IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ෆැසිස්ට් සංස්කෘතියට අභියෝග කළ මාක්ස්වාදි විද්වතා - ඇන්ටෝනියෝ ග‍්‍රාම්ස්චි

නොසැලෙන පන්හිඳ 08

 

ආධිපත්‍යය කියන්නෙ සෑහෙන කාලෙක ඉඳලා අපේ කන් පතුල් සිදුරු කරමින් අප අපමණ  පීඩාවකට ලක් කරන කටුක වදනක්. ආධිපත්‍යය ගොඩනැගෙන්නෙ බලයකුත් එක්ක කියලයි කරුණු කාරන දන්න අයනන් කියන්නෙ. හැබැයි ඉතින් ප‍්‍රජාතාන්ත‍්‍රවාදයේ බෝඞ්ලෑල්ලට මුවාවෙලා රටවල් පාලනය කරන  නායකයොනම් කියන්නෙ පරමාධිපත්‍යයේ බලය තියෙන්නෙ ජනතාව අතේ කියලයි. රාජ්‍ය ව්‍යවස්ථාවල පවා ලියවිල තියෙන්නෙත් එහෙම තමා. ඒත් ඉතිං කුසට ආහාර ඩිංගක් නැත්නම් ලෙඩට බෙහෙත් පෙත්තක් ඉල්ලගන්න ඔය කියන පරමාධිපත්‍යය තියෙන ජනතාවට නිතරම පාරට බහින්න වෙලා තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යය ගසා කාලා බලයට ආපු පාලකයෝ ඒ වෙලාවට ජනතාවට සලකන්නෙ කඳුඵ ගෑස් නැත්නම් බැටන් පොලූවලින්.

ජනතාවගෙන් පැහැරගත්  බලය යොදා ගනිමින් ජනතාවටම පීඩා කරන මේ ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව ජනතා පේ‍්‍රමී විද්වතුන් හා කලාකරුවන් එදා සිට මේ දක්වාම සටන් කරනවා. ඇන්ටෝනියෝ ග‍්‍රාම්ස්චි කියන්නෙ න්‍යායෙන් වගේම භාවිතයෙනුත් පාලක පැලැන්තියේ බලඅධිකාරිය හෙවත් හෙජමොනියට අභියෝග කළ අයෝමය විද්වතෙක්. ඒ වගේම ලේඛකයෙක්. ඔහුගේ විශේෂ අවධානය යොමු වුණේ බලාධිකාරිය විසින් සංස්කෘතික ක්ෂේත‍්‍රවල පවත්වාගෙන යන ආධිපත්‍යයට එරෙහිව කළ යුතු අරගලයටයි. දේපළ හිමියන් විසින්  තම පන්ති බලය  උපයෝගි කරගනිමින්  සංස්කෘතික මෙවලම් සිය පන්තියේ සුරක්ෂිතතාව උදෙසා භාවිත කරන අන්දම ග‍්‍රාම්ස්චි ඉතා සියුම් ලෙස විග‍්‍රහා කරනවා. මෙවර නොසැලෙන පන්හිඳ තීරුවට ග‍්‍රාම්ස්චිව කැඳවාගෙන එන්න හිතුවේ මේ දවස්වල අපේ රටේ මතු වී තිබෙන සමාජ සංස්කෘතික හා දේශපාලන සංවාදයට ඔහුගේ අදහස් හු`ගක් වැදගත් වෙතැයි කියා සිතපු නිසයි.

පාලක ධනේශ්වර පන්තිය ධනේශ්වර සමාජවල ධනය සහ බලය පවත්වාගැනීම සඳහා සංස්කෘතික ආයතන භාවිත කරන ආකාරය ග‍්‍රාම්ස්චිගේ සංස්කෘතික ආධිපත්‍යය පිළිබඳ න්‍යාය මගින් කදිමට විස්තර කරනවා. ග‍්‍රාම්ස්චිගේ මතය අනුව ධනේශ්වරය සිය අධිපතිවාදී සංස්කෘතිය වර්ධනය කරනුයේ ප‍්‍රචණ්ඩත්වය, ආර්ථික බලය හෝ බලහත්කාරය වෙනුවට දෘෂ්ටිවාදය භාවිත කරමින්. ඔහු සාම්ප‍්‍රදායික මාක්ස්වාදී චින්තනයේ ආර්ථික නිර්ණායකවාද් බිඳීමට ද උත්සාහ කළ අතර සමහර විට එය නව-මාක්ස්වාදියකු ලෙස විස්තර කිරීමට දරනුයේ ප‍්‍රශංසනීය උත්සාහයක්.  ඔහු මාක්ස්වාදය පිළිබඳ මානවවාදී අවබෝධයක් දැරූ අතර, එය ප‍්‍රායෝගික දර්ශනයක් සහ සම්ප‍්‍රදායික භෞතිකවාදය සහ සම්ප‍්‍රදායික විඥානවාදය ඉක්මවා යන පරම ඓතිහාසිකවාදයක් ලෙස දකිනවා.

