තමන්ගේ එකා තමන්ට අගයක් නැහැ කියල කියමනක් තියෙනවෙන්. ගමේ වෙද මහත්තය ඉද්දි ගව් ගණනක් ඈත ඉන්න වෙද්දු හොයගෙන යන පුරුද්දක් අපිට තියෙන්නෙ ඒක හින්ද වෙන්න ඕනෑ. මාත් පහුගිය ටිකේම ලෝකෙ වටේ ඇවිද්දෙ නොසැලෙන පන්හිඳට ගැළපෙන චරිත හොය හොයා. එහෙම ඇවිදිනකොට තමා මටත් හිතුණෙ අපේ රටෙත් එවැනි වටිනා චරිත සෑහෙන්න ඉන්නවා නේද කියලා. ඒ චරිත අතරිනුත් නිසි ඇගයුමට ලක් නොවුණ අය ගැනත් ඉඳහිටලා නොසැලෙන පන්හිඳට ලිවීම වැදගත්ය කියල මම කල්පනා කළා.
මගේ කල්පනාවෙ හැටියට ඊවා රණවීර අපේ සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ වගේම මානව හිමිකම් ව්‍යාපාරයේත් ලොකු භූමිකාවක් නිරූපණය කළ ලේඛිකාවක්. ඒත් ඊවා ඉටු කළ කාර්යභාරයට නිසි වටිනාකමක් අපේ පාඨක විචාරක ප‍්‍රජාව වෙතින් හා පොදු සමාජයෙන් පිරිනැමුනද කියන එක අදටත් ගැටලූවක්. ඒ නිසා නොසැලෙන පන්හිඳ තීරුවේ අපේ ඇත්තන් ගැන කෙරෙන කතාබහ ඊවාගෙන් ඇරඹීම වඩාත් සුදුසුය කියලා මට හිතුණා.
මුලින්ම කිව යුතු වැදගත්ම කාරණය තමා ඊවා හරිම නිහ`ඩ ගැහැනියක් බව. හැබැයි ඇගේ නිහැ`ඩියාව යට ගැඹුරු අරුතක් තිබුණා. මුවින් නොබැණ සිටින හැම මොහොතකම ඇගේ සිත පත්ලේ දහසක් සිතුවිලි කැකෑරෙමින් පැවති බවට ඊවා රණවීර සන්නාමය යටතේ පළ වුණ පොත් හා ලිපි ලේඛන සාක්ෂි දරනවා.
එකම එක දවසක් මේ අයෝමය ගැහැනිය සම`ග සාමිචියක නිරත වීමේ භාග්‍යය මට උදා වුණා. කුඩා සිරුරක් සහිත ඇය තුළ එතරම් දැවැන්ත මනුස්ස දුවක් ජීවත් වුණේ ඇගේ පන්හිඳ සතුව තිබූ යෝධ බලය නිසා විය යුතුයි. ඊවාගේ පන්හිඳ නිර්මාණ උල්පතක් වගේම මානව අයිතීන් අරබයා සටන් වැදුණු තියුණු අසිපතක්. මා ඇය හමු වීමට නාරහෙන්පිට ඇගේ කාර්යාලයට යන විටත් ඊවා සිටියේ ”කාන්තා හ`ඩ” ස`ගරාවේ සංස්කරණ කටයුතුවල නිරතවෙමින්. අද තරම් දියුණු ජනමාධ්‍ය ව්‍යාපාරයක් නොතිබුණු එදා ඊවාගේ ”කාන්තා හ`ඩ” ස`ගරාව කාන්තා හිමිකම් වෙනුවෙන් ප‍්‍රබල හ`ඩක් නැ`ගුවා.
ඊවාගේ ජනමාධ්‍ය ඇදුරුතුමත් ලෙහෙසි පහසු කෙනෙක් නෙමේ. ඇය මාධ්‍ය කලාවට පිවිසෙන්නෙ අප රට විසූ අභිමානවත් පුවත්පත් කලාවේදියකු වන ඞී.බී. ධනපාලයන්ගේ මග පෙන්වීම ඔස්සේ. සිංහල ඉංග‍්‍රීසි භාෂා දෙකෙන්ම පන්හිඳ මෙහෙයවීමට ධනපාලයන්ට තිබුණු වෙසෙස් හැකියාව තුළින් ඊවාත් ලොකු පන්නරයක් ලැබුවා.
