IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පාන්දරින් අවදි වූ විප්ලවවාදියා - ඔටෝ රෙනී කැස්ටිලෝ

නොසැලෙන පන්හිඳ - 6

 

 

පනහ-හැට දශකවල ලෝක ඉතිහාසය දිහා ආපහු හැරිලා බලනකොට දකින්න තියෙන විශේෂම ලක්ෂණයක් තමා විප්ලවවාදී සටන් ව්‍යාපාර ගණනාවක් බිහි වී තිබීම. විශේෂයෙන්ම ලතින් අමරිකානු කලාපයේ එවැනි සටන් මාලාවක්ම සිදු වූ බවට සාක්ෂි අපමණයි. අදත් ලෝක තරුණ ජනයා අතර ඉමහත් ප‍්‍රසාදයට පත්ව සිටින චේ ගුවේරා අයත් වන්නෙත් මේ කලාපයටමයි. ඊට අමතරව කියුබානු විප්ලවයේ අසහාය නියමුවා හැටියට සැලකෙන පිදෙල් කැස්ත්‍රෝ, ඔහු සමග උරෙන් උර ගැටෙමින් සටන් කළ කියුබාවේ ජාතික කවියා හැටියට විරුදාවලිය ලබා සිටින ජෝසේ මාටි වැනි දේශපේ‍්‍රමී සටන්කාමීන්ට අදත් සමස්ත ලෝකයේම ප‍්‍රගතිශීලී ජනතාව දක්වන්නේ ඉමහත් ආදරයක් හා ගෞරවයක්.

චේලා, කැස්ත්‍රෝලා හා ජෝසෙ මාටිලා තරමටම ලෝක ප‍්‍රජාව අතර නමක් දිනා නොසිටියත් ඔටෝ රෙනේ කැස්ටිලෝ නම් ගෝතමලීයානු විප්ලවවාදී කවියාත් ලතින් අමරිකානු ජනයා අතර ජනප‍්‍රියත්වයට පත්ව සිටිනවා. ඔහු සැලකෙන්නේ ඇමරිකන් අධිරාජ්‍යවාදයට එරෙහිව පන්හිඳෙන් මෙන්ම අවියෙනුත් අරගල කළ ජනතාපේ‍්‍රමි කවියෙක් හැටියටයි.

කැස්ටිලෝ ගෝතමාලාවේ ක්වෙට්සැල්ටෙන්ගෝ නම් ප‍්‍රදේශයේ උපත ලබන්නේ 1934 අප්‍රේල් 25 වැනිදා. ඒ කාලයේ හැටියට ඔහුගේ කුටුම්බය සැලකුණේ මැද පන්තියේ සමාජ ඒකකයක් හැටියටයි. ලෝකයේ ප‍්‍රබල භාෂාවන් අතර එකක් වන ස්පාඤ්ඤ බස තමා ඔවුන්ගේ භාෂා මාධ්‍යය වුණේ. ප‍්‍රදේශයේ තිබූ උසස් විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමේ භාග්‍යයත් කැස්ටිලෝට හිමි වුණා. පාසලේ සිසුන් අතර සිටින දේශපාලන ක‍්‍රියාධරයන් හඳුනාගැනීමට ඔහුට අවස්ථාව සැලසෙන්නේ ඉහළ පන්තිවලට යන විටයි. ළමා වියේ සිටම පෙරළිකාරී අදහස්වලින් සන්නද්ධ වී සිටි කැස්ටිලෝට විද්‍යාලයේ ශිෂ්‍ය දේශපාලනයේ ප‍්‍රමුඛයකු බවට පත්වෙන්නට වැඩි කාලයක් ගතවෙන්නෙ නැහැ.

ගෝතමලවියානු දේශපාලන සාහිත්‍යයේ කැස්ටිලෝ හැඳින්වෙන්නේ ‘පාන්දරින් අවදි වූ විප්ලවවාදියා’ හැටියටයි. හිරිමල් යොවුන් වියේදීම ඔහු ගරිල්ලා සටන්කරුවන් අතරට එක්වීමයි ඊට හේතුව. කැස්ටිලෝට වගේම ඔහුගේ වයසේ සිටි බොහෝ තරුණයන්ටත් ඒ යුගය ඉතා තීරණාත්මක එකක් වුණා. ජනපති ජාකෝබෝ ආබෙන්ස් යටතේ ඒ වන විට ගෝතමාලාවේ පැවතුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලනයක්. 1944 සිට 1954 දක්වා පැවති කෙටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය සමය නම් කෙරුණේ ”වසන්තයේ දස වසර” ලෙසයි. ඇත්තටම එම දස වසරට කලින් ගෝමාලාව ප‍්‍රකට වුණේ ද්‍රරිද්‍රතාවයේ පතුලටම ගිලූණු, මර්දනය හා ¥ෂණය ඉහවහා ගිය යටත් විජිතයක් හැටියටයි.

