවට ගොඩබැසීම  
දෙවොල් කුමරු ඇතුළු පිරිසට සිදුවූ විපත සක් දෙවියන් දැක එය මුහුදු මණිමේඛලා දෙවියන්ගේ අනුකම්පාවට පාත්‍ර කළේය. එහෙත් ලක්දිවට ගොඩ බසින්නට ලක්දිව ආරක්ෂා කළ දෙවියන්ගෙන් අවසර නොලැබිණ. ලනුමෝදර නැංගුරම්ලන්නට අදහස් කළත් දැඩිමුණ්ඩ දෙවියන්ගේ විරුද්ධත්වය නිසා එය නොහැකි විය. අනතුරුව උණවටුනට පැමිණි අතර එහිදී දේව රජ්ජුරු බණ්ඩාරගේ හරස් කැපීමක් විය. ගිංතොට මුවදොරින්  එන්නට නොහැකිව සක්කර, සොබ්බ, හකුරු, හෙබ තොටමුණට පැමිණ ගිනිලා ගත්තේය. ගිනි කුරුම්බරයන්ගේ තෙද බල පිරික්සීම සඳහා ගිනිවැට හතක් මැවූයේ දෙවොල් කුමරු ප්‍රමුඛ කුරුම්බරයන්ගේ ගොඩබැසීම වැළැක්වීමටය. සීනිගම දී පත්තිනි දේවතාවිය ගිනි කඳු හතක් මවා ඔවුන් බිය වැද්දවීමට සැරසුණත් ඔවුන් කෙසේ හෝ එම ගිනි නිවා සීනිගමට ගොඩබට බව පැවසෙයි.


