IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ බිලියන 1 ක පෙරළිය

කෝකටත් තෛලය බඳුව මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන යුගයේ හොරණෑව බඳු වදන් පෙළක්  වී තිබෙන්නේ කෘත්‍රිම බුද්ධිය යන්නය. ශ්‍රී ලංකාවේ පාසල්වල ටිසින්ක්ලේයාර්’පරිගණක හඳුන්වා දෙමින් තොරතුරු තාක්ෂණ ජංජාලයට මුල් වූ පුරෝගාමියා නිසා රනිල් වික්‍රමසිංහ නිතර භාවිත කරනු ලබන මෙන්ම රටේ  අනෙකුත් දේශපාලකයන්ද තරුණ පෙළේ ආකර්ෂණය ලබා ගත හැකි ජනකාන්ත පුරාජේරුවක්  ලෙස මේ වදන් නිතර යොදා ගනු දක්නට ලැබේ. ඒ මතු නොවි සිඟිති ‘Ai  උපක්‍රම’ යොදා ගනිමින් වෙළෙඳ දැන්වීම් මෙන්ම විවිධ බහු රූ කෝලම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීමද මේ කාලයේ අරඹා තිබේ. මේ ලෝකයම වෙනස් කරනා සුපිරි තාක්ෂණයක් අප අල්ලා ගත් හැටි ද?
එහෙත් Ai තාක්ෂණය යනු එවන් සුළු කොට තැකිය යුතු තාක්ෂණ මෙවලමක් පමණක් නොවේ. ඒ මගින් ලෝකයේ සිදුවන්නට යන විප්ලවීය වෙනසට මුහුණ දීමට අප සූදානම් ද? සැබැවින්ම ඒ තාක්ෂණයේ, එහෙයියන් - ඇබ්බැහියන් හෝ ගොදුරු හෝ  බවට පත් නොවී අපට අවශ්‍ය පරිදි එය හීලෑ කර ගැනීමට පුළුවන්ද? අනාගත ලෝකයේ අපේ පැවැත්ම රඳා පවතිනුයේ මේ සඳහා අප පිළිතුරු සොයන අාකාරය අනුවය.