ගෝමාලාවට උදාවෙමින් තිබුණු වසන්තය විනාශ කර එය නැවතත් සිය යටත් විජිතයක් බවට පත්කරගන්න ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වෙනවා. CIA ව්‍යාපාරය ලවා ක‍්‍රියාවට නංවනු ලබන කුමන්ත‍්‍රණයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගෝතමලවියානු ආණ්ඩුව පෙරළා දැමෙන්නේ එහි ප‍්‍රතිඵලයක් හැටියටයි. ඒ කුමන්ත‍්‍රණයෙන් පසු ගෝතමාලාවේ ඇමෙරිකන් ගැති රූකඩ පාලනයක් පිහිටුවනවා. කැස්ටිලෝ ගෝතමාලා ගරිල්ලා සටන්කරුවන් හා එක් විමට තීරණය කරන්නේ මවුබිම ජුන්ටා පාලනයේන් මුදාගැනීමට වෙනත් මාවතක් විවරව නොපැවති පසුබිමකයි.

ඒත් වැඩි කාලයක් යන්නට පෙර ඔහු අත්අඩංගුවට පත් වෙන්නේ අත්දැකීම් අඩුකම හේතුවෙන්. කැස්ටිලෝට රොකී ඩාල්ටන් නම් අත්දැකීම් බහුල කවියා මුණගැසෙන්නේ එල් සැල්වදෝර් සිපිරි ගෙදරදි. සිරගෙදර සංවිධාන මධ්‍යස්ථානයක් බවට පත්කරගන්නා මේ දෙදෙනා රැුඩිකල් කවීන්ගේ එකතුවක් ගෙඩනැ`ගීමට අවශ්‍ය මූලික කටයුතු සැලසුම් කරන්නේ සිරගෙදර තුළ සිටයි. සිර ගෙදරින් නිදහස් වූ පසු නැගෙනහිර ජර්මනියට පලා යන ඔහු ලෙපිසිග් විශ්වවිද්‍යාලයට බැඳී සිය අධ්‍යාපන සුදුසුකම් තවත් වර්ධනය කරගන්නවා. එහිදී තරුණ ලේඛකයන් රැසක් හඳුනාගැනීමටත් කැස්ටිලෝ අමතක කරන්නෙ නැහැ.

යළි ගෝතමාලාවට පැමිණීමෙන් පසු ඔහු ශාන්ත කාලෝස් විශ්වවිද්‍යාලයේ ටික කලක් සේවය කළ බවටත් තොරතුරු තිබෙනවා. කැස්ටිලෝ, තරුණ ලේඛක ලේඛිකාවන් රැුසක් සමග සබඳතා ගොඩන`ගා ගන්නෙත් මේ සමයේ. ඔවුන්ගේ සහයෝගය ඇතිව 60 ගණන්වලදී කාව්‍ය සංග‍්‍රහා දෙකක් ප‍්‍රකාශයට පත් කිරීමට කැස්ටිලෝ සමත් වෙනවා. Tomorrow Trumphant හා Lets Start Working නමින්. මේ කෘතිවල ඇතුළත් හැම කවියක්ම වගේ සමකාලීන තරුණ පරපුර අතර ඉමහත් ප‍්‍රසාදයක් දිනාගන්නවා. Apolitical Intellectuals හා You Have a Gun වැනි කැස්ටිලෝගේ කවි මෑත කාලයේ පවා පාඨක විචාරක පර්ෂදවල කතාබහට ලක්වෙන්නේ ඒවායේ අන්තර්ගත විප්ලවීය ගුණය නිසයි. එවකට පළ වූ යටි බිම්ගත පුවත් පත් හා ස`ගරාවල පිටු ගණන් කැස්ටිලෝගේ කවි වෙනුවෙන් වෙන් කර තිබුණු බවත් කියවෙනවා.

