“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත”
මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනයෙන් විනිර්මුක්ත වූ සමාජමය වටපිටාවන් තුළ බව ලොව බොහෝ සමාජ විද්වතුන්ගේ ඒකායන මතයයි. කෙසේ වෙතත් ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් ගැන අධ්‍යයනය කිරීමේ දී එම තත්වය යම් කණපිට හැරවෙන ස්වභාවයක් පෙනෙන්නට ඇත. අපේ රටේ බන්ධනාගාරවල රැඳවියන්ගෙන් සැලකිය යුතු පිරිසක් යම් අධ්‍යාපන මට්ටමක සිටින අය වීම ඊට හේතුවයි. එවැනි පිරිස් අපරාධකරුවන්, සමාජ විරෝධීන් වෙන්නේ කෙසේ දැයි අද බොහෝ දෙනෙකුට බරපතළ කුකුසක් මතු කර ඇත්තේය.
බන්ධනාගාර ගතවී සිටි (2023) රිමාන්ඩ් (සැක) රැඳවියන්ගෙන් පාසල් නොගිය පිරිස 2801 කි. (සියයට 2) මෙයට අමතරව 1-5 අතර ශ්‍රේණි සමත් 16116 දෙනෙක් ද (සියයට 2) පහ ශ්‍රේණිය සමත් 2752ක්ද (සියයට 12) 8 ශ්‍රේණිය සමත් 49038ක්ද (සියයට 36) අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් 32956 ක්ද (සියයට 24) අපොස උසස් පෙළ විභාගය සමත් 9236ක්ද (සියයට 7) උපාධිධාරීහු 265ක්ද, අනෙකුත් අය 203 ක්ද බන්ධනාගාරවල සිටිති. රිමාන්ඩ් සිරකරුවන් අතර වැඩි දෙනකු සැලකිය යුතු අධ්‍යාපනයක් ලැබූ අය බව මෙයින් පැහැදිලි වෙන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ කීවේය.
මේ අතර දඬුවම් විඳින සිරකරුවන් 46939 න් 2569 ක් (සියයට 5) පාසල් නොගිය අය වෙති. මෙයට අමතරව එම අච්චු සිරකරුවන් පිරිසට 1-5 ශ්‍රේණි දක්වා අධ්‍යාපනය ලැබූ 4072ක්ද ( සියයට 9) පහ ශ්‍රේණිය සමත් 7171ක්ද ( සියයට 15) අට ශ්‍රේණිය සමත් 15646 ක්ද (සියයට33) අපොස සාමාන්‍ය පෙළ සමත් 11658ක්ද (සියයට 25) අපොස උසස් පෙළ විභාගය සමත් 5716ක්ද (සියයට12) උපාධිධාරීහු 66 දෙනෙක්ද වෙනත් අය 44 ක්ද ඇතුළත් වෙති.
බන්ධනාගාර ගතවෙන සිරකරුවන්ගේ ප්‍රමාණයද සැලකිය යුතු ඉහළ යෑමක් පෙනෙන්නට ඇත්තේය. පසුගිය 2011 වර්ෂයේ දී බන්ධනාගාරගතව සිටි රැඳවියන් සංඛ්‍යාව76973කි. 2022 වර්ෂයේ දී එම සංඛ්‍යාව138581 ක් දක්වා ඉහළ ගියේය. පසුගිය වසරේදී එම සංඛ්‍යාව 185056ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය.
රැඳවියන් බන්ධනාගාරගත වෙන ප්‍රමාණය සියයට එකසිය හතළිහගෙන් පමණ වැඩිවී ඇතැයි මේ පෙනීයයි. පසුගිය 2021 වර්ෂයේ දී බන්ධනාගාර ගතව සිටි දඬුවම් නියම වූ (අච්චු) සිරකරුවන් සංඛ්‍යාව 14547ක් වූ අතර රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි (සැක) සිරකරුවන් සංඛ්‍යාව 62426කි.
2022 වර්ෂයේ දී අච්චු සිරකරුවන් 30331ක්ද, රිමාන්ඩ් සිරකරුවන් 108250ක්ද, වශයෙන් රැඳවියන් ප්‍රමාණය ඉහළ ගියේය. 2023 වර්ෂයේ දී එම සංඛ්‍යා තවත් ඉහළ යමින් අච්චු සිරකරුවන් 46939ක්ද, රිමාන්ඩ් සිරකරුවන් 138117 ක්ද වාර්තා විය. බන්ධනාගාරවලට සැකකරුවන් ඇතුළත්වීම පසුගිය වසර තුනේදී සියයට 121කින්ද, අච්චු සිරකරුවන් ඇතුළත්වීම සියයට 223 කින්ද ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර වාර්තා සඳහන් කරයි.
