IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


මාතලේ සිසුවෙක් ඩෙංගු රකුසාට බිලි

මාතලේ, නාඋල ප‍්‍රදේශයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඩෙංගු මාරයාට බිලිවී එම සිද්ධියේ රශ්මිය පහව යන්නටත් මත්තෙන් මාතලේ නගරයේ පාසලක උසස් පෙළ හදාරණ ශිෂ්‍යයකු ඩෙංගු මාරයාට බිලිවීමේ පුවතක් පාසල් ළමුන් අතර පැතිර ගියේ නගරය සහ තදාසන්න ප‍්‍රදේශ සසල කරමිණි. ඒ තරමටම මාතලේ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල පාසල් ළමුන්ට ඩෙංගු උණ වැළඳී රෝහල්වල ප‍්‍රතිකාර ලබති.  


මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ රුවන් චාමර විජේසිංහ නමැති 18 හැවිරිදි ශිෂ්‍යයා පදිංචිවී සිටියේ මාතලේ හරස්ගම අගලවත්ත පාරේ නිවසකය. වාහන රියැදුරෙකු වූ එච්.එම්.ගාමිණි විජේසිංහ සහ එල්.ජී.අනුලාවතී දෙපළගේ එකම පිරිමි දරුවා වූ චාමරට බාල නැගණියන් දෙදෙනෙක් වෙති.  


චාමර පසුගිය 19 වැනිදා නකල්ස් හෙවත් දුම්බර කඳුවැටිය නැරඹීමට ගියේ යහළුවන් පිරිසක් සමඟිනි. දුම්බර වන පෙතේ තද සීතල පහස ලබන්නට චාමරට පුළුවන්කමක් නොලැබුණා විය හැක.  


ඇඟට දැනෙන තෙහෙට්ටු ගතිය නිසා ටිකක් හෝ විවේක ගන්න ඕනෑ කියා චාමර යාළුවන්ට කීවේය. යහළුවන් තවදුරටත් වන පෙතේ පහස අතහැර ආපසු සිය නිවෙස් බලා ඒමට පිටත් වූහ.  


චාමරගේ කොන්දේ වේදනාව වැඩිවෙන්න ගත්තේය. යහළුවන් පිරිස විනෝද චාරිකාව හමාර කළේ චාමර මාතලේ දිසා මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය..  


දින දෙකක කාලයක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිට චාමර අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ. චාමරගේ පියාට සහ මවට කරකියා ගැනීමට යමක් නොමැතිව අසරණ වූහ. චාමරගේ නැගණියන් දෙදෙනා බලාගත් අත බලා සිටියහ. පාසලේ ගුරුවරුන් හා සියලූ යහළු යෙහෙළියන් චාමරගේ ලෙඩ දුක් බැලීමට වැළ නොකැඩී රෝහලට එන්න ගත්හ.   

දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ චාමර ඉකුත් 21 වැනිදා ඩෙංගු රෝගයට ගොදුරුව අවසන් ගමන් ගියේ සිය ආදරණීය මව, පියා, නැගණියන් දෙදෙනා ඇතුළු පාසලේ මිතුරු, මිතුරියන් සහ ඥාතීන් හැමෝම හඬවමිණි.   


චාමරගේ නිසල දේහය නිවසට ගෙන එනවිට මව සිහි මුර්ජා වූවාය. පියා සහ නැගණියන් දෙදෙනා විලාප නගන්න ගත්හ. ගුවනට මුසු වූ ඒ විලාපයෙන් මුළු ප‍්‍රදේශයක් සසල කළේය. සුදු වතින් සැරසුණු මාතලේ බෞද්ධ මහා විද්‍යාලය දැඩි වේදනාවෙන් එහි පසු විය. සමහර සිසුන් එකිනෙකා බදාගෙන ඉකි බිඳ බිඳ හඬන්න වූහ.  

 
‘‘අනේ මගේ පුතා නැඟිටින්න. අපිට හිටපු එකම පුතා, පුතා විතරනේ. පුතා බලන්න යාළුවෝ ඇවිත් ඉන්නවා. ඇයි පුතේ අපිට මෙහෙම දුකක් දුන්නේ. පුතාට මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනයකින්වත් හිතුවේ නෑ’’ යැයි කියමින් චාමරගේ මව විලාප නඟන්න වූවාය. ඇයට සිය වේදනාව දරා ගත නොහැකිව පොළොවේ හැපෙමින් විලාප නැඟුවාය.  

 
චාමරගේ පියාවන එච්.එම්. ගාමිණි විජේසිංහ මහතා කඳුළු සලමින් මෙසේ පැවසුවේය. ‘‘අනේ මහත්තයෝ. මට හිටපු එකම පුතා මෙයා පමණයි. ලොකු පුතා නංගිලා දෙන්නා තනිකර ගියා. මමයි බිරිඳයි ලොකු පුතා ඇහැක් වගේ රැක්කේ, සා.පෙළ දක්වා ඉගෙන ගත්තේ මාතලේ විජය විද්‍යාලයේ, උසස් පෙළ හදාරන්න මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයට ඇතුළත් වුණා. මෙයා ඉස්කෝලේ වැඩ හොඳට කළා. ඉතාම තැන්පත් ළමයෙන් මෙයා. චාමර පුතා වැඩියෙන්ම හිටියේ අම්මාත් එක්ක’’  


‘‘යාළුවෝ කට්ටියක් එක්ක පුතා නකල්ස් කන්ද බලන්න ගිහිං තිබෙනවා. කන්ද මුදුනේ දී පුතාට කොන්දේ අමාරුව හැඳිලා. පුතාව මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. දින දෙකකට පස්සේ පුතාට හොඳටම උණ හැඳිලා. දැඩි සත්කාර ඒකකයටත් ඇතුළත් කරලා. පුතාට ඩෙංගු හැඳිලා කියා ආරංචි වුණා. අපේ ගමේ කාටවත් ඩෙංගු උණ හැඳිලා නැහැ.’’