දෙවොල් කුමරු ගොඩබසින අවස්ථාවේ මෙම භුමියට අධිපති ලෙස වැඩ සිට ඇත්තේ පත්තිනි දේවියයි. ඈත අතීතයේ මෙහි පත්තිනි දෙවියන් උදෙසා දේවාලය කැපකර තිබූ බවත් ලාංකීය ජනයා පත්තිනි දෙවියන් උදෙසා පූජා පැවැත්වූ බවත් පැරණි පොත පතෙහි සඳහන් වේ. නමුත් දෙවොල් දෙවියන්ගේ පැමිණීමත් සමග පත්තිනි දේවිය නවගමුවට වැඩම කොට ඇත. දෙවොල් සාමිගේ මරණයෙන් පසු ඔහු දේවත්වයට පත් වූ අතර ඉන් අනතුරුව දෙවොල් දෙවියන්ගේ පූජනීය ස්ථානය ලෙස මෙය බැතිමතුන්ගේ ඇදහීමට පාත්‍ර විය.
මෙහි පැවති පුරාණ දේවාලය ආක්‍රමණිකයන් අතින් වරින් වර විනාශ වී ඇත. ඉන්පසුව නටබුන් සහ අතහැර තිබූ දෙවොල 1968 වර්ෂයේ කුඩා දෙවොලක් ලෙස ඉදිකර පෙරහැර මංගල්‍යය ආරම්භ කර මේ දක්වා පවත්වාගෙන එන අතර පසුව එය වර්තමාන ස්වභාවය දක්වා වැඩි දියුණු කර ඇත. එමෙන්ම අතීතයේ දී සීනිගම දේවාලය සත් මහල් ප්‍රාසාදයක් ලෙස වසභ රජතුමන් විසින් තැන වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එය බටහිර ජාතීන් විසින් විනාශ කර දමා ති‌බේ. නැවත ප්‍රතිසංස්කරණය කොට වර්තමානයේ ති‌බෙන අයුරින් එය 1964 වර්ෂයේ දී ගොඩනැගූ බව සඳහන් වේ.
 එමෙන්ම ලෝකයේ පළමු සහ එකම මණිමේඛලා දේව රූපය ඇත්තේ ද
සීනිගම දේවාලේය. මණිමේඛලා දේවතාවිය දෙවැනි වෙන්නේ පත්තිනි මෑණියන්ට පමණි. මණිමේඛලාවන් වෙත වරම් දෙන්නේ පත්තිනි මෑණියන් ලෙසත්, මණිමේඛලා යනු මුහුදට අධිපති දෙවඟනක් ලෙසත් අතීතයේ පොතපතෙහි සඳහන් වේ. මේ වෙනවිට අලුතෙන් මුහුදු මණිමේඛලා දෙවඟන යනුවෙන් පිළිරුවක් සීනිගම දේවාල භූමියේ සකසා වන්දනා මාන කිරීම හා දෙවියන් නෑවීම යනුවෙන් නානුමුර මංගල්‍යයක් පවත්වන බව බැතිමත්තු පවසති. එහි දෙවියන් නෑවීමේ කාර්යයට නිමිති කරගනු ලබන්නේ දේවොල් දෙවියන් නොව ශිව දෙවියන් බව ද බැතිමතුන්ගේ අදහසයි.
සීනිගම දේවාලයේ ආගමික වැදගත්කම
බොහෝ අමුත්තන් ඔවුන්ගේ සතුරන්ට දඬුවම් කරන ලෙස දෙවියන්ගෙන් අයැද සිටින විශේෂිත චාරිත්‍ර වාරිත්‍ර සහ පූජා මෙම ස්ථානයේ සිදු කරයි, විශේෂයෙන් ඔවුන් අයුක්තියට මුහුණ දුන් විට සහ වෙනත් පිළියම් සොයා ගැනීමට නොහැකි වූ විට මෙහි සිදුකරන එක් සුවිශේෂ ක්‍රියාවක් නම් පුද්ගලයන් ඉලක්ක කොට මිරිස් ඇඹරීමයි. එය සංකේතවත් කරන්නේ තමන්ට වැරදි කළ අයට සාප කරන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීමයි. මෙම චාරිත්‍ර වාරිත්‍ර මගින් ප්‍රාදේශීය ප්‍රජාව තුළ මුල් බැසගත් මතවාද සහ සම්ප්‍රදා ඔස්සේ දෙවොල් දෙවියන්ගේ බලය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය පිළිබිඹු කරයි. මිනිසුන් සාප කරන ස්ථානයක් බැවින් සීනිගම දෙවොලේ ධාතු මන්දිරයක් ඉදිකිරීම මීට වසර කිහිපයකට පෙර ප්‍රදේශවාසීන් අතර දැඩි මතභේදාත්මක කරුණකට තුඩු දුන් නමුදු මේ වෙනවිට සීනිගම දෙවොලේ ධාතු මන්දිරයක් ස්ථාපිත කර ඇත.
මිරිස් ඇඹරීමටම ප්‍රසිද්ධ සීනිගම
විශේෂයෙන් යමෙකුට අසාධාරණයකට මුහුණ පෑමට සිදු වුවහොත් ඔවුහු මෙහි පැමිණ මිරිස් අඹරති. ඒ තමන්ට අසාධාරණයක් කළ පක්ෂයට ශාප කරන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීම සඳහාය. මෙහිදී අප මුළුතැන්ගෙයි භාවිත කරන මිරිස් අත්ගල වැනි කොටසකින් මිරිස් ආදිය තලා අවසන් කොට එම ගලෙන්ම තමන්ට විරුද්ධ දෙසට එය ඇඹරීම කළ යුතුය. එසේ තමන්ගේ දෙසට ඇඹරුවහොත් සිදුකරන පලි ගැසීම තමන්ට පෙරළා එන බවට විශ්වාසයක් පවතී. මිරිස් ඇඹරීමෙන් අනතුරුව ගෙන ගිය පොල් ගෙඩිය ගසයි. එය පලි පොල් ගැසීම නම් වේ. මේ නිසා ලංකාවේ වෙනත් දේවාලයකදී දක්නට නැති පුද පූජා ආදියත් සීනිගමදී දක්නට ලැ‌‌‌‌බේ. ඒ අතර ප්‍රධාන වශයෙන් මිරිස් ඇඹරීම සිදු කරයි. එය සාමාන්‍ය මිරිස් ඇඹරීමක් නොවෙන අතර ඒ සඳහා විශේෂ ක්‍රමයක් ති‌‌බේ. මිරිස් ඇඹරීම සිදු කරන්නේ සතුරන්ට දඬුවම් දීම සඳහා වෙන අතර එහිදී දියඹ දේවාලයට යන බැතිමතුන් මිරිස්, ගම්මිරිස් ආදී පස් වර්ගයක් හා පොල් ගෙඩියක් සහිත පූජා වට්ටියක් එහි ගෙන යයි. එහිදී කපු මහතා අදාළ කාරණාව කන්නලව් කිරීමෙන් පසු මිරිස් අඹරන ගල වෙතට ගොස් තමන්ම අවශ්‍ය කාරණය කියමින් මිරිස් ඇඹරිය යුතුය.
දෙවොල් සාමි විසින් එකල රෝග සුවපත් කිරීම සඳහා පැන් ලබා ගත් ළිඳ අදටත් මේ දේවාල බිමෙහි දක්නට ලැ‌බෙන අතර තදබල නියඟයකටවත් මෙය නොසිඳෙන බව පැවැසේ. මෙම ළිඳ මුහුද මැද පිහිටා තිබුණ ද එහි ජලය කිවුල් ගතියක් නොමැති පිරිසුදු ජලය වීම ද පුදුමයට කරුණකි.


