IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


සයිබර් හිංසනය පිටුදැකීමේ අභියෝග

 

  • පසුගිය තෙවසර තුළ පමණක් පාසල් ළමුන්ගේ හා කාන්තාවන්ගේ නිරුවත් දර්ශන අන්තර්ජාලය වෙත මුදාහැරීම පිළිබඳ පැමිණිලි 1139ක්
  • සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව අවමයි, කියා දෙන්නෙත් වැරදියට\

අන්තර්ජාලය ලොව පුරා සිටින මිනිසුන් සම්බන්ධ කරන අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇත. කෙසේ වෙතත්, එම මෙවලම සාධනීය ලෙස භාවිතයට නොගැනීමත් - ඒ සම්බන්ධයෙන් ඇති සාක්ෂරතාව අඩුවීමත් මත  අද වනවිට ගැටලු‍ රැසක් පැන නැගී තිබේ. අන්තර්ජාලය ආශ්‍රිත ක්‍රියාකාරකම්, නීතිය මෙන්ම ශිෂ්ටත්වයද අභියෝගයට ලක්කරන ප්‍රවණතාවක් මේ වනවිට ලොවපුරා ඇතිවී තිබෙන අතර, ශ්‍රීලංකාවද එම තත්ත්වයෙහි ගොදුරක් බවට පත්ව තිබේ. විශේෂයෙන් අන්තර්ජාලය පදනම් කරගත් සමාජමාධ්‍ය, කාන්තාවන් සහ ළමුන් සූරාකෑමේ වේදිකාවක් ලෙසද මතු වී ඇති ආකාරය මෑත කාලයේදී බෙහෙවින් දක්නට ලැබුණි.
ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පමණක් 2021 සිට 2023.12.31 දක්වා කාන්තාවන්ගේ  හා පාසල් ළමුන්ගේ  නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීම පිළිබඳ සිදුවීම් 1,063ක් වාර්තා වී තිබෙන බවට අනාවරණ වේ.  එවැනි සමාජ  ප්‍රවණතාවක් බොහෝවිට  ඇතිවී තිබෙන්නේ - විශ්වාසය පලු‍දුවීම,  මුදල් ඉපයීම, පළිගැනීම වැනි කරුණු හේතුවෙනි.  විශේෂයෙන්ම මෙම අසම්මත භාවිතයන් හේතුවෙන් ඇති කරනු ලබන ප්‍රතිවිපාක හිතනා තරම් සුළු නොවේ. එහිදී වින්දිතයන් දැඩිසේ  චිත්තවේගීය පීඩාවලට ලක්වීම,   කොන් කිරීමට ලක්වීම පමණක් නොව ජිවිත තුළින් වන්දි ගෙවීමට පවා සිදුව තිබේ. 


