වන අලි දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට යාමේ දී - දුම්රියේ ගැටී මියයාම් හා බරපතළ තුවාල සිදුවීම් පිළිබඳ පුවත්, මාධ්‍ය මගින් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.
වන අලි දුම්රියේ ගැටීම නවතා දැමීමට නව උපකරණයක් කෑගල්ල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබන 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් ඉකුත් දා සමත් වී තිබුණි.
වන අලි නිතරම රේල් පාර මාරු වන ස්ථාන හඳුනා ගෙන, රේල් පාරේ සිට මීටර් දෙක තුනක් එහායින් උපකරණය තබා - උපකරණයේ සිට මීටර් 50 ක් එහායින් රේල් පාර මාරු වෙන අලි නව උපකරණය ග්‍රහණය කරගෙන, විරුද්ධ දිසාවෙන් ධාවනය කෙරෙන දුම්රියේ රියැදුරුගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් - මෙම නව නිපැයුම මගින් ලබා දෙන බවත්, ඊට පසුව දුම්රිය රියැදුරු සිය දුම්රිය ටිකෙන් ටික වේගය අඩු කර ගැනීමට හැකියාව ඇති වෙන බවත් නිර්මාණකරුවා වන ටුමිර රන්තරු දෙව්මින් රණතුංග ශිෂ්‍යයා පවසයි.
කෑගල්ල නෙළුන්දෙණියේ - පහළගම පදිංචිව සිටින මෙම ශිෂ්‍යයා සොයාගෙන ඉකුත් දිනක “ඉරිදා ලංකාදීප” අපි ඔහුගේ නිවසට ගියෙමු. මතු දක්වනුයේ ඔහු හා අප අතර පැවති සංවාදයේ සංක්ෂිප්තයයි.
Q පවුලේ තොරතුරු මොනවා ද?
මගේ තාත්තා එස්.එච්.ඩී.පී. රණතුංග සුරා බදු දෙපාර්තමේන්තුවේ කෑගල්ල කාර්යාලයේ සේවය කරනවා. අම්මා - කේ.එම්. මහේෂිකා සේනාරත්න රැකියාවක් කරන්නේ නෑ. මගේ එකම වැඩිමහල් සොයුරිය යෙස්මී සේනාධි රණතුංගයි. ඇය මගේ පාසලේම 13 වැනි ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනුම ලබනවා.
Q අධ්‍යාපන තත්ත්වය?
මම දැනට තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබනවා. ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට ලකුණු 6 ක් මදි වුණා.
Q නව නිපැයුම් වලට යොමු වුණේ කොහොමද ?
මම මුලින්ම දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් ස්මාට් උපැස් යුවලක් (කණ්නාඩියක්) හා සැරයටියක් හැදුවා. ඊට පස්සේ අද වෙන කොට වසංගත තත්ත්වයට පත් වෙලා තියෙන රිළවුන් පලවා හැරීමට උපකරණයක් නිර්මාණය කලා. ඒ නිර්මාණයට සබරගමු පළාතේ දෙවැනි ස්ථානය ලැබුණා. ඊට පස්සේ තුන් වැනි එක තමයි මේ වල් අලි රේල් පාරේ මාරු වෙන කොට දුම්රිය රියැදුරාගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලබා දෙන උපකරණයක් නිර්මාණය කළේ.
Q ඇයි එහෙම නව නිපැයුමක් නිර්මාණය කරන්න ඕනෑ කියලා හිතුවේ?
පසු ගිය කාලේ පුරාවට දිනපතාම වගේ වන අලි කොච්චියේ ගැටිලා විශාල ප්‍රමාණයකට දිවි අහිමි වෙලා ගිය බව මාධ්‍ය මගින් දැක්කා. වන අලි අපේ රටේ සම්පතක්. මේ සම්පත ආරක්ෂා කර ගන්න නිර්මාණයක් කළොත් හොඳයි කියලා හිතුවා. ඊට පස්සේ උපකරණයක් හැදුවා. පාසලේ තිබුණු නව නිපැයුම් තරගයකට මේක ඉලක්ක කරගෙන හැදුවා.
Q ඊට පස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්යධිකාරිතුමා හමුවෙලා මේ නිර්මාණය ගැන කිව්වා නේද?
ඔව්. මීට සති කීපයකට ඉහත දී නිර්මාණය අරගෙන මව්පියන් සමග දුම්රිය දෙපාර්තමේන්තුවට ගිහින් සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සර් හමුවෙලා මගේ නිමැවුමේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා දුන්නා. ඒ සර් මං වගේ පොඩි පාසල් දරුවෙක් ‘මෙවැනි නිර්මාණයක් කිරීම පිළිබඳව ඉහළින්ම අගයා විශේෂ ස්තුතියක් ද කර සිටියා. සම්පූර්ණයෙන්ම නිමවා අවසන් කරපුහාම යළි නිර්මාණය රැගෙන යළි හමුවෙන්න කියලා වැඩිදුරටත් කියා සිටියා.’
