IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මාධ්‍යවේදී ප්‍රදීප් දිවි සැරිය නිමා කරයි

(ශාන්ත කුමාර විතාන සහ ආරියරත්න රණබාහු)

ප්‍රවීණ නවකතාකරුවකු, ගීත රචකයකු ,ධනාත්මක කෘති පරිවර්තකයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  ප්‍රදිප් කුමාර බාලසූරිය මහතා හදිසියේ අභාවප්‍රත්ත වූයේය.

අසූව දශකයේදී බිහි වූ කුමරි පුවත්පතෙන් මාධ්‍ය කලාවට පිවිසි ප්‍රදීප අරලිය සඳරේනු, පුවත්පත්වල කතුවරයාලෙ ද  කටයුතු කළේය.

සමනලුන් යන මාවතේ, පුංචි සේවාපාලිකා ඇතුළු නවකතා පොත් රාශියක ද ධනාත්මක චින්තන පොත් රාශියක් ද ලියූ ඔහු දිවයිනේ බොහෝ පුවත්පත්වලට කොටස් වශයෙන් පළවන නවකතා රාශියක් ද ලීවේය. 

ජනප්‍රිය  නවකතා  ධනාත්මක  චින්තන කෘති සහ පරිවර්තන  රැසක් හෙතෙම ලියා පළකර ඇත
ඔහු ලියු පොත් අතර ඔබෙි සිතුවිලි  නිවැරදි  කරගන්න , අපි අවතැන් වූවෙමු, අසාමාන්‍ය  සිතක හැඩ රුව, ආදරයේ භාෂා , ඉසුරින් පිරි ජිවිතයක්, ඔබ මගේ මුර පදේ, ඔබේ යහන සකසන්න, ගැහුණුන්ට වඩා පිරිමි  වෙනස් , ඔබටත දිනිය හැකිය  සහ ඔබ වෙනුවෙන්  තැවෙන්නේ කවුද යන ආදී කෘති රැසකි.

ගීත රචකයකු ලෙස ද  කුසලතා පළ කළ ඔහු ලියූ ගී විජය කුමාරතුංග, ස්වර්ණලතා කවීශ්වර, හේම ශ්‍රී අමරසිංහ ඇතුළු ගායක ගායිකාවෝ රැසකගේ හඬින් ගීතවත් වූහ.

මිය යන විට 63 වියෙහි පසු වූ ඒ මහතාගේ දේහය ගම්පහ පහළගම පැරකුම් පෙදෙසේ නිවෙසෙහි දේහය තැන්පත් කර ඇත. අවසන් කටයුතු ඉරිදා සවස 4ට ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.



අදහස් (0)

මාධ්‍යවේදී ප්‍රදීප් දිවි සැරිය නිමා කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

එල්ටන් දිසානායක සමුගනී
2024 ඔක්තෝබර් මස 03 116 1

වඳුරඹ ඉදිරිපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි බද්දේගම ගා/ අන්තෝනි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති එල්ටන් දිසානායක මහතා අවුරුදු 81 ආයු වළදා ඉකුත් (01) වැනි දින


විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි
2024 සැප්තැම්බර් මස 28 175 0

කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.


ටෙනසි මල්රාජ් සමුගනී
2024 සැප්තැම්බර් මස 27 201 0

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙ


කළුතර මාධ්‍ය ඒකක ප්‍රධානිගේ නැන්දණිය දිවි ගමනට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 25 65 0

කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 2608 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


රෝලන්ඩ් අබේපාල දිවියට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 13 377 0

ප්‍රකට ග්‍රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය


Our Group Site