 විද්වතුන්ගේ අර්ථ කථනයන්ට අනුව කෘත්‍රිම බුද්ධිය යනු ඇතැම් යන්ත්‍රවලට අවට පරිසරය වටහාගැනීමට සහ මිනිස් මොළයට සමාන ආකාරයකින් එයට ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසන ක්‍රමෝපායකි. ජෝන් මැකාර්ති, මර්වින් මින්ස්කි සහ ක්ලෝඩ් ෂැනන් 1956 දී ‘‘“කෘත්‍රිම බුද්ධිය” යන යෙදුම මුලින්ම නිර්මාණය කළහ. ඔවුන් එය අර්ථ දැක්වූයේ “බුද්ධිමත් යන්ත්‍ර නිපදවීමේ විද්‍යාව හා දක්ෂතාව, විශේෂයෙන් බුද්ධිමත් පරිගණක වැඩසටහන්” යනුවෙනි.
කෘත්‍රිම බුද්ධිය  කොටස් දෙකකට වර්ග කළ හැක.ඒ  සිඟිති Ai  සහ  පොදු Ai  හැටියටය. සිඟිති Ai, පටු හෙවත්  දුර්වල Ai ලෙසද හැඳින්විය හැකිය. සීමිත වසමක් තුළ නිශ්චිත කාර්යයන් ඉටු කිරීමට සැලසුම් කර ඇති  අප නිතර දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතයට ගන්නා චැට්බොට්, පරිවර්තක යෙදුම, Siri  සහ Alexa වැනි හඬ සහායකයන්  රූප සැකසුම් හෝ  හඳුනාගැනීමේ පද්ධති  නිදසුන්ය. අනෙක් අතට, සාමාන්‍ය Ai යනු පුළුල් පරාසයක කාර්යයන් සහ වසම් හරහා දැනුම අවබෝධ කර ගැනීමට, ඉගෙනීමට යෙදිය හැකි ඉහළ ස්වයංක්‍රීය බුද්ධි පද්ධතීන්ය. සාමාන්‍ය Ai හි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මිනිසුන්ට සමාන බුද්ධි මට්ටමක් ප්‍රදර්ශනය කිරීමයි. ජෛව පද්ධතිවල වෙනස්කම් කිරීම සඳහා පවා යොදා ගන්නේ මේවාය. නමුත් අප තවමත් බහුලව භාවිතයට ගන්නේ සිඟිති Ai යෙදවුම්ය.
 දැන් ලෝකය ගමන් කරන්නේ කලකට පෙර විද්‍යා සංකල්ප රැගත් පොත පත, කාටූන් සහ සිනමාපට මගින් අපට පෙන්වා දුන් අමුතු විස්මිත අනාගතයක් කරාය. එය විශ්වය පුරා පැතිර ගිය මානව ජනාවාස සහිත වෙනස්ම සංස්කෘතික, සමාජ, ආර්ථික, දේශපාලන ආකෘතියක් සහිත  ලොවකි. එම ලෝකයේ මුල් තැන ඇත්තේ තාක්ෂණයටය. ඒ තාක්ෂණය මගින් සිදුවන වෙනස ගැන මේ වනවිට ඉදිරි පත්ව ඇති වඩාත් විශ්වාසදායී පුරෝකථන පවා අපට මැජික් බඳුය. Ai ගැන වගාඩම්බර දෙසනු ඇසෙන්නේ එහෙව් රටකය.
ගූගල් ආයතනය වත්මන් ලෝකයේ අනාගත ගමන් මගේ තීරණාත්මක මංසන්ධි ගැන සොයා බලන්නට පත් කළ විශිෂ්ට මොළකරුවකු වන්නේ එහි ඉංජිනේරු අධ්‍යක්ෂවරයා සහ අනාගතය කියන්නා වන ලේඛක රේමන් කර්ස්වීල්ය. තාක්ෂණය මගින් වෙනස් වන ඔහු දකින අනාගත අපේ ලෝකය මෙබඳුය.  
ඔහුට අනුව  වසර 2030 දී නැනොබෝට්ස් තාක්ෂණය මගින් අපේ මොළය කෙළින්ම දැනුම් වලාකුළු ගබඩාවන්ට සම්බන්ධ කෙරේ. එකල වනවිට අපගේ විඥානය/ සිහිය/මතක අපට පරිගණකයකට බාගත කිරීමට පුළුවන් වනු ඇත. මෙතැනදී අපට මරණයෙන් පසුවද  ඒ අභෞතික අතත්‍ය  ලොවෙහි  ජීවත් වන්නට පුළුවන් වනු ඇත. (මේ බාගත කෙරුවාව මේ වන විට ද කළ හැකි බව සනාථව තිබේ). 


