(සී. එම්. ආරියපාල)
තඹුත්තේගම ප්‍රාථමික විදුහල ඇතුළු දිවයිනේ පාසල් රැසක සේවය කළ විශ්‍රාමික ගුරුවරයකු වූ ඩබ්ලිව්.එස්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට 86 වියේ පසු වූ ඒ මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.
සමුපකාර සේවයෙන් ජීවිකාව ඇරැඹූ ඔහු පසුව ගුරු සේවයට එක්වී තිබේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජකාරි කොට ඔහු තඹුත්තේගම ප්‍රාථමික විදුහලේ වර්ෂ ගණනාවක් සේවය කර විශ්‍රාම ගියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද මේ රටේ විවිධ ක්ෂේත්‍රවල රැකියා කරන උගතුන් බිහිකිරීමට ඔහු දායකත්වය දැක් වීය.
ඔහුගේ අන්තිම කැමත්තට අනුව සිය මෘත දේහය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතය.
දේහය පිළිබඳ ආගමික කටයුතු තඹුත්තේගම සිය නිවසේදි අද (21) වන දින පෙරවරු 11ට සිදුකිරිමට නියමිතය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ගුරුපියෙක් දිවියට සමු දෙයි