නවසිය තිස් ගණන්වල ගම්පහ හෝලික්‍රොස් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබපු ඊවාට කොළඹ සරසවියට පිවිසෙන්න වාසනාව උදා වෙන්නෙ හතළිහෙ අග භාගෙදි. ඒත් ඒ වාසනාව අහිමි වීමේ අවදානමකට ඊවාට මුහුණපාන්න සිදු වුණා පවුලේ තිබුණ ආර්ථික අමාරුකම් මත. ඇගේ අවස්ථාව වෙනත් සිසුවකුට පිරිනමන ලෙස ඉල්ලා සිටිමින් ඊවා අයිවර් ජෙනිංස්ට ලිපියක් ලියන්නේ පියාණන්ගේ උපදෙස් අනුවයි. මහා ප‍්‍රාඥයකු ලෙස ප‍්‍රකට ජෙනිංස් මේ අසරණ දැරිය අහක දාන්නේ නැහැ. හොස්ටල් හා අධ්‍යාපන පහසුකම් සලසා දී ඇය සරසවියට ඇතු`ඵ කරගන්න මහැදුරු ජෙනිංස් පියවර ගන්නවා. සරසවියේ හොස්ටල් පාලිකාව වශයෙන් කටයුතු කළ මදියාපරනම් නැමති දර්ශනය පිළිබඳ මහාචාර්යවරිය ඊවාට තම දරුවකු මෙන් සැලකූ අයුරු විස්තර කරද්දී ඇගේ දෑසට කඳු`ඵ ඉනුවා මට මතකයි.
කුඩා වියේ සිටම පොත් පත් කියවිමට ඇය නැඹුරු වෙන්නෙ ගුරුවරයකු වන පියාගේ හා යහපත් ගෘහණියක් වන අම්මාගේ ආභාසයෙන්. ලේඛිකාවක් වීමට කලක පටන් සිත පත්ලේ මෝදු වෙමින් පැවති අපේක්ෂාව ඊවා මස්තකප‍්‍රාප්ත කරගන්නෙ ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සාමාජිකාවක් බවට පත්වීමෙන්. ලේඛන කලාව වර්ධනය කරගැනීමට ධනපාල මහතාගෙන් ලැබෙන රුකුල විශ්වවිද්‍යාලයෙන් ලද අධ්‍යාපනය තරමටම ඊවාට වැදගත් වෙනවා. ධනපාලයන්ගේ අධීක්ෂණය යටතේ විදේස් පිටුව හා කාන්තා විශේෂාංගය සංස්කරණය කරන ඊවාට අලූතෙන් ඇරඹුණු වනිතා විත්ති පත්තරේ කතුවරිය බවට පත්වීමට අවස්ථාව උදා වන්නේ ඇගේ ලේඛන කලාවේ දක්නට ලැබුණු ආකර්ශනීය ගුණය නිසයි. පසු කාලයක ඊවාගේ ලේඛන රටාවේ මහ`ගු ලක්ෂණයක් විදියට ඉස්මතු වෙන මැදිවහර බිහි වන්නේ වනිතා විත්තියට දිගින් දිගටම ලියූ විවිධාකාර ලිපිවල ප‍්‍රතිඵලයක් හැටියටයි. සාමාන්‍ය පාඨකයන්ට පහසුවෙන් ග‍්‍රහණය කරගත හැකි ලිඛිත මෙන්ම වාචික බස් වහරද මුසු වූ අලූත්ම ලේඛන ශෛලියක් නිර්මාණය කරගන්නා ඊවා ඒ බස්වහරෙන්ම කවි කෙටිකතා ද ලියන්න පටන් ගන්නවා.
ඊවා ඇගේ අපූරු සාහිත්‍ය චාරිකාව අරඹන්නේ 1959දි මොරකැලේ කෙටිකතා එකතුව පළ කරමින්. ලේඛන කලාවට අමතරව ඇය නාට්‍ය පිටපත් ගණනාවකුත් රචනා කරනවා. අත්තක මල් පරව ගියා, පින් ගොනා, ලොවි ගහේ පිළිල හා සමනල උයන එසේ රචනා කළ පිටපත් අතරින් කිහිපයක්. 1993 හා 1998 වසරවලදී ඊවා ලියූ ඉංග‍්‍රීසි පද්‍ය කෘති දෙකකට රාජ්‍ය සම්මාන හිමිවෙනවා. ඊවාගේ විශිෂ්ටම කෘති හැටියට සමාජගත වෙන්නේ ලයිසා හා සෙදෝනා නවකතා දෙක. ජ්‍යෙෂ්ඨ ලේඛක එඞ්මන්ඞ් ජයසූරිය විසින් ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන ලද සෙදෝනා පසු කාලෙක ගේ‍්‍රෂන් සම්මානයෙන්ද පිදුම් ලබනවා. ඊවා ලියූ අවසන් නවකතාව දීප්ත. දිගින් දිගටම කාන්තා චරිත තේමා කරගනිමින් නිර්මාණ පළ කළ ඊවා දීප්ත කෘතියට පාදක කරගන්නේ පිරිමි චරිතයක් විමත් විශේෂයක්.
ලේඛන කලාවේ නිරත වන අතරතුරම ඊවා, දුක් පීඩා විඳින අපේ කාන්තා පරපුර වෙනුවෙන් හ`ඩක් නැ`ගුවේ කුමාරි ජයවර්ධන හා තේජා ගුණවර්ධන වැනි ප‍්‍රබල කාන්තා චරිත සම`ග අත්වැල් බැඳගනිමින්. මහජන විමුක්ති ව්‍යාපාර පිිළිබඳව අධ්‍යයනය කිරීම සඳහාත් ඇය ජීවිතේ සෑහෙන කාලයක් කැප කර තිබෙනවා. කාම්බෝජයේ හා ඇෆ්ගනිස්තානයේ අධිරාජ්‍ය විරෝධී අරගල අධ්‍යයනය කිරීමට සටන් බිම්වලට යාමට පවා ඊවාට අවස්ථාව ලැබුණේ ඇය කයිරෝහි ලංකා නියෝජිතවරිය වශයෙන් සේවය කළ සමයේදියි. ඇත්නේම ඊවා රණවීර යනු ලාංකීය ගැහැනියකට පහසුවෙන් ළ`ගා විය නොහැකි දුෂ්කර ඉලක්ක හඔා ගිය අයෝමය ස්ත‍්‍රියක් බව නම් අවිවාදිතයි.
