වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙනසි මල්රාජ් පිරිස් මහතා පෙරේදා (26) වැනි දා අභාවප්‍රාප්ත විය.
මියයන විට 58 වියේ පසුවු හෙතෙම දරුවන් දෙදෙනකුගේ පියෙකි.
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස 1991 වර්ෂයේදී දේශපාලනයට පිවිසි ඒ මහතා 1999 වර්ෂයේ සිට 2004 කාලය තුළ වයඹ පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස ද වයඹ බස් සමාගමේ සභාපති ලෙසද ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.
පසුව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වර්ෂයේ සිට 2024 සැප්තැම්බර් මස කාලය තුල සේවය කළ හෙතෙම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
දේහය දන්කොටුව මීගමුව පාරේ අංක ½ දරණ පුබුදු නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු දන්කොටුව පොදු සුසාන භූමියේ දී ලබන 30 දා පස්වරු 4.00 ට සිදුකෙරේ.
ප්‍රවීන ලේඛක , තිර කතා රචක , හිටපු නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල් තිලක කුඩාහෙට්ටි මහතා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.
නූර්ති සම්ප්‍රදායට ඉමහත් සේවයක් කළ ගායන හා වාද්‍ය විශාරද ටවර් හෝල් ශිල්පී,කලාභූෂණ දොන් ලයනල් විජේසිංහ ගුණතිලක මහතා අභාවප්‍රාප්ත ඊයේ (30) අභාවප්‍රාප්ත
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
ටෙනසි මල්රාජ් සමුගනී