  

මියගිය රුවන් චාමර විජේසිංහ ශිෂ්‍යයා ඉගෙනුම ලබන මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ කථිකාචාර්ය ගල්කුලමේ උපරතන නාහිමියෝ අප සමඟ මෙසේ පැවසූහ.  


‘‘රුවන් චාමර ශිෂ්‍යයා 2016 වසරේ අපේ පාසලේ 13 වැනි ශ්‍රේණියට ඇතුළත් වුණා. ඔහු කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිමට සිටියේ. චාමර අධ්‍යාපනයටත් ඉතාම දක්ෂයි. විශේෂයෙන් ක‍්‍රීඩා අංශයෙන් කුසලතා දැක් වූ ශිෂයෙක්. පාසල මඟින් කලාප තරගවලට ඉදිරිපත්කොට මොහු කුසලතා දක්වා තිබෙනවා. පාසලේ ළමුන් අතරත් ජනප‍්‍රිය ශිෂ්‍යයෙක්. ගුරුවරුන්ගේ හිත දිනාගෙන අධ්‍යාපන කටයුතුවල නියැළුණු ශිෂ්‍යයෙක්.   


‘‘චාමරට ඩෙංගු උණ වැළඳුණා කියලා දැනගත්තට පස්සේ මම බොහෝම වේදනාවට පත් වුණා. පාසලේ ළමුන් හා ගුරුවරු චාමර බලන්න නිතර රෝහලට ගියා. චාමර මියගිය ආරංචියට ළමුන් බොහෝ දෙනෙක් වැළපෙන්න ගත්තා. අපේ පාසලට චාමරගේ වියෝවීම ලොකු අඩුපාඩුවක්. චාමරගේ අවසන් කටයුතු කිරීමට අපේ පාසලේ ගුරුවරු සහ ළමුන් දැඩි කැපවීමක යෙදුණා. මතුභවයේදී රුවන් චාමරට මෙවැනි අකල් මරණයක් නොවේවායි මම එක හිතින් ප‍්‍රාර්ථනා කරනවා.’’  


මාතලේ දිසා මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.එල්. වෛද්‍යරත්න මහතා මෙම අයගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඩෙංගු උණ වැළඳී මෙම අය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් කොට තිබුණි.   

 

 

මාතලේ ඇම්.ඩබ්.සෝමරත්න 

 



අදහස් (0)

මාතලේ සිසුවෙක් ඩෙංගු රකුසාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ශෘෂ්ත්‍රීය ලෝකය බැබලවු ගණනාත් ඔබේසේකර
2025 මාර්තු මස 31 13 0

සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයා ලෙස හැදින්විය හැක. එතුමන්ගේ නික්මයාම ශස්ත්‍රීය අවකාශය තු


යකඩ යකාගෙන් අලි බේරන පුංචි හපනා
2025 මාර්තු මස 31 6 0

වන අලි දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට යාමේ දී - දුම්රියේ ගැටී මියයාම් හා බරපතළ තුවාල සිදුවීම් පිළිබඳ පුවත්, මාධ්‍ය මගින් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැ


දරුඑල අහිමි අඹු සැමියන්ට කාසල් රෝහලෙන් සුබ ආරංචියක්
2025 මාර්තු මස 30 8 0

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, කොතරම් උත්සාහ ගත්තද ඇතැම් විට ඒ සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබ අපොහොසත් වූවා


දෙවියොත් නොබැලු දෙවිනුවර පාතාල ගැටුම
2025 මාර්තු මස 30 16 0

දෙවිවරුන් වැඩ සිටින බවට බොහෝ දෙනෙකු විශ්වාස කරන දෙවිනුවර, ජනතා වන්දනාමානයට පාත්‍රවූ පූජනීය නගරයකි. එහෙත්, පසුගිය සතියේ එම පුරවරය පාතාලය රජ කරවූ, ජාත්‍


දිනෙන් දින වැඩිවෙන රිය අනතුරු මාර්ග ආරක්ෂාවට අභියෝගයක්
2025 මාර්තු මස 30 9 0

ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසරේ පළ කළ තොරතුරු අනුව, මාර්ග ආරක්ෂාව සම්බන්ධ ගෝලීය මට්ටමේ ගැටලුවක් වන අතර මාර්ග අනතුරු නිසා සිදුවන තුවාල සහ මරණ මේ සඳහා


මැයි මාසයේ සහල් හිඟයක්
2025 මාර්තු මස 30 5 0

සහල් සහ වී පිළිබඳව කාලෙක සිට පවතින්නේ මහත් අර්බුදකාරි තත්ත්වයකි. සහල් මිලේ සහ වී මිලේ කඹ ඇදිල්ල නිසා හැමදාම වගේ මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ පාරිභෝ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 50 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 667 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site