IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවටත් භූකම්පන අවදානමක් තිබේද

මියන්මාරයේ සිදුවූ  භූකම්පනය හේතුවෙන් යළිත් වතාවත් භූකම්පන සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබේ. ජපානයට ද භූකම්පන අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත්වීම හේතුවෙන් මෙම උනන්දුව තවත් වැඩිවී ඇත. මෙම සිදුවීම් හමුවේ ශ්‍රී ලංකාවට භූකම්පන බලපෑමක් තිබේද යන්න සම්බන්ධයෙන්ද කතාබහක් නිර්මාණය වී ඇත. මේ නිසාම භූකම්පන සිදුවීමේ අවදානමක් ශ්‍රී ලංකාවට තිබේද නොතිබේද යන්න පිළිබඳව සොයාබැලීමට මෙවර ලංකාදීපය කටයුතු කළේය. ඒ අනුව භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න සහ භූ විද්‍යාත්මක පර්යේෂක කේ.ඩී. කළුආරච්චි මහතා භූකම්පන සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකසා ඇත.

භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න භූකම්පන සිදුවීම පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය,

භූකම්පන සිදුවන කලාප

පෘථිවියේ  භූමිකම්පන සිදුවෙන්නේ නිශ්චිත කලාපවල නිශ්චිත ප්‍රදේශවල පමණයි. අවුරුදු සිය ගණනකට වැඩියෙන් භූ විද්‍යාත්මක පර්යේෂණ කරලා මේවා හඳුනාගෙන සටහන්කරලා තිබෙන්නේ. පෘථිවි තලය කොටස් වලට කැඩිලා තියෙනවා. මේවා තල ලෙස හඳුන්වනවා. මේ තල මායිම් අතර තමයි භූ කම්පන සිදුවෙන්නේ. මේ තල එකිනෙක ගැටීම් ඈත්වීම් සිදුවෙනවා. මෙවැනි සිදුවීම් නිසා භූමිකම්පා සිදුවෙනවා.  ඒවගේම ලෝකයේ සිදුවන භූමිකම්පා බහුතරයක් සිදුවන්නේ ජපානය ආශ්‍රිතව තිබෙන පැසිපික් තලය ආශ්‍රිතවයි.  

ලංකාව අවට  භූකම්පන සිදුවේවිද

ශ්‍රී ලංකාව භූ තලයක් මැද පිහිටා තිබෙන රටක්. ඔස්ට්‍රේලියානු තලය ලෙසයි එය හඳුන්වන්නේ.  භූවිද්‍යාඥයින්ගේ අධ්‍යයනයන්ට අනුව මෙම තලයත් මේවනවිට කොටස් දෙකකට බෙදිලා තිබෙනවා. ඒ අනුව ඉන්දියානු තලය සහ ඔස්ට්‍රේලියානු තලය ලෙස මෙම කොටස් දෙක හඳුන්වනවා. මෙම තල දෙක අතර  භූමිකම්පා ඇතිවන තත්ත්වයක් උද්ගතවෙලා තිබෙනවා. ඉන්දියානු තලයට උඩින් යුරේෂියානු තලය නමින් තලයක් තිබෙනවා. මෙය ලෝකයේ විශාලතම තලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම තල අවුරුද්දකට මිලිමීටරයක් වගේ ප්‍රමාණයක් වර්ධනය වෙනවා. එවිට මේ තල ආශ්‍රිතව ආතතියක් නිර්මාණය වෙනවා. එම ශක්තින් නිදහස් වෙද්දි තමයි භූමිකම්පා ඇති වෙන්නේ. ලංකාව තිබෙන තලයේ භූමිකම්පා සිදුවෙන්නේ උතුරු හිමාල තලයේ එහෙම නැතිනම් නැගෙනහිර ප්‍රදේයේ ජාවා සුමාත්‍රා ප්‍රදේශවල. ඒවගේම ජපානයේ ඉදිරියේදී සිදුවීමට නියමිතයි කියන බරපතළ භූමිකම්පා වලින් ලංකාවට බලපෑමක් නැහැ.  ලංකාවට බලපාන භූමි කම්පා සිදුවෙනවා නම් ඒවා සිදුවෙන්න අවශ්‍ය ජාවා සුමාත්‍රා අන්දමන් ප්‍රදේශවල තමයි භූමිකම්පා සිදුවිය යුත්තේ. 

