IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ  දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කුඹුරු අක්කරයක වී වගා කිරීමෙන් පසු දරැවන් කළ කැපකිරීමක ප්‍රතිඵල වශයෙන් වී අස්වනු  නෙළීමේ අවස්ථාව උදා විය. පාසල් දරුවන් 150ක් පමණ යොදාගෙන ඔවුන්ගේ දෙමව්පියන්ද ළඟ තබාගෙන සාම්ප්‍රදායිකව වී අස්වනු නෙළන ආකාරය හා නවීන තාක්ෂණය යොදාගෙන වර්තමානයේ අස්වනු නෙළීම පිළිබඳව පුළුල් අවබෝධයක් ප්‍රායෝගිකව ලබාදීම විද්‍යාලයේ අරමුණ බව විදුහල්පති මංජුල සමරජීව මහතා සඳහන් කරයි.


“විශේෂයෙන්ම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් දරුවන්ගේ හසුරු කුසලතා වර්ධනය වනවා පමණක් නොව,සාමූහික ක්‍රියාකාරකම් කිරීමේදී ඔවුන් සිත්හි ඇතිවිය යුතු එකමුතුකම සහ සමගිය පිළිබඳවත්,වැඩ කටයුතු කරගෙන යාමේදී සාම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කිරීමෙන් ඇතිවන දුෂ්කරතා මගහරවා ගැනීම හා නව නිර්මාණ බිහි කිරීමට මෙවැනි ක්‍රියාකාරකම් ඉවහල් වෙන බවයි මගේ හැඟීම.
මෙතනදී දරුවන්ටත් ජටාව ගැට ගහන තැන ඉඳලා,මඩේ බැහැගෙන වැඩ කරන ආකාරය,කෘෂි උපකරණ භාවිතය , ගෙවුණු සහ කැඩුණු උපකරණ අලු‍ත් වැඩියා කිරීම, පිළිබඳව අවබෝධයක් ලැබෙනවා.ඒ වගේම තමයි ආහාර නිෂ්පාදනයේදී ඒවාට වැයවන ශ්‍රමය, කාලය හා වියදම ගැනත් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව හැඟීමකුත් ඔවුන්ට ඇතිවෙනවා. ගුරුවරුන් වශයෙන් ඔවුන්ට ඒ දේවලු‍ත් ලබාදිය යුතුයි බවයි අපගේ අදහස.”
පුත්තලම් දිස්ත්‍රික්‌කයේ  සියඹලන්කටුව  ජලාශයෙන් පෝෂණය වන ජලාශය පාමුල වෙල් යායක කුඹුරක් මීට මාස හතරකට ඉහතදී කුසලතා පාසලට ලැබෙන්නේ පාසලෙන් කරගෙන යනු ලබන ප්‍රායෝගික කුසලතා මුල් කරගෙනය.  
පුත්තලම අධ්‍යාපන කලාපයේ සහ ඉහළ අධ්‍යාපන නිලධාරීන්ගේ ද අනු දැනුම මත විශිෂ්ට ව්‍යවහාර ක්‍රියාත්මක කරන කුසලතා පාසල එම ප්‍රදේශයට නොව ලංකාවේ සියලු‍ම පාසැල් වලට ආදර්ශයක් සපයයි. 
විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල  දරුවන් යොමු කරමින් සාධනීය ප්‍රතිඵල පෙන්වන පාසල පිළිබඳව නිලධාරීන්ගේ මෙන්ම දෙමව්පියන්ගේද ඇත්තේ මහත් ප්‍රසාදයකි. ඒ පිළිබඳව පාසලේ ගුරැවරියක වන නිලූකා මෙන්ඩිස් මහත්මිය   මෙසේ සඳහන් කළාය .


“ඇත්තම කියනව නම් දෑකැත්තෙන් ගොයම් කපනවා දරුවො නෙවෙයි සමහර දෙමව්පියොත් දැකලා නෑ. ඉතිං අපේ ළමයි මේ අත්දැකීම් ලබන්න තරම් ගොඩක් වාසනාවන්තයි. අලු‍ත් දේවල් කරන්න නම් සාම්ප්‍රදායික මේ දේවල අත්දැකීම් දරුවන්ට ලැබෙන්න ඕනේ. අපේ පාසලේ ගොඩක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන නිසා දරුවන්ට වෙනත් පාසල් සමග සංසන්දනය කරද්දී අත්දැකීම් ගොඩක් තියෙනවා . ඇත්තටම මේ දරැවෝ හරි වාසනාවන්තයි.”
දිලාරා ඉඳුරංගි  දියණිය මෙසේ 
කියා සිටියාය. 
“විසි එක්වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමය මොකක්ද කියල තේරුම් බේරුම් කරගන්න අපේ සාම්ප්‍රදායික මගින් අපිට ඉතාමත් වැදගත්. ඉතින් අපේ විදුහල්පති තුමා විවිධ හසුරු කුසලතා සමග අපි විවිධ මානයන් කරා ගෙන යනවා. ඒ වගේ අනෙකුත් පාසල්වලත් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා .අද ගොඩක් කට්ටිය ආහාර නාස්ති කරනවා. හැබැයි මේ ගොවි මහත්තුරු වී ඇටයක් නිෂ්පාදනය කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා අපි හොඳට තේරැම් ගත්තා.ඒ වගේම බත් ඇටයක තියෙන වටිනාකමත් අපිට තේරෙනවා. ඒ අතින් අපි හරිම වාසනාවන්තයි. ”
වසර හතක  කෙටි කාලයකදී දැනුම මූලික කරගත් අධ්‍යාපන ක්‍රමය සමඟ කුසලතා වර්ධනය කරමින් ආරම්භ කළ විවිධ වැඩසටහන්වලින් වැසී  යාමේ තර්ජනයට ලක්ව තිබුණ විල්පත බණ්ඩාරනායක විද්‍යාලය කුසලතා පිරැණු පාසලක් බවට පත්කරන්නට ජනතාවගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ද විදුහල්පතිවරයා ස්තූතිය පළ කළේය.

චාන්දනී දිසානායක

 



අදහස් (0)

විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

කරුංකා උල්පත්ට පයින් ගැසූ හැටි
2024 සැප්තැම්බර් මස 09 83 0

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු‍ සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යා


හිරබත් කන උගත්තු
2024 සැප්තැම්බර් මස 09 53 0

“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත” මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනය


බාල ආලේපන වලින් කරන බාල වැඩ
2024 සැප්තැම්බර් මස 09 41 0

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තර


මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල
2024 සැප්තැම්බර් මස 09 42 0

කාන්තාව ලොව ජීවනාලිය බඳුය. ඇය ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩකරන්නීය. ලෝකය සුන්දර කරන්නී ඇයයි. ඒ රූප සුන්දරිය හුදෙක්ම ළඳ බොළඳ හෝ සියුමැලි බියගුලු චරිතයක් න


විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 39 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 33 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site