IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


බස්නාහිර හිටපු අමාත්‍ය - සභානායක සුනිල් ජයමිණි අභාවප්‍රාප්ත වෙයි

(යොහාන් භාසුර)

බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙක් සහ සභානායකවරයෙක් වන සුනිල් ජයමිණි මහතා අද (7) අභාවප්‍රාප්ත විය.

සුනිල් ජයමිණි මහතා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස පුරා වසර 26 කටයුතු කළ අතර 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණය ජයගනිමින් ජයමිණි මහතා මුල් වරට බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය.

ඒ මහතා 1999, 2004, 2009 සහ 2014 යන පළාත් සභා මැතිවරණවලින් ද ජය ලබා බස්නාහිර පළාත් සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ අතර පස්වැනි පළාත් සභාවේ සභානායක ධූරය දැරූ ජයමිණි මහතා 2002 වසරේ පළමු වරට අමාත්‍ය ධූරයකට ද පත් විය.

ජයමිණි මහතා පළාත් සභාවට පත්වීමට පෙර කැස්බෑව ප්‍රාදේශීය සභාවේ කටයුතු කළේය.

නිකවැරටිය පුදේශයේදී අභාවප්‍රාප්ත වූ සුනිල් ජයමිණි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහූ පවසති.

 



අදහස් - (0)

බස්නාහිර හිටපු අමාත්‍ය - සභානායක සුනිල් ජයමිණි අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1134 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5536 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5097 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 302 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4516 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10032 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


Our Group Site