IMG-LOGO

2024 ජුනි මස 30 වන ඉරිදා


වසර හතක සිට මං මගේ ලාංකික මව්පියන් සොයනවා අයිස්ලන්තයට දරුකමට හදාගන්නට දුන් ඉන්ගුන් සින්ග්‍රීස් ක්‍රිස්ටන්සන් කියයි

 

ජීවිතයේ විවිධ හැලහැප්පීම් හමුවේ කෙනෙක් සිය සමීපතම මානව සම්බන්ධතා වුවමනාවෙන් අත්හැර දමති. ඒ අතුරින් ඇතැම් අය කාලයත් සමග නැවත ඒ අත්හැරුණු බැඳීම් සොයා එන්නේ, ඉන් තොරව ජීවත් වීමට අසීරු හෙයිනි. එකී ඇතැම් බැඳීම් කෙදිනකවත් අත්හැරිය නොහැකි දයාවන්ත මානව සම්බන්ධතා වේ. ඒ අතර දරුවන් සහ මව්පියන් අතර බැඳීම වඩාත් 
සංවේදී වෙයි.  
හදාගැනීමේ අරමුණින් පිටරටට ලබාදුන් දරුවන්, ලාංකීය ජීව විද්‍යාත්මක බැඳීම සොයා ලංකාවට පැමිණෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් ඇත. එහෙත් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක මව්පියන් සොයා ගැනීම හිතන තරමට පහසු කාර්යයක් වන්නේ නැත. අයිස්ලන්තයේ ජීවත් වන ඉන්ගුන් සිංග්‍රිස් ක්‍රිස්ටන්සන් ද එලෙස වසර 7 ක් තිස්සේ සිය විද්‍යාත්මක මව්පියන් සොයන 39 හැවිරිදි තරුණියකි. ඉන්ගුන් අයිස්ලන්තයේ සිට අප අමතා සිය ලාංකික දෙමාපියන්ගේ තොරතුරු අප වෙත ලබා දුන්නේ 
දෙමාපියන් සොයා ගැනීමේ දැඩි බලාපොරොත්තුවකිනි. 
“මම 1985 ලංකාවේ ඉපදිලා අයිස්ලන්තයට හදාගන්න දෙනකොට මට මාස දෙකයි. උප්පැන්නේ මගේ උපන් දිනය ලෙස සඳහන් වෙන්නේ 1985 ඔක්තෝබර් 14 වැනිදා. මගේ ලාංකික නම ලෙස සඳහන් වෙන්නේ වසන්ති කුමාරි. දරුකමට හදාගැනීමේ ලියකියවිලිවල මගේ ලාංකික මවගේ නම සඳහන් වන්නේ අම්බලන්ගොඩගේ ලලිතා ලෙස. ඇයගේ උපන් දිනය සහ උපන් ස්ථානය ලෙස සඳහන් වෙන්නේ 1957 අප්‍රේල් 8 වැනිදා ගාල්ල ලෙසයි. එහි පියෙකු ගැන කිසිදු සඳහනක් නැහැ. උප්පැන්නේ සඳහන් වාද්දුවේ ලිපිනය සොයාගෙන ගියත්, එය ව්‍යාජ එකක් බව තහවුරු වුණා.  
කොහොම නමුත් මගේ මව යැයි විශ්වාස කරන කාන්තාවක අතේ මා ළදරුවෙකු ලෙස රැඳී සිටින ඡායාරූපයක් මා සතුව තිබෙනවා. ඒ අනුව මම මගේ මව්පියන් සොයාගෙන මුලින්ම ලංකාවට ආවේ 2015 වසරෙදී. මම ලංකාවේ ගත කරපු කාලය තුළ මම ඉපදුණා යැයි උප්පැන්නේ සඳහන් කර ඇති මීගමුව රෝහලට යාමට අවස්ථාව ලැබුණා. නමුත් මගේ උප්පැන්න සහතිකයේ සඳහන් කර ඇති පරිදි මගේ මවගේ නම එම රෝහල් වාර්තාවල සොයාගත නොහැකි වුණා. මා ඉපදුණ දිනම මීගමුව රෝහලේ කාන්තාවක් දියණියක ප්‍රසූත කර ඇති බවට ලත් තොරතුරු අනුව මම සොයාගෙන ගියත්, පසුව මම දැනගත්තා මා ඉපදී ඇත්තේ මීගමුවේ රෝහලේ නොවන බව. ඔක්තෝබර් 14 වෙනිදා දරුවෙකු ප්‍රසූත කළ කාන්තාව මගේ මව නොවන බවත්, මා ළදරුවෙකු ලෙස සිටින මා සතු ඡායාරූපයේ, මගේ මව ලෙස පෙනීසිටින්නේ කුලියට ගත් කාන්තාවක් විය හැකි බවත් 
සිතිය හැකියි. 
නැවත වරක් මම මව්පියන් සෙවීමේ කාර්යයට ලංකාවට පැමිණි අවස්ථාවේ දී රජයේ කාර්යාල හරහා මා සතුව තිබෙන ලිපි ලේඛන අසත්‍ය බවට තහවුරු කර ගත්තා. පසුව මම මගේ දෙමාපියන් සෙවීමේ කාර්යය නතර කළා. මා සන්තකයේ තිබූ තොරතුරු අසත්‍ය බව දැනගත්තාට පසුව මම බොහෝ අසරණ වුණා. 
ඒත් කෙසේ හෝ මගේ දෙමාපියන් සොයා යා යුතු බව මම සිතුවා. වසර ගණනාවකට පසු, 2022 දී මහාචාර්ය අවුරංගා මහත්මිය සමග මට කතා කරන්නට අවස්ථාව ලැබුණා. ඇය මං වගේ දහස් ගණන් දරුවන්ට ලොකු කැපකිරීම් කරමින් දෙමාපියන් සොයා දෙන ආදරණීය මවක්. ඇයට මම මගේ දුක කිව්වා. එදා සිට මේ මොහොත දක්වා දුන් වසර 10ක් තිස්සේ මගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් සොයා දෙන්න මට එතුමිය විශාල උත්සාහයක් ගන්නවා. ඇය මා සමග පැවසූ වදන් නිසා අතහැර දමා තිබු මාපියන් සෙවීමේ සටන නැවත ආරම්භ කරන්න ශක්තිය ලැබුණා. 
මගේ ලියවිලි බොරු බව දැනගත් පසුත් මම ඒ පිළිබඳ සොයා ගියා. එවිටයි මට තේරුම් ගියේ, මම ළමා ජාවාරමේ ගොදුරක් හෝ සොරකම් කළ දරුවෙකු වන බව. ඇත්තටම මා පැමිණියේ කොහෙන්ද යන්න සහ මගේ දෙමාපියන් කවුද යන්න නිශ්චිතවම සොයා ගැනීමට මට අවශ්‍යයි.
අයිස්ලන්තයේ මාව හදාගන්න ගත්ත දෙමාපියන් පෝසත් වගේම හරිම ගුණයහපත්. මට ඒ අය හොඳ ජීවිතයක් ලබාදුන්නා. මට අවුරුදු හය වෙනකොට මාව ලාංකීය මවකගෙන් අරන් හදා ගත්තා කියලා ඔවුන් මට කිව්වා. අයිස්ලන්ත දෙමාපියන්ගෙන් ලැබුණ ආදරය සෙනෙහස එක්ක මම ලාංකික දෙමාපියන් සොයන්න පෙළඹුනේ නැහැ. ලොකු වෙද්දී මට අයිස්ලන්ත දෙමාපියෝ නිතරම කිව්වේ අම්මා මට ගොඩක් ආදරේ නිසාත්, මට හොඳ ජීවිතයක් දෙන්න ඕන නිසාත් තමයි මාව හදාවඩා ගන්න දුන්නේ කියලා. ඇත්තටම මගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් මා සොයා යා යුතුයි කියලා හැඟුණේ මගේ පළමු දරුවා මොලොව එළිය දුටු දවසේ. 
මම දැන් විවාහකයි. මට අවුරුදු තුනක සහ හයක පිරිමි දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ ලොකු පුතා මගේ පසුබිම, මගේ රට, සංස්කෘතිය සහ එයාලගේ අත්තම්මලා සීයලා ගැන නිතරම අහන්න ගත්තා. එදා ඉඳලා මම මගේ දෙමාපියන් සොයාගන්න ගොඩාක් වෙහෙසුනා. 
මා දැනට බලාපොරොත්තු වන්නේ සරල ප්‍රශ්නයකට පිළිතුරක් පමණයි.  මම කොහෙන්ද ආවේ?
මගේ මව යැයි සැලකෙන කාන්තාවගේ ඡායාරූපයක්ද මා සතුව තිබෙනවා. ඒ ඡායාරූපයේ සිටින මගේ මව හඳුනාගන්නා හෝ මගේ දෙමාපියන් ලෙස ඉදිරිපත් වන සහ මගේ ඥාතීන් පිළිබඳ තොරතුරක් දන්නා කෙනෙකු වේ නම්, ඒ බව ලංකාවේ ජීවත්වන පේෂාන් රණසිංහ 077-5000547 මහත්මාට දැනුම් දෙන ලෙස මහත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.”     