ෆ‍්‍රැන්චෙස්කෝ ග‍්‍රාම්ස්චි (1860-1937* සහ ජුසෙපිනා මාර්සියාස් (1861-1932* ගේ පුතුන් හත් දෙනාගෙන් සිව්වැන්නා ලෙයයි සග‍්‍රාම්ස්චි උපත ලැබුවේ. ඔහු  උපන් ස්ථානය ලෙස සැලකෙන්නේ ඉතාලියේ සාඞීනියා ¥පතේ ඔරිස්ටානෝ පළාතේ ඇලස් නම් ගම්මානය. ඔහුගේ පියාගේ පවුල 1821 තරම් මෑතක දී ඇල්බේනියාවෙන් පිටව ගිය බව ග‍්‍රාම්ස්චි විසින්ම සඳහන් කර තිබෙනවා.  මධ්‍යම-නැගෙනහිර ඇල්බේනියාවේ කුඩා නගරයක් වන ග‍්‍රාම්ෂ් යන ස්ථාන නාමයෙන් පැන නගින ග‍්‍රාම්ෂි යන්න ඉතාලි භාෂාවේ ස්වරූපයක් වන ග‍්‍රාම්ස්චි යන වාසගමට පසුව පරිවර්තනය වූ බවයි පැවසෙන්නේ.  ඔහුගේ පියා ෆ‍්‍රැන්චෙස්කෝ ග‍්‍රාම්ස්චි පහළ මට්ටමේ නිලධාරියකු ලෙස සේවය කළ අතර,  ඔහුගේ මූල්‍ය දුෂ්කරතා නිසා වගේම විටින් විට පොලිසිය සමඟ ඇති වූ ආරවුල් හේතුවෙන් ඔවුන්ට ගම් දොරවල් අතහැර යාමට සිදු වූ අතර අවසානයේ ගිලර්සාහි පදිංචි වූ බවත් සඳහන්.

1898 දී, ග‍්‍රාම්ස්චිගේ පියා වංචා කිරීමකට වරදකරු වී සිරගත කරන ලද අතර, මින්  ඔහුගේ පවුල අසරණ තත්ත්වයට පත් වුණා.  පාසල් අධ්‍යාපනය අතහැර දැමූ තරුණ ග‍්‍රාම්ස්චිට 1904 දී ඔහුගේ පියා නිදහස් වන තෙක්ම විවිධ අනියම් රැුකියාවල නිරත වීමට සිදු වුණේ පවුලේ ආර්ථික ගැටලූ විසඳීම පිණිසයි. වයසේ ප‍්‍රමාණයට නොවැඩුණු  දරුවකු  ලෙස, ග‍්‍රාම්ස්චි සෞඛ්‍ය ගැටලූවලින් පීඩා වින්දා, විශේෂයෙන් ඔහුගේ වර්ධනය අඩාල කිරීමට බලපෑවේ  කොඳු ඇට පෙළේ විකෘතියක්. වැඩුණු පසුවත්  ඔහුගේ උස අඩි 5 ට වඩා අඩු වූ බැවින් ග‍්‍රාම්ස්චි බරපතල ලෙස පසුබෑමට ලක් වුණා. ළමා වියේදී ඇති වූ අනතුරක් නිසා මෙවැනි රෝගී තත්වයක් හටගත් බැවින් ග‍්‍රාම්ස්චිට සිය ජීවිත කාලය පුරාවටම විවිධ අභ්‍යන්තර ආබාධවලට ලක්වීමට සිදු බවයි වාර්තා වෙන්නේ.  