එම නැනොබොට්ස්ම අපගේ ස්වාභාවික ප්‍රතිශක්තිය අසීමිත ලෙස වැඩි කරන නිසා  අපට ඕනෑම ලෙඩක්  මනුෂ්‍ය සංහතියෙන් තුරන් කිරීමේ හැකියාව ලබා දෙයි. ඒ අනුව ආයුෂ නොසිතූ ලෙස වැඩි වනු ඇත.
 එම තාක්ෂණය අපගේ තර්කමය ඥාන ශක්තිය වැඩි කරනවා පමණක් නොව භාවාත්මක ඥාන ශක්තියද වැඩි කරයි. මෙය සිදුවනු ඇත්තේ අපට ඕනෑම දෙයක් සැණෙකින්, මොහොතකින් දැනුම වලාකුළෙන් ලබා ගත හැකි නිසාය.
ඒ අතරම අපට ඕනෑම දෙයක 3D  කොපියක්, සකස් කර ගැනීමට පුළුවන් වනු ඇත. දැනටමත් නිවාස සහ ඉළඇට කූඩු වැනි දෑහි 3D  කොපි සැදීම ප්‍රායෝගිකව සිදුවේ. 
2030 දී අපට මියගිය කෙනෙකුගේ අභෞතික අතත්‍ය, අවතාරමය ප්‍රතිරූපයක් සකස්‍ ගැනීමට පුළුවන් වනු ඇත. නැනොබොට්ස් යන්ත්‍රයක් ඔහුගේ ජීවත්වන පවුල් සාමාජිකයන් හා මිතුරන්ගේ මොළ ඇතුළට යවා ඔහු පිළිබඳ මතකය උකහා ගනු ඇත. එම මතක සහ මියගිය අයගේ DNA  සාම්පල එකතුකර ඉතාමත් පැහැදිලි අතත්‍ය ප්‍රතිරූපයක් ගොඩනඟා ගත හැකි වේ. ඔහු කියා ඇති  වැදගත්ම අනාවැකිය නම් 2045 දී සත්ව හා මානව පරිණාමයේ වේගය කෘත්‍රිම බුද්ධිය මගින් පරදවනු ඇති බවට වන ප්‍රකාශයයි.
ඔහු තර්ක කරන ආකාරයට මේ යන වේගයෙන් විද්‍යා තාක්ෂණ සංවර්ධනය සිදුවුවහොත් එම අවුරුද්ද වන විට කෘත්‍රිම බුද්ධිය, මිනිස් බුද්ධිය අබිබවා බිලියන ගුණයකින් වැඩි වනු ඇත. මානව ජීවිතයේ අරුත, පැවැත්ම, ජීවිත කාලය, මරණය යනාදිය පිළිබඳව අපගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට එය සමත් වනු ඇත.
දැන් අප මේ පුරාජේරු කතා කරන්නේ එවන් සුවිශේෂ තාක්ෂණික හැරුවුම් මානයක් සම්බන්ධවය. වෙනත් බොහෝ දේ මෙන් අපි කෘත්‍රිම බුද්ධිය යන්න ද වචන මාත්‍රයෙන් ගෙන වැරදි කොනකින් අල්ලා එකිනෙකා කිති කවා ගනිමින් සිටින අයුරු පෙනෙයි. අන් අයට වඩා කැපී පෙනීමේ පුරාජේරු වදනක් ලෙස යොදා ගනී. බොහෝ වැඩ බැරි දාසලාගේ දිව්‍යමය මන්ත්‍රය බවට දැන් ‘Ai ’ පත්ව තිබේ. මේ සඳහා චැට්බොට් හෝ ග්‍රැෆික් නිර්මාණ සඳහා දායක වන සිඟිති ‘Ai’ මාදිලිවල අවභාවිතයන් පැතිර යමින් තිබෙනු ද දක්නට හැකිය.
මේ නිසාම මානව සුබසාධනය, ආරක්ෂාව, සාධාරණත්වය, වගවීම, විනිවිදභාවය සහ පෞද්ගලිකත්වය සඳහා ප්‍රමුඛත්වය දෙමින් මහජන අවශ්‍යතා පිළිබිඹු කරන නමුත් සාර සංස්කෘතියක් පෝෂණය කරන වගකිවයුතු Ai සංවර්ධනයක්ද, භාවිතයක් ද සඳහා වූ නීතිරීති සහ මාර්ගෝපදේශ සහිත Ai පාලන ව්‍යුහයක් ශ්‍රී ලංකාවට ද දැන් වහාම  අවශ්‍යව තිබේ.
බොහෝ දෙනා නොදන්නේ වුව, ලංකාව ද මේ වනවිට Ai පෙරළියකට මුල පුරා හමාරය. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කතා බහට මුල් වූ සහ ක්‍රියාකාරී වන ආයතන 90 ගණන්වල සිට මෙරටෙහි මතුව පැතිර පවතී. රටේ, ආර්ථික, සමාජයීය සංස්කෘතිකමය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා  Ai තාක්ෂණය සාර්ථකව යොදා ගැනීම පිළිබඳ හරවත් සාකච්ඡා ඇරඹී තිබේ. දැන් වඩාත් සුබදායීම ආරංචිය වන්නේ රුපියල් බිලියන 1.5ක් වටිනා Ai පෙරළියක් ඇති කිරීම සඳහා වූ ධවල පත්‍රිකාවක් නිකුත් වී තිබීමය.