කැස්ටිලෝ දේශපාලන සබඳතා ගොඩනගා ගන්නේ FAR හෙවත් විප්ලවවාදී සටන් පෙරමුණ සම`ගයි. ඉක්මනින්ම එහි ප‍්‍රචාරක හා අධ්‍යාපන අංශවල ප‍්‍රධානියා බවට පත් වුණත් ඔහුගේ සිත දැවෙමින් තිබෙන්නේ සිය සගයන් සමග සන්නද්ධ අරගලයට එක්වීමේ දැඩි වුවමනාවකින්. සටන් උග‍්‍ර අතට හැරෙන විට කැස්ටිලෝ සියෙරා ඩි ලාස් මිනාස් කඳුකරයේ ගරිල්ලා සගයන් අතරට යන්නේ සිය තනතුරුවලට සමුදෙමින්. ඉතා දුෂ්කර හා බියකරු ඒ මාස කිහිපය තුළ ඔහු ඇතුඵ සගයන් කුසගිනි නිවා ගත්තේ ගස්වල මුල් ආහාරයට ගනිමින් බවත් පැවසෙනවා.

කැස්ටිලෝව ඇමරිකන් ගැති ගෝතමලීයානු රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගෝතමලීයානු ගරිල්ලාන් හා එක්ව එසේ ජීවිතයත් මරණයත් අතර අරගලයක නිරත වෙමින් සිටි ඒ සමයේ. ඔහුගේ සමීතම සටන් සගයා වූ නෝරා පෙයිස් කකාමෝ ද සමග රාජ්‍ය හමුදාව කැස්ටිලෝව රැගෙන යන්නේ සකාපා හමුදා බැරැක්කයට. එහිදී සිව් දිනක් පුරා දිවා රෑ මුඵල්ලේ එක දිගට දස වද දීමෙන් ඉක්බිති කැස්ටිලෝව පණ පිටින් පුළුස්සා අමු අමුවේ ඝාතනය කර දමනු ලැබුවේ 1967 මාර්තු 23 දා බවටයි සැක කරන්නේ.

එදා මෙන්ම අදත් ලොව පුරා ගරිල්ලා ව්‍යාපාර මෙන්ම විප්ලවවාදී ක‍්‍රියාධරයන් විනාශ කිරීමට ඇමෙරිකාව අනුගමනය කරන්නේ ම්ලේච්ඡු උපක‍්‍රම. CIA ව්‍යාපාරය ලවා අමෙරිකන් පාලකයන් කරවන ලද එවැනි අපරාධ මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා. ඔටෝ රෙනී කැස්ටිලෝ ඝාතනය කිරීමට අදාළව ප‍්‍රකාශයට පත් වූ ලියවිල්ලක සටහන් වී ඇති මේ වැකි කිහිපය අමෙරිකන් පාලකයන්ගේ අධිරාජ්‍යවාදී උද්දච්චබව සේම විකෘති මානසිකත්වයද කදිමට පෙන්නුම් කරනවා.

”වියට්නාම් යුද්ධයේ උච්චතම අවස්ථාව එළඹ තිබුණු 1967-68 සමයේ ඇමරිකන් පුරවැසියන් අතර ජනාධිපති ලින්කන් උපහාසයට ලක් කරන ජනප‍්‍රිය විහි`ඵවක් පැතිෙමින් තිබිණ..එය වූ කලී ‘හායි LBJ (ලිංකන්ගේ කොටි නම) තමුසෙ අද කොල්ලො කී දෙනෙක්ව මැරුවද..?’ යන්නයි. ලිංකන් පාලනය ඒ වන විට ගිනිය නොහැකි තරම් මිනිසුන් මරා තිබිණ. ගෝතමාලාව ඇතු`ඵ මධ්‍යම ඇමරිකානු රටවල මළකඳන් ගොඩගැසෙමින් තිබිණ. ලිංකන්ගේ පමණක් නොව කෙනඩිගේ හා රේගන්ගේ අත්වලද ගෝතමාලාවේ ජනයාගේ ලේ තැවරී ඇති බව නම් නිසැකය..ජොන්සන් පාලන සමයේ කෲර ඝාතකයකු වූ ජුලියෝ මොන්ටෙනිග්‍රෝට තිස් එක් වියැති ඔටෝ රෙනෝ කැස්ටිලෝ තරුණ කවියා ඇතුඵ ගෝතමලියානුවන් දහස් ගණනක් මරා දමන්නට CIA ව්‍යාපාරය අනුබල දුන්නේය ”


පහත පළවෙන්නේ කැස්ටිලෝගේ කාව්‍ය නිර්මාණ අතර එකල ඉමහත් ජනප‍්‍රියත්වයට පත් කවියක්. මේ කවිය කැස්ටිලෝගේ නිර්මාණශීලිත්වය වගේම විප්ලවවාදී ජීවගුණයයත් මොනවට කියාපානවා.