භූකම්පන පිළිබඳ අධ්‍යනයන් සිදුවනවාද?

2004 දී සුමාත්‍රාවල සිදුවුණ බරපතළ භූමිකම්පාවෙන් (සුනාමියෙන්) පසුව ලංකාව තුළ  භූමිකම්පා සම්බන්ධයෙන් විශාල වශයෙන් අධ්‍යනයක් පටන්ගත්තා. ඒවගේම මුලු‍ ලෝකයේම එවැනි අධ්‍යනයක් සිදුකළා. ලංකාවේ ආපදා මධ්‍යස්ථාන නිවැරදි විදිහට සකස් වුණේ මේ සිදුවීමෙන් පසුව. සුනාමියෙන් පසුව අනතුරු ඇඟවීම් උපකරණ වෙරළබඩ ප්‍රදේශවල සවිකළා. කෙසේවෙතත් අවුරුදු 21 ක් පමණ ගතවීමෙන් පසුව මේවනවිට අනතුරු ඇඟවීම් උපකරණ 90% ක්ම වැඩ නොකරන බව වාර්තාවී තිබෙනවා. කොහොමඋනත් මේ කලාපයේ සිදුවීමට තිබුණු ලොකුම  භූමිකම්පාව ජාවා සුමාත්‍රා ප්‍රදේශවල සිදුවුණ නිසා නැවත එම ස්ථාවල එම මට්ටමේ භූමිකම්පාවක් වෙන්න විශාල කාලයක් ගතවේවි. කෙසේ වෙතත් සුදානම තිබෙන්න අවශ්‍යයි. මේ නිසා අක්‍රීයවී තිබෙන සුනාමි කුළුණු නැවත සකස් කරලා ගන්න අවශ්‍යයි. උපකරණ අලු‍ත්වැඩියාකරන්න වගේම යාවත්කාලීන කළ යුතුයි. නිලධාරීන් පුහුණුකරනවා වගේම ජනතාව දැනුවත් කිරීමත් අවශ්‍යයි.

කොහොම නමුත් විශේෂයෙන්ම කිවයුතු කාරණය තමයි මෙවැනි දේ සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ. මොකද  භූමිකම්පා සම්බන්ධයෙන් රට සුදානම්වෙලා තියෙන්නේ. අනතුර ගැන දැනගත් පසුව රටවල්වලට සුදානම් වෙන්න කාලය තිබෙනවා. අනතුර අවම කරලා තියෙන්නෙ කියලා කියන්න පුළුවන්. ඒවගේම භූකම්පන පිළිබඳව ලංකාවේ ක්‍රියාත්මක වන ආයතනය ලෙස භූවිද්‍යා හා පතල් කාර්යංශය සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. තල අභ්‍යන්තරයේ සිදුවන  භූමිකම්පා ගැනත් මොවුන් නිරීක්ෂණය කරනවා. මේ නිසා ජනතාව බිය යුතු නැහැ. කෙසේවෙතත් මේ සියලු‍ දේ යතාවත් කළ යුතුව තිබෙනවා.

භූකම්පන සිදුවීම සම්බන්ධයෙන් නිරන්තර අධ්‍යනයක පසුවෙන ඒ සම්බන්ධයෙන් නිතර දැනුවත් කිරීම් සිදුකරන භූ විද්‍යාත්මක හා පාරිසරක පර්යේෂක කේ.ඩී. කලු‍ආරච්චි මහතා භූකම්පන සිදුවීම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

භූකම්පන කල්ඇතිව කියන්න පුළුවන්ද?