‘ධවල පත්‍රිකා’ ගැන අපට ඇත්තේ පණපිටින් ඇණ ගැසූ ලේ ගලා ගිය අතීතයක භීෂණාත්මක මතක ය. මේ නිසාම දෝ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පත් වූ ධවල පත්‍රිකාව කල එළි බසින්නේ අතත්‍ය මාධ්‍ය වේදිකාවක් වන ඔන්ලයින් ඔස්සේය. එය හඳුන්වා දී ඇත්තේ  “කෘත්‍රිම බුද්ධිය සඳහා උපාය මාර්ගයක් (CFSAI ) වැඩි දියුණු කිරීම සඳහා වූ කමිටුව විසින් සකස් කරන ලද ධවල පත්‍රිකාව ‘‘2024” හැටියටය.
මේ ධවල පත්‍රිකාව රුපියල් බිලියන 1.5ක් වැය වන පස් අවුරුදු පෙරළියක් සඳහා පාර කපන මූලික පිඹුරු පතකි. මෙරට ජාතික ප්‍රගතිය උත්ප්‍රේරණය කිරීමට එහි ජනගහනයේ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට සහ මෙරට ගෝලීය ආර්ථික ස්ථාවරය සහ සංසන්දනාත්මක වාසිය ශක්තිමත් කිරීම උදෙසා සුදුසු කෘත්‍රිම බුද්ධිමය (Ai) විභව හඳුනා ගනිමින් ප්‍රයෝජනයට ගැනීම සඳහා රට සූදානම්  කිරීමට අවශ්‍ය ක්‍රියාශීලී මාර්ග සිතියමක් සඳහා මෙයින් මඟ පෙන්වන බව එය කියයි. 
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් බහුවිධ න්‍යාය පත්‍රයක් මත කටයුතු ඇරඹීමට සැරැසේ. මෙහිදී ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය, කර්මාන්ත සහ ඹභෘඡහි  සැලකිය යුතු අන්‍යෝන්‍ය  මැදිහත්වීමක් සහිත  ආංශික කමිටුවක් පිහිටුවීම මගින් පස් අවුරුදු ජාතික උපාය මාර්ගයක් සැකසීම මෙයට මූලිකව ඇතුළත් වේ. 2030 ඩිජිටල් උපාය මාර්ගයට සමගාමීව, රට පුරා Ai ප්‍රයත්න මෙහෙයවීම සඳහා 2024 ජාතික අයවැයෙන් වෙන් කෙරෙන රුපියල් බිලියන 1.5 ක ප්‍රතිපාදන මගින්  ජාතික Ai මධ්‍යස්ථානයක් සැලසුම් කර නිර්මාණය කිරීමට ද අරමුණු කර ඇත.  
මෙම ධවල පත්‍රිකාව ශ්‍රී ලංකාව තුළ Ai ප්‍රචලිත කිරීමට පවතින අභියෝග පිළිබඳ විශ්ලේෂණයක් සපයයි. ජාතියේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ගෝලීය සහ කලාපීය තරගකාරිත්වය පවත්වා ගැනීම වැනි සමාජීය භාවිත සඳහා Ai උපයෝගි කර ගැනීමට අවශ්‍ය  උපාය මාර්ගික රාමුවක් යෝජනා කිරීම ද එයින් සිදු කරයි. එය රජය, ශාස්ත්‍රීය අංශ, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ සංවර්ධන හවුල්කරුවන් සහ ආයතන අතර සහයෝගිතා සන්ධානය මගින් නවෝත්පාදනය, අධ්‍යාපනික ප්‍රගමනය සහ සදාචාරාත්මක තාක්‍ෂණ භාවිත සඳහා හිතකර Ai පරිසර පද්ධතියක් වගා දිගා කරගැනීමේ  අවශ්‍යතාව ඉන් අවධාරණය කර තිබේ.
හොඳට නරකට දෙකටම කටමෙන් කෘත්‍රිම බුද්ධිය ද වාසි අවාසි දෙකම සහිත මාධ්‍යයකි. Ai භාවිතයෙන් පුනරාවර්තනය වන සහ වෙනත් බොහෝ ලෞකික කාර්ය හා සේවා ස්වයංක්‍රීය කිරීම මගින් වඩාත් සංකීර්ණ හා නිර්මාණාත්මක උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මානවයා නිදහස් කරයි. මෙය ඵලදායිතාව ඉහළ නැංවීමට දායකවේ. කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ කර්මාන්ත හරහා පිරිවැය ඉතිරි කිරීමට හේතු වේ. Ai පද්ධතිවලට මානව දෝෂ ඇතිවීමේ සම්භාවිතාව ඉවත් කරමින් සෞඛ්‍ය සේවා, මූල්‍ය සහ නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල, මිනිසුන්ට මග