 

 



අදහස් (0)

වසර හතක සිට මං මගේ ලාංකික මව්පියන් සොයනවා අයිස්ලන්තයට දරුකමට හදාගන්නට දුන් ඉන්ගුන් සින්ග්‍රීස් ක්‍රිස්ටන්සන් කියයි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

අසූ වියට සතුටින්ම එළැඹි සරසවිය එච්.ඩි .ප්‍රේමසිරි
2024 ජුනි මස 24 33 0

සොඳුරු පිරුණු මිනිසුන් ජීවිතයේ අපට හමුවේ. . අප ඔහු දකින්නේ එවැනි මිනිසෙකු ලෙසය. සරසවියකට එහා ගිය වටිනාකමක් , අරුතක් සමාජයට සැපයූ ඔහු අපට හමුවෙන්නේ සරසවි


යාපනයට සිංහල පත්තර බෙදන එකම තැන
2024 ජුනි මස 24 48 0

කර්මාන්තයක් සහ කලාවක් ලෙස පුවත්පත අදටත් ජනප්‍රිය මාධ්‍යයක් බව නම් නොරහසකි. කාර්යක්ෂම වූත්, ආකර්ෂණීය වූත්, නව සන්නිවේදන තාක්ෂණය හමුවේ පුවත්පත අදටත් නො


වසර හතක සිට මං මගේ ලාංකික මව්පියන් සොයනවා අයිස්ලන්තයට දරුකමට හදාගන්නට දුන් ඉන්ගුන් සින්ග්‍රීස් ක්‍රිස්ටන්සන් කියයි
2024 ජුනි මස 17 148 0

ජීවිතයේ විවිධ හැලහැප්පීම් හමුවේ කෙනෙක් සිය සමීපතම මානව සම්බන්ධතා වුවමනාවෙන් අත්හැර දමති. ඒ අතුරින් ඇතැම් අය කාලයත් සමග නැවත ඒ අත්හැරුණු බැඳීම් සොයා එ


ගණිතය බාධකයක් කර නොගත් දිරිය පුතෙකුගේ කතාව
2024 ජුනි මස 17 56 0

තමන් හමුවට පැමිණෙන ඕනෑම බාධාවක් ජයගෙන තම අරමුණූ කරා යාමට හිත දැඩි කර ගැනිමට සමත් නම්, ජයග්‍රහණය තමන් පසු පස පැමිණෙන බවට අපි දනිමු. මීට හොඳම උදාහරණය සපයන


හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 664 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16326 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 431 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1524 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3341 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site