පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රවෘත්ති නිලධාරියකු වන සමින්ද ගුණවර්ධන මහතාගේ ආදරණීය පියාණන් වූ පොළොන්නරුව ගිරිතලේ ජයන්තිපුර ගොවි ජනපදයේ විසි අටේ කණුව 518/1 නිවසේ පදිංචිව සිටි එච් සේකර මහතා අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවූ හෙතෙම ගිරිතලේ ගොවි ජනපදයේ පුරෝගාමී ගොවියකු ලෙස කටයුතු කර ඇත.
දියණියන් දෙදෙනෙකුගේ හා පුතුන් තිදෙනෙකුගේ පියතුමෙකු වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරු 3 ට ජයන්තිපුර කඩවල වැව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවෘත්ති නිලධාරියකුගේ පියා සමුගනි