තෙවසරක පොලිස් පැමිණිලි


මෙම ලිපියට පදනම් වන්නේ, මෑත වකවානුව තුළ කාන්තාවන්ගේ  හා පාසල් ළමුන්ගේ  නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කළ සොයාබැලීමකි.    
මේ සම්බන්ධයෙන්  කරුණු සොයා බැලීම වෙනුවෙන් ලංකාවේ පොලිස් මූලස්ථාන, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළුව දිවයිනේ සෑම පොලිස් වසමකටම - තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ඉල්ලා අයදුම්පත් යොමුකළ අතර, ඒ අනුව ලබාදුන් තොරතුරු මත මෙම අනාවරණය සිදුකරනු ලැබේ.  
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ලබාදුන් තොරතුරු අනුව  2021 සිට 2023.12.31 දක්වා කාන්තා හා ළමා නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීම පිළිබඳව වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,063කි. ඒ අතර කාන්තාවන් සම්බන්ධ සිදුවීම් 892ක් මෙන්ම පාසල් ළමුන් සම්බන්ධ සිදුවීම් 171ක් වේ. මෙහි දී කැපී පෙනෙන දෙය නම් වාර්ෂිකව මෙවැනි සිදුවීම් දෙගුණයක වර්ධනයක් දක්නට ලැබීමයි.
එමෙන්ම ඉහත සිදුවීම්වලට අදාළ සැකකරුවන් 332 දෙනෙකු වෙනුවෙන් 2023.12.31 දින වන විට නීතිය  ක්‍රියත්මක කර තිබෙන අතර, ඒ අතරින් 144 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 
ඒ ආකාරයෙන්ම ප්‍රදේශයන්හි පවතින පොලිස් ස්ථාන වෙත  සිදුකර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, 2021 සිට 2023.12.31 දක්වා ලංකාවේ පොලිස් කොට්ඨාස 43ක් අතරින් පොලිස් කොට්ඨාස 19ක් වෙත පමණක්  කාන්තාවන්ගේ  හා පාසල් ළමුන්ගේ  නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරීම සම්බන්ධ සිදුවීම් පිළිබඳ පැමිණිලි 76ක් වාර්තා වී තිබෙන බවයි.
ඒ අතර කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීම පිළිබඳ සිදුවීම් 50ක් මෙන්ම, පාසල් ළමුන් සම්බන්ධ පැමිණිළි 26ක් වේ. 
එම සිදුවීම් අතරින් එම කාලය තුළ දී වැඩි පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කුරුණෑගල පොලිස් කොට්ඨාසය තුළින් වන අතර, එම පැමිණි සංඛ්‍යාව 14කි.
අර්බුදයේ වර්ධනය
ස්මාර්ට් ෆෝන් පැමිණීම, සමාජමාධ්‍ය වේදිකා වැඩිවීම සහ භාවිතය වැඩි වීම හේතුවෙන් සන්නිවේදනය සහ සම්බන්ධතාවයේ විප්ලවීය වෙනසක් සිදුවී ඇත. 
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් සහ අවබෝධයක් මෙන්ම, නීතිමය තත්ත්වය කෙරෙහි වැඩි සැලකිල්ලක් නොමැති වීම හේතුවෙන් - මෙවැනි අපරාධ සමාජගතවීමේ ප්‍රවණතාව ද දැඩිසේ ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන්ම  ශ්‍රී ලංකාව තුළ, කාන්තාවන්ගේ සහ බාල වයස්කාර අයගේ නිරුවත් ඡායාරූප සංසරණය වීම සම්බන්ධ සිද්ධීන් ඉහළ ගොස් ඇත්තේ, එම නොදැනුවත්භාවය සහ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඇති අඩු දැනුම නිසාය. 
පසුගිය කාලය තුළදී පාසල් ළමුන් ඇතුළු කාන්තාවන්ගේ නිරුවත් අන්තර්ගතයන් සමාජගත වී ඇත්තේ - තමන්ගේ  සමීපතමයන් සේ කටයුතු කළ පුද්ගලයන් මාර්ගයෙන් වන අතර, බොහොමයක් අන්තර්ගතයන් වින්දිතයන් විසින්ම (අපරාධයට ගොදුරුවුවන්) පෞද්ගලික, විශ්වාසනීය රහසිගත සබඳතාව මත තවකෙනෙකුට ලබාදී ඇති ඒවා වේ. විශ්වසනීය රහසිගත සබඳතාවලදී කැමැත්ත හා අනුමැතිය මත බෙදාගනු ලැබූ අන්තර්ගතයන් - පසුකාලීනව එම සම්බන්ධතා බිඳවැටුණු පසු , අදාළ සම්බන්ධයේ එක් පාර්ශ්වයක් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.  
මේ ආකාරයෙන් සමාජයේ වෙසෙන ඇතැම් අය තුළ ඇති අඩු දැනුවත්භාවය හා නොසැලකිළිමත්කම පිළිබඳව පොලිසිය මෙන්ම විවිධ ආයතන විසින් ළමයින් හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ඒ ආකාරයෙන් 2021 සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී පමණක් පොලිස් කොට්ඨාස මට්ටමින් එවැනි දැනුවත් කිරීමේ වැඩ සටහන් 46,516ක් සිදුකර තිබෙන බව දිවයිනේ පොලිස් කොට්ඨාස 31ක් මගින් ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය. එසේ දැනුවත් කිරීම් සිදු කරනු ලැබුවත්, සිදුවීම්වල වර්ධනය වාර්ෂිකව වැඩි වී තිබේ.