Q මේ නව නිපැයුමේ ක්‍රියාකාරිත්වය කොයි වගේද?
වන අලි දුම්රිය මාර්ගය හරහා මාරු වෙන ප්‍රදේශ හඳුනාගෙන - දුම්රිය මාර්ගයේ සිට මීටර් දෙක තුනක් ඈතින් මේ උපකරණය රඳවලා තියන්න ඕනෑ. උපකරණයේ සිට මීටර් 50 ක දුර සීමාවක් තුළ වන අලි ගමන් ගන්නේ නම් - උපකරණය විසින් ස්වයංක්‍රීයවම එම දසුන ග්‍රහණය කරගෙන මාර්ගයේ ධාවනය වෙන දුම්රියේ රියැදුරුගේ ජංගම දුරකථනයට ‘ඉදිරියෙන් වන අලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරනවා’ යන්න සඳහන් කෙටි පණිවුඩයක් ක්ෂණිකව යැවෙනවා. එවිට දුම්රිය නවත්වා ගන්න රියැදුරාට කාලය හා අවකාශය ලැබෙනවා. මම දැනට භාවිත කරලා තියෙන කැමරාවට වඩා වැඩි අගයකින් යුත් මෙගාෆික්ස් කැමරාවක් සවි කළොත් - මීට වඩා දුරක සිට රේල් පාර මාරු වෙන වන අලි ග්‍රහණය කරගෙන මෙම උපකරණයට කෙටි පණිවුඩ සේවාව සැලසිය හැකියි.
Q මේ නව නිපැයුම නිර්මාණය කරන්න කොපමණ මුදලක් වැය වෙලා තියෙනවාද?
මේක හදන්න රුපියල් 10,000 ක් වැනි මුදලක් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ නව නිපැයුමට කොම්පියුටර් එකක් අවශ්‍ය වෙනවා. ඒක ගන්න රුපියල් ලක්ෂයක පමණ මුදලක් තව වැය කරන්න වෙනවා. ඒ සඳහා මුදල් අවශ්‍යතාවක් තියෙනවා.
Q ක්‍රියාත්මක කරන්නේ කොහොමද?
දැනට බැටරියකින් වැඩ කරන්න හදලා තියෙන්නේ. සෝලා එකකින් ක්‍රියාත්මක කරන්න වුවත් හදන්න පුළුවන්. මොකද තාම මමත් ඉගන ගෙන ඉදිරියට යන පාසල් ශිෂ්‍යයෙක්. වැඩි දියුණු කරගන්න බලධාරීන් අත දෙනවා නම් වටිනවා.
Q ඉගනුම ලබන පාසලෙන් මොන වගේ ප්රතිචාරයක්ද ලැබෙන්නේ?
අගය කිරීමට ලක් කරනවා. දිරිමත් කරනවා.
Q අනාගත බලාපොරොත්තුව මොකද්ද?
කාලයක ඉඳලා මාධ්‍යවල වල් අලි දුම්රියේ ගැටිලා මිය යනවා දැකලා තමයි මම මේ නව නිපැයුම නිර්මාණය කළේ. තව තව නිර්මාණ ඉදිරියේ දී කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් තරග කිහිපයකට ගිහිල්ලා සහතික පත්‍ර කුසලාන අරගෙන තියෙනවා. අනාගතයේ දී පරිගණක ඉංජිනේරුවරයෙක් වීමට බලාපොරොත්තු වෙනවා.
කෑගල්ල අධිකරණ
චමින්ද වැවතැන්න
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,
සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයා ලෙස හැදින්විය හැක. එතුමන්ගේ නික්මයාම ශස්ත්‍රීය අවකාශය තු
වන අලි දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට යාමේ දී - දුම්රියේ ගැටී මියයාම් හා බරපතළ තුවාල සිදුවීම් පිළිබඳ පුවත්, මාධ්‍ය මගින් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැ
ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, කොතරම් උත්සාහ ගත්තද ඇතැම් විට ඒ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබ අපොහොසත් වූවා
දෙවිවරුන් වැඩ සිටින බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන දෙවිනුවර, ජනතා වන්දනාමානයට පාත්රවූ පූජනීය නගරයකි. එහෙත්, පසුගිය සතියේ එම පුරවරය පාතාලය රජ කරවූ, ජාත්
ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසරේ පළ කළ තොරතුරු අනුව, මාර්ග ආරක්ෂාව සම්බන්ධ ගෝලීය මට්ටමේ ගැටලුවක් වන අතර මාර්ග අනතුරු නිසා සිදුවන තුවාල සහ මරණ මේ සඳහා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
යකඩ යකාගෙන් අලි බේරන පුංචි හපනා