සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයා ලෙස හැදින්විය හැක. එතුමන්ගේ නික්මයාම ශස්ත්‍රීය අවකාශය තුළ විශේෂ සටහනක් තබනු ඇත. ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබඳ එතුමා සිදුකළ පර් යේෂණ ලෝකය පුරා අතිශය ජනප්‍රිය වූ අතර ශාස්ත්‍රීය සම්භාවනාවට පාත්‍රවිය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පර් යේෂණ හරහා ලෝකය පුරා ශාස්ත්‍රීය අවකාශයේ ගෙනගිය තානාපතිවරයා ලෙස ගණනාත්් ඔබේසේකර හැඳින්වීමේ වරදක් නැත.
1930 පෙබරවාරි 2 වැනි දින උපත ලද ගණනාත්් ඔබේසේකර, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය 1955 දී ලංකා විශ්වවිද්‍යාලය හෙවත් අද හඳුන්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් හිමිකරගන්නා ලදී. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ සෙන් ඩියාගෝ විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු කළ ඔහු ප්‍රිංස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසත් මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන ලෙසත් සේවය කළ. එතුමා 2000 වර්ෂයේ සිට සම්මානිත මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය.
ගණනාත් ඔබේසේකර සිදුකළ ශාස්ත්‍රීය පර් යේෂණ අතර කැපීපෙනෙන පර් යේෂණ කිහිපයක් මෙහිදී හඳුන්වා දෙන්නේ එතුමන්ගේ ශාස්ත්‍රීය ගවේෂණ පිළිබඳ නොදන්නා පාඨකයන් වෙත යම් අවබෝධයක් ලබාදීමේ අරමුණෙනි. ඔබේසේකරයන් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ බුද්ධාගම සහ හින්දු දහම, සංස්කෘතිය, ජන විඥාණය, අභිචාරවිධි පිළිබඳ පර් යේෂණ රාශියක් සිදුකර ඇත.
Land Tenure in Village Ceylon: A Sociological and Historical Study (1967) මෙම පර් යේෂණය ශ්‍රී ලංකාවේ ගමක ඉඩම් භුක්තිය පිළිබඳ සිදුකරන ලද අධ්‍යයනයකි. 1981 වර්ෂයේ ඉදිරිපත් කළ Medusa’s Hair: An Essay on Personal symbols and Religious Experience පුද්ගල සංකේත සහ ආගමික අත්දැකීම් පිළිබඳ සිදුකරන ලද අධ්‍යයනයකි. කතරගමට පැමිණෙන බොකුටු කෙස් ඇති මෑණිවරු පිළිබඳ අවුරුදු 10 ක් පුරා සිදුකළ පර් යේෂණයක් ලෙස කොණ්ඩය මගින් සිදුකළ සංඛේතාත්මක භාවිතය පිළිබඳ මෙම පර් යේෂණය සමන්විත වේ. ඔබේසේකරයන් සිදුකළ පර් යේෂණ අතරින් වඩාත් කැපී පෙනෙන අධ්‍යයනයක් ලෙස පත්තිනි දේවිය වන්දනාව සහ ඒ ආශ්‍රිත සංස්කෘතිය පිළිබඳ 1984 දී ඉදිරිපත් කළ The Cult of the Goddess Pattini හඳුන්වා දිය හැකිය. සංස්කෘතියේ කාර්යය උදහරණ Work of Culture: Symbolic Transformation in Psychoanalysis and Anthropology (1990), පැසිෆික් සාගරයේ යුරෝපීය මිත්‍යාව The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992), කර්මය පිළිබඳ පරිකල්පනය කිරීම: ඇමර්ඩියන්, බෞද්ධ සහ ග්‍රීක පුනරුත්පත්තිය තුළ ආචාරධාර්මික පරිවර්තනය Imaging Karma: Ethical Transformation in Ameridian, Buddhist and Greek Rebirth 2002, දකුණු මුහුදේ මිත්‍යාවන් සහ මනුෂ්‍ය පූජාවන් පිළිබඳ අධ්‍යයනය Cannibal Talk: The Man-Eating Myth and Human Sacrifice in the South Seas (2005), කර්මය සහ පුනරුත්පත්තිය පිළිබඳ අධ්‍යයනය Karma and Rebirth (2005), පිබිදුණු අය: දූරදර්ශී අත්දැකීම් සහ ප්‍රපංචවේදය පිළිබඳ රචනය The Awakened Ones: Phenomenology of Visionary Experience (2012), ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ සිදුකළ විනාශවූ රජු නම් පර් යේෂණාත්මක ග්‍රන්ථය The Doomed King: A Requiem for Sri Vikrama Rajasinghe (2017), ඉතිහාසය: ශ්‍රී ලංකාවේ අතීතය සහ ආඛ්‍යාන ඉදිරිපත්කිරීමේ උභතෝකොටිකය Histories: Sri Lankan Pasts and the Dilemmas of Narrative Representation (2019), උඩරට රාජධානිය සහ වර්තමානය සඳහා උගතහැකි පාඩම් පිළිබඳ අධ්‍යයනය The Many Faces of the Kandyan Kingdom: 1591-1765, Lessons for our time 2020, භූතයින් සමනය කිරීම පිළිබඳ ලාංකිකයන්ගේ අභිචාර පිළිබඳ අධ්‍යයනය Placating the Demons: Ritual Practices Among Sri Lankan (2021), උඩරට රාජධානියේ වැදි ජනතාව පිළිබඳ සිදුකළ අධ්‍යයනය Vadda Presence in the Kandyan kingdom: A Re-Examination (2022) ගණනාත් ඔබේසේකරයන් පළකළ පර් යේෂණ කිහිපයකි.
ගණනාත් ඔබේසේකර සිදුකළ විසල් ශාස්ත්‍රීය පර් යේෂණ මා දකින්නේ ලංකාවේ ජනවිඥාණය ලෝකය පුරා පර් යේෂණාත්මක මුහුණුවරකින් ගෙනගිය අධ්‍යයනයන් ලෙසයි. ලාංකික අනන්‍යතාව එම පර් යේෂණ මගින් විදහාදැක්වීය. ජනතාව තුළ ඇති යක්ෂ දේව ඇදහිලි සහ විශ්වාස පිළිබඳ ගණනාත්් ඔබේසේකර විසින් ඉදිරිපත් කරන ලදී. මිනිසා සහ ජන සමාජය පිළිබඳ ගැඹුරෙන් සිදුකරන ලද අධ්‍යයනයන් ශාස්ත්‍රීය ලෝකය තුළ ඇගයීමට පාත්‍රවිය. මනෝ විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍ර එතුමාගේ ප්‍රධාන පර් යේෂණ ධාරාවන් විය. ගණනාත්් ඔබේසේකරගේ වියෝව ශාස්ත්‍රීය ලෝකයට පිරිමැසිය නොහැකි අහිමිවීමක් බව සංවේගප්‍රාප්තව සටහන් කළ යුතුය.
කථිකාචාර්ය එච්.ඒ. ගයාන් මධුශංඛ
සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය අංශය
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,
සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයා ලෙස හැදින්විය හැක. එතුමන්ගේ නික්මයාම ශස්ත්‍රීය අවකාශය තු
වන අලි දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට යාමේ දී - දුම්රියේ ගැටී මියයාම් හා බරපතළ තුවාල සිදුවීම් පිළිබඳ පුවත්, මාධ්‍ය මගින් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැ
ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, කොතරම් උත්සාහ ගත්තද ඇතැම් විට ඒ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබ අපොහොසත් වූවා
දෙවිවරුන් වැඩ සිටින බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන දෙවිනුවර, ජනතා වන්දනාමානයට පාත්‍රවූ පූජනීය නගරයකි. එහෙත්, පසුගිය සතියේ එම පුරවරය පාතාලය රජ කරවූ, ජාත්
ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසරේ පළ කළ තොරතුරු අනුව, මාර්ග ආරක්ෂාව සම්බන්ධ ගෝලීය මට්ටමේ ගැටලුවක් වන අතර මාර්ග අනතුරු නිසා සිදුවන තුවාල සහ මරණ මේ සඳහා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශෘෂ්ත්‍රීය ලෝකය බැබලවු ගණනාත් ඔබේසේකර