මේ අතර පසුගිය වර්ෂයේ දී බන්ධනාගාරගත වූ රැඳවියන්ගෙන් වයස 18ට වැඩි 82ක් සිටියහ. මෙයට අමතරව වයස 17-22 අතර අය 9064ක්ද (සියයට 7), වයස 23 - 30 අතර 33007ක්ද ( සියයට24), වයස 31- 40 අතර 45412ක් ද ( සියයට33), වයස 41-50අතර 30437ක්ද (සියයට 22), වයස 51-60 අතර 14807ක්ද ( සියයට 11), වයස 61-70 අතර4513ක්ද (සියයට3), වයස 70ට වැඩි 795ක් ද (සියයට 1) සිටි බව මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පැවසීය.
පළමු වරට රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ රැඳවියෝ (සැක) 20072ක්ද (සියයට42.8), දඬුවම් නියමවී ප්‍රථම වතාවට බන්ධනාගාරගත කෙරුණු 46939ක්ද පසුගිය වසරේ වාර්තා විය. මීට අමතරව ඊට කලින් දඬුවම් විඳ නැවත බන්ධනාගාරගත කෙරුණු 12270 ක්ද සිටියහ.
කලින් දෙවතාවක් වැරදිකරුවන්වී නිදහස ලබා සිට නැවත බන්ධනාගාරගත කෙරුණු 6757 දෙනෙක්ද, තුන් පාරක් වැරදිකරුවන් වී නැවත බන්ධනාගාරගත කෙරුණු 1340 දෙනෙක්ද, 5-6 වතාවක් වැරදිකරුවන් වී නිදහස ලබා නැවත බන්ධනාගාරගත කෙරුණු 1805 දෙනෙක්ද, 7-8 වතාවක් නිදහස ලබා පිටව ගොස් නැවත පැමිණි 2260 දෙනෙක්ද, වාර 11 කට වැඩි වාර ගණනක් නිදහස ලබා ගොස් නැවත පැමිණි 2435 දෙනෙක්ද එම සිරකරුවන් අතර සිටිති. පසුගිය වසරේ දී රිමාන්ඩ් සහ අච්චු විඳි රැඳවියන් 185056 දෙනාගෙන් 178260 දෙනෙක් පිරිමි අය වෙති. අනෙක් 6796 දෙනා කාන්තාවෝය.
බන්ධනාගාරවල සිර දඬුවම් විඳින සිරකරුවන් 29192 න් සියයට හැට දෙකක්ම මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවූ අය වෙති. මෙම තොරතුරු අනුව මනාව පැහැදිලි වෙන්නේ අධ්‍යාපන සහ සමාජ ප්‍රතිසංස්කරණයක හදිසි අවශ්‍යතාව මිස අන් දෙයක් නොවෙයි. සිරකරුවන් ප්‍රමාණය වැඩිවීමට වර්තමාන ආර්ථික අර්බුදයද ප්‍රබල හේතු සාධකයක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. අධ්‍යාපනය ලැබූ පිරිස්වලින් හිරගෙවල් මේ ආකාරයට පිරේ නම් කිසියම් හෝ තැනක අඩුපාඩුවක් සිදුව ඇති බව හොඳින් පැහැදිලිය. මේ අනුව මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කර ඊට හේතු භූත වූ කරුණු අනාවරණය කරගෙන ගැටලුවට කඩිනම් විසඳුම් දීම හදිසි අවශ්‍යතාවක් බව
විද්වතුන්ගේ මතයයි.
සුජිත් හේවාජුලිගේ
මෙම වැකි දැනට වසර ගණනාවක සිටම අසන්නට දකින්නට ලැබුණත්, තවමත් එහි ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව හැඟෙන්නේ දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්
ඔක්ස්ෆර්ඩ් යනු සරසවි අතර මහ සරසවියකි. මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත මෙම විශ්වවිද්‍යාලය හැඳින්වෙන්නේ ඉංග්‍රීසි බස සඳහා වෙන්වූ ලොව පැරණිතම අධ්‍යාපන කේන්
මීට දසක පහකට පමණ පෙර ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ඇසුණු මෙම ගීතය ගැයුවේ, ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ චන්ද්‍රාණි ගුණවර්ධනයි. කතරගම පුදබිමේ කිරි වෙහෙරට ය
අද දෙසැම්බර් පළමුදාය. සෑම වර්ෂයකම අවසන් මාසයේ පළමු දිනයයි. ඒ දිනය පිළිබඳව බොහෝ දෙනකු මතකයේ තබාගැනීමට ප්‍රධානම හේතුව වන්නේ ලෝක එ්ඩ්ස් දිනය සැමරීම නිසාව
ගෞතම් අදානි... ශ්‍රී ලංකාවේ අපට ඉතා හුරු පුරුදු නමක්. නිරන්තරයෙන් දේශපාලන හා දූෂණ විරෝධී ක්‍රියාකාරි වේදිකාවල පලු ගසනු ලැබූ නමක්.
විජය කුමරු ක්‍රි.පූ. 5 වැනි සියවසේ සිය අනුගාමිකයන් හත්සියයක් සමග තම්බපන්නි වෙත ගොඩ බසින අවස්ථාවේ මෙම දිවයින දුටුවේ මිනිස් වාසයෙන් තොර කොදෙව්වක් ලෙසිනි
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
හිරබත් කන උගත්තු