වින්දිතයන්ට ඇති බලපෑම


පුද්ගලික ඡායාරූප අන්තර්ජාලය හරහා බෙදා හැරීමේ ප්‍රතිවිපාක විනාශකාරීය. කාන්තාවන් සඳහා, මෙය බොහෝ විට චරිත ඝාතනය, කොන්කිරීම සහ ආන්තික අවස්ථාවන්හි දී සියදිවි නසාගැනීමේ ප්‍රවණතා ඇති කිරීමට තරම් ප්‍රබලවී තිබේ.  කාන්තාවන්ගේ සදාචාරය අසමානුපාතික ලෙස විනිශ්චය කරනු ලබන ශ්‍රී ලාංකික  සමාජය තුළදී වින්දිතයන් ඔවුන්ට ලැබිය යුතු සංවේදනය සහ සහයෝගය ලබාගැනීමට වඩා මහජන පරීක්ෂාවකට නිතර මුහුණ දීමට සිදුවී තිබේ.
20 වැනි පිටුවෙන්...
එම සමාජ තත්ත්වයද මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වූවන් දැඩි සේ පීඩනයට ලක්කිරීමට හේතුවක් වී තිබේ.
විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේ මගින් තවත් ඛේදජනක තත්ත්වයක් උදාකර තිබේ. ක්ෂණික මානසික කම්පනයෙන් ඔබ්බට, මෙම තරුණ වින්දිතයන්ගේ අධ්‍යාපනය, සමාජ අන්තර්ක්‍රියා සහ වෘත්තීය අපේක්ෂාවන් කෙරෙහිද බලපෑම් ඇති කරයි.


ගැටලු‍වේ මූල හේතු


නීතිරීති අණපනත් සැකසී තිබුණත්,  ඩිජිටල් සාක්ෂරතාව නොමැතිකම  ස්මාර්ට් ෆෝන් සහ සමාජමාධ්‍ය වේදිකා භාවිත කරන බොහෝ පරිශීලකයන්ට සබැඳි ආරක්ෂාව පිළිබඳ මූලික අවබෝධයක් නොමැති වීම, මෙවැනි අවදානම් තත්ත්ව තේරුම් නොගෙන පුද්ගලික රූප බෙදාගැනීම, පුද්ගලයන් සූරාකෑමට ගොදුරු වීමට මුලික හේතුවක් වී තිබේ.
ලිංගිකත්වය යනු - ශ්‍රී ලංකාවේ ඉතා සංවේදී, ගුප්ත විෂයකි. කලාතුරකින් පවුල්වල හෝ පාසල්වල මේ සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කෙරුණද, මෙම සංවාදයේ ඌනතාව තරුණියන්ට පුද්ගලික රූප බෙදාගැනීම සහ කැමැත්ත අවබෝධ කරගැනීම පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට ඇති අවකාශය අහුරා තිබේ. විශේෂයෙන්ම සයිබර් අපරාධ සහ ළමා කාමුක දර්ශන ආමන්ත්‍රණය කරන නීති ශ්‍රීලංකාවට ඇතත්, බලාත්මක කිරීම දුර්වල මට්ටමක පැවතීම මෙහිදී කැපී පෙනේ. වින්දිතයන්ට  යුක්තිය ඉටුකර ගැනීම සම්බන්ධයෙන් බොහෝ විට බාධකවලට මුහුණ දීමට සිදුව තිබේ. මේ ආකාරයේ සමාජ මාධ්‍ය වේදිකා හරහා විවිධ හිංසනයන්ට ලක්වූ අයෙකු කියා සිටියේ, “පොලිසියට පැමිණිලි දාන්න ගිහාම කිවුවේ දුරකතනයේ සිම් එක මාරු කරලා ඉන්න කියලා’’ යනුවෙනි. බොහෝ අවස්ථාවන්හි නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් ඇති අඩු දැනුවත්භාවය හා විමර්ශනය කිරීමේ නොහැකියාවද ගැටලුකාරී වී ඇති සෙයක් ද පෙනේ.