 

ගිනි අවි හා

කුස ගිනි...

 

අවියකි නුඹ අත

ගින්නකි මා කුස

අවිය නිසාවෙනි නුඹ අත

ගිනි  ඇවිළෙන්නේ මා කුස..

 

අවි දරන වරම නුඹ සතුය

උණ්ඩ දස දහසක් වුවද

නුඹ සන්තකේ තබා ගත හැකිය

 

ඒ උණ්ඩ සියල්ලෙන් නුඹට

මගෙ කෙසඟ සිරුර

කීතු කීතු කර දැමිය හැකිය

 

වරක්-දෙවරක් නොව

සිය දහස් වාරයක්

මා මරා දැමීමේ

අවසරය නුඹ සතුය...

 

එසේ වුව අවසන

නුඹට වැඩියෙන් මම

සන්නද්ධ වන බව

සපථ කර කියමි මම..

 



අදහස් (0)

පාන්දරින් අවදි වූ විප්ලවවාදියා - ඔටෝ රෙනී කැස්ටිලෝ

ඔබේ අදහස් එවන්න

නොසැලෙන පන්හිඳ

ලාංකේය මැක්සිම් ගෝර්කි ඩොමිනික් ජීවා
2024 ජුනි මස 18 90 0

ඔහු ලංකාවේ මැක්සිම් ගෝර්කි ලෙස හැඳින්වීමට මම මැලි වෙන්නෙ නැහැ. මන්ද කියනවනම් ඔහුත් මැක්සිම් ගෝර්කි වගේම සමාජය පත්ලේ සිට ගොඩනැ`ගුණු ලේඛකයෙක් නිසයි.


හිතුවක්කාර කොරෝනා කවිය ලියූ පෙරළිකාර රියා සෝකල්
2024 ජුනි මස 11 135 0

ආදිකාලීන මිනිසා සොබාදහම සැලකුවේ තමන්ගේ සමීප ඥාතියෙක් හැටියටයි.


කෙටිකතා කලාවේ ප්‍රේමවන්තයා
2024 ජුනි මස 04 129 0

ස්ටීවන් කිං හැඳින්වෙන්නේ අපේ කාලයේ බිහි වූ අමුතුම පන්නයේ ලේඛකයකු ලෙසයි. මේ වන විට, ඔහු ලියා ඇති නවකතා, කෙටිකතා ඇතුළු වෙනත් කෘති සංඛ්‍යාව 100 කට සමීපයි. මො


ෆැසිස්ට් සංස්කෘතියට අභියෝග කළ මාක්ස්වාදි විද්වතා - ඇන්ටෝනියෝ ග‍්‍රාම්ස්චි
2024 මැයි මස 28 28 0

ආධිපත්‍යය කියන්නෙ සෑහෙන කාලෙක ඉඳලා අපේ කන් පතුල් සිදුරු කරමින් අප අපමණ පීඩාවකට ලක් කරන කටුක වදනක්. ආධිපත්‍යය ගොඩනැගෙන්නෙ බලයකුත් එක්ක කියලයි කරුණු කා


නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද කෙටිකතාකාරිය ඇලිස් මුන්රෝ
2024 මැයි මස 21 29 0

ලෝකෙට ව්‍යසනය කැඳවපු, එහෙමත් නැත්නම් මානව සමාජයට විපත් රැුගෙන ආ මිනිසුන් හෝ ගැහැනුන් කලින් කලට ඉපදී මිය යනවා. ඒ සංසිද්ධිය මතු මත්තටත් එසේම සිදුවේවි. මා


පාන්දරින් අවදි වූ විප්ලවවාදියා - ඔටෝ රෙනී කැස්ටිලෝ
2024 මැයි මස 14 27 0

පනහ-හැට දශකවල ලෝක ඉතිහාසය දිහා ආපහු හැරිලා බලනකොට දකින්න තියෙන විශේෂම ලක්ෂණයක් තමා විප්ලවවාදී සටන් ව්‍යාපාර ගණනාවක් බිහි වී තිබීම. විශේෂයෙන්ම ලතින් අ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site