සීනිගම සංචාරක ආකර්ෂණය
එහි ආගමික වැදගත්කමට අමතරව සීනිගම විහාරය හික්කඩුවේ ප්‍රමුඛ සංචාරක ආකර්ෂණයකි. මෙම දෙවියන් හා සම්බන්ධ දෙවොල් සංස්කෘතිය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දකුණු හා බටහිර පහත් බිම්වල වෙසෙන ධීවරයන් අතර බහුලව භාවිත වේ. දෙවොල් උත්සව යනු වෙරළබඩ ප්‍රජාවන්ගේ අත්‍යවශ්‍ය අංගයකි. මසුන් ඇල්ලීමේ සාර්ථකත්වය බොහෝ විට දෙවොල් දෙවියන්ගේ ආශීර්වාදය සහ මැදිහත්වීම හේතු කොටගෙන ඇත. එමෙන්ම විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අය දෙවොල් දෙවියන්ට භාරහාර වීම ද සිදු කරනු ලබයි. සීනිගම විහාරස්ථානය දකුණුලක සංස්කෘතික හා ආගමික උරුමයන් ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන අයගේ ද කේන්ද්‍රස්ථානයකි.
පෞරාණික මූලයන් සහ විස්මිත පිහිටීම සහිත සීනිගම දේවාලය, අධ්‍යාත්මිකත්වයේ සහ ස්වභාව සෞන්දර්යයේ අද්විතීය සම්මිශ්‍රණයක් ලබා දෙයි. විහාරස්ථානයේ ඉතිහාසය එහි ආගමික වැදගත්කම සමගින් බැතිමතුන් මෙන්ම සංචාරකයන් ද එකසේ ආකර්ෂණය කරයි.
වර්තමාන තත්වය
2004 වසරේ සුනාමි රළ පහර සීනිගමට පැමිණියත් මුහුදු වෙරළෙහිම පිහිටා තිබෙන දේවාලය‌ට එයින් එතරම් සැලකිය යුතු හානියක් නොවීම දෙවොල් දෙවියන්ගේ හාස්කමක් ලෙස ජනතාව සලකති. එය සෑම වසරකම දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන අතර සීනිගම දෙවොල් පුදබිමේ ප්‍රධාන උත්සවය ඇසළ මංගල්‍යය අගෝස්තු මාසයේ දී පැවැත්වෙයි. 
සීනිගම ශ්‍රී දෙවොල් මහ දේවාලයේ 57 වෙනි වාර්ෂික ඇසළ මංගල්‍යය අගෝස්තු 29 සිට සැප්තැම්බර් 05 දක්වා පැවැත්වෙයි.


සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ වත්මන් භාරකරු ඩී.එච්. ශ්‍රීපාලි ඩන්කන් කුමාර් මෙවර පැවැත්වෙන වාර්ෂික මංගල්‍ය පිළිබඳව අදහස් දක්වා සිටියේ මෙසේය,
“ඓතිහාසික රුහුණු මහා කතරගම පෙරහර, මහනුවර ශ්‍රී දළදා පෙරහැරට පසුව ශ්‍රී ලංකාවේ ඊළඟ විශාලතම පෙරහැර මංගල්‍ය පවත්වන්නේ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයෙන්. මෙවර සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ පනස් හත්වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය මෙවර ආරම්භ වෙන්නේ අගෝස්තු 29 වැනිදා රාත්‍රියේ කරන පරිත්‍රාණ ධර්ම දේශනාවකින්. සැප්තැම්බර් 03 වැනිදා අන්තිම පෙරහැර වීදි සංචාරය කෙරෙනවා. සැප්තැම්බර් 04 ලක්වාසීන්ට සෙත්පතා කෙරෙන දෙවොල්මඩු ශාන්තිකර්මය පැවැත් වෙනවා. සීනිගම පෙරහැර මංගල්‍යය අවසන් වෙන්නෙ සැප්තැම්බර් 05 වැනිදාට පැවැත්වෙන ගිනිමැල හත තරණය සහ දේව දානය පිරිනමමින්.”
නදීශා අතුකෝරළ 



අදහස් (0)

මුහුද මැද බලගතු හාස්කම් පිරි සිනිගම මහ දෙවොල් බිම

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

කරුංකා උල්පත්ට පයින් ගැසූ හැටි
2024 සැප්තැම්බර් මස 09 83 0

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු‍ සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යා


හිරබත් කන උගත්තු
2024 සැප්තැම්බර් මස 09 53 0

“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත” මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනය


බාල ආලේපන වලින් කරන බාල වැඩ
2024 සැප්තැම්බර් මස 09 41 0

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තර


මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල
2024 සැප්තැම්බර් මස 09 42 0

කාන්තාව ලොව ජීවනාලිය බඳුය. ඇය ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩකරන්නීය. ලෝකය සුන්දර කරන්නී ඇයයි. ඒ රූප සුන්දරිය හුදෙක්ම ළඳ බොළඳ හෝ සියුමැලි බියගුලු චරිතයක් න


විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 39 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 33 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site