IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


චිත්‍රපට නිළි සීතා නානායක්කාර දිවි රඟ මඩලට සමුදෙයි

(ආරියරත්න රණබාහු)

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර මහත්මිය අද (5) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 85 වියේ පසුවූ ඇය පස් දරු මවකි.

1955 වසරේ තිරගත වූ අසෝකා 1956 ඩිංගිරි මැණිකා 1998 තිරගත වූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංඟන‌ෙයන් දායක වූ අතර ජනප්‍රිය ගීත රැසක්ද ගායනා කර ඇත.

ඇය ගැයූ ගීත අතර මටත් හොරා මා හද, සෙනෙහෙ වඩා, ක්‍රිස්ටි ද මෙල් සමඟ හෙළ දිව පිපි කමලේ, දයා රත්න සේකර සමඟ හේනේ කුරහන්, මොහිදින් බෙග් සමඟ මේ ශාන්ත වූ, මෙදා පොටේ වැඩේ ආදී ගීත රැසක් ද වේ.



අදහස් - (2)

චිත්‍රපට නිළි සීතා නානායක්කාර දිවි රඟ මඩලට සමුදෙයි

Bunny Preena Wednesday, 06 September 2023 12:19 PM

ණන්දන වින්දන ගීත වැඩ සටහනෙ ඔබ පෙනී සිටිය මට මතකයි. ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරමි.

:       0       6

බටගොඩ දොන් සිමන් Sunday, 31 December 2023 04:45 PM

ඔබතුමිය ගේ රඟපෑම් වගේම ගීතත් අප රසවින්දා. ඔබට පින්! හෙළදිව පිපි කමලේ මගේ ප්‍රියතම ගීතයක්. දෙව්මව් තුරුළේ සරණ ලැබේවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 4041 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1169 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5548 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5105 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 307 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4531 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


Our Group Site