සමාජ මාධ්‍ය භූමිකාව


සමාජ මාධ්‍ය වේදිකා මෙම අර්බුදයේ උත්ප්‍රේරකයක් මෙන්ම, පෝෂණය ලබා දෙන සජීවී උපස්තරයක් ලෙසද ක්‍රියා කරයි. ඔවුන් එවැනි රූප - ඉතා වේගයෙන් සංසරණය වීමට මාධ්‍යය වෙන අතරම, ඒ සම්බන්ධයෙන්  දැනුවත් කිරීම සහ සූරාකෑමට එරෙහිව සටන් කිරීම සඳහා මෙවලම්ද ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, අන්තර්ගතය නිරීක්ෂණය කිරීමේ සහ නියාමනය කිරීමේ වගකීම බොහෝ දුරට මෙම වේදිකාවලටම පැවරේ. එය බොහෝ විට පුද්ගලිකත්වය, ප්‍රකාශනයේ නිදහස සහ ආරක්ෂාව සමතුලිත කිරීමට අරගල කරයි. නමුත් ලංකා රජය මෙම අපරාධ අවම කිරීම හා විමර්ශනය වෙනුවෙන් අදාළ ආයතන සමග නෛතික එකඟතාවකට පැමිණ නොමැති අතර, අන්‍යෝන්‍ය එකඟතාව මත පමණක් කටයුතු කරනබව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් ලබාදුන් තොරතුරුවල සඳහන් වේ.  
ෆෙස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි වේදිකා නිතර අසභ්‍ය පින්තූර බෙදා හැරීමට භාවිත කරයි. එවැනි අන්තර්ගතයන්ට එරෙහි ප්‍රතිපත්ති තිබියදීත්, බලාත්මක කිරීමේ යාන්ත්‍රණ බොහෝ විට වැළැක්වීමට වඩා ප්‍රතික්‍රියාශීලී වේ. එපමණක් නොව, සංකේතාත්මක පණිවුඩ සේවා මගින් පැහැදිලි ද්‍රව්‍ය පැතිරීම ලු‍හුබැඳීම සහ නැවැත්වීම සැලකිය යුතු අභියෝගයක් බවට පත් කරයි.


නීතිමය භූ දර්ශනය


ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට දණ්ඩ නීති සංග්‍රහය සහ සයිබර් අපරාධ පනත යටතේ ළමා කාමුක දර්ශන සහ පැහැදිලි අන්තර්ගතයන් අන්තරජාලය වෙත  බෙදාගැනීම වැනි ගැටලු‍ විසඳීමට ප්‍රතිපාදන ඇත. කෙසේ වෙතත්, මෙම නීති බොහෝ විට ඩිජිටල් අපරාධවල සූක්ෂමතාවන් සවිස්තරාත්මකව විසඳීමට අසමත් වේ. මීට අමතරව, වින්දිතයන් නීතිය ඉදිරියට පැමිණීමට ඇති අකමැත්ත, සමාජ විනිශ්චයට ඇති බියෙන් සැඟව සිටීමට උත්සාහ ගැනීමද ඔවුන්ට  නීතියෙන් ලැබිය හැකි පිළිසරණ අහිමි වීමට හේතුවී තිබේ.
මේ සම්බන්ධයෙන්  සාවද්‍ය තොරතුරු පර් යේෂකයකු වන  ආචාර්ය සංජන හත්තොටුව ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, මෙවන් අදහසකි.       
“මෙවැනි තත්ත්වයන් පදනම්කරගෙන තමයි ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA)  ගේන්න කටයුතු කළේ. නමුත්  ඔන්ලයින් ආරක්ෂණ පනතේ අන්තර්ගතය තුළ මේ හා සම්බන්ධ කිසිදු සඳහනක් නෑ. වගන්තියක් දෙකක් හැරෙන්න. නමුත් මේක පදනම්කරගෙන තමයි ව්‍යාජ වශයෙන් OSA අවශ්‍ය බව පෙන්වා දුන්නේ. ඇත්තටම මේක බටහිර ලෝකයේ ප්‍රශ්න තුළත් තියෙන උග්‍ර ප්‍රශ්නයක්, නමුත් එය පුදුමයට කාරණයක් නොවේ. අනෙක් කාරණය තමයි Generative AI  තාක්ෂණය (උත්පාදක කෘත්‍රිම බුද්ධිය) හරහා 2022 අග භාගයේ සිට නිෂ්පාදනය කරනු ලබන Child Sexual Exploitation material  (ළමා ලිංගික සූරාකෑමේ ද්‍රව්‍ය)  එහෙම නැත්නම් කාන්තාවන් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කළ හැකි අන්තර්ගතයන් අතිශයින්ම වැඩි වෙලා තියෙනවා. පරිගණක ඉතිහාසයේ නොතිබුණු, නොදැකපු තර්ජනයක් තාක්ෂණික පදනමකින් වැඩි වෙලා තියෙනවා.’’
“Generative AI එන්න කලිනුත්, පසුවත් අපි කියලා තියනවා - මේකට පිළිතුර OSA එක නොවේ, පැහැදිලි උත්තරය කියලා අනිවාර්යයෙන්ම සෘජු, ක්‍රමානුකූල, සාක්ෂි සහිත, දත්ත පදනම් කරගත්ත  උත්තරයක් අවශ්‍යයයි කියන එක. ඒ වගේම නීතිමය වශයෙනුත් පොලිසියෙන් විතරක් කරන්නත් බෑ, අදාළ සමාජමාධ්‍ය ආයතනවලට විතරක් කරන්නත් බෑ. මේ සඳහා සෘජු හා පුළුල් ලෙස සමාජගත කරලා සමාජයේ සාකච්ඡාවක් ඇති කරන්න පුළුවන්. මන්ද කිව්වොත් - මේ සඳහා දේශපාලන, සමාජ වශයෙන් පුළුල් කතිකාවක් අවශ්‍යයි.’’  
එමෙන්ම ධී් එකෙන් ලබා දී තිබෙන්නේ සරල පක්ෂපාතී ප්‍රාථමික උත්තරයක් බවද ආචාර්ය හත්තොටුව කියා සිටියේය.
“මේ සම්බන්ධයෙන් සමාජයේ ඇති මාධ්‍ය සාක්ෂරතාව ද අඩු මට්ටමක පවතින අතර, ඒවා කියල දෙන අයත් අසම්පූර්ණ සෙයක් පේනවා. වැරදි රාමුවකින් තමයි මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ කතිකාව රාමුගතවෙලා තියෙන්නේ. කරන කට්ටියටත් තේරිලා නෑ කොහොමද කරන්නේ කියලා.’’
ඒ සඳහා පවතින ශක්තිමත් නීති  ඒ අයුරින්ම බලාත්මක කිරීමේ කඩිනම්  අවශ්‍යතාවක් පවතී. ප්‍රතිපත්ති සම්පාදකයන් වින්දිතයන්ගේ ආරක්ෂාව සහ අපරාධකරුවන්ගේ වගවීම කෙරෙහි අවධානය යොමු කරමින්, උසස් සයිබර් ආරක්ෂණ රාමු සහිත රටවල ආකෘති අනුගමනය කිරීම සලකා බැලිය යුතුය.



