IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගාමිණි ජයවික්‍රම දිවි සැරිය නිම කරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 83 වැනි  වියේ පසුවිය.

පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම  පෙරේරා මහතා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.

ගාමිණී ජය වික්‍රම පෙරේරා  මහතාගේ සුව දුක් බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගල ඒ මහතාගේ නිවෙසට ගියේය.

ඒ් මහතාගේ අවසන් කටයුතු කුරුණෑගල  පන්නල ක්‍රීඩාංගණයේදී අනිද්දා  (20)පස්වරුවේ සිදු කෙරෙයි.  දේහය කටුගම්පල මාහොලව නිවසේ තැන්පත් කර තිබේ. 


 

 



අදහස් (9)

ගාමිණි ජයවික්‍රම දිවි සැරිය නිම කරයි

Asanga Saturday, 17 February 2024 11:22 AM

නිවන් සුව පතමි...!

:       15       164

Lalla Saturday, 17 February 2024 02:04 PM

නිවන් සුව පතමු. ඒත් සංවර්ධන සභා ඡන්ද කාලේ යාපනය ප්‍රදේශයේ මොහු ඇතුලු කණ්ඩායම කළ ක්‍රියා... මතක තියෙන අය තවම ඉන්නවා නේද?

:       11       34

Buddika Saturday, 17 February 2024 02:39 PM

තරුණ කාලේ මෙතුමා ඉතාම කාර්‍යක්ශමව වැඩ කලේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත ගම්වලට ගියා සංවර්ධන වැඩවලට... පළාතට නායකත්වය දුන්නු කෙනෙක්. ඒත් අවසානයේ unp එකට කොක්ක ගහල චොර වුණා..

:       13       70

Senaka Saturday, 17 February 2024 02:43 PM

ඔබතුමාට උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා! මහත්මා දේශපාලනය කරපු අන්තිම පරපුර මිය යමින් පවතියි. ජඩ, මජර, අමන හැත්තක් බලය ගැනීමට කුණු පොරයක යෙදී සිටීයි.

:       19       83

සෙනෙවිරත්න Saturday, 17 February 2024 03:51 PM

මැරෙන කොට අසරනයි, 77-89කාලේ අංක එකේ මැරකම් කළ අයෙක්, මේ අයට එරෙහිව තමයි එදා තරුණයෝ සන්නද්ධ වුනේ. ජවිපෙට දොස් කීව්වට මෙයාලා තමයි ඕවාට මුල, එදා අසාධාරණයට එරෙහි තරුණ සියල්ල සටන් කළා.. ජවිපෙ එකවරක් දොස් තබන විට, 82 කුප්‍රකට ජනමත විචාරණය, 83 ජූලි කලබල මත ජවිපෙ තහනම් කිරිම, 80 දි මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හරිද කියලා මතක් කරගන්න.

:       91       63

Nihal Saturday, 17 February 2024 07:33 PM

17 වසරක ශාපය කාලේ ඡන්දයක් එන කාලයට මෙතුමාත් මල්ලිත් විරුද්ධ පාක්ෂිකයින්ට හරියට ආදරෙයි. ගෙයින් එළියට බහින්න එපා කියලා නිල නොලත් ඇඳිරි නීතිය පනවනවා... කෂ්ටියගේ දැන් බල සිදී බිඳී ඇත.

:       1       4

Nihal Saturday, 17 February 2024 07:41 PM

කළගෙඩි, ලාම්පුව ඡන්ද දිනපු වෙලාවේ විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් අසලම තිබුණු පොල් ගස් කපලා දෙනවා... ඒ ගස් වැටුනේම ගෙවල වහලා උඩට, එයාලාට හරිම සතුටුයි.

:       0       6

G. K. Ekanayake Saturday, 17 February 2024 08:28 PM

පළාත් සභාවක් හැටියට වයඹ ඉදිරියට ගෙනාවේ මෙතුමා. කළ හොඳ කිවයුතුයි...

:       2       3

Dissanayake Sunday, 18 February 2024 10:34 AM

පක්ෂ විපක්ෂ කාගේත් ගෞරවය ලබා ගත් මහත්මයෙක්.දේශපාලනයෙන් හරිහම්බ කර නොගත් ඇමැතිවරු අතලොස්සෙන් ඉදිරියෙන්ම සිටි අයෙක්.වයඹින් බිහිවූ ප්‍රතාපවත්ම දේශපාලන පෞරුෂය අදටත් ඔහු පමණයි. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පරිසර හිතකාමියෙක්.දැඩි තීන්දු තීරණ ගැනීමට පසු බට නොවූ අයෙක්.ප්‍රතිපත්ති ගරුක දේශපාලකයන්ගේ අවසන් පුරුකක්..නායකයානෙනි.ඔබට නිවන් සුව

:       1       0

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

එල්ටන් දිසානායක සමුගනී
2024 ඔක්තෝබර් මස 03 24 0

වඳුරඹ ඉදිරිපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි බද්දේගම ගා/ අන්තෝනි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති එල්ටන් දිසානායක මහතා අවුරුදු 81 ආයු වළදා ඉකුත් (01) වැනි දින


විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි
2024 සැප්තැම්බර් මස 28 146 0

කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.


ටෙනසි මල්රාජ් සමුගනී
2024 සැප්තැම්බර් මස 27 183 0

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙ


කළුතර මාධ්‍ය ඒකක ප්‍රධානිගේ නැන්දණිය දිවි ගමනට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 25 64 0

කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 2597 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


රෝලන්ඩ් අබේපාල දිවියට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 13 364 0

ප්‍රකට ග්‍රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය


Our Group Site