සිය ජීවිත කාලයම ලේඛන කලාව හා කාන්තා විමුක්තිය වෙනුවෙන් කැප කළ ඊවා රණවීර නම් මානවහිතවාදිනිය 1924 ඔක්තෝබර් 07 දා ගම්පහ මිරිස්වත්තේ උපත ලබා 2010 පෙබරවාරි 09වෙනිදා අපෙන් සදහටම සමු ගන්නවා. ඊවාගේ රූපකාය අපෙන් සමුගත්තත් ඇගේ නොසැලෙන පන්හිඳෙන් ලියවුණු උදාර වැකි තවත් බොහෝ කාලයක් අප හදවත් වල රැුව් න`ගනු නියතයි. 2009 වසරේ සැප්තැම්බර් මස එක්තරා දිනකදී ඇය හා කළ සම්මුඛ සාකච්ඡුාව අවසානයේ මා නැ`ගූ පැනයකට ඊවා දුන් පිළිතුරෙන් වැකි කිහිපයක් උපුටා දක්වමින් මේ සටහන නිමා කිරීම මැනවියි මට සිතුණා.
”චීන මහජන විප්ලවයට නායකත්වය දුන් මා ඕ සේතුන් ඉතා වැදගත් ප‍්‍රකාශයක් කරනවා දහසක් මල් පිපුණාවේ කියලා. මා ඕ කියනවා වගේ අපත් කළ යුත්තේ නව නිර්මාණ බිහිවෙන්න ඉඩ හැර ඒවා ගැඹුරින් විචාරයට ලක් කිරීමය කියා මම හිතනවා. නමුත් අවාසනාවකට වගේ අද අපේ විචාර කලාව තියෙන්නෙ ඉතාම පසුගාමි මට්ටමක. විචාරය යනු දිගට-හරහට පහර දීමය කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ. රෙජී සිරිවර්ධන, ජයවිලාල් විලේගොඩ වගේ විචාරකයො අද දකින්න නැහැ. තරුණ පරපුරට නිවැරදි ම`ග පෙන්වීමේ වගකීම තියෙන්නේ අපේ වැඩිහිටි විචාරකයන්ගේ අතේය කියා මම හිතනවා. වැඩිහිටි පරපුර හැටියට අපි උපේක්ෂාවෙන් ඔවුන් දෙස බැලිය යුතුයි..”
ඔහු ලංකාවේ මැක්සිම් ගෝර්කි ලෙස හැඳින්වීමට මම මැලි වෙන්නෙ නැහැ. මන්ද කියනවනම් ඔහුත් මැක්සිම් ගෝර්කි වගේම සමාජය පත්ලේ සිට ගොඩනැ`ගුණු ලේඛකයෙක් නිසයි.
ආදිකාලීන මිනිසා සොබාදහම සැලකුවේ තමන්ගේ සමීප ඥාතියෙක් හැටියටයි.
ස්ටීවන් කිං හැඳින්වෙන්නේ අපේ කාලයේ බිහි වූ අමුතුම පන්නයේ ලේඛකයකු ලෙසයි. මේ වන විට, ඔහු ලියා ඇති නවකතා, කෙටිකතා ඇතුළු වෙනත් කෘති සංඛ්‍යාව 100 කට සමීපයි. මො
ආධිපත්‍යය කියන්නෙ සෑහෙන කාලෙක ඉඳලා අපේ කන් පතුල් සිදුරු කරමින් අප අපමණ පීඩාවකට ලක් කරන කටුක වදනක්. ආධිපත්‍යය ගොඩනැගෙන්නෙ බලයකුත් එක්ක කියලයි කරුණු කා
ලෝකෙට ව්‍යසනය කැඳවපු, එහෙමත් නැත්නම් මානව සමාජයට විපත් රැුගෙන ආ මිනිසුන් හෝ ගැහැනුන් කලින් කලට ඉපදී මිය යනවා. ඒ සංසිද්ධිය මතු මත්තටත් එසේම සිදුවේවි. මා
පනහ-හැට දශකවල ලෝක ඉතිහාසය දිහා ආපහු හැරිලා බලනකොට දකින්න තියෙන විශේෂම ලක්ෂණයක් තමා විප්ලවවාදී සටන් ව්‍යාපාර ගණනාවක් බිහි වී තිබීම. විශේෂයෙන්ම ලතින් අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුෂ්කර ඉලක්ක හඹා ගිය යකඩ ගැහැනිය