අදහස් (0)

සයිබර් හිංසනය පිටුදැකීමේ අභියෝග

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

සිහිනය වෙනුවෙන් කැපවුණ කොන්දොස්තර දුව
2024 දෙසැම්බර් මස 24 25 0

පිරිමින් ආධිපත්‍යය පතුරවමින් සිටි රැකියාවන්ද දැන් දැන් කාන්තාවෝ ආක්‍රමණය කරමින් සිටිති. ඒ එම රැකියා කළ හැක්කේ පිරිමින්ට පමණක් යයි හංවඩු ගැසි තිබූ නි


සයිබර් හිංසනය පිටුදැකීමේ අභියෝග
2024 දෙසැම්බර් මස 24 10 0

අන්තර්ජාලය ලොව පුරා සිටින මිනිසුන් සම්බන්ධ කරන අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇත. කෙසේ වෙතත්, එම මෙවලම සාධනීය ලෙස භාවිතයට නොගැනීමත් - ඒ සම්බන්ධයෙන් ඇති සා


මෙදා නත්තලත් නට්ටංද?
2024 දෙසැම්බර් මස 24 15 0

නත්තල උදාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. බාල, වැඩිහිටි, මහලු කා අතරත් ජාති බේදයෙන් තොරව උත්සව සමයට සැරසෙන්නේ නත්තලත් සමගය. මීට වසර පහ හයකට පෙර මේ සමය සැබ


නිමානොවන වසංගත ඩෙංගු උණ සහ මී උණ
2024 දෙසැම්බර් මස 16 33 0

මෙම වැකි දැනට වසර ගණනාවක සිටම අසන්නට දකින්නට ලැබුණත්, තවමත් එහි ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව හැඟෙන්නේ දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්


සිය වසකට පසු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය ශ්‍රි ලාංකීය භභික්ෂුව වාඩිගල සමිතරතන හිමි
2024 දෙසැම්බර් මස 08 70 0

ඔක්ස්ෆර්ඩ් යනු සරසවි අතර මහ සරසවියකි. මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත මෙම විශ්වවිද්‍යාලය හැඳින්වෙන්නේ ඉංග්‍රීසි බස සඳහා වෙන්වූ ලොව පැරණිතම අධ්‍යාපන කේන්


පුද බිම් ළග මල් ඇයි මෙතරම් ගණන්
2024 දෙසැම්බර් මස 08 89 0

මීට දසක පහකට පමණ පෙර ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ඇසුණු මෙම ගීතය ගැයුවේ, ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ චන්ද්‍රාණි ගුණවර්ධනයි. කතරගම පුදබිමේ කිරි වෙහෙරට ය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 135 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 117 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 85 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site