අපරාජිත මානසිකත්වය වගේම නව දැනුම හඹා යාමට තිබූ අප‍්‍රමාණ ආශාව නිසාත් 1911 දී, ග‍්‍රාම්ස්චි ටියුරින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් දිනාගත්තා.  ටියුරින්හිදී ඔහු සාහිත්‍ය වෙත යොමු වූ අතර දැඩි උනන්දුවක් දැක්වයේ වාග් විද්‍යාව කෙරෙහි. සාමාජවාදි අදහස් වෙත නැඹුරුවක් ඇතිවීමෙන් පසු ඔහු ලෝකය දෙස බලන්න පටන්ගත්තේ අලූත් ඇසකින්. ෆියට් සහ ලැන්සියා කර්මාන්තශාලාවල කම්කරුවන් දැඩි සූරාකෑමකට ලක්ව සිටි හැටි දුටු ග‍්‍රාම්ස්චිගේ හිත කැළඹුණා.  කාර්මීකරණය හරහා යමින් සිටි ඉතාලිය තුළ පංති පරතරය මෝරණ හැටි ඔහුට පෙනුණා. වෘත්තීය සමිති ස්ථාපිත වී පළමු කාර්මික ගැටුම් මතුවීමට පටන් ගත්තේ ඒ කාලයේ.  ග‍්‍රාම්ස්චි මේ  වන විට සමාජවාදී කවයන් මෙන්ම ඉතාලියේ සාඞීනියානු සංක‍්‍රමණිකයන් සමඟ ඇසුරුකම් ගොඩන`ගා ගනිමින් සිටියේ. ග‍්‍රාම්ස්චිගේ දේශපාලන චාරිකාවේ ඊළ`ග වැදගත්ම කඩඉම තමා  1913 අගභාගයේදී ඉතාලි සමාජවාදී පක්ෂයට සම්බන්ධ වීම.  ඔහු පසුව එහි  ප‍්‍රධාන ලේකම් තනතුරටත් පත් වෙනවා. ලොව පුරා ප‍්‍රගතිශීලී ජනතාව අමන්දානන්දයට පත්කළ 1917 සෝවියට් විප්ලවය සිදු වන්නෙත් මේ සමයේ. ග‍්‍රාම්ස්චි රුසියානු විප්ලවය නිරීක්ෂණය කළේ ටියුරින්වල සිටයි.

ග‍්‍රාම්ස්චි අධ්‍යාපනයේදී දක්ෂතා පෙන්වුවද, මූල්‍ය ගැටලූ‍ සහ සෞඛ්‍ය දුර්වලතා රැුසකින් පීඩා වින්දා. 1915 මුල් භාගය වන විට ඔහු පසු වූයේ  24 වියේ. සාම්ප‍්‍රදායික අධ්‍යාපනය අත්හැරීමට ඔහු තීරණය කරන්නේ මේ කාලයේ. ග‍්‍රාම්ස්චි සිය  දේශපාලන පන්නරය තියුණු කරගන්නේ ඉතිහාසය සහ දර්ශනය පිළිබඳව පුළුල් හැඣීරීමක් තුළින්.  විශ්ව විද්‍යාලයේදී, ඇන්ටෝනියෝ ලැබි‍්‍රයෝලා, රොඩොල්ෆෝ මොන්ඩොල්ෆෝ, ජියෝවානි වැනි විද්වතුන් ඇසුරු කිරීමේ භාග්‍යය ග‍්‍රාම්ස්චිට ලැබුණා. මේ හමුවීම් අතරින් වඩාත්ම වැදගත් සිද්ධිය ලෙස සැලකෙන්නේ ඔහුගේ කාලයේ වඩාත් පුළුල් ලෙස ගෞරවාදරයට පාත‍්‍ර වූ ඉතාලි බුද්ධිමතා වන බෙනෙඩෙටෝ ක්‍රෝස්ගේ චින්තනය හැදෑරීමට අවස්ථාවක් ලැබීම. එසේම ලැබි‍්‍රයෝලාද විශේෂයෙන්ම ග‍්‍රාම්ස්චිට බලපෑ විද්වතෙක්. ඔහු හෙගලියානු මාක්ස්වාදයේ සන්නාමයක් ඉදිරිපත් කළ අතර  එය  ”‍ප‍්‍රැක්සියේ දර්ශනය”‍ ලෙස නම් කළ බවත් පැවසෙනවා. 

