දේශීය නර්තන සම්ප්‍රදාය සිංහල සිනමාවට හඳන්වා දුන් ප්‍රවීන භරත නැටුම් ආචාරිනී කලාශූරි කලා භූෂණ පද්මිණි දහනායක මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය.
සැඩ සුළං, දරුවා කාගෙද, සුජාතා ඇතුළු සිංහල සිනමාවේ මුල් කාලීන චිත්‍රපට රැසක නර්තන ශිල්පිනියක් වූ ඇය නැටුම් අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කර තිබේ.
නැටුම් ඉගනීමට කැමති අය සදහා නර්තන පාසලක්ද ඇය ඇරඹුවාය.
මියයන විට 81 වැනි වියේ පසුවූ දහනායක මහත්මිය අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායක මොරිස් දහනායක මහතාගේ නැගණියක්ද වේ.
ඇයගේ දේහය හෙට (17) උදෑසන 9.00 සිට අනිද්දා (18) සවස 5.00 දක්වා බොරැල්ල ඒ.එන් රේමන්ඩ් මල් ශෘලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (18) සවස 5.00ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කරන බව ඇයගේ දියණිය වන ප්‍රවීන නර්තනාචාරිණී රංගනා ආරියදාස මහත්මිය පැවසුවාය.
(සමන්ත යහම්පත් සහහ ආරියරත්න රණබාහු)
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
පද්මිණි දහනායක දිවිරඟ මඩලට සමුදෙයි
පූජ්‍ය තාමරකුලියේ සීවලි හිමි Tuesday, 16 May 2023 10:24 PM
නර්තනය සිය ආත්මය කර ගත් දැයේ දරුවන්ට එතුමිය ඉතිරි කර තැබූ කලා සම්ප්‍රදාය සැබවින්ම අගය කරමි.උතුම් නිවන් සුවය ලැබේවා