හැරී යා හැකි රටා, විෂමතා සහ ප්‍රවණතා හඳුනා ගත හැකි අතර එය වැඩි දියුණු කළ රෝග විනිශ්චය, මූල්‍ය වංචා හඳුනා ගැනීම් සහ තත්ත්ව පාලනයට මග පාදයි. Ai ඇල්ගොරිතමවලට පුද්ගලාරෝපිත නිර්දේශ සහ අත්දැකීම් සැපයීමට පහසුය. එය දැනටත් සිදුවෙයි. Ai හි උප කුලකයක් වන Machine Learning (ML) , අතීත අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට සහ නව තත්ත්වයන්ට අනුවර්තනය වීමට පද්ධතිවලට ඉඩ සලසයි. මෙම හැකියාව සංකීර්ණ ගැටලු විසඳීමට සහ මානව මැදිහත්වීමකින් තොරව ඔනෑම දෙයක කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට Ai වෙත බලය ලබා දෙයි. මේ නිසාම Ai අනාගත ඒකාධිපති පාලකයකු වීමේ අනතුර ද පවති. Ai හේතුවෙන් රැකියා විස්ථාපනය වීම පිළිබඳ කනස්සල්ල දැනටමත් පැතිර යමින් පවතී. 
තොරතුරු රටා සහ දත්ත මත පදනම්ව Ai පද්ධති තීරණ ගන්නා නිසා සමහර විට එය පක්ෂග්‍රාහී ප්‍රතිඵලවලට තුඩු දිය හැකි හෝ පවතින සමාජ පක්ෂග්‍රාහීත්වය ශක්තිමත් කිරීමට ද හේතුවිය හැකිය. මේ නිසාම Ai හි සදාචාරාත්මක භාවිතය සහතික කිරීම සහ පෞද්ගලිකත්වය, විනිවිදභාවය සහ වගවීම සම්බන්ධ ගැටලු විසඳීම සැලකිය යුතු අභියෝග මතු කරයි. මීට අමතරව, Ai තාක්ෂණයන් සඳහා නීති රාමු සහ රෙගුලාසි නිර්වචනය කිරීම සංකීර්ණ කාර්යයක් බවට පත්ව ඇති බව සැබෑ නමුත් පිහියෙන් කේක් කපනවා 
ද ? ගෙල සිඳ ගන්නවාද ? යන්න කලින්ම තීන්දු කිරීම මානවයා සතු බුද්ධිමත් වගකීමයි. මේ නිසා ඒඅයි මගින් ලැබෙන  ප්‍රතිලාභ සියල්ල සහතික කරන අතරම ආරක්ෂිත සහ විශ්වාසනීය බව සහතික කිරීමට ද ධවල පත්‍රිකාව අවධාරණය කර සිටී. ඒ සඳහා  සදාචාරාත්මක Ai මෙවලම් සංවර්ධනය සහ යෙදවීම සඳහා මඟ පෙන්වීම සඳහා Ai ආචාර ධර්ම මණ්ඩලයක් ස්ථාපිත කිරීමට ද යෝජනා වී තිබේ.
නිශා තල්වත්ත



අදහස් (0)

ශ්‍රී ලංකාවේ බිලියන 1 ක පෙරළිය

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

කරුංකා උල්පත්ට පයින් ගැසූ හැටි
2024 සැප්තැම්බර් මස 09 83 0

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු‍ සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යා


හිරබත් කන උගත්තු
2024 සැප්තැම්බර් මස 09 53 0

“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත” මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනය


බාල ආලේපන වලින් කරන බාල වැඩ
2024 සැප්තැම්බර් මස 09 41 0

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තර


මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල
2024 සැප්තැම්බර් මස 09 42 0

කාන්තාව ලොව ජීවනාලිය බඳුය. ඇය ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩකරන්නීය. ලෝකය සුන්දර කරන්නී ඇයයි. ඒ රූප සුන්දරිය හුදෙක්ම ළඳ බොළඳ හෝ සියුමැලි බියගුලු චරිතයක් න


විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 39 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 33 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site