1914 සිට, Grido del Popolo (ජන හඩ) වැනි සමාජවාදී පුවත්පත් වල පළ වුණ ග‍්‍රාම්ස්චිගේ ලිපි ඔහුට මාධ්‍යවේදියෙකු ලෙස කීර්තියක් ලබා දුන්නා.  1916 දී ඔහු සමාජවාදී පක්ෂයේ නිල ප‍්‍රකාශනය වන Avanti   පුවත්පතේ (පෙරමග) සම කර්තෘ බවට පත් වුණා. දේශපාලන න්‍යාය පිළිබඳ ප‍්‍රකාශකයකු හා ප‍්‍රබල ලේඛකයෙකු බවට පත් වූ ග‍්‍රාම්ස්චි, තමා ප‍්‍රබල විචාරකයෙකු බව ඔප්පු කළේ ටියුරින් නගරයේ සමාජ සහ දේශපාලන සිදුවීම්වල සියලූ‍ පැති ගැන ලියමින්, එපමණක් නොව ග‍්‍රාම්ස්චි ටියුරින් කම්කරුවන්ට අධ්‍යාපනය ලබා දී ඔවුන් සංවිධානයට කිරීමටත් පසුබට වුණේ නැහැ. ග‍්‍රාම්ස්චි පක්ෂයේ ප‍්‍රමුඛ නායකයකු බවට පත් වෙන්නේ 1917 අගෝස්තුවේ හටගත් විප්ලවවාදී අරගලවලින් පසුව සමාජවාදී පක්ෂ නායකයින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, 

පක්ෂය තුළ ඇති වූ උපායික විවාද අතරතුර, ග‍්‍රාම්ස්චිගේ කණ්ඩායම දැරුවේ කම්කරු පන්තියට බලය ලබාගත් යුතුය යන මතයයි. එම ස්ථාවරය ”‍සියලූ‍ බලය සෝවියට් සභාවන්ට”‍ යන ලෙනින්ගේ ප‍්‍රතිපත්තියට අනුකූල බවටයි ඔහු තර්ක කළේ. එහෙත් 1920 වසන්තයේ දී ඔහුගේ නායකත්වය යටතේ අරගල කළ ටියුරින් කම්කරුවන් පරාජය වන අවස්ථාව වන විට, කවුන්සිලය ආරක්ෂා කරගත නොහැකිව ග‍්‍රාම්ස්චි තනි වූ බවටයි ඉතිහාසය කරුණු දක්වන්නේ.

මුසලෝනි ඝාතනය කිරීමට තැත් දැරුවේ යයි බොරු චෝදනාවක් නගමින් 1926 නොවැම්බර් 09 වෙනිදා ඉතාලියේ ෆැසිස්ට් පාලනය ග‍්‍රාම්ස්චි අත් අඩංගුවට ගන්නවා. දීර්ඝ සිර දඩුවමකට ලක් වන ග‍්‍රාම්ස්චි සිර ගෙදර තුළදී විවිධ අඩත්තේට්ටම් වලට ගොදුරු වෙනවා. අවසානයේ ඔහුව වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත යොමු කරන්නේ ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තරවත් ඇති වූ මැදිහත්වීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන්. ශාරීරිකව කෙතරම් දුබල තත්වයක සිටියත් සිය පන්හිඳ අතනෑරීමට අදිටන් කරගත් Prison Notebooks නම් වටිනා ලිපි මාලාව රචනා කරන්නේ 1929-1935 අතර සහන මධ්‍යස්ථානයේ ගත කළ කාලය තුළයි. මේ සටහන් පොත් ඉතාලියේ ඉතිහාසය සහ ඉතාලි ජාතිකවාදය, ප‍්‍රංශ විප්ලවය,ෆැසිස්ට්වාදය, ටේලර්වාදය සහ ෆෝඩිස්වාදය, සිවිල් සමාජය, රාජ්‍යය, ඓතිහාසික භෞතිකවාදය, ජනප‍්‍රවාද, ආගම සහ උසස් හා ජනප‍්‍රිය සංස්කෘතිය ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරනවා.