භූකම්පනවලට අදාළව යම් කිසි සිදුවීමක් වෙනකම්ම අපි දන්නේ නැහැ. භූකම්පනයක් කල්ඇතිව දැනුම්දෙන්න බැහැ කියල තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මියන්මාරයේ භූකම්පනය සිදුවුණාට පසුව තමයි සියලු‍දෙනාම මේගැන කලබලවී සොයන්න පටන්ගත්තේ. ඒසමගම ජපානයත් අනතුරු අඟවලා තියෙනවා. නමුත් මියන්මාර් භූකම්පනය සිදුවෙන තුරුම මෙහෙම අවදානමක් තිබෙනවා කියලා කියල තිබුණේ නැහැ.  භූකම්පන සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම ලෝකයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් මම නිරන්තර  අවධානයෙන් සිටිනවා. විශේෂයෙන්ම පරිවර්තී ගෝලයේ සම්පූර්ණයෙන්ම කැලඹිළි ස්වභාවයක් ගන්නා අවස්ථා නිරීක්ෂණය කරලා භූකම්පන අවදානමක් තිබෙන ස්ථාන පිළිබඳ දැනුම්දෙන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මුලු‍ලෝකයේම කම්පන සිදුවිය හැකි ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුකරමින් මේවා නිරීක්ෂණය කරනවිට මේවායේ වෙනස්කම් පිළිබඳව පැහැදිලිව අවබෝධකරගන්න පුළුවන්. පොළව මට්ටමේ සිට කිලෝමීටර 15 පමණ උසක් දක්වාම මේ පරිවර්තීය ගෝලය තිබෙනවා. පොළව මට්ටමේ සිට ඉහළට යනතුරු සම්පූර්ණ වායුගෝලයේ එකම දිශාවකට කැලඹීමක් තිබෙනවා කියන්නේ එමගින් පොළවට ඝර්ෂණයක් ඇතිකරනවා. පැලු‍ම්තල ආසන්නයෙන් මෙවැනි කැලඹීම් ඇතිවෙන විට කම්පන සිදුවෙන්න පුළුවන්.

ලංකාව ආසන්න කලාපයේ තත්වය කෙසේද?

ආසන්න කලාපය ක්‍රියාත්මක වෙලා තිබෙන බව අපිට පැහැදිලිවෙනවා. පකිස්ථානයේ සුලු‍ භූකම්පනයක් සිදුවුණා. මියන්මාර් සිදුවීමට පසුව දකුණු ඉන්දියාව ආසන්නයේ පොඩි සෙලවීමක් සිදුව තිබෙනවා. කාලාන්තරයකට පසුව ඇතිවන දුර්ලභ විශමතාවයක් මෙම කාලාපයේ වායුගෝලය තුළ නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම රික්ටර් මාපක 07 වඩා වැඩි භූකම්පන ඇතිකරපු කලාපයක තමයි අපි ඉන්නේ. පසුගිය වසර 100 තුළ මෙම කාලාපයේ අවධානය ලක්කළ යුතු  භූකම්පන 16 ක් සිදුවී තිබෙනවා.  මේ නිසා ශ්‍රී ලංකාව අවට කලාපය තුළ යම් අවදානමක් තිබෙනවා. ඒවගේම ලංකාව ආසන්නයේ මෙවැනි විෂමතාවයක් ඇතිවුණ විට ලංකාව ආසන්නයේ කම්පනයක් සිදුවීම වැනි ක්‍රියාකාරකමක් උනේ නැතිනම් එම ශක්තිය සුමාත්‍රා ආසන්නයට ගෙනියනවා. 2004 දි සිදුවුණේ එවැනි දෙයක්. ශක්තිය ලංකාව ආසන්නයේ උත්පාදනය වුණා.  භූතලය හරහා එය සුමාත්‍රා ආසන්නයට ගෙන ගොස් විශාල කම්පනයක් ඇති වුණා.  මියන්මාරයේ  භූකම්පනයෙන් පසුව ඇතිව තබෙන ශක්තිය පිටවුණා. නමුත් ඒ තරම් ප්‍රබල නොවන තවත් කම්පන ඇතිවීමේ හැකියාව තිබෙනවා. අප්‍රේල් 17 දක්වා පමණ මෙම බලපෑම තිබෙනවා. ඒවගේම මෙම විෂමතාවයන් නිසා ඇතිවන ශක්තීන් ක්‍රමයෙන් වර්ධනය වෙනවා. මේවා කුමන ස්ථානයෙන් කුමන කාලයේ මුදාහැරෙයිද කියලා කියන්න බැහැ. කොහාමඋනත් මෙම විෂමතාවට මේවනවිට ඉන්දියන් සාගරය අවට එකතුවී තිබෙනවා. ඇතැම්විට වෙනත්  භූතලයකට එය මාරුවෙන්නත් පුළුවන්. කොහොම උනත් සරල උදාහරණයකින් කියනවානම් බැලු‍මක් පුම්බලා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් එය පිපිරින්නේ කට්ටක් අරගෙන හිල්කළොත්. එතකොට හානියක් වෙනවා. මේවගේ උත්තේජනයක් ලැබුණොත් තමයි කම්පනයක් සිදුවෙන්නේ. නමුත් ටිකෙන් ටික කාලයක් තුළ බැලු‍ම තුළ තිබෙන වාතය එළියට ගියොත් හානියක් වෙන්නේ නැහැ. භූකම්පනයකට අදාළවත් මේ ටිකම වෙන්න පුළුවන්. පිපිරිලා හානියක් උනොත් තමයි අපි වැඩි වශයෙන් අවධානය යොමුකරන්නේ. නමුත් ශත්තිය එකතුවීම සිදුවෙනවා. ඒ ආකාරයෙන් අභ්‍යන්තරයේ පීඩනය තිබෙනවා.

