(තිලිනි මධුෂානි)
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත විය.
මිය යන විට 80 වියේ පසු වු හෙතෙම කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ හිටපු අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කර ඇත.
ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති මෙහි ඇතුළත් වේ.
ඔහු විසින් රචනා කළ කෘතින්ගේ `සමාජ මුහුණුවර `1984 වර්ෂයේ සහ `යථාර්ථය සහ නිර්මාණ` 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.
විශේෂයෙන් 1995 වර්ෂයේ පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර නැමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් බවට පරිවර්තනය වී ඇත.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි
චන්දන Friday, 22 March 2024 01:04 PM
සුපිරි තරුවක නික්ම යාම...ඔබගේ සේවය අමරණීය යි....නිවන් සුව ලැබේවා !
ranjith Friday, 22 March 2024 01:10 PM
රටේ හොද මිනිස්සු නිකන්ම යනවා. නිකන්ම යන්න ඕන උන් ඉතුරුවෙනවා.
මැක්ස් Friday, 22 March 2024 01:54 PM
කැලණියේදී අපත් එතුමා ගෙන් ගුරුහරුකම් ලැබුවා. නිවන් සුව ලැබේවා ඇදුරුතුමනි!
අරවින්ද මොනරවිල Friday, 22 March 2024 02:45 PM
විශිෂ්ඨ ගණයේ උගතෙක් හා බුද්ධිමතෙක් වු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මැතිතුමාට අපගේ ගෞරවය ආචාරය !
thamara ketipe Saturday, 23 March 2024 08:14 AM
කැලණිය විශ්වවිද්‍යාලයට 82/83 අධ්‍යයන වසරේ ඉගෙනගන්න ලැබුණා. ඒ කාලයේ විශ්ව විද්‍යාලයට තේරුණු ළමයින්ගේ නම් පුවත්පත් වල පල වුන යුගයක් වුනේ එතරමටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම අමාරු වූ බැවිනි. රටේ විශ්ව විද්‍යාල ගණනත් අතලොස්සක් වූ බැවිනි. ඒ තරම් මහන්සියක් ගේන විශ්වවිද්‍යාලට ඇතුළු වුණත් රැග් එක නිසා විඳින්නට සිදු වුණු මානසික අවුල වචනයෙන් කියා නිම කළ නොහැකියි. පල්ලියගුරු සර් ඇතුළු ආචාර්යවරු අපි එම වාදයෙන් බේරාගන්න අපමණ කටයුතු කළා. ඒ වගේම සිංහල අංශයේ අධ්‍යාපන කටයුතු අපට කරගෙන යන්න වෙහෙස මහන්සි වී වැඩ කළා. සර් වගේ උතුමන්ලාගෙන් ඉගෙන ගන්න මමත් පින් කරලා තිබීම සැබෑවටම මම ආඩම්බර වෙනවා. සසරේ ආයේමත් අධ්‍යාපන ලබන්න අවස්ථාවක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රසිරි පල්ලියගුරු සර් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
Tamara Jayathilake Saturday, 23 March 2024 08:22 PM
ආදරණීය පල්ලියගුරු සර්, අපිත් වාසනාවන්ත වුණා... ඒ මහා දැනුම් ගබඩාවෙන් පෝෂණය ලබන්න. සරල, සුන්දර, නිහතමානී හිනාව හා ඉගැන්වීමේ විලාශය කවදාවත් අමතක වෙන්නෑ. සර්ගේ සංසාර චාරිකාව සුවදායකම වේවා! පැතූ සැනසුම හිමිවේවා!