Media and Cultural Studies, Selections from Cultural Writings, Notes sul Machiavelli ඇතුඵ තවත් කෘති ගණනාවක් ග‍්‍රාම්ස්චිගේ සෙසු ජනප‍්‍රිය ලේඛන අතර දැකිය හැකියි. සැබවින්ම ග‍්‍රාම්ස්චි යනු වාග් විද්‍යාඥයෙක්, මාධ්‍යවේදියෙක් හා ලේඛකයෙක් හැටියට අදත් ලොක් ප‍්‍රසිද්ධත්වයක් උසුලන මාක්ස්වාදී දාර්ශනිකයෙක්.  එසේම දර්ශනවාදය, දේශපාලන න්‍යාය, සමාජ විද්‍යාව, ඉතිහාසය සහ වාග් විද්‍යාව පිළිබඳව හසල බුද්ධිමතෙක්. ඔහු ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වගේම නායකයෙක්. බෙනිටෝ මුසෝලිනිට සහ ෆැසිස්ට්වාදයට එරෙහිව දිවි පරදුවට තබා සටන් කළ මේ අසහාය විප්ලවවාදියා 1926 දී සිරගත කරන ලදුව 1937 දී මිය යන තුරුම ගත කළේ සිරකාර ජීවිතයක්.



අදහස් (0)

ෆැසිස්ට් සංස්කෘතියට අභියෝග කළ මාක්ස්වාදි විද්වතා - ඇන්ටෝනියෝ ග‍්‍රාම්ස්චි

ඔබේ අදහස් එවන්න

නොසැලෙන පන්හිඳ

ලාංකේය මැක්සිම් ගෝර්කි ඩොමිනික් ජීවා
2024 ජුනි මස 18 90 0

ඔහු ලංකාවේ මැක්සිම් ගෝර්කි ලෙස හැඳින්වීමට මම මැලි වෙන්නෙ නැහැ. මන්ද කියනවනම් ඔහුත් මැක්සිම් ගෝර්කි වගේම සමාජය පත්ලේ සිට ගොඩනැ`ගුණු ලේඛකයෙක් නිසයි.


හිතුවක්කාර කොරෝනා කවිය ලියූ පෙරළිකාර රියා සෝකල්
2024 ජුනි මස 11 135 0

ආදිකාලීන මිනිසා සොබාදහම සැලකුවේ තමන්ගේ සමීප ඥාතියෙක් හැටියටයි.


කෙටිකතා කලාවේ ප්‍රේමවන්තයා
2024 ජුනි මස 04 129 0

ස්ටීවන් කිං හැඳින්වෙන්නේ අපේ කාලයේ බිහි වූ අමුතුම පන්නයේ ලේඛකයකු ලෙසයි. මේ වන විට, ඔහු ලියා ඇති නවකතා, කෙටිකතා ඇතුළු වෙනත් කෘති සංඛ්‍යාව 100 කට සමීපයි. මො


ෆැසිස්ට් සංස්කෘතියට අභියෝග කළ මාක්ස්වාදි විද්වතා - ඇන්ටෝනියෝ ග‍්‍රාම්ස්චි
2024 මැයි මස 28 28 0

ආධිපත්‍යය කියන්නෙ සෑහෙන කාලෙක ඉඳලා අපේ කන් පතුල් සිදුරු කරමින් අප අපමණ පීඩාවකට ලක් කරන කටුක වදනක්. ආධිපත්‍යය ගොඩනැගෙන්නෙ බලයකුත් එක්ක කියලයි කරුණු කා


නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද කෙටිකතාකාරිය ඇලිස් මුන්රෝ
2024 මැයි මස 21 29 0

ලෝකෙට ව්‍යසනය කැඳවපු, එහෙමත් නැත්නම් මානව සමාජයට විපත් රැුගෙන ආ මිනිසුන් හෝ ගැහැනුන් කලින් කලට ඉපදී මිය යනවා. ඒ සංසිද්ධිය මතු මත්තටත් එසේම සිදුවේවි. මා


පාන්දරින් අවදි වූ විප්ලවවාදියා - ඔටෝ රෙනී කැස්ටිලෝ
2024 මැයි මස 14 27 0

පනහ-හැට දශකවල ලෝක ඉතිහාසය දිහා ආපහු හැරිලා බලනකොට දකින්න තියෙන විශේෂම ලක්ෂණයක් තමා විප්ලවවාදී සටන් ව්‍යාපාර ගණනාවක් බිහි වී තිබීම. විශේෂයෙන්ම ලතින් අ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site