භූකම්පනයට පෙර සුදානම

භූකම්පනයක් සඳහා අපිට සූදානම්වෙලා ඉන්න පුළුවන් ජාත්‍යන්තර ක්‍රම කිහිපයක් තිබෙනවා. මේවා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම් කළ යුතුය. සාමාන්‍යයෙන් නිවසක ගෘහභාණ්ඩ තබන ආකාරය ඇඳ තබන ආකාය වැනි දේවල් පවා නිර්දේශකර තිබෙනවා. ඒවගේම භූකම්පන සිදුවන කාලය එකිනෙකට සමාන නැහැ. මේගැන අවධානය යොමුකළ යුතුවෙනවා. නමුත්  භූකම්පනයක් හරියටම සිදුවෙන වෙලාව කියන්න බැහැ. නමුත් යම් කාල පරාසයක් කියන්න පුළුවන්. මෙවැනි කාල පරාසය තුළ සැලකිලිමත්වීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම වෙරළබඩ කලාපවල ඇති පහසුවෙන්ම ඉහළ ස්ථානයකට යාහැකි සුදුසුම ඉවත්වීමේ මාර්ග ගැන ජනතාව දැනුවත් කරන්න ඕනෑ. ඒවගේම එම මාර්ගවල හදිසි අවස්ථාවක ඇතිවිය හැකි රථවාහන තදබදය පිළිබඳ ඇස්තමේන්තු කර තදබදය අවම කිරීමට කටයුතු කරන්න ඕනෑ. විශේෂයෙන්ම උත්සව සමයේ විනෝදවීමට වෙරළ කලාපයට පැමිණෙන රථවාහන නිසා තදබදය ඇතිවෙන්න පුළුවන්. එම තත්වයන් පළාත් ආයතන සහ පොලීසිය විසින් සැලසුම් කළ යුතුයි. අප්‍රේල් 17 දක්වා වගේ විටින් විට ප්‍රබල උච්චාවචනයන් ඇති වෙන්න හැකියාව තිබෙන බව මා විසින් කළ පූර්ව ඇස්තමෙන්තු වලින් පෙනීයනවා. මේගැනත් සැලකිල්ලෙන් සිටීම වැදගත්

--සුනාමි අනතුරක් ලැබුණහොත් අප කළ යුත්තේ කුමක්ද?

01 කලබල නොවී ඔබ අවදානම් කලාපයක සිටීනම් මේ මොහොතේ ඔබ බුද්ධිමත්ව ක්‍රියාකල යුතුය.

02 එය ආසන්න අනතුරු ඇගවීමක් විය හැකි බැවින් ඔබ  වහාම පියවර ගතයුතුය.

03 විශ්වාසදායක මුලාශ්‍රයක් සමඟ භූමිකම්පාව සිදු වූ ස්ථානය පරීක්ෂා කරන්න, භූමිකම්පාවේ දුර අනුව ඔබට උස් ස්ථානයකට ඉවත් වීමට කොපමණ කාලයක් අවශ්‍යදැයි ඔබට තීරණය කළ හැකිය. වඩා වේගවත් වීමට භූමිකම්පාව වඩාත් ඉක්මණින් සමීප වේ.

04 ඔබට උස් ස්ථානයකට ඉවත් වීමට නොහැකිනම් ආරක්ෂිත ගොඩනැගිල්ලක හෝ නිවසක ඉහළ මට්ටමේ නවාතැනක් සොයාගන්න

05 තත්වය පිළිබඳ යාවත්කාලීනව සිටිය යුතුය. නිල මූලාශ්‍ර පමණක් ඇසුරු කරන්න

-ඔබ අවදානම් කලාපයක ජීවත්වන්නේනම් කල්තියා සුදානම් වන්න

01 එවැනි අනතුරු ඇඟවීමක් අතරතුර ඔබේ පවුලේ අය සමග සාකච්ඡා කර මාර්ගයෙන් ඉවත් කරන්නේ කෙසේද හෝ  නවාතැන් ගන්නේ කෙසේද යන්න සැලසුම් කරන්න

02 එවැනි තත්වයක් අතරතුර ඔබේ පවුල එකම ස්ථානයක නොසිටිය හැකිය. ඉවත් කිරීමෙන් පසු හමුවිය යුතු ස්ථානය සාකච්ඡා කරන්න.

03 එවැනි තර්ජන අතරතුර දරුවන් මහලු‍ හෝ ආබාධිත කාන්තාවන් සහ සුරතල් සතුන් රැකබලා ගන්නේ කෙසේද යන්න සැලසුම්කරන්න

මේවා නොකරන්න

01 ඔබේ වටිනා දේවල් හෝ නිවාස සෙවීමට එකතු කිරීමට හෝ රැස් කිරීමට උත්සහ නොකරන්න.  

02 සිද්ධිය දැකීමට විඩියෝ කිරීමට සිද්ධිය සමග විනෝදවීමට නොයන්න. වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුවන්න

චාමර සම්පත්



අදහස් (0)

ශ්‍රී ලංකාවටත් භූකම්පන අවදානමක් තිබේද

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

මෙදා සැරේ අවුරුදු සරුද?
2025 අප්‍රේල් මස 16 22 0

අලුත් අවුරුදු කියූ සැණින් අපේ මතකයට එන්නේ අලුත් ඇඳුම් පැලඳුම්. අතේ මිටේ මුදල් තිබුණත් නැතත්, අලුත් ඇඳුමක් තෑගි දෙන්නට අපි හැමෝම කැමතියි. එමෙන්ම අලුත්


සුද්දා දුන්න නිවාඩු දවස් දෙකේ එල්ලිලා අපි තාමත් අවුරුදු කන්නේ
2025 අප්‍රේල් මස 16 27 0

එරබදු මල් රත් පැහැයෙන් එබී බලද්දි, තුරුලතා මල් පලින් බර වෙද්දී, අටුකොටු අස්වැන්නෙන් පිරෙද්දී, බත බුලතින්, කැවිලි පෙවිලි වලින්, අලුත් ඇඳුම් පැලඳුමින් සහ


ඉවත ලන පොල්තෙල්මගින් ට්‍රිලියන ගණනක ආදායමක් !
2025 අප්‍රේල් මස 08 90 0

මානව පරිභෝජනයට නුසුදුසු ලෙස හංවඩු ගැසූ වරක් පිසූ පොල්තෙල් ගැන මෙතෙක් තිබූ නරක ප්‍රතිරූපය වෙනස් කරන ආකාරයේ පරිසර හිතකාමී අපූර්වතම සොයා ගැනීමක් ගැන ඉර


මහවැලි කැලණි බදුලු ඔයේ ජලය පරිභෝජනය භයානකද
2025 අප්‍රේල් මස 06 71 0

ශ්‍රී ලංකාවේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන ජල පෝෂක මේ වෙන විට දූෂණයට ලක් වී තිබේ. එම ජල පෝෂකවල ජලය නිසි පිරිපහදුවකින් තොරව පරිභෝජනය කිරීමට යාමෙ


ශ්‍රී ලංකාවටත් භූකම්පන අවදානමක් තිබේද
2025 අප්‍රේල් මස 06 80 0

මියන්මාරයේ සිදුවූ භූකම්පනය හේතුවෙන් යළිත් වතාවත් භූකම්පන සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබේ. ජපානයට ද භූකම්පන අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් නිකු


තොරතුරු සංරක්ෂණයේ දියුණුව සහ ව්‍යාජ තොරතුරු වාර්තාකරණය
2025 අප්‍රේල් මස 06 15 0

අප ජීවත් වෙන්නේ තොරතුරු වෙත පහසුවෙන් ළඟා විය හැකි සහ ඒ වෙනුවෙන් බහුවිධ ප්‍රවේශ ඇති ලෝකයකය. මීට සියවස් ගණනාවකට පෙර තොරතුරු සන්නිවේදන මාර්ග